ලයිට් ආවාම අලුත් විදුලි පනත කියවපල්ලා 😆

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113






    විදුලි බල මණ්ඩලය විකුණා දැමීමට ගෙනා පනත හොර පනතක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

    එම පක්‍ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කොලඹදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

    එහිදී ඔහු මෙසේ ද අදහස් පළ කරන ලදී.

    ශ්‍රී ලංකා විදුලි බල පනත නමින් නව පනත් කෙටුම්පතක් ගැසට් කර තිබෙනවා. මේ පනත් කෙටුම්පතේ මුල පිටුවේ සඳහන් වන්නේ එය ගැසට් කළේ දෙසැම්බර් 5 වැනිදා කියා. නමුත් දෙසැම්බර් 5 වැනිදා වනවිට එවැනි කෙටුම්පතක් රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර තිබුණේ නැහැ. පනත් කෙටුම්පතේ නම සඳහන්ව තිබුණත් බාගත කරගත හැකි අන්දමේ පිටපතක් තිබුනේ නැහැ. එවැනි මුද්‍රණය සඳහා සූදානම් පිටපතක් තිබේදැයි විමසන විට රජයේ මුද්‍රණාලයෙන් වාර්තා වුනේ එවැන්නක් තවම සකසා අවසන් නැති බව. දෙසැම්බර් 5 වැනිදා නෙවෙයි, 6 වැනිදා සහ 7 වැනිදාත් එවැනි පනත් කෙටුම්පතක් රජයේ මුද්‍රණාලයට එවා තිබුනේ නැහැ. දෙසැම්බර් 7 වැනිදා සවස 4.00 වන විටත් එවැන්නක් තිබුනේ නැහැ. නමුත් දෙසැම්බර් 8 වැනිදා අළුයම 3.00ට පමණ රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ එය ප්‍රකාශයට පත්කර තිබුනා. එසේනම් මෙහි ගැසට් කළ දිනය ලෙස සඳහන් විය යුත්තේ දෙසැම්බර් 8 දිනය. එය දෙසැම්බර් 5 ලෙස සඳහන් කළේ ඇයි?

    මෙය කුමන්ත්‍රණයක්. නීතියේ ආකාරයට පනත් කෙටුම්පතක් ගැසට් කර දින 7කට පසුව එය පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි. එතැන් සිට පුරවැසියන්ට අධිකරණයට යන්න දින 7ක් තිබෙනවා. කලින් දින 14ක් තිබී එය දින 7කට අඩු කළා. මේ අනුව විදුලි බල මණ්ඩලය විකුණන පනත ගැසට් කළේ දෙසැම්බර් 5 ලෙස සැලකුවොත් එය දෙසැම්බර් 12 දිනට පසුව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න පුළුවන්. දෙසැම්බර් 12 හෝ 13 සභාගත කළොත් දෙසැම්බර් 20ට පෙර එයට එරෙහි අය අධිකරණයට යා යුතුයි. නමුත් එය කිරීම ප්‍රායෝගිකව ඉතාම අපහසු වෙනවා. දෙසැම්බර් 15 වැනිදා අධිකරණයේ නිවාඩු දෙනවා. නැවත ආරම්භ වන්නේ ජනවාරි මාසයේ. ජනවාරි වනවිට අධිකරණයට යා හැකි කාලය ඉක්ම යනවා. දෙසැම්බර් 13 දින මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කළොත් අධිකරණයට යන්න තියෙන්නේ දින දෙකයි. අවම වශයෙන් පෙත්සම සකස් කිරීමටවත් කාලය මදි. ආණ්ඩුව කුමන්ත්‍රණය කරන්නේ මේ ජනතා ද්‍රෝහී පනතට එරෙහිව අධිකරණයට යාමටවත් ඉඩක් නොතබා, ජනතාවට උද්ඝෝෂණ හරහා සිය මතය ප්‍රකාශ කිරීමටවත් ඉඩ නොතබා, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය මගහැර වංචනිකව පනත සම්මත කරන්න. මේක පොදු සමාජ සදාචාරයට පමණක් නොව රටේ නෛතික සම්ප්‍රදායට පවා පටහැනි පනතක්. මේ වංචනික පනත් ඉරා දැමිය යුතුයි. මෙවැනි සමාජ විරෝධී අණ පනත් වලට අත ඔසවන මන්ත්‍රීවරුන් දේශපාලන වශයෙන් කසල ගොඩට යැවිය යුතුයි.

