වටේපිටේ අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක මේ ටික ලියන්න හිතුවා.
අපි කැමැතියි ලස්සනට ඉන්න. සල්ලි අතපත ගාන්න. වටේ පිරිවර තියා ගන්න. මේ වගේ දේවල් වෙනුවෙන් අපි නොයෙක් දේ කරනවා. සමහර වෙලාවට කෙනෙක් 'ගොන්' වැඩ කියලා හඳුන්වන දෙයක් වුනත් මේ වෙනුවෙන් කරන්න අපි පැකිලෙන්නෙ නැහැ. රූප සොබාව හොඳින් පවත්වාගෙන යන්න අපි කොයිතරම් දේවල් කරනවද? සමහරු කතා බහ පවා වෙනස් කරනවා සල්ලිකාරයො කියලා පෙන්වන්න. තවත් අය තමුන්ට සෙනග ඉන්නවා කියලා පේන්න සල්ලි විසි කරනවා හතර අතට. සමහරුන්ට මේවා මුකුත් නැතුව බොහොම දුකින් ඉන්න වෙනවා. මේ වගේ විවිධාකාර මිනිස්සු ගැහැණු අපිට වට පිටෙන් හම්බවෙනවා.
දවසක් මල්ලිකා දේවි ඒ කියන්නෙ කොසොල් රජතුමාගේ බිසව යනවා බුදුරජාණන්වහන්සේ බැහැදකින්න. ඒ ගිහිල්ලා අහනවා මෙහෙම ප්‍රශ්න 4 ක්.
"ස්වාමීනි, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්,
දුර්වර්ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, දිළිඳු වේද, ස්වකීය ධන ධාන්‍ය නැද්ද, උපභොග පරිභොග වස්තු නැද්ද, ස්වල්ප පිරිවරද,
මීට හේතු කවරේද, මීට ප්‍රත්‍යය කවරේද?”
“ස්වාමීනි, යම් කාරණයකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්,
දුර්වර්ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, වස්තුවෙන් ආඪ්‍යද, ධන ධාන්‍ය ඇද්ද, උපභොග පරිභොග වස්තු ඇද්ද, මහත් පිරිවරද ඇත්තේ වේද,

මනා රූප ඇත්තේ වේද, දැකුමට ප්‍රියද, සතුට එලවයිද, ශ්‍රේෂ්ඨ වර්ණයෙන්, සෞන්දර්ය්යයෙන් යුක්තද, දිළිඳු වේද, ධන ධාන්‍ය රහිතද, භොග නැත්තේද, මහා බලවන්තියක් නොවේද,
ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?
ස්වාමීනි, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්,
යහපත් රූප ඇත්තේ වේද, දැකුමට ප්‍රියද, සතුට එලවයිද, ශ්‍රේෂ්ඨ වර්ණසෞන්දර්ය්යයෙන් යුක්තද, ධන ධාන්‍ය බොහෝ ඇත්තේද, මහත් ධන ඇත්තේද, මහත් භොග ඇත්තේද, බොහෝ පිරිවර ඇත්තේද,
මීට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද?”
දැන් මේ විදියට ප්‍රශ්න කලාම බුදුරජාණන්වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා.
"මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රොධ කරන්නී වේද, කිපීම බහුලකොට ඇත්තී වේද, ස්වල්පයක් කියන ලද්දීම ලැගෙයිද, කිපෙයිද, නීයමභාවය අත්හරියිද, තද බවට පැමිණෙයිද, කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කරයිද,
ඕතොමෝ ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්ගඳ, විලවුන්, සයන, ආවාස, ප්‍රදීප නොදෙන්නී වේද, ඊර්ෂ්යයාවෙන් යුත් සිත් ඇත්තී වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්ෂ්යාකරයිද, තරහවේද, ඊර්ෂ්‍යාව බඳීද,
ඕතොමෝ ඉදින් ඉන් චුතවූයේ, මේ ආත්ම භාවයට පැමිණේද, ඕ තොමෝ යම් යම් තැනෙක්හි උපදීද, දුර්වර්ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, දිළිඳු වේද, ස්වකීය ධන ධාන්‍ය නැද්ද, උපභොග පරිභොග වස්තු නැද්ද, ස්වල්ප පිරිවරද,
“මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රොධ කරන්නී වේද, කිපීම බහුලකොට ඇත්තී වේද, ස්වල්පයක් කියන ලද්දීම ලැගෙයිද, කිපෙයිද, නීයමභාවය අත්හරියිද, තද බවට පැමිණෙයිද, කොපයද, ද්වේෂයද, නොසතුටද පහළ කරයිද,
ඕතොමෝ ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳවිලවුන්, සයන, ආවාස, ප්‍රදීප දෙන්නී වේද, ඊර්ෂ්යයාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්ෂ්‍යා නොකරයිද, ද්වේෂ නොවේද, ඊර්ෂ්‍යාව නොබඳීද,
“ඕතොමෝ ඉදින් ඉන් චුතවූයේ, මේ ආත්ම භාවයට පැමිණේද, ඕ තොමෝ යම් යම් තැනෙක්හි උපදීද, දුර්වර්ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, වස්තුවෙන් ආඪ්‍යද, ධන ධාන්‍ය ඇද්ද, උපභොග පරිභොග වස්තු ඇද්ද, මහත් පිරිවරද ඇත්තේ වේද,
“මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් ක්‍රොධ නොකරන්නී වේද, ක්‍රොධ බහුලකොට නැත්තේ, බොහෝ කීවත් නොලැගෙයිද, නොකිපෙයිද, ප්‍රකෘතිභාවය අත් නොහරියිද, තද බවට නොපැමිණෙයිද, කොපයද, ද්වේෂයද, නොසතුටද ප්‍රකාශ කරයිද,
‘ඕතොමෝ ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳවිලවුන්, සයන, ආවාස, ප්‍රදීප නොදෙන්නී වේද, ඊර්ෂ්යයාවෙන් යුත් සිත් ඇත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්ෂ්‍යා කරයිද, ප්රදූශ්ය වෙයිද, ඊර්ෂ්‍යාව බඳියිද,
ඕතොමෝ ඉදින් ඉන් චුතවූවා, මේ ආත්ම භාවයට පැමිණේද, ඕ තොමෝ යම් යම් තැනෙක්හි උපදීද, මනා රූ ඇත්තේ වෙයි. දැකුමට ප්‍රියය. ප්‍රසාද එළවයි, ශ්‍රේෂ්ඨ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වෙයි. දිළිඳු වෙයි. තමාගේයයි කියා යමක් නැත්තේ, භොග නැත්තේ, පිරිවර නැත්තේ වෙයි.

“ඕතොමෝ ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳවිලවුන්, සයන, ආවාස, ප්‍රදීප දෙන්නී වේද, ඊර්ෂ්යයාවෙන් යුත් සිත් නැත්තේ වේද, අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්ෂ්‍යා නොකරයිද, කෝප නොවෙයිද, ඊර්ෂ්‍යාව නොබඳියිද,
ඕතොමෝ ඉදින් ඉන් චුතවූවා, මේ ආත්ම භාවයට පැමිණේද, ඕ තොමෝ යම් යම් තැනෙක්හි උපදීද, මනා රූ ඇත්තේ වෙයි. දැකුමට ප්‍රියය. ප්‍රසාද එළවයි, ශ්‍රේෂ්ඨ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වෙයි. ධන ධාණ්යයෙන් ආඪ්‍යවේ. මහත් ධන ඇත්තේද, මහත් භෝග ඇත්තේද, බොහෝ පිරිවර ඇත්තේද වේ.
“මල්ලිකාව, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්, දුර්වර්ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, දිළිඳු වේද, ස්වකීය ධන ධාන්‍ය නැද්ද, උපභොග පරිභොග වස්තු නැද්ද, ස්වල්ප පිරිවරද, මේ ඊට හේතුය, මේ ඊට ප්‍රත්‍යය.
“මල්ලිකාව, යම් කාරණයකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්, දුර්වර්ණ වේද, නපුරු ස්වරූපද, දක්නට පවිටුද, වස්තුවෙන් ආඪ්‍යද, ධන ධාන්‍ය ඇද්ද, උපභොග පරිභොග වස්තු ඇද්ද, මහත් පිරිවරද ඇත්තේ වේද, මේ ඊට හේතුය, මේ ඊට ප්‍රත්‍යය.
“මල්ලිකාව, යම් කාරණයකින් මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක්, ‘මනා රූප ඇත්තේ වේද, දැකුමට ප්‍රියද, සතුට එලවයිද, ශ්‍රේෂ්ඨ වර්ණයෙන්, සෞන්දර්ය්යයෙන් යුක්තද, දිළිඳු වේද, ධන ධාන්‍ය රහිතද, භොග නැත්තේද, මහා බලවන්තියක් නොවේද, මේ ඊට හේතුය, මේ ඊට ප්‍රත්‍යය.
“මල්ලිකාව, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් යහපත් රූප ඇත්තේ වේද, දැකුමට ප්‍රියද, සතුට එලවයිද, ශ්‍රේෂ්ඨ වර්ණසෞන්දර්ය්යයෙන් යුක්තද, ධන ධාන්‍ය බොහෝ ඇත්තේද, මහත් ධන ඇත්තේද, මහත් භොග ඇත්තේද, බොහෝ පිරිවර ඇත්තේද, මේ ඊට හේතුය. මේ ඊට ප්‍රත්‍යය."
මේ ටික ඇහුවම මල්ලිකා දේවි මෙන්න මෙහෙම කියනවා.
"ස්වාමීනි, ඒකාන්තයෙන් මම අනික් ජාතියෙක්හි ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් නැත්තේ වීමි. අනුන්ගේ ලාභ, සත්කාර, ගරුකාර, සැළකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්ෂ්‍යා නොකෙළෙමි. ප්‍රදුෂ්‍ය නොවීමි. ඊර්ෂ්‍යාව නොබැන්දෙමි. ස්වාමීනි, ඒ මම දැන් මහත් පිරිවර ඇත්තෙමි. ස්වාමීනි, මේ රජගෙදර ක්ෂත්රිය කන්‍යාවෝද, බ්‍රාහ්මණ කන්‍යාවෝද, ගෘහපති කන්‍යාවෝද ඇත්තාහ. මම ඔවුන්ට අධිපතිකම් කරමි.
“ස්වාමීනි, ඒ මම අද සිට ක්‍රෝධ නොකරන්නේ වන්නෙමි. දැඩි කෝප බහුලකොට නැත්තේ, බොහෝ කියන ලද්දේද නොලැඟෙන්නෙමි. නොකිපෙන්නමේ. ප්‍රකෘතිභාවය නොහරින්නෙමි. තද බවට නොපැමිණෙන්නෙමි. කෝපයද, ද්වේෂයද, නොසතුටද පහළ නොකරන්නෙමි ශ්‍රමණයන්ට, බ්‍රාහ්මණයන්ට ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳ විලවුන්, සයන, ආවාස, ප්‍රදීප දෙන්නෙමි. ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් නැත්තේ වන්නෙමි. අනුන්ගේ ලාභ සත්කාර, ගරුකාර, සැලකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්ෂ්‍යා නොකරන්නෙමි. ප්‍රදුෂ්‍ය නොවෙමි. ඊර්ෂ්‍යාව නොබඳිමි."
මේ උපුටා ගත්ත කාරණා තියෙන්නෙ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මල්ලිකොවාද සූත්‍රයෙ. සූත්‍රයෙ අවසන් කොටස අනුව පැහැදිලියි මල්ලිකා දේවි කියන්නෙ ලස්සන නැති කාන්තාවක් ය කියන එක. එනිසා තමයි ඇය කියන්නෙ "මම අද සිට ක්‍රෝධ නොකරන්නේ වන්නෙමි. දැඩි කෝප බහුලකොට නැත්තේ, බොහෝ කියන ලද්දේද නොලැඟෙන්නෙමි. නොකිපෙන්නමේ. ප්‍රකෘතිභාවය නොහරින්නෙමි. තද බවට නොපැමිණෙන්නෙමි. කෝපයද, ද්වේෂයද, නොසතුටද පහළ නොකරන්නෙමි ශ්‍රමණයන්ට, බ්‍රාහ්මණයන්ට ආහාරපාන, වස්ත්‍ර, යානා, මල්, ගඳ විලවුන්, සයන, ආවාස, ප්‍රදීප දෙන්නෙමි. ඊර්ෂ්‍යාවෙන් යුත් සිත් නැත්තේ වන්නෙමි. අනුන්ගේ ලාභ සත්කාර, ගරුකාර, සැලකිලි, වැඳීම්, පූජාවන්හි ඊර්ෂ්‍යා නොකරන්නෙමි. ප්‍රදුෂ්‍ය නොවෙමි. ඊර්ෂ්‍යාව නොබඳිමි." කියලා. මොකද ඒකෙ ප්‍රතිඵලය බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙන නිසා.
මේ සූත්‍රය ගැන තවත් අදහසක් කියන්න ඕනා. මල්ලිකා දේවි ප්‍රශ්න කරන්නෙ ස්ත්‍රියක් ගැන නිසා බුදුරජාණන්වහන්සේ ස්ත්‍රී පදාර්ථයෙන් මේ කාරණා කිව්වට පිරිමියෙක්ටත් මේවා අදාළ වෙනවා කියන එක අමතක නොකළ යුතු යි. මේ මල්ලිකා දේවි අහන ප්‍රශ්න පිරිමින්ටත් එලෙසම තියෙන ප්‍රශ්න. ස්ත්‍රීන් ට පමණක් නොවෙයි.
ඉතින් ඔයාටත් මල්ලිකා දේවි අහන ප්රශ්නවල තියෙන තත්ත්වයන් තියෙනවා නම් බුද්ධ දේශනාවට අනුව ඒවට හේතු ප්‍රත්‍ය වෙලා තියෙන කරුණු තේරුම් ගන්න මේ නිසා පුළුවන් වේවි. අනෙක් අතට අනාගත ජාතිවලදි ඒ වැනි තත්ත්වයන් සඳහා මේ ජාතියෙ දි ඔබ ගෙවන ජීවිතය හේතු ප්‍රත්‍ය වන බවත් තේරුම් ගන්න පුළුවන් වේවි.