ලයිටි කපන එක මරු! අපි කළුවරට ආදරෙයි
ලයිටි කපන එක මරු! අපි කළුවරට ආදරෙයි
Posted on 08 August 2012.
Rating: 0.0/7 (0 votes cast)
ලංකාවේ මේ දින වල විදුලි බලය සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිව ඇති බවත් මේ නිසා බලගාර කිහිපයක ඇතිවූ හදිසි නඩත්තු කටයුතු හේතුවෙන් විදුලිය දිනකට පැය කිහිපය බැගින් කපන්නට සිදුවන බවත් පසුගිය කාලයේ විදුලි බල ඇමතිවරයා විසින් කියනු ලැබීය. ඒ අනුව නිශ්චිත කාල සටහනකට අනුව දෛනිකව විදුලිය කප්පාදු කිරීම සිදු විය. නමුත් නැවත වතාවක් සියලු බලාගාර යථාතත්වයට පත් වූ බව කියමින් යළි විදුලිය අඛණ්ඩව ලබා දීම සිදු විය.
මේ නිසා දැන් අපිට නිවි සැනසිල්ලේ අපේ වැඩ කරගන්නට පුලුවන. නමුත් හදිසියේම දන්නේම නැතුව පැය දෙකක් තුනක් දිනකට විදුලිය හිටි අඩියේ නතර වෙයි. එය ලංකා විදුලි බලමණ්ඩලයේ හෝ විදුලි බල ඇමතිවරයාගේ වරදක් නොව සමහර විට භූත දෝෂයක් වන්නට පුලුවන. ඒත් ප්‍රශ්ණය වී ඇත්තේ දැන් භූතයින්,පෙරේතයින් සහ කුම්භාණ්ඩයින් ගැන කතා කරන්නට විදිහක් නැති වීමයි. මන්ද මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුලු හේතුවාදී සංගමයේ අය කියන්නේ මේ රටේ කිසිසේත්ම භූතයින්,පෙරේතයින්,කුම්භාණ්ඩයින් වැනි අදෘෂ්‍යමාන බලවේග ඉන්නට විදිහක් නැති බවයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ රජයේ සම්පතමයෙකු වන කාලෝ ෆොන්සේකාට අභියෝග කරන්නටද විදිහක් නැත. අපි විසින් කළ අභියෝගය ඔහු බාර ගත්තේ ද නැත. මේ නිසා අපිට මේ හදිසියේම විදුලිය විසංදි වීම ගැන කිසිවක් සිතා ගන්නට බැරිය. මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇමතිතුමා නම් කියන්නේ වෙනමම කතාවකි. ඔහු කියන ආකාරයට ලංකාවේ හදිසියේම කිසිවකුත් නොදන්නා ආකාරයට විදුලිය විසන්දී වීම අනිවාර්යෙන්ම අධ්රාජ්‍යවාදී කුමණ්ත්‍රනයක් විය යුතු බවයි. මේ නිසා අධිරාජ්‍යවාදයට එරෙහිව ලිප්ටන් වට රවුමට සියළු විදුලි පාරිභෝගිකයන්ට එකතු වන්න යැයි ඔහු කියයි.
මේ සම්බන්ධයෙන් විදුලි බල ඇමති කියන්නේ තවත් අපූරූ කතාවකි. හිටපු ගමන් අපේ ගෙදරත් කරන්ට් එක කපනවා. මටත් හිතා ගන්න බෑ කවුද මේවා කරන්නේ කියලා.
මේ මෑතකදී බාල ඩීසල් ගෙන්වා ජරමරයක් වූ බව අපි දනිමු. රජයේ ඇමතිවරුන්ගේ මෙන්ම විපක්ෂ නායකවරයාගේ වාහනයද මහමග නතර විය. ඒත් ඛනිජ තෙල් ඇමති කියන්නේ මෙය නිළධාරීන්ගේ වරදක් බවයි. මේ ආකාරයට හැමෝම දන්නා නමුත් දන්නා බව සිත්න්ට අකමැති බොහෝ දේ සිදුවෙමින් පවතියි. මෙයට හේතුව කුමක් ද?
අපි විසින් පසුගිය දිනක ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය ගැන ඔබට තොරතුරු හෙළි කලෙමු. එය තහවුරු කරන්නට නැවතත් ලිපියක් සම්පාදනය කලෙමු. නමුත් ඇතැම් අය අපට කීවේ එය අපේ මනෝභ්‍රාන්තියක් මිස යථාර්ථයේ පවතින දෙයක් නොවන බවයි. අපි ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවයට අනුව රට පාලනය වන බව කීවේ නිකමට නොවේ.
මේවා මහාචාර්ය නලින් ද සිල්වාගේ මෙන් අපේ සිතට නැගෙන සිතුවිලියයි බොහෝ අය කියයි. මේවා අපේ සිතට නැගෙන සිතුවිලි නම් මේ දේවල් මෙහෙම වන්නේ කොහොමද? විදුලිය කපන්නේ නැති බව ඇමති සහතික කර කියන විට දන්නේම නැතිව දිනකට පැය කිහිපයක් විදුලිය විසන්දි වෙයි. මේක හරියටම මේ වගේ නේද? රෑට කලුවරේ ලිංගිකව එක් වෙලා උදේට එහෙම දෙයක් නොවුන ගානට ඉන්වා වගේ නේද? කවුරු හරි උදේට ඇහුවොත් රෑ සෙට් වුනා නේද කියලා පිස්සුද මොනවද අහන්නේ අපි දන්නෑ ඕවා කියලා කියනවා. ලයිටි කැපිල්ලත් එහෙමමයි ඇමති දන්නවා හොරෙන් ලයිටි කපන බව මිනිස්සුත් දන්නවා හොරෙන්ම ලයිටි කපන බව හැබැයි ඇහුවම කියනවා පිස්සුද එහෙම නෑ කියලා.
මේ නිසා තමයි අපි කියන්නේ ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය ‛ කලුවරේ දන්නෑ වගේ කරන එක වෙන්නේ කියලා’ ඉතින් අද රට පාලනය කරන්නේ මේ සංකල්පය විදිහටයි. මේ නිසා දැනුවත්ව කරලා නොදන්නවා වගේ ඉන්න එක භාවිතාව වෙලා තියන රටක ව්පලවාදී දේශපානය කියන්නේ මේ ක්‍රමය වෙනස් කරන එකටයි. ඒ නිසා ලංකාවේ විප්ලවාදී දේශපාලනය කියන්නේ තව දුරටත් ලයිටි කැපුවම මහපාරේ උද්ඝෝෂණය කරන එකට නෙමෙයි. බාල ඩීසල්, අධ්‍යපන ප්‍රශ්ණ, ආර්ථික ගැටලු හමුවේ විප්ලවාදී දේශපාලනයට ඊට වඩා බැරෑරුම් වගකීම් සමුදායක් තියෙනවා.
මේ ප්‍රශ්ණ සංකල්ප ඇසුරෙන් තේරුම් අරගෙන භාවිතාව වෙනස් කරන එකයි. කරන්නට අවශ්‍ය වෙන්නේ විවිධ දාර්ශණිකයන්ගේ සංකල්ප හරියට තේරුම් ගන්න ඕන කරන්නේ පවතින ධනවාදි සමාජය ක්‍රමය වෙනස් කරන්නට මිසක් සඟරා මුද්‍යණය කරලා තමන්ගේ පශ්චාත් උපාධියට ලකූණු රැස් කර ගන්න නෙමෙයි. ලංකාවේ වාමාංශික පක්ෂ ඇතුලු බොහෝ අය සිතාගෙන ඉන්නේ පරිපාලන ප්‍රශ්ණ දේශපලන ප්‍රශ්ණ කියලයි. නමුත් ඇත්තටම දේශපාලනය කියන්නේ පරිපාලන ප්‍රශ්ණ වලට විතරක් නෙමෙයි. මේ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය වසර හතලිහකට පස්සෙත් අසාර්ථක ව්‍යපෘතියක් වෙන්නේ.
ජ.වි.පෙන් වෙන්වුණ ජන අරගල ව්‍යපාරයේ අය පරිපාලන ප්‍රශ්ණ වලට අමතරව සංස්කෘතික දේශපාලනයක් කරන්න උත්සහා කරනවා. ඒ නිසා තමා ඒ අයගේ දේශපාලන භාවිතාව අපට ප්‍රශ්ණ කරන්න සිද්ධ වෙන්නේ.
ගල් ගහන අරාබි මොඩලයේ විප්ලව වලින් පවතින සමාජය වෙනස් කරන්න බැරි බව අපි කියන්නේ මේ නිසයි. ඒක එහෙම නෙමෙයි නම් අද වන විට අරාබ් වසන්තය මගින් ඒ රටවල මිනිස්සුන්ට දේශපාලන නිදහස ලැබෙන්න ඕන. ඒ වුනත් ඇත්තටම සිද්ධ වෙන්නේ ඒ රටවල මිනිස්සු තව තවත් ධනවාදී සමාජ ක්‍රමය තුල පීඩාවට පත්වීම පමණයි. මේ නිසා අපි යෝජනා කරන සහ භාවිතයට ගේන්න හදන දේශපාලනය ගැන බොහෝ අය අවිඥාණිකයි. මේ නිසා තමා බොහෝ අය අපෙන් අහන්නේ න්‍යාය කිය කිය ඉදලා වැඩක් නෑ වැඩ කරන්න කියලා. මෙහෙම කියන අයට අමතක වන කාරණා දෙකක් තියෙනවා.
01- අපි ජීවත් වෙන්නේ ධනවාදී සමාජයක කියන එක
02- අපි ජීවත් වෙන්නේ මහින්ද රාජපක්ෂ ගේ මර්ධනීය ආණ්ඩුවක් යටතේ කියන කාරණය
ඉහත කාරණා දෙක අනුව දේශපාලනය කරන්න නව දැක්මක් අපිට අවශ්‍ය වෙනවා.මේ වගේ සමාජයක විප්ලවාදී දේශපාලනය කරන්න ගියාම කාරණා දෙකකට මුහුණ දෙන්න වෙනවා.
01- එක්කෝ අපි තව තවත් ධනවාදී දේශපාලනයට ආශක්ත වෙනවා නැති නම් දේශපාලනය අපිට එපා වෙනවා. පළමු දේ වුනාම අපිට විප්ලවාදී දේශපාලනය අමතක වෙනවා එතකොට අපි ධනවාදය ශක්තිමත් කරන දැති රෝද බවට පත් වෙනවා. ඒකෙන් වෙන්නේ මහින්ද ගෙදර යවලා රනිල් බලයට ගේන එකයි. එතකොට විපක්ෂයේ අය ආණ්ඩු පක්ෂයට යනවා ආණ්ඩුපක්ෂයේ අය විපක්ෂයට යනවා. පවතින ක්‍රමය කුණු වෙව් ගඳ ගහමින් දිගටම තියෙනවා.
02- නැත්නම් අපිට දේශපාලනය එපා වෙනවා. එතකොට අපි ලොකු වාහනයක්, ලොකු ගෙයක් හදාගෙන කුටුම්බ සංරක්ෂනයට යනවා. නැතිනම් සියලු දේ එපා වී තපසට නැතිනම් භාවනාවට යොමු වෙනවා.
මේ මොහොතේ ජාතක හෙළ උරුමය යළි බෞද්ධ උරුමය හොයාගෙන යද්දී ජ.වි.පෙ වීදි උද්ඝෝෂකයන් පිරිසක් පමණක් බවට පත් වෙන්නේ මේ නිසයි. ඉතින් මේක දේශපාලනය කියලා කවුරු හරි හිතනවා නම් ඇත්තටම ඒ අයට පවතින සමාජ ක්‍රමයට වඩා හොද සමාජයක් හදන්නට අවශ්‍ය වන්නේ නෑ. ඒ අයට අවශ්‍ය වෙන්නේ ක්‍රමය තුල ක්‍රම විරෝධයක් ස්මතු කරන්නට පමණයි.
මෙවැනි වාතාවරණයක් තුළ පවතින වාස්ථවික තත්ත්වයන් නිවරදිව සංජානනය කරමින් නව දේශපාලන භාවිතාවක් ගැන කතා කරන්නේ අපි විතරයි. මේ නිසා ගොඩක් අයට අපි කියන ඒවා විකාර කියලා හිතෙනවා. ඇතැම් අයට අනුව අපිට තියෙන්නේ මනෝභ්‍රාන්තියක්. මෙය අද ඊයේ පටන් පවතින දෙයක් නෙමෙයි. මීට වසර දහස් ගාණකට පෙර ගැලීලියෝ ගැලීලි විසින් පෘථිවි කේන්ද්‍රවායට එරෙහිව සූර්ය කේනද්‍රවාදය සූත්‍රගත කිරීමේ දී ඔහුට පල්ලියෙන් විශාල විරෝධයක් එනවා. සමාජය ඔහුට මනෝභ්‍රාන්තියක් ඇතියි කියනවා. කොටින්ම ඔහුව සලකන්නේ පිස්සෙකු විදිහටයි.
මේ පීඩනය දරා ගන්න බැරිව අවසානයේ අපි දිගටම කියන විදිහට ඔහුට ‛එපූර් සිමෝ’ යැයි කියන්නට සිදු වෙනවා. නමුත් අපි හැම විටම ගැලීලියෝ වගේ ‛ ඒක එහෙම කැරකුණත්, මම ඒක එහෙම වන බව දන්නා නමුත් ඔබ කියනවා නම් ඒක එහෙම නෙමයි කියලා මම ඒක එහෙම නෙමෙයි යැයි විශ්වාස කරනනම්’ යැයි කියන්නට සූදානම් නෑ. අපි ගැලීලියෝට වඩා වෙනස් වෙන්නට කැමතියි. ඒ වුනත් ඇත්තටම එදා ඔහු නිර්භීත වෙලා ඒක පිළිගත්ත නම් ඔහුට මරණ දඩුවම ලැබනවා. එහෙම නම් වැඩේ එතනින්ම ඉවර වෙනවා.
ඒ නිසා අපි කොච්චර නිර්භීත වුනත් අපිටත් ඒක එහෙම නෙමෙයි යැයි කියන්නට බෑ. මොකද මේ රට තවම පාලනය කරන්නේ රාජපක්ෂ සහෝදරවරු. ගැලීලියෝට මරණ දඩුවම ලැබුන නම් ඒක ලැබෙන්නේ ප්‍රසිද්ධියේ ඒත් මේ කාලේ සුදු වෑන් එන්නේ කලින් කියලා නෙමෙයි. අපි දේශපාලනය කරන්නේ අතර මග නතර කරන්න නෙමෙයි. ඒ නිසා අපිට මනෝ භ්‍රාන්තියක් ඇතැයි ඔබ කියනවා නම් අපට පිස්සු යැයි ඔබ කිනවා නම් ඒක එහෙම නෙමෙයි කියලා අපි දන්නවා වුනත් අපිට පිස්සු යැයි අපි විශ්වාස කරන්නම්.
මොකද අපිට මේ පවතින සමාජ ක්‍රමයට වඩා හොද සමාජයක් නිර්මාණය කරන එක දේශපාලන සිහිනයක් නෙමෙයි යථාර්ථයක්.අනික් අතට තමන්ගේ අතින් වස කෝපයක් පානය කරලා සියදිවි නසා ගන්නට සොක්‍රටීස්ට පුලුවන් වුනාට අපිට එහෙම කරන්නත් බෑ. මොකද අපිට මේ රටේ දේශපාලන වෙනසක් වෙනුවෙන් සටන් කරන්නම වෙනවා. ඒ වුනත් අපේ සටනේ ඝණත්වය දියමත්ති තරම් ශක්තිමත් වනතුරු අපි සටන් කරන් නෑ. ග්ලැඩියේටර්වරු මහපාරේ ගහගන්නෑ. ඒ අය සටන් කරන්නේ නියමිත අවස්ථාවේදී නියමිත සතුරා සමග පමණයි. එතකම් අපිට අනුගමනය කරන්නට වෙන්නේ බෲස්ලිගේ සටන් සම්ප්‍රදාය විතරයි.
එතකොට කරන්න වෙන්නේ අතට අහුවන දේකින් පහර දීලා බේරෙන්නයි. ග්ලැඩියේටර්වරුන් වගේ අනාගතේ දී සටන් කරන්න නම් මේ කාලයේ දී අපට බෲස්ලිව අනුගමනය කරන්න වෙනවා. සතුරාගේ ශක්තියෙන් ප්‍රයෝජන ගන්වා මිසක් අර්ථයක් නැතිව අපේ ශක්තිය වැය කරලා වැඩක් නෑ.
අපි මේ ගතකරමින් ඉන්නේ ඉතිහාසය මිය යමින් ඉන්න යුගයකයි. අනාගතය තවම පහල වෙලා නෑ. මේ කාලේ වෘත්තීය සමිති අරගලය, විදුලි බල අර්බුදය, ඩීසල් ප්‍රශ්ණ වගේ දේවල් එක්ක අනවරතව බැදෙන්න පුලුවන් අවතාර වලට විතරයි. ඒ නිසා තමා අපි කියන්නේ ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය කියන්නේ ‛කලුවරේ ලයිටි නිවලා නොදන්නවා වගේ කරන දේකටයි කියලා. ඒ නිසා තමා අපි ලයිට කපනවා කියලා දැන දැන දැනත් නොදන්නවා වගේ ඉන්නේ.
එහෙම ඉන් නැතුව අපි මොනවා කරන්නද? මේකට ගොඩක් අයට තරහා ගියා. අපිට පිස්සු කීවා. තමන්ගේ පෞද්ගලික මනෝ විකාර මුලු සමාජයටම ආදේශ කරන්න යනවා කීවා. ඒ ඔක්කොම කියන ගමන් හැමෝම විශ්වාස කරනවා ඇත්තටම මගේ ලිංගික ජීවිතෙත් මේ වගේම තමයි. හැබැයි මම නොවන වෙන කවුරු හරි කෙනෙක්වත් මීට වඩා වෙනස් දෙයක් භූක්ති විදිනවා ඇතැයි කියලා.
අපි මෙහෙම අභායෝගයක් කරන්නම් අපිට මනෝ විකාර නම්, අපි මනෝ භ්‍රාන්තියකින් පෙළෙනවා නම් ඇත්තටම ලංකාවේ ජාතික ලිංගක අනන්‍යතාවය මොකක්ද කියන එක පුලුවන් නම් හේතු සහිතව ඔප්පු කරලා පෙන්වන්න. එතකොට අපි ඇත්තටම පිළි ගන්නම් අපිට මනෝභ්‍රාන්තියක් තියෙනවා කියලා.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,