ලයිසන් ගන්න මානසික වෛද්‍ය වාර්තාවක්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලයිසන් ගන්න මානසික වෛද්‍ය වාර්තාවක්

රියැදුරු බලපත් ලබාගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් ශාරීරික යෝග්‍යතා වෛද්‍ය සහකිකයක් පමණක් ඉදිරිපත් කෙරුණ ද ඉදිරියේදී මානසික වෛද්‍ය වාර්තාවක් ද ලබා දීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

මීට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ දිනෙන් දින සිදුවන රිය අනතුරු ප්‍රමාණය ඉහළ යාමයි

මේ පිළිබදව කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.


ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එම කෙටුම්පතටද රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අයැදුම්කරුවකු මානසික රෝග වෛද්‍යවරයකුගෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය යන වගන්තියක් ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නියමයි.. පාන්ඩුවට තව ගානක් කපාගන්න පුලුවන් :growl:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හොද වැඩේ පිස්සන්ට :rolleyes::rolleyes:
    කලින්ම කරන්න තිබ්බ වැඩක් ඕන
    :yes::yes::yes::yes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    පාරෙ වාහන හුගක් අඩුවෙයි?

    සිරාවට මචං. අපි කොච්චර කල්පනාවෙන් වාහන පැද්දට වැඩක් නෑ පිස්සෙක් ඇවිල්ලා හැමිනුනොත්
    :yes::yes::yes: