ලස්සන ගීතිකාවක්
සිතුවිල්ලක් විලසින් මා හද තෙරපනවා
සතුටු සිනා ලෙස මා මුව සිනහ මවනවා
කඳුළැල්ලක් විලසින් මා නෙත සෝදනවා
කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා
ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා
සිනාවේ කඳුළු බිඳුවේ හැංඟී එනවා...//
ගීතිකා ලෙසින් මා හද තුළ කොඳුරනවා
වේදනා තුළින් ඔබ ගැන මතක මවනවා
පාළුවේ නිසංසල බව ඔබ කැඳවනවා
කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා
පහනක් ලෙස අඳුරේ මා හා ඇවිදිනවා
තණ්හා උණුහුම සිත තුළ නිවලා යනවා
සයුරේ අඹරේ හැංගී ඉන්න හිතෙනවා
කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා
සතුටු සිනා ලෙස මා මුව සිනහ මවනවා
කඳුළැල්ලක් විලසින් මා නෙත සෝදනවා
කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා
ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා
සිනාවේ කඳුළු බිඳුවේ හැංඟී එනවා...//
ගීතිකා ලෙසින් මා හද තුළ කොඳුරනවා
වේදනා තුළින් ඔබ ගැන මතක මවනවා
පාළුවේ නිසංසල බව ඔබ කැඳවනවා
කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා
පහනක් ලෙස අඳුරේ මා හා ඇවිදිනවා
තණ්හා උණුහුම සිත තුළ නිවලා යනවා
සයුරේ අඹරේ හැංගී ඉන්න හිතෙනවා
කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා
Last edited: