ලයිග්(ර්); ලොකයේ විශාලතම බිළාලයා!

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,641
    555
    113
    Here on earth..
    ලයිග්(ර්); ලොකයේ විශාලතම බිළාලයා!


    liger2.jpg

    මුලින්ම කියන්න ඕනෙ, හැමෝටම මම කියන්න යන දේවල් ඉක්මනින් තේරුම් ගැනීමෙ පහසුව සඳහාත්, මට ලේසියටත් මම මේ නූල සඳහා සිංග්ලිශ්(singlish) භාවිතා කරන බව​, හරි. :P

    ටොපික් එක කියෙව්වහම ඔයාලට මොනවද හිතුනෙ, ආ? මංඤං වගේද​...:rofl:

    අද මම ඔයාලට කියන්න යන්නෙ බළල් පවුලේ, එහෙම නැත්ත බිළාල කුලයට අයත් වන දැනට ලොකයෙ සිටින විශාලතම මාංශභක්‍ෂකයා ගැන​. හැබැයි එයාගෙ නම සිංහයා නම් නෙමෙයි. :no: සමහර විට ඔයාලා දැනටමත් අහලා ඇති මෙයා ගැන​. මෙයාව හඳුන්වන්නෙ ලයිග්(ර්) [Liger] කියලා. :yes::yes:

    liger.jpg


    පිරිමි සිංහයෙක් හා ගැහැනු ව්‍යාඝ‍්‍රයෙකු මුහුම් කරනයෙන් තමයි මෙයාලා ලොකෙට බිහි වෙන්නෙ. මේ දේම අනිත් පැත්ත, ඒ කියන්නෙ පිරිමි ව්‍යාඝ‍්‍රයෙකු හා ගැහැනු සිංහයෙකු මුහුම්කරනයෙන් බිහිවෙන අයව හදුන් වන්නෙ ටිගොන්(Tigon) කියලා. හැබැයි එයාලට වඩා ලයිග්(ර්)ලා ප්‍රමාණයෙන් විශාලයිලු.

    ව්‍යාඝ‍්‍රයන්ගෙ පිහිනීමට ඇති කැමැත්තත්, සිංහයන්ගෙ සමාජශීලී බවත් මෙයාලට උපතින්ම හිමියිලු.. හැබැයි මෙයාලව ස්වභාවික පරිසරයේදි දැක ගන්න අමාරුයි. මොකද​, සාමාන්‍ය පරිසරයේදි මෙයාලගෙ අම්මලා, තාත්තලාගෙ එක්වීම සිදු වීම හරිම අල්ප නිසා. ඉන්දියාවෙ ජීවත් වෙන ආසියාතික සිංහයාගෙ හා වියාඝ්‍රයාගෙ වාසභූමි එකිනෙක විච්ඡේදනය වීමත් සමගම ලයිග්(ර්) බිහිවුනා කියලා සැළකෙනවා.

    මෙයාලගෙ ආරම්භය 19 සියවසේ සිද්ද වූවා කියලයි සැළකෙන්නෙ.. ඒ 1798 දි Étienne Geoffroy Saint-Hilaire (1772–1844) කියලා විද්‍යාඤයෙකුගෙ මැදිහත් වීමෙන් ඉන්දියාවෙදි.

    දැනට ලෝකයේ විශාලතම බිළාලයා ලෙස සැලකෙන හ(ර්)කියුලිස් ජිවත් වෙන්නෙ මියාමි වල තියෙන ජංගල් අයිලන්(ඩ්) කියන පාර්ක් එකෙ. 2005දි, ලෝකයේ ජිවත් වෙන විශාලතම බළල් තඩියා ලෙස කප් එක ගහපු මෙයාගෙ බර ඒ වෙනකොට කි.ග්. 410 උනාලු. :shocked::shocked:

    එයා ගැන පහල වීඩියො එක බලලා දැන ගන්න​..



    කොච්චර ලොකු උනත් මෙයාලගෙ ජීවිත කාළය කෙටියි කියලා තමයි වාර්ථා වෙන්නෙ... :(

    කොහොම උනත් හරිම ආස හිතෙන කට්ටියක් නේද මෙයාලා. ඔයාලා මොකද හිතන්නෙ?
    :cool:

    උදව් ගත්තෙ: Wikipedia ගෙන්!
     
    Last edited: