ලයිට් කපන කවි

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ලයිට් කවි



    Link

    POWER CUT ජනකවි

    ඇප් එක බලා මණ්ඩයේ වෙලාවට
    මැප් එක අනුව කැපුවා උන් කලාවට
    පුප්පා ගස්සගෙන එකියක් ගියා මට
    කප්පන්නට බැරිද දවසම එයාලට

    **********
    රයිස් කුකර් එක බත් ටික උයනකොට
    කරන්ට් කපපු හින්දා පැය ගණනකට
    දෙම්දෝ නො දෙම්දෝ කියලා හිතුනි මට
    බාගෙට පුතේ බත ඉදුණේ අද නුඹට
    **********
    අනේ දෙවියනේ මට වුණ වියෝයා
    කරන්ට් එකත් පැය හතකට ගියෝයා
    ඉටිපන්දමක් වත් නැත කරුවලේයා
    ලයිට් දුන් කෙනෙක් මගෙ නෑසියෝයා
    ************
    නොකපන බව ම කීවත් වගකිවයුත්තා
    මණ්ඩලයෙන් කපාගෙන යයි නොනවත්තා
    ගන කරුවලේ අල්ලා තදකර ගත්තා
    නෝනයි කියා නැන්දම්මව ඉඹගත්තා
    ***********
    කෙල්ලයි මමයි මහ රෑ පැන යන කලට
    ලයිට් කැපුණි පැය හතරක් එක දිගට
    හනිමුන් එකත් කෙරුණේ මඟදිම ජයට
    සාදු සාදු මණ්ඩලයේ උදවියට
    ***********-
    මණ්ඩලෙත් ලයිට් කප කප හැ......නවා
    කන්ඩවත් නැතුව පැදුරේ ඇලවෙනවා
    චණ්ඩියෙක් වගේ රන්කඳ දඟලනවා බණ්ඩියත් ටිකෙන් ටික දැන් ලොකුවෙනවා
    © ශ්‍රියා හිඳ්‍රරංගල
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හරියට කළා නං කිසිවක් මණ්ඩලයෙන්
    විදුලිය කැපීමයි, නැත කිසිවක් අවිවාදෙන්
    කරන්ට් නැතත් වැඩිහරියක් දින ගණනින්
    බිල නං අඩු නොවේ කාගෙත් මේ භවයෙන් :ROFLMAO:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    හරියට කළා නං කිසිවක් මණ්ඩලයෙන්
    විදුලිය කැපීමයි, නැත කිසිවක් අවිවාදෙන්
    කරන්ට් නැතත් වැඩිහරියක් දින ගණනින්
    බිල නං අඩු නොවේ කාගෙත් මේ භවයෙන් :ROFLMAO:

    කවුරුත් කියයි මණ්ඩලයෙන් කොරපු එක
    කිසිවෙක් කියන්නේ නැත මම කෙරුව ටික
    කවුරුන් කොහොම කිවුවත් මේ වසර දෙක
    මම ම තමයි හොඳටම කෙරුවේ........ මේක
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    රට කර වන්න නම් විදුලිය ඇතිව රටේ
    මොළ හතානෝ සිටිය යුතුය බලේ
    අමන විමල් කෑ ගැහුවත් හතර වටේ
    ඔහු නොසිටියොත් අපි හැම මකර කටේ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොන ආණ්ඩුව වැරැද්ද කරත් ඒක දැක දැක නොදැක්කා වගේ ඒවා සාධාරණයක කරකර උන්ට කත් අදින ඔක්කොම උන්ගෙ පවුල් දරුවො දෙමව්පියෝ ලෙඩවෙලා අපාදුක් විදලා කුණුවෙලා පනුවො ගහලා මැරිලා පල.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කවුරුත් කියයි මණ්ඩලයෙන් කොරපු එක
    කිසිවෙක් කියන්නේ නැත මම කෙරුව ටික
    කවුරුන් කොහොම කිවුවත් මේ වසර දෙක
    මම ම තමයි හොඳටම කෙරුවේ........ මේක
    පෙට්‍රල් පුරෝ ගැනුමට මේ ළඟදි ගියා
    ඩීසල් පෝලිමේ දිග දුටුවෙමි දුරක් තියා
    පැදුරක් එලා මහමග එක් පසෙක තියා
    ඕමිය ගසති කොල්ලන් ,දැන් සැපද කියා

    රට කර වන්න නම් විදුලිය ඇතිව රටේ
    මොළ හතානෝ සිටිය යුතුය බලේ
    අමන විමල් කෑ ගැහුවත් හතර වටේ
    ඔහු නොසිටියොත් අපි හැම මකර කටේ
    බැණ අඬ ගසා අපෙ සර් හට හරියනවාද
    හොඳටම කොලා බොට දැං පේනව නේද
    සිහි නොකරනවනං මව් මගෙ මෙ සබේ මැද
    ඩීසල් හදන හැටි ගෙදරදි මම කියන්නද