    සාමාන්‍යයෙන් සම්ප්‍රදායට අනුව පනත් කෙටුම්පතක ගැසට් කරද්දී එය සියලු රාජ්‍ය භාෂා වලින් ප්‍රකාශයට පත්කළ යුතුයි. නමුත් මේ වනවිටත් මේ පනත් කෙටුම්පතේ දෙමල භාෂා පිටපත වෙබ් අඩවියට එකතු කර නැහැ. මෙහි අවසන් පිටුවේ සඳහන් වෙනවා පනතේ භාෂා පාඨ අතර යම් අනනුකූලභාවයක් පැන නැගුනොත් වලංගු වන්නේ සිංහල භාෂා පාඨය කියලා. ඒ අනුව මගේ අතේ තිබෙන මේ සිංහල භාෂා පිටපත තමයි නිල වශයෙන් වලංගු පිටපත. නමුත් මේකේ සෝදුපත් පවා බලලා නෑ. මේ පනත් කෙටුම්පතේ 5 වන පිටුවේ ”පුk3/4ජනනීය” ලෙස සඳහන් වෙනවා. එහෙම වචනයක් සිංහල භාෂාවේ තිබෙනවාද? 6 වන පිටුවේ “පහත දැක්වෙk ish fyda hi idrkd linkaofhka” ආදී වශයෙන් පේලි තුනක අභූත වාක්‍යයක් තිබෙනවා. සියලු භාෂා වලට පරිවර්තනය කරන තුරු නොඉඳ, අවම වශයෙන් පරිවර්තනය කළ පිටපතේ සෝදුපත් බැලීමටවත් නොඉඳ, ප්‍රකාශිත දිනය ලෙස දින තුනකට කලින් දිනයක් දමා පනත් කෙටුම්පතක් ගැසට් කිරීමට ඇති කඩිකුලප්පුව මොකක්ද? මහජන දේපලක් වන විදුලි බල මණ්ඩලය කෑලි වලට කඩා ජාවාරම්කාරයන්ට සහ අදානි වැනි ඒකාධිකාර සමාගම් වලට දෙන්න මේ හදිසිය තියෙන්නේ.

    මෙතාම් හදිසියේ වංචනික ආකාරයෙන් හොර පනතක් සම්මත කරන්න යන්නේ මන්ද කියා පනත් කෙටුම්පත කියවන විට වැටහෙනවා. විදුලි බල මණ්ඩලයේ විදුලි ජනනය, ඊට අදාළ බලාගාර, විදුලි සම්ප්‍රේෂණ පද්ධති සහ විදුලිය බෙදා හැරීමේ ජාලය කැබලි කර, මස් කර වෙන වෙනම සමාගම් වලට විකුනනවා. රටේ බලශක්ති ස්වාධිපත්‍යය මුළුමනින් අහිමි වී රය දේශපාලන ස්වාධීනත්වයටත් බලපානවා. මේ කෙටුම්පතේ 26 වගන්තියට අනුව මින් අනතුරුව විදුලි ගාස්තුවට විදුලි ජනන වියදම්, විදුලි ජනන සමාගම් වල ලාභය, විදුලි ජනනයට අය කරන බදු, විදුලි සම්ප්‍රේෂණ වියදම්, විදුලි සම්ප්‍රේෂණ සමාගම් වල ලාභය, විදුලි සම්ප්‍රේෂණ ක්‍රියාවලියට අය කරන රජයේ බදු, විදුලිය බෙදාහැරීමේ වියදම්, විදුලි බෙදාහැරීම් සමාගම් වල ලාභය, බෙදාහැරීමේ ක්‍රියාවලියට අදාළ බදු, අවසන් පරිශීලක පාරිභෝගික බද්ද, සැපයුම් බදු ආදී වශයෙන් කොටස් ගණනාවක් එකතු වෙනවා. පිරිවැය පරාවර්තිත ගාස්තු ක්‍රමයක් හදනවා කියලා මාස 14ක් තුළ 400%කින් ගාස්තු වැඩි කරලා දැන් ලක්ෂ 50කට රතුබිල් ඇවිත්. ලක්ෂ 7ක් විදුලිය විසන්ධි කර අඳුරේ. මේ සමාගම් වල ලාභ සහ අධික බදු එකතු වූ විට විදුලි ගාස්තු කොපමණ ඉහල යයිද? මේ විනාශය වහන්න තමයි හොරරහසේ, හදිසියේ පනත් ගෙනෙන්නේ. මේ උත්සාහය පරාජයට පත්කළ යුතුයි. ඒ සඳහා සියලු බලවේග එක මිටකට එකතු කරන පුළුල් ජනතා වේදිකාවක් සකස් කරන්නත්, ජනතා බලයක් හරහා මෙම ජනතාද්‍රෝහී ක්‍රියා පරාජය කරන්නත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි මූලිකත්වය ගන්නවා. මේ හොර පනතට එරෙහිව ප්‍රචාරක තලයේ, උද්ඝෝෂණ තලයේ සහ නෛතික තලයේ උපරිම ක්‍රියාමාර්ග අපි සැලසුම් කර තිබෙනවා. රනික්ල් වික්‍රමසිංහ 2002දී ගෙනා 2002 අංක 28 දරන විදුලිබල පනත ක්‍රියාත්මක කරන්න ඉඩ නොදී 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත හරහා පරාජයට පත් කළා මෙන් මේ පනතත් ඉරා දමා කුණු කූඩයට දාන්න එක්වෙමු. මේ ජනතා ද්‍රෝහී නීති හදන අයත් ඉතිහාසයේ කුණු කූඩයට දමමු


    https://lankacnews.com/87017-2/
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ආ.. මේක හින්දා වෘත්තිය සමිති ටික දුන්න ගේමක් නිසා වෙන්නැති කරන්ට් නැත්තෙ..

    තෙල් සංස්ථාවට කලා වගේ මුන්ටයි, අර මස්තබාල්දු Railway එකටයි කරලා දෙකම PPP කරලා දැම්මනං හරි, ටෙෘකන්ඩ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ආ කමක් නෑ අපි මේ පාර මාලිමාවට❤️🔥

    අනිවාර්යෙන්...කාලකන්නි පිනා සහා පොහොට්ටු හොර හැත්ත එලවලම දාන්න ඕන..

    මාලිමාව තමයි රටට දැන් තියෙන එකම විසඳුම...:yes:

    උඹලා වගේ දිවා රෑ රාජපක්ෂලාට මේකේ කඩේ ගිය උන්ටත් අවසානේ මාලිමාව විතරයි විසඳුම කියලා තේරුණා කියන්නේ මේක දැක්කම ඇති අනිත් මිනිස්සුන්ටත් හරි තීරණය ගන්න මේ සැරේ :)
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,354
    113
    Paksha 2 3n union thiyenawa. Eka ekaa mehema objections daana eken mewa kawadada iwara wenne? My personal vote to privatisation.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    ප්‍රයිවටයිස් කරන්න ඉල්ලන රනිල්ගෙ රස බලන සෙට් එකක් ඉන්නවා නෙත
    ලොල්.
     
