අපි රෝබෝවරුද ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    අපි දිනපතා ගන්න තීරණ වලින් 95% ගන්නේ සිහියෙන් තොරව කියල දන්නවද? සිහි කල්පනාව ඇතුව ගන්නේ 5% පමණයි.පුදුමයි නේද?


    මනසේ කාර්ය කුමක්ද කියල ඇහුවොත් ඔබ දෙන උත්තරය මොකද්ද ?. තීරණ ගැනීම. අපි ඉස්සරහ තේ කොප්පයකුයි කොපි කොප්පයකුයි තිබ්බොත්, දෙකෙන් එකක් තෝරාගන්න කියල අපි මනසින් තීරණයක් ගන්න වෙනවා.

    අපි කල්පනා කරලා මනසින් තීරණයක් ගැනීමේ අවාසිය තමයි
    (1) ගොඩක් ශක්තිය අවශ්‍ය වීම (මොලයට ශක්තිය විශාල ප්‍රමාණයක් ඕනේ)
    (2) කාලය ගොඩක් ගතවීම (30+ ms)

    අනෙක් අතට අපිට දිනපතා දහස් ගණනක් තීරණ ගන්න වෙනවා. මේ නිසා මනස මේ සදහා උපක්‍රමයක් සකසනවා. ඒ තමයි අපි අවිඥානිකව (සිහි කල්පනාවෙන් තොරව) තීරණ ගන්නව. එදිනෙද තිරනවලින් 95% වැඩිය ගන්නේ සිහි කල්පනාවෙන් තොරව . 5% තමයි හිතල ගන්නේ. පුදුමයි නේද?

    උදාහරණයක් විදියට අපි වාහනයක් එලවනකොට අපි එලවන්නේ ඉබේ. හරියට රෝබෝවක් වගේ (සිහි කල්පනාවෙන් තොරව !!!!!!) . බල්ලෙක් ඉස්සරහට පැනපු ගමන්, මනස තුලින් සිග්නල් එකක් එනවා දැන් ඔටෝ බැහැ. තීරණයක් ගන්න කියල. එතකොට අපි කල්පනා කරලා තීරණයක් ගන්නවා

    මේ වගේ දෙයක් AI වලත් තියෙනවා කියල සාක්ෂි දැන් හොයාගෙන තියෙනවා.

    ඒ කියන්නේ මනස හුදෙක් නියුරෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන දෙයක්ද? AI වලට මිනිස්සුන්ට වගේ මනසක් ඇතිවෙන්න පුළුවන් නේද ?

    [1] https://www.msn.com/en-ca/news/insi...SnapshotKey=GMCF19E07B-snapshot-2&uxmode=ruby