ලයිට්_නැති Port City

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    ලයිට් නැති වතුර නැති කොළඹ පෝට් සිටි!


    පෝර්ට් සිටි ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාම ජලය, විදුලි බලය සහ කැළිකසල හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

    ව්‍යාපෘතිය භාරව සිටින චීන සමාගම සහ ඊට අනුබද්ධිත තවත් දේශීය සහ විදේශීය ආයතන කිහිපයක් ඉදිකිරීමේ ඉදිරි කි‍්‍රයාවලිය පිළිබද මෙරට ඉහළම දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති රැස්වීමකදී මෙම තත්ත්වය උදාවුණා. මෙම සාකච්ඡාවට මෙරට රාජ්‍ය යාන්ත‍්‍රණය නියෝජනය කරමින් අදාළ සියලූ පාර්ශව කැදවා තිබුණා. පෝර්ට් සිටි නව නගරය සකස් කරන කාලය සහ එය අවසන් වූ විට දෛනිකව එකතු වන කැලි කසල බැහැර කිරීම සම්බන්ධයෙන් දැනට කොළඹ නගරයේ එම වගකීම දරන නගර සභාව විසින් පවතින අඩුපාඩුකම් රැසක් මෙහිදී පෙන්වා දුන්නා.

    විදුලිබල ක්‍ෂේත‍්‍රය නියෝජනය කරමින් එම සාකච්ඡාවට පැමිණි රාජ්‍ය නිලධාරීන්ද කියා සිටියේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය විසින් ඉල්ලා සිටින ප‍්‍රමාණයේ විදුලිබල සැපයුමක් දැනට ජාතික පද්ධතියෙන් ලබාදිය නොහැකි බවයි. ඉන් පසුව ජලය පිළිබද ඇති වූ සංවාදයේදී එම විෂය භාරව පැමිණි නිලධාරීන් කියා සිටියේ කැළණි ගගේ සහ කළු ගගේ ජලය ලබාගන්නා සියලූම ස්ථානවලින් මේ වනවිට ජලය ලබාගෙන අවසන් බවයි. මෙම ප‍්‍රධාන සේවා තුන සැපයීම සදහා වෙනම ව්‍යාපෘති අවශ්‍ය බව ඔවුන් සියලූම දෙනා එම අවස්ථාවේදී ප‍්‍රකාශ කළා. මේ හේතුවෙන් අදාළ සාකච්ඡාවේ සිටි මෙරට දේශපාලන බලධාරීන්ද චීන නියෝජිතයන් ඉදිරියේ දැඩි අපහසුතාවට ලක් වුණා. කෙසේවෙතත් ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු මේ වනවිට සිදු කරමින් පවතිනවා.




    Colombo_Port_2016.png






    finel-logo.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    සාම්පූර් බලාගාරේ ගහන්න මිනිස්සු ඉඩ දුන්නනම් ඉවරයි.ඉන්දියන් බයික්,ඉන්දියන් ත්‍රීවීල් use කර කර පරිසර දූෂණය ගැන කථා කරන එක විහිළුවක්.