ලව් case එකක් බන්

Love_Habak

Member
Apr 21, 2019
1
0
0
මචන් මේක මට සැරෙන් සැරේ ඔළුවට එන ප්‍රශ්නයක් බන් :(

මම අපේ office එකේ කෙල්ලෙක් එක්ක යාලු උනා.එයා මට වඩා අවරුදු 2ක් වැඩිමල්. එකට අපේ ගෙදරින් කැමතිම නැ බන්. ඒකිට දැන් 28යි.මට 26යි.
ගෙදරින් අකමැති වයස case එකට.

මට ගෙදර අම්මලාව කොහොම හරි කැමති කරගන්න පුළුවන් ඒත් වෙන ප්‍රශ්නයක් තියෙනවා.කෙල්ල හරිම හිතුවක්කාරයි බන්,මන් කියන දේවල් සමහර වෙලාවට අහන්නේ නැ,මොන හරි දෙයක් කරලා ඉවර වෙලා තමා මට කියන්නේ.මන් කීප සැරයක්ම කිව්වා මොනා හරි දෙයක් කරනවනම් එක මට කියලා කරන්න,මන් එහෙම කියන්නේ මට ඔයාව හිරකරගෙන තියාගන්න නෙමෙයි,ඔයා මොකද කරන්නේ කියලා මට ගෙවෙන හැම තප්පරෙකම දැනගන්න ඕනේ නිසා කියලා.

ඒ උනාට එකී එක ගානකට ගන්නේ නැ.එයාම කියනවා එයා හෙන මුරන්ඩුයි හිතුවක්කාරයි තමා කියල.

මන් දැන් දවස් ගානක්ම කල්පනා කරලා කරලා තීරණයක් අරගෙන අපි දෙන්නම කතා කරලා affair එක නැවැත්තුවා.ඒ උනාට ඒකිගේ හිතේ තාම මන් ඉන්නවා වගේ,මටත් ඒකිව මතක් වෙනවා :sorry:

මට හිතට වද දෙන්නේ,එයාව යාලු කරගන්න මන් හෙන ගේමක් දුන්නා,එය කැමති උනෙම නැ මන් වයසින් වැඩි කියලා,අන්තිමට තම කැමති උනේ.

හැබැයි මෙහෙමයි,එයට කලින් affair එකක් තිබ්බා,හැබැයි ඒ boy එක්ක phone එකෙන් කතා කරලා විතරයි තිබ්බේ,හම්බ වෙලා තිබ්බේ නෑ.ඔක්කොම phone එකෙන් විතරයි.උත් හෙන බූටක් කාලා ඉන්න වෙලේක උගේ යාලුවෝ සෙට් එකක් තමා මෙයාව සෙට් කරලා තියෙන්නේ,ඒ උනාට උට කෙල්ලෝ ගැන කිසිම ෆීලින්ග් එකක් නැහැල්ලු,මෙය උට කැමැත්තෙන් ඉඳල තියෙනවා,උගෙන් කීප පාරක්ම යාලුවෙන්න අහලා තියෙනවා ඒ උනාට උ කියල තියෙන්නේ උට එහෙම අදහසක් එන්නෙම නෑ කියලයි,ඉතින් ඔය අස්සේ මන් try කරපු නිසා ඒක නැවතිලා ගියා.

මම කෙල්ලව kiss න hug කරලා තියෙනවා කීප පාරක්ම.එතනින් එහාට කිසිම දෙයක් කරලා නැ.කෙල්ල කියන්නේ මමලු ඉස්සෙල්ලම එයාව ඇල්ලුවෙත්.මම දන්නැ බන් ඕවා ඇත්තද බොරුද කියලා.හැබැයි කෙල්ල අම්බනෙට හිතනවා.

මට දැන් තියෙන අවුල මන් එහෙම කිස් කරපු එක වැරදිද කියලයි බන්.මොකද මන් affair එක නවත්තුවනේ.මට එහෙම හිතෙන්නේ,ඒ girl හරි අමුතු විදියට හිතන්නේ,එය කියනවා එයාට ඕනේ fresh පිට එයා marry කරන කෙනා ලඟට යන්නලු.මම එක නැති කලාලු.එහෙම කියද්දී මට අවුල් .
කිස් එකක්වත් දෙන්නේ නැතුව ලව් කරන්න බැනේ බන් :confused:

එයව් අස්සේ අපේ ගෙදරින් මට proposal එකක් සෙට් කරලා.අපේ නෑදෑ වෙන නංගි කෙනෙක්ව.එයාල හෙට අපේ ගෙදර එනවලු අවුරුද්දට.අපිත් එහෙ ගියා.ඒ ගිය වෙලේ තමා අම්ම ඒකිව දැක්කේ :D

දැන් මට තේරෙන්නේ නැ බන් මන් මොකද්ද කරන්නේ කියලා.මට හිතෙනවා මේ කෙල්ලට marry කරන්න බැරි උනොත් ඒ මම නිසා කියලා.

එයා කියනවා එයාට දැන් තියෙන්නේ පිරිමි ගැන කලකිරිමක්ලු.ඒ උනාට බන් මගෙත් වැරැද්දක් නැනේ මන් කීප සැරයක්ම කිව්වා එයට එයාගේ හිතුවක්කාර වැඩ නවත්තන්න කියලා.අපි affair එක පටන් ගද්දිම පටන් ගත්තේ ඉස්සෙල්ලම ගැලපෙනවද නැද්ද කියලා බලලා ඉමු කියලයි.

ඒකිට මම කිව්වා මට ඕනේ මැරීගෙන ලව් කරන්න කියලා,ඒ උනාට එකී එහෙම ලව් කලේ නැ.එයාට තිබ්බේ බය.කවදා හරි මම එයාව දාල යයි,මොකද මගේ වයස අඩුයිනේ කියලා.එය පස්සේ පස්සේ කිව්වා දැන් දැන් එයා මට ලව් කරන්න පටන් අරන් කියලා.ඒ උනාට මට ඒ බවක් දැනුනෙත් නැ

අනේ බන් මට මේකට මොකද්ද කරන්නේ කියල කියහල්ලකෝ