ලස්සන_වන්නේ_මෙහෙමයි!

r runner

Member
May 12, 2015
2,396
781
0
ලස්සන_වන්නේ_මෙහෙමයි!

වට්ටක්කා වලින් ලස්සන වන්නේ මෙහෙමයි!





වට්ටක්කා යනු කැල්සියම්, යකඩ, ප්‍රෝටීන, පොස්පරස්, ප්‍රතිඔක්සිකාරක හා vitamin C වැනි සමට හිතකර පෝෂ්‍ය පදාර්ථයන් බහුල එළවළුවකි. මේ ලිපියෙන් ගෙන එන්නේ වට්ටක්කා වලින් ලස්සන වන ආකාරය පිළිබඳවයි.


01. මුහුණේ අඳුරු ලප වලට ප්‍රතිකාර කරයි.
වට්ටක්කා මඟින් සමේ සෛල ආරක්ෂා කර දේ. වට්ටක්කා වල ඇති beta carotine මඟින් අහිතකර UV කිරණයන් වලින් සම ආරක්ෂා කරයි.



pumpkin1.jpg



02. කුරුළෑ සඳහා ප්‍රතිකාර කරයි


වට්ටක්කා වල අඩංගු නියසීන් මඟින් රුධිර සංසරණය ක්‍රමවත් කරන අතර එමඟින් කුරුළෑ ඇති

වීම වළකා දේ. වට්ටක්කා ඇට වල ඇති සින්ක් මඟින්ද කුරුළෑ ඇති වීම වළක්වයි.



pumpkin2.jpg



03. සමේ තෙතමනය රැක දේ


vitamin B3 වලින් සපිරි වට්ටක්කා ඔබගේ වියළි සමේ තෙතමනය රැක දේ.



pumpkin3.jpg



04. හිස කෙස් වැවීම වේගවත් කරයි


omega 3 මේද අම්ලයෙන් හා සින්ක් වලින් සමන්විත වට්ටක්කා ඔබගේ හිසකෙස් වර්ධනය වේගවත් කරවයි.

pumpkin4.jpg




05. Conditioner එකක්


වට්ටක්කා මදය ස්වල්පයක් ගෙන එයට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර හිසකෙස් වල ගල්වා මිනිත්තු කිහිපයත් තබා සෝදා හරින්න.

pumpkin5.jpg



06. තෙල් සහිත සම රැක දේ


වට්ටක්කා වලින් සාදා ගත් පල්පයක් තෙල් සහිත මුහුණේ ආලේප කොට සමේ ඇති තෙල් ඉවත් කරගත හැකිය. මෙහි ඇති එන්සයිමයන් සමේ සෛල නිපදවීම වැඩි කරවයි.

pumpkin6.jpg



07. වයසට යාම ප්‍රමාද කරවයි


වට්ටක්කා වල vitamin C බහුල වේ. මෙමඟින් කොලැජන් නිපදවීම වැඩි කරමින් වයස්ගත වීමට එරෙහිව සටන් වදී.







pumpkin7.jpg
 
Last edited:
  • Like
Reactions: Executer