    • Haha
    Reactions: gama22

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ප්‍රයිවටයිස් කරන්න ඉල්ලන රනිල්ගෙ රස බලන සෙට් එකක් ඉන්නවා නෙත
    ලොල්.
    රනිල්ට විරුද්ධ උනාට කැපිටලිසම් වලට පක්ෂයි. සමාජවාදය තමයි රට කෑවේ. ඒක එකා සතුටු කරකර රටක් කරන්න බෑ.
     
    • Like
    Reactions: Janithsl88

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    රනිල්ට විරුද්ධ උනාට කැපිටලිසම් වලට පක්ෂයි. සමාජවාදය තමයි රට කෑවේ. ඒක එකා සතුටු කරකර රටක් කරන්න බෑ.
    ඔව් ඔව්. ඕකත් කරලා ඇට දෙකත් ගලෝගෙන ගියාම ඔය ප්‍රයිවටස් උණත් සනීප වෙයි. දැන් තෙල් ටික චිනේ කොම්පැණියකට දීලා කොරගේන තියෙන්නේ. අපි නොදන්න ප්‍රයිවටස්. 😂😂
     
    • Like
    Reactions: nayanasri

    Riduna Pumka 2.0

    Active member
  • Nov 24, 2023
    216
    134
    43
    Panadura
    අනිවාර්යෙන්...කාලකන්නි පිනා සහා පොහොට්ටු හොර හැත්ත එලවලම දාන්න ඕන..

    මාලිමාව තමයි රටට දැන් තියෙන එකම විසඳුම...:yes:

    උඹලා වගේ දිවා රෑ රාජපක්ෂලාට මේකේ කඩේ ගිය උන්ටත් අවසානේ මාලිමාව විතරයි විසඳුම කියලා තේරුණා කියන්නේ මේක දැක්කම ඇති අනිත් මිනිස්සුන්ටත් හරි තීරණය ගන්න මේ සැරේ :)
    ආ කමක් නෑ අපි මේ පාර මාලිමාවට❤️🔥
     
    • Love
    Reactions: kolavari

    gama22

    Well-known member
  • අනිවාර්යෙන්...කාලකන්නි පිනා සහා පොහොට්ටු හොර හැත්ත එලවලම දාන්න ඕන..

    මාලිමාව තමයි රටට දැන් තියෙන එකම විසඳුම...:yes:

    උඹලා වගේ දිවා රෑ රාජපක්ෂලාට මේකේ කඩේ ගිය උන්ටත් අවසානේ මාලිමාව විතරයි විසඳුම කියලා තේරුණා කියන්නේ මේක දැක්කම ඇති අනිත් මිනිස්සුන්ටත් හරි තීරණය ගන්න මේ සැරේ :)
    මුන් කීයක් හරි හොයාගන්නේ මෙහෙම පෝස්ට් ටිකක් දාලා. උන් ඔහේ කියපුදෙන් බන් කන්නත් එපැයි. අපි හම්බකරොත් අපි කනවා.... නේ උන්ට. දැන් තෙල් විකුණලා ලාබෙට හම්බෙන විදිහ දැක්කනේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මංඩලේ උන්ට වැරැද්ද පටවන්නම ඇමතියා ගහපු ගේමක් නම් 🤗🤗🤗


    CEB පනත හදිස්සිය අකුලයි.. ජනවාරියට කල් දමයි..
    December 9, 2023 at 12:40 pm | lanka C news
    CEB පනත හදිස්සිය අකුලයි.. ජනවාරියට කල් දමයි..

    විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

    නීතිපතිවරයාටද ඉදිරිපත් කිරීමෙන් පසු එය ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද හෙතෙම පැවසීය.

    මෙම කෙටුම්පත දෙසැම්බර් 12 වැනි දා ඉදිරිපත් කිරීම නිසා මහජනතාවට ඊට එරෙහි පෙත්සම් ගොනු කිරීමට කාලයක් නැති බවට විපක්ෂය විසින් එල්ල කරන ද චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.