ලස්‌සන වීමට නිවැරදි පෝෂණය ...

ELANDARIYA

Junior member
  • Sep 24, 2014
    27
    46
    13
    ජාඇල, පමුණුගම.
    [SIZE="5"COLOR="Lime"]සෞඛ්‍යය තමාගේ බාහිර පෙනුමට බලපාන ආකාර කීපයක්‌ ඇත. පළමුවෙන් ම නිවැරදි පෝෂණය නිසා නිවැරදි සෞඛ්‍යටත්, ශරීරයේ හැඩය සහ පැහැයත් මනාව සැකසේ දෙවනුව මානසික සෞඛ්‍යයට අනුව සිරුරේ පැහැය සහ මුහුණේ අලංකාරය වෙනස්‌ වේ. අනෙක්‌ වැදගත් දෙය වන්නේ ශරීරය තුළ පවතින පරිසරයයි. එනම් හෝමෝන මගින් පාලනය වන අභ්‍යන්තර පරිසරයයි.
    රූපලාවණ්‍යයට පෝෂණයේ බලපෑම සලකා බලන විට අනුභව කරන ආහාර වල අඩංගු ප්‍රධානම ද්‍රව්‍ය 03 ක්‌ ඇත. එනම් කාබෝහයිඩේ්‍රට්‌ හෙවත් පිෂ්ඨය, ප්‍රොටීන හා මේදයයි. මීට අමතරව විටමින් වර්ග, ලවන වර්ග ජලය සහ ආහාරයේ අඩංගු කෙදි සැලකිය හැක. මෙයින් කාබෝහයිඩේ්‍රට්‌ සහ මේදය ප්‍රධාන වශයෙන් එදිනෙදා කෙරෙන ක්‍රියාවලි සඳහා අවශ්‍ය ශක්‌තිය ලබා ගැනීමටත්, ප්‍රොටීනය වැඩීමටත් ප්‍රයෝජනවත් වේ.
    දරුවකුගේ පෝෂණය සලකා බැලූ විට මුල් වසර කීපය තුළ ඉතා වේගයෙන් වැඩෙන දරුවා නැවත වැඩිවිය පැමිණෙන වයසේදී වේගවත් වර්ධනයක්‌ පෙන්නුම් කරයි. මