ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 8යි…

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 8යි…

    මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 8යි…


    කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමේ සටනේදී ප්‍රබල මෙහෙයක් ඉටු කළ ශ්‍රී ලංකා යුධ හමුදා දිගු දුර විහිදුම් බලකායේ විශිෂ්ඨ රණවිරුවකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 8ක් සපිරේ.
    2008 නොවැම්බර් 26 වැනි දින කොටි පාලනය කළ ප්‍රදේශයක සිදු කළ රහසිගත මෙහෙයුමක් අතරතුරදී ඔට්ටුසුඩාන් හිදී කොටි ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගන්නා විට ඔහු 31 හැවිරිදි විය. කොටි ත්‍රස්තයන් අණසක පැතිරවූ සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දැක්වූ දුරදිග විහිදුම් බලකාය එල්ටී ටී ඊ නායක ප්‍රභාකරන් පවා බිය වූ හමුදා කණ්ඩයක් විය. කොටි ගුවන් බලකායේ ප්‍රධානියා වූ ශංකර් හා මුහුදු කොටි අංශයේ දෙවනියා වූ කංගේ අමරන් මෙන්ම සන්නද්ධ බුද්ධි නායක චාර්ල්ස් ඇතුළු ඉහළ පෙලේ කොටි නායකයන් රැසක් කර්නල් ලලිත් ජයසිංහ මෙහෙයවූ දිගු දුර විහිදුම් බලකායෙන් ඝාතනයට ලක් වූ බව එල්ටීටීඊය පවා එකල පිළිගෙන තිබිණ.

    වීර වික්‍රම විභූෂණ වීරක්‍රියා සම්මානයෙන් දෙවරක්ම ඇගයීමට පාත්‍රවූ ලලිත් ජයසිංහ ඊට අමතරව දේශ පුත්‍ර ,උතුරු නැගෙනහිර සංග්‍රාමික,50 වන යුධ හමුදා සංවත්සර , පූර්ණ භූමි මෙන්ම 56 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම් වලින් ද ඇගයීමට ලක්විය.අවිස්සාවේල්ල ජනාඪිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ලලිත් ජයසිංහ කොලඹ ලුම්බිණි විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය.

    ලලිත් උඹ වාසනාවන්තයෙක්...

    අප ලලිත් ජයසිංහ විරුවා ගැන මේ සටහන තබන මොහොත එසේ රණවිරුවන් ගැන ඇගයුම් ඇසෙන කාලයක් නම් නොවේ.එක් පසකින් හවුල් ආණ්ඩුවේ ද්‍රෝහී ජිනීවා පාවාදීම හරහා ලලිත් වැනි විරුවන් සිය ගණනක් අද වීරත්වයේ ඔටුනු ගලවා දමා ස්ත්‍රී දූෂකයන් , මිනීමරු ම්ලේච්චයන්, පාපතර ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා තිබේ.
    අනෙක් පසින් ලලිත් ජයසිංහලා වැනි විරුවන් සිය දහස් ගණනක් දිවි පිදූ මාතෘභූමිය බටහිර කැනහිලුන්ගේ සහ උන්ගේ මෙරට ඒජන්තයන්ගේ ගල ග්‍රහණයට හසුව ඉතා අභාග්‍යසම්පන්න ඉරණමකට ඇද දමා ස්වෛරීභාවය අහිමිව වැලපෙමින් සිටී.
    ඒ අස්සේ බෙදිම්වාදී ව්‍යාපෘතිය ඉතාමත් වේගයෙන් රට බෙදන සීමාවට ඉතාමත් ඉක්මනින් ළං වෙමින් තිබේ.ලලිත් ජයසිංහලා දිවි දී රට රැකි සංහිඳියා කවරයේ ඔතා නින්දා සහගත ලෙස බෙදිම්වාදීන් අතට පත් කරන රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාව කඩි මුඩියේ සම්මත කරගනිමින් තිබේ. මීට ඉහත රණවිරුවන්ට අපරාධකාරයන් යන හංවඩුව ගැසුවේ මව්බිමේ ද්‍රෝහීන් සහ බටහිර අධිරාජ්‍යවාදීන්ය. අද එහි වෙනසක් වී තිබේ. අද අපේම ආණ්ඩුව ඔවුන්ට මේ ම්ලේච්ච හංවඩුව ගසා බටහිර චෝදනාව ඉස් මුදුනින් පිළිගෙන අවසන්ය. දැන් ඇත්තේ එහි අවසාන ජවනිකාව පමණි. එනම් ද්‍රෝහී හංවඩුව ගැසූවන් දංගෙඩියට දක්කාගෙන යන ගමන්ම ලලිත්ලා දිවි පිදූ ඒ උත්තරීතර පූජනීය අරමුණ මහ දවල් කෙළෙසමින් බෙදුම්වාදීන්ට වෙනම දේශසීමා වෙන්කරගෙන වෙනම රටක් හැදීමට පාර කපනා අවාසනාවන්ත ඛේචවාචනයයි.

    යහපාලකයන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් ත්‍රීකුණාමල නාවික හමුදා කඳවුරට සුදු ඒජන්තයන් බලහත්කාරීව ඇතුළුවී එහි වදකාගාරයක් පවත්වාගෙන ගියැයි කියමින් රණවිරුවන් විශාල පිරිසක් මේ වන විටත් සිර කර තිබේ. මීට පෙර එක්නැළිගොඩ නම් සිංහල කොටියාගේ අතුරුදහන් වීමට යැයි කියමින් කොටි ත්‍රස්තවාදීන්ගේ අවසන් පුරුක්ද ගලවා දැමූ බුද්ධි අංශ මෙහෙයුමට දායක වූ රණවිරුවන් අපරාධකරුවන් යැයි හංවඩු ගසා මරණ මංචකය වෙත දක්කමින් තිබේ. ඒ අස්සේ රට වැනසූ කොටි ත්‍රස්තයන්ට ආණ්ඩුවේ අනුග්‍රයෙන් නිදහස ලැබෙමින් දිනෙන් දින දුසිම් ගණනින් නිදහස් වෙමින් තිබේ. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු හමුදා නායකයින් වංචාකාරයින් හොරුන් තක්කඩියන් ලෙස සමාජ අපවාදයට ලක් කර උසාවි ගානේ රස්තියාදු ගස්සවමින් රට වැනසූ ත්‍රස්ත අපරාධකරුවන් නිදහස් කරන අබුදස්ස යුගයකැයි අප මේ පසු කරමින් සිටින්නේ.

    එසේ බැලූ කල ලලිත් නුඹ වාසනාවන්තයෙකි. සැබෑ වාසනාවන්තයෙකි. සතුරාගේ උණ්ඩයට ළය දී තම ජීවිතය මාතෘභූමිය වෙනුවෙන් කැපකළ වීරයෙකු ලෙස ඔබ දේශප්‍රේමී සිත් තුළ සදා අනුස්මරණීයයි. ඔබේ ලෙයින් උපන් තවමත් කැකුළු වියේ සිටිනා ඒ සිඟිති දියණියට ආඩම්බරයෙන් කිව හැකි වීර තාත්තා කෙනෙක් ලෙස ඔබ ඉතිහාසයට එක්වී අවසන්ය . ඔබ අද ජීවතුන් අතර සිටියේනම් ස්ත්‍රී දූෂකයන්, ම්ලේච්ච මිනීමරුවන් ලෙස රණවිරුවන්ට ගසනා 'යහපාලන හංවඩුව' ඔබටද වදිනු ඇත. සමහර විට දැනට සිර කඳවුරුවල ගාල් කර සිටින ඒ බුද්ධි අංශ විරුවන් සමග ඔබද සිරගෙවල් වල යකඩ කූරු ගනින්නට තිබිණ. ඒ මාතෘභූමිය ම්ලේච්ච ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ 'යහපාලන වරදටය'.
    ලලිත් නුඹ වාසනාවන්තයි...

    ලලිත් ජයසිංහ පිළිබඳ කෙටි රූපවාහිනී වැඩසටහනක් පහතින් දැක්වේ... >>
    මෙය නරඹද්දී එක පැනයක් සිතට ඒ.. එදා මේ වැඩසටහන ප්‍රචාරය කළ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවට අද මේ වීඩියෝව නැවත ප්‍රචාරය කළ හැකිද. එසේ කළහොත් ඒ වෙනුවෙන් එහි සේවකයන් කීයකගේ වැඩ අහිමි වේද? වෙනස සැපද?

    http://www.yuthukama.com/2016/11/LalithJayasinghe.html


     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ වේසිගෙ පුතාලට දැන් සතුටුද???? තොපිට දැන් වෙනස උදා උනාද පරයිනෙ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අයං වස්සාන කාලෝ
    උපදින හැම ආත්මයකම සැප සම්පතින් අනූනව මේ වගේඅකල් මරණ නොවන විදියට උපදින් ලැබෙන්න ඕනේ මේ පිනෙන්:(
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ වේසිගෙ පුතාලට දැන් සතුටුද???? තොපිට දැන් වෙනස උදා උනාද පරයිනෙ.