ලවු කරන උන්

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
1. කෝප්ප < ටීෂර්ට් < ටැටූ

CouplesTheseDays-01.jpg



ලවු කරන උන් දෙන්නගේ මූන දාලා කෝප්ප ගහගෙන ඒවයෙන් උදේට තේක බොන එක සාමාන්‍ය සිද්ධියක්. ඒ අය වලියක් ගිය දවසට තේ බොන්නෙ අම්මගෙ කෝප්පෙන්ලු. ඕකෙ උපරිමේට යන එවුන් ගහනවා ටීෂර්ට්. ඕකෙ තවත් උපරිමේට යන ජෝඩු ගහනවා ටැටූ. ටැටූ කියන්නෙ පර්මනන්ට් ටැටූ. තරහ වුනාම මකන්න තැන් හොයහොය යනවා. සමහරු ටැටූ එක මකන්න යන ගාන හින්දා තරහ වෙන්නෙත් නෑලු.



2. මිස්ඩ් කෝල් කතාබහ


CouplesTheseDays-02.gif


මේකත් හරියට මෝස් කෝඩ් වගේ. මං අඳුරන කපල් එකකුත් හිටියා මේ වැඩේ කරන. වැඩේ යන්නෙ මිස්ඩ් කෝල්වලින්. ගෙදරට හොරෙන් ලවු කරන අය තමයි මේක වැඩිපුරම කරන්නෙ. ඇහැරුනාම මිස්ඩ් කෝල් තුනයි. නිදියද්දි තුනයි. කද්දි දෙකයි. ටොයිලට් යද්දි පළමු රාජකාරිය නං කෙටි මිස්ඩ් කෝල් එකක්, දෙවැනි රාජකාරිය නං දිග මිස්ඩ් කෝල් එකක්. නාන්න යද්දි හතරයි. කෝඩ් අමතක වුනොත් එහෙම තනි පිස්සු නටන්නෙ. ඒ කපල් එකේ කෙල්ල කොල්ලා මිස්ඩ් කෝල් දෙකක් ගැහුවම තමයි කන්න පටන්ගන්නෙත්.



3. මං ඔයාට ආදරෙයි බබෝ


CouplesTheseDays-03.jpg


මේ තමයි ප්‍රසිද්ධම විදිය. මුළු ලෝකෙටම පේන්න ෆේස්බුක් එකෙන් අනිත් එකාට ආදරෙයි කියලා කියන්න අපේ අය හරි දස්සයි. සමහර කසාද බැඳපු ජෝඩුවලත් ඔය දේ සිද්ධ වෙනවා. ඇ‍ඳේ එහාපැත්තෙ දිගාවෙලා ඉන්න මනුස්සයාටත් ආදරෙයි කියලා කියන්නෙ ෆේස්බුක් එකෙන් කෑ ගහලයි. ඒකත් හරියට හදිස්සියටවත් අම්මට උයන්න උදවු නොකරන කෙල්ලො “අයි ❤️ මයි මාම්” ටැග්ස් දාගෙන ඉන්නවා වගේ වැඩක් තමයි.



4. කමලාවතී ප්‍රියදර්ශන


CouplesTheseDays-04.jpg


මේක තමයි අනිත් ෆේස්බුක් කෙලිය. දෙන්නටම එක ප්‍රොෆයිල් එකක් හදාගන්නවා. යාළුවෝ පුරුදු විදියට කුණුහරුපයක් කියලා කතාකරාට පහුවදාම ඒ යාළුවා බ්ලොක් වෙලා… බලද්දි දෙන්නම පාවිච්චි කරන්නෙ එකම ෆේස්බුක් එකවුන්ට් එකක්. සමහරු නං ඒක ප්‍රසිද්ධියෙම දානවා. ඔය හෙඩිමෙ තියෙන විදියට කමලාවතී ප්‍රියදර්ශන වගේ නම් සමහරු දාද්දි තවත් සමහරු සෝමලතා ඇන්ඩ් ඩිල්ෂාන් කියලා නම් දානවා. තවත් අය මිස්ටර් ඇන්ඩ් මිසිස් ඉරුගල්බණ්ඩාර කියලත් දානවා.



5. කා බී නටා


CouplesTheseDays-05.gif


මේක තමයි කට්ටිය කරන අනිත් වැඩේ. ප්‍රී ෂූට්. වෙඩින් එකට හත් ගවුවක් තියාගෙන ප්‍රී ෂූට්, ප්‍රයිවට් ෂූට් කරන එක තමයි ඊලඟ රාජකාරිය. ඒකෙන් ඒගොලොන්ගෙ ආදරේ ලෝකෙටම කියන්නයි ඒගොලොන්ගෙ වෑයම. ඒකෙන් ගොඩයන්නෙ කැමරා ගොයියො තමයි. ලස්සයක් දෙකක් කඩාගෙන ලාස්සනට ගේම ක්ලෝස් කරනවා.



6. චූ ෆොටෝ


CouplesTheseDays-06.gif


අනික තමා හැම බම්බුවෙම ෆොටෝ හුවමාරු කරගන්න එක. මම අඳුරන ජෝඩුවක් කන එකත් ෆොටෝ ගහලා බෙදාගත්තා. අපි ඒ දවස්වල විහිළු කළේ උඹලා චූ දාන එකත් ‍ෆොටෝගහලා එවාගන්නවද කියලයි. පස්සේ ඒ අෆෙයාර් එක බ්රේක් වුනා. කොල්ලා ගිය පාටියක පින්තූරයක් ගහලා එවුවෙ නැහැ කියපු වලියක් දුරදිග ගිහිල්ලයි වැඩේ සිද්ධ වුනේ. ඊට සතියකට පස්සෙ කෙල්ල වෙනිං කොල්ලෙක් එක්ක ඉන්න පින්තූරයක් අපේ මෑන්ස්ට වයිබර් කරලා තිබුනා.



7. අලි හුලතල්


CouplesTheseDays-07.jpg


මේක ගැන ලියන්න වෙන්නෙ ඒ භාෂාවෙන්. මොකද ඒගොල්ලො කතා කරන්නෙ එහෙමයි.

අනී උයා අද කලිම් නැගිට්ටද පුට්ටෝ.. අප්පත්තී බලාාං ඉටියේ මයෙ උලතල් බෝලේ නැගිටිනකම්. උම්මියා… අනී මට උයාගෙ පින්ටූලයක් එවන්නකූ… ආතයි අම්මී.




සලකලා යන්න ,ඉස්සුවේ aniwa.lk එකෙන්..බලපු ආදරණිය යාලුවෝ ඔක්කොටම ස්තුතී !
 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    මේවා කරන උන්ට වහ කන්න හිතෙනවා ඇති මේවා දැක්කම, :P
    ඒත් ආදරේ කියන්නේ මෙන්න මේකයි කියන්නත් බැනේ බන්, නේද?:confused: එක එක්කෙනාගේ එක එක love system තියෙන්නේ. :love:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,595
    113
    එක තැනක නෑ

    අනී උයා අද කලිම් නැගිට්ටද පුට්ටෝ.. අප්පත්තී බලාාං ඉටියේ මයෙ උලතල් බෝලේ නැගිටිනකම්. උම්මියා… අනී මට උයාගෙ පින්ටූලයක් එවන්නකූ… ආතයි අම්මී.

    :lol::lol::lol::lol: