ලස්සන පොටෝ ගැන ලස්සන ලිපියක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වන ජීවී ඡායාරූපකරණය කියන්නේ වෙනමම ශිල්පයක්. ගොඩක් අය උත්සහ කළාට හැමෝටම පිහිටන්නේ නෑ.

    ඒක බොහෝ විට ප්‍රසිද්ධ විනෝදාංශයක්. හොබි එකක්. කැමරා අරං කැලේට වෙලා ඉඳගෙන සතෙකුගේ ලස්සන මොහොතක් එනකං ඉවසගෙන හැංඟිලා ඉන්න එක ලේසි නෑ. ඒ ලැබෙන මොහොතේ ආලෝකය, දුර, ෆෝකස් එක, ෆ්‍රේම් එක බලලා හොඳම පොටෝ එකක් ගහ ගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ. සමහර විට එක ට්‍රිප් එකකට එක හොඳ පොටෝ එකක් වත් නොලැබෙන්න පුළුවන්.

    රජීව් අබේසේකරව මට හමුවුනේ කොළඹ නාලන්දේ දී. අපේ පන්තියේ හිටිය ටිකක් තරබාරුවට හැදුන විනෝද බර සරළ මිනිහෙක්. පස්සේ පුද්ගලික සමාගමක සේවයට බැඳිලා ඒක කරගෙන ඒ සමාගම් ඉනිමගේ උඩට නැග්ගා. ඒත් දෛවය මොන යම් දේකට හරි රජිව් ව කැලේට අරගෙන ගියා. ඒ කැමරාවක් එක්ක. තමන්ගේ ඇගේ තියෙන දක්ෂකමක් මතු වෙන්න නම් කරලම බලන්න ඕනේ කියනවා නේ. රජිව් මේ දරපු උත්සහය සුළු පටු නෑ. ඔහු ලස්සන වන ජීවී ඡායාරූප ගත්තා. මාස ගාණක් තිස්සේ ගත්තා. අවුරුදු ගාණක් තිස්සේ ගත්තා. විල්පත්තුව, යාල ගෙදර කර ගත්ත. පොඩි කැමරාව ලොකු උනා. ගෙදරට වඩා කැලේ ඉන්නව ද කියලා හිතෙන තරමට ඔහු මේ වැඩේට ලෙන්ගතු උනා. කාලයක් යනකොට ඔහු තුලින් විශිෂ්ඨ වන ජීවී කැමරා ශිල්පියෙක් බිහි උනා.

    මේ තියෙන්නේ ඔහු විසින් ගනු ලැබූ ජයග්‍රාහී ඡායාරූප කිහිපයක්. ඔහු සෝනි සමාගමේ වන ජිවී ඡායාරූප අංශයේ ජාතික සම්මානය ලබා ගැනීමට මේ වසරේදී සමත් උනා. ඒ මේ පෝස්ට් එකේ මුලින්ම තියෙන ඡායාරූපයට.

    ඔහු දැන් සිය වෘත්තීයට අමතරව නිල වෘත්තීය වන ජීවී ඡායාරූප ශිල්පියෙක්. ඔහුට සුභ පැතුම්.

    පැතුම් කර්නර්
    #හරිත
    #reviewedbypathumkerner