ලයිට් සහ අනතුරැ උපාංග

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලයිට් සහ අනතුරැ උපාංග



    ලයිට් සහ අනතුරැ උපාංග

    මෝටර් රථ අනතුරු වලින් රාත්‍රී කාලයේ සිදුවන අනතුරැ මෝටර් රථ වලින් සිදුවන අනතුරැ වලට තුන්වන ස්ථානය හිමිවෙනවා.ඒ‌ වගේම පදිකයින්,පාපැදිකරුවන් හා යතුරුපැදි ආ‌දිය දහවල් කාලය තුල දී දකිනවාට වඩා රාත්‍රී කාලයේ දැකීමට අපහසුයි.

    රාත්‍රීයේ හෝ අඩු අලෝකයක් සහිත අනතුරුදායක කාලගුණ තත්වයන් තුල දී අනෙක් වාහනයේ රියදුරු හට ඔබේ වාහනය පැහැදිලිව දැකගත හැකි විය යුතුය.

    • හෙඩ් ලයිට්.
    • ටේල් ලයිට්.
    • නම්බර් ප්ලේට් ලයිට්.
    • ක්ලියරන්ස් ලයිට් සහ සයිඩ් මාකර් ලයිට්.(මෙම ලයිට් වාහනයේ සවි කර ඇත්නම්)

    හෙඩ් ලයිට්

    • ඩේ ඩයිම් කාලගුණික තත්වයන් වල දී ඒ‌ කියන්නේ දහවල් කාලයේ දී ප්‍රමාණවත් තරම් හිරැ එලියක් නොමැති අවස්ථාවල දී,වැසි හෝ මීදුම ඇ‌ති අවස්ථා වල දී වාහනයේ ඉදිරියෙන් මීටර් 100 කට වඩා පැහැදිලිව නොපෙනෙන ඕනෑම අවස්ථාවක හෙඩ් ලයිට් ලෝ බීම් සහිතව භාවිතා කල යුතුයි.

    උදේට ඉර නැගීමේ දී සහ සවස ඉර බැසීමේ දී යන අවස්ථා වල දී ඇතිවන අඩු ආ‌ලෝක තත්වයන් වල දී හෙඩ් ලයිට් ලෝ බීම් භාවිතා කල යුතුයි.

    හෙඩ් ලයිට් හයි බීම් නිවැරදිව භාවිතා කරන ආ‌කාරය

    ඔබට ඉදිරියෙන් එන වාහනය ඔබේ වාහනයට මීටර් 200 ක් ආ‌සන්නයේ දී ඔබේ වාහනයේ හයි බීම් ලෝ බීම් වලා මාරැ කල යුතුයි.

    ඒ‌ වගේම ඔබේ වාහනය තවත් වහනයකට පිටුපසින් ගමන් කිරීමේ දී ඉදිරියෙන් ගමන් කරන වාහනයට මීටර් 200 ක් ආ‌සන්නයේ දී ද ඔබේ වාහනයේ හයි බීම් ලෝ බීම් වලට මාරැ කල යුතුයි.

    ** ඇ‌ඩප්ටිව් හෙඩ් ලයිට් රේන්ජ් කොන්ට්‍රෝල් තියෙන වාහන වල මෙය ස්වයංක්‍රීයවම සිදුවෙන නිසා ඒ‌ වගේ වාහන වල හෙඩ් ලයිට් මැනුඅල් ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

    ඔබේ වාහනය අනෙක් වාහනය ඕවර්ටේක් කිරීමේ දී ඕවර්ටේක් කිරීමට පෙර ක්ෂණිකව හයි බීම් වලට මාරැ කරන්න.(ඕවර්ටේක් කිරීමේ දී හෙඩ් ලයිට් ලෝ බීම් එකේ හෝ සම්පූර්ණයෙන්ම හෙඩ් ලයිට් නිවා දැමීම නිසා ඉදිරි මාර්ගය අපහැදිලිවීම හෝ නොපෙනී යාම නිසා අනතුරැ ඇ‌ති විය හැකිය)

    ඒ‌ වගේම අමතර ඩ්‍රයිවිං ලයිට් සහ ෆොග් ලයිට් භාවිතා කර ඉදිරියෙන් එන වාහන අපහසුතාවයට පත් නොකල යුතු අතර ඉදිරියෙන් එන වාහන වල හෙඩ් ලයිට් දෙස කෙලින්ම බැලීමෙන් වැලකිය යුතුයි.

    පාර්කිං ලයිට්

    ඔබේ වාහනය නැවැත්වීමේ දී හෝ නැවතුම් ස්ථානයෙන් පිටත් වීමේ දී මාර්ගය භාවිතා කරනන අන් අයට ඔබේ වාහනය දැක ගැනීමට හැකි වන පරිදි පාර්කිං ලයිට් හෝ අවශ්‍ය නම් හසාර්ඩ් ලයිට් ඔන් කිරීමට බවට වග බලා ගන්න.

    ෆොග් ලයිට්

    ඉදිරිපස සහ පසුපස ෆොග් ලයිට් මීදුම හෝ වැසි සහිත කාලගුණ තත්වයන් වල දී සහ වාහනය බ්‍රේක් ඩවුන් අවස්ථාවලදී පමණක් භාවිතා කළ යුතුය,නැතහොත් එවැනි දුම් හා දූවිලි වැනි දේ මගින් මාර්ගයේ පැහැදිලි පෙනීමට බාධා ඇ‌තිවන තත්වයන් වල දී එය භාවතා කල යුතුය.එවැනි අවස්ථාවලින් පසු මාර්ගයේ පෙනීම් තත්වය පැහැදිල් වූ විට ඉදිරිපස සහ පසුපස ෆොග් ලයිට් නිවා දැමීම නීතිමය අවශ්‍යයතාවයකි

    ඔබගේ වාහනයේ ෆොග් ලයිට් සවිකර නොමැතිනම්,මේ අහිතකර තත්වයන් තුල දවසපුරාම හෙඩ් ලයිට් භාවිතා කිරීමට හැකිය.

    හසාර්ඩ් වර්නින් ලයිට්

    වාහනයේ හසාර්ඩ් ලයිට් පහත සඳහන් අවස්ථාවලදී හැර අනෙක් කිසිම අවස්ථාවක භාවිත නොකළ යුතුය:

    • වාහනය අනෙකුත් වාහන නිසා හෝ පදිකයින් නිසා මාර්ගය අවහිර වීමක දී.

    • ඉතාසෙමින් ගමන් කිරීමක දී හෝ වෙනත් මාර්ග භාවිතා කරන්නන් මගින් මාර්ගය අවහිර වන අවස්ථාවල දී.

    • හදිසි නැවතුම් මංතීරු වල නැවැත්වීම් වල දී.

    • ආහාර වැනි නිෂ්පාදන අලෙව් කිරීමට නතර කර ඇ‌ති අවස්ථා වක දී සහ කෙට් විවේකයක් ගනීමට නතර කර ඇ‌ති අවස්ථා වල දී.

    • අනතුරුදායක කාලගුණ තත්ත්වය තුල ධාවනය කිරීමේ දී.

    • වෙහිකල් ඇ‌න්ට්-තෙෆ්ට් සිකියුරිට් සිස්ටම් එක හසාර්ඩ් ලයිට් එකේ කොටසක් ලෙස සම්බන්ධ කර ඇ‌ති විටක දී හෝ ඇ‌ල්කොහෝල් ඉන්ටර් ලොක් උපාංගය සවිකර ඇ‌ති විටක දී.

    හෝර්න් සහ අනෙකුත් අනතුරැ උපාංග

    පහත සඳහන් අවස්ථාවල දී මිස වෙනත් ඕනෑම අවස්ථාවක අනතුරු ඇඟවීම් උපාංග භාවිතා නොකළ යුතුය:

    • වාහනය ලඟා වන බව වෙනත් මාර්ග භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීමට අවශ්‍ය විටක දී

    • මාර්ගයෙන් සතුන් ඉවත්
    කිරීමට අනතුරු ඇඟවීමට අවශ්‍ය විටක දී.

    වෙහිකල් ඇ‌න්ට්-තෙෆ්ට් සිකියුරිට් සිස්ටම් එක හසාර්ඩ් ලයිට් එකේ කොටසක් ලෙස සම්බන්ධ කර ඇ‌ති විටක දී හෝ ඇ‌ල්කොහෝල් ඉන්ටර් ලොක් උපාංගය සවිකර ඇ‌ති විටක දී.

    හදිසි වාහන

    සයිරන් නාදයක් ඇසෙන විට පොලිස්, ගිනි නිවන හෝ ගිලන් රථ වැනි හදිසි වාහන වල නිල්,රතු පාට ආලෝකය දුටු විගස එවැනි වාහන වලට මාර්ගයේ ඉඩ ලබාදිය යුතුයි.

    සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක හදිසි වාහන පසුකර යන තුරැ සියලුම රථවාහන මාර්ගයෙන් වම් පසට කර ඉඩ ලබාදිය යුතුයි.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    01/04/2017
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    දැන් ගොඩක් එවුන් ලෝ බිම් දාන්නේ නෑ. හෙඩ් ලයිට් ගහගෙනම දිගටම යනවා. එපා වෙනවා රෑට ගමනක් යනකොට. අනික බන් රෑට ඉස්සරහින් එන එකාගේ හෙඩ් ලයිට් පාරට අමතරව පස්සෙන් එන එකාගේ හෙඩ් ලයිට් පාර, සයිඩ් කන්නාඩියෙන් වැදිලා ඇහැට එනකොට තවත් අමාරුයි.
     

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    දැන් ගොඩක් එවුන් ලෝ බිම් දාන්නේ නෑ. හෙඩ් ලයිට් ගහගෙනම දිගටම යනවා. එපා වෙනවා රෑට ගමනක් යනකොට. අනික බන් රෑට ඉස්සරහින් එන එකාගේ හෙඩ් ලයිට් පාරට අමතරව පස්සෙන් එන එකාගේ හෙඩ් ලයිට් පාර, සයිඩ් කන්නාඩියෙන් වැදිලා ඇහැට එනකොට තවත් අමාරුයි.

    kiyala wedak ne, gon harak inne sama HARAK wahana wala
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    TFS REP+

    දැන් ගොඩක් එවුන් ලෝ බිම් දාන්නේ නෑ. හෙඩ් ලයිට් ගහගෙනම දිගටම යනවා. එපා වෙනවා රෑට ගමනක් යනකොට. අනික බන් රෑට ඉස්සරහින් එන එකාගේ හෙඩ් ලයිට් පාරට අමතරව පස්සෙන් එන එකාගේ හෙඩ් ලයිට් පාර, සයිඩ් කන්නාඩියෙන් වැදිලා ඇහැට එනකොට තවත් අමාරුයි.

    :yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වටිනා THREAD එකක .


    • ඩේ ඩයිම් කාලගුණික තත්වයන් වල දී ඒ‌ කියන්නේ දහවල් කාලයේ දී ප්‍රමාණවත් තරම් හිරැ එලියක් නොමැති අවස්ථාවල දී,වැසි හෝ මීදුම ඇ‌ති අවස්ථා වල දී වාහනයේ ඉදිරියෙන් මීටර් 100 කට වඩා පැහැදිලිව නොපෙනෙන ඕනෑම අවස්ථාවක හෙඩ් ලයිට් ලෝ බීම් සහිතව භාවිතා කල යුතුයි. - දැනට මෙය අනිවාර්ය රීතියක් කරලා තියෙන්නේ . තුන්වන පාර්ශවයක් නීතිමය අවස්ථාවකදී පැවසුව හොත් මෝටර් රථය හෝ යතුරු පැදිය තමාට "පැහැදිලිව දකින්නට නොලැබුණා" යනුවෙන් පැවසුවහොත් පළමු සහ දෙවන පාර්ශවය අනිවාර්ය වැරදි කරුවන්වේ. වාහනවල AUTO යනුවෙන් සදහන් කර ඇති ස්ථානයේ HEAD LIGHT SWITCH තබා ඇතිවිට අඩු ආලෝකයන් ඇති අවස්ථාවේ ඉබේම HEAD LIGHT ON වේ.

    උදේට ඉර නැගීමේ දී සහ සවස ඉර බැසීමේ දී යන අවස්ථා වල දී ඇතිවන අඩු ආ‌ලෝක තත්වයන් වල දී හෙඩ් ලයිට් ලෝ බීම් භාවිතා කල යුතුයි. -
    දැනට පවතින නීතිය වනුයේ සවස 6 න් පසු HEAD LIGHT ON කලයුතුය.

    ඔබට ඉදිරියෙන් එන වාහනය ඔබේ වාහනයට මීටර් 200 ක් ආ‌සන්නයේ දී ඔබේ වාහනයේ හයි බීම් ලෝ බීම් වලා මාරැ කල යුතුයි.

    ඒ‌ වගේම ඔබේ වාහනය තවත් වහනයකට පිටුපසින් ගමන් කිරීමේ දී ඉදිරියෙන් ගමන් කරන වාහනයට මීටර් 200 ක් ආ‌සන්නයේ දී ද ඔබේ වාහනයේ හයි බීම් ලෝ බීම් වලට මාරැ කල යුතුයි.
    - රථ වාහන නිතිය යටතේ නගර සීමාව තුල ද අනිවාර්යෙන් LOW BEAM භාවිතා කලයුතු වෙනවා