ලසන්ත ඝාතනයේ සාක්ෂි සැඟවූ හිටපු DIG රිමාන්ඩ&a
ලසන්ත ඝාතනයේ සාක්ෂි සැඟවූ හිටපු ඩීඅයිජී ප්‍රසන්න නානායක්කාර රිමාන්ඩ්..! සැඟවූ සාක්කි අවුරුදු 9 කට පසු තරප්පුව යටින් සොයාගනී
(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.14, ප.ව.8.45) සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයේ සාක්කි වසන් කළේයැයි සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් අද නියෝග කළේය.
සැකකර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයකුව ගල්කිස්ස පොලිසිය ඇතුළු පොලිසි කිහිපයක් භාරව සිටිය දී ලසන්ත වික්‍රමතුංග මහතා භාවිත කළ නෝට් පොත ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ එවකට ස්ථානාධිපති හරහා ලබා ගත් බව විමර්ශනවලින් අනාවරණය වීයැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු උසස් පොලිස් නිලධාරියකුව සිටිමින් සාක්කි විනාෂ කිරීමට කටයුතු කළ ආකාරය ගැන අධිකරණය අද දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.
විතාන ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර නම් මෙම සැකකරු එවකට මිරිහානේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ එවකට රාජකාරි කර තිබේ. ලසන්ත වික්‍රමතුංග මහතා තමා ලුහු බැඳ හා යතුරුපැදි අංක නෝට් පොතේ සටහන් කර තිබෙන අතර ඔහු ඝාතනය කිරීමෙන් පසු ගල්කිස්ස පොලිසිය එම නෝට් පොත සොයාගෙන තිබේ.
ඒ අනුව ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල මහතා එය සොයා ගෙන ඒ ගැන සහ නෝට් පොතේ අංක ගැන පොලිසියේ බල අපරාධ තොරතුරු පොතේ සටහන් යොදා ඇති බවත්, එවකට ගල්කිස්ස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරි මහතා වහාම පැමිණ තමා හමුවෙන ලෙස දැනුම් දී ඇති බවත්, ඒ අනුව ඔහු හමුවීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පති සිරිමෙවන් නානායක්කාර මහතා කැඳවූ බව කියමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා උප පොලිස් පරීක්ෂක සමඟ මිරිහානට ගොස් ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඉන් පසු බල අපරාධ තොරතුරු පොතේ අදාළ පිටු සහ ලසන්ත වික්‍රමතුංග මහතාගේ නෝට් පොත ගැන එවකට සිටි පොලිස්පතිවරයාට මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී ඇති බව ද, එම දුරකතන සංවාදයෙන් පසු ලසන්ත වික්‍රමතුංග මහතාගේ නෝට්පොත සහ පොලිසියේ බල අපරාධ තොරතුරු පොතේ අදාළ පිටු ද තමාට ලබා දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා උප පොලිස් පරීක්ෂකගෙන් ඉල්ලා ඇති බව ද, උප පොලිස් පරීක්ෂක එය දීමට අකමැති වූ විට ‘තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නවානේ. මැරුම් කන්නේ නැතිව තමුසෙගේ සටහනුයි, නෝට් පොතයි මට දෙනවා.‘ යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා ඇති බව ද රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ ලිය කියැවිලිවලට ඡායා පිටපත් ගෙන තම නිවසේ තරප්පුපේලිය යට සඟවා ඇති උප පොලිස් පරීක්ෂකවරයා එහි මුල් පිටපත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉදිරිපිට මෙම නියෝජ්‍ය පොලිස්පතිට භාර දී ඇතැයි ද රහස් පොලිසිය සඳහන් කරයි.
ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි තිස්සසිරි සුගතපාල උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ මගපෙන්වීම ඔස්සේ ගොස් රහස් පොලිසිය අදාළ ලියැවිලිවල ඡායාපිටපත් වසර නවයකට පමණ පසු සොයාගෙන තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයාට සාක්කි විනාශ කිරීමට උපදෙස් දුන් උසස් නිලධාරීන් ගැන සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Last edited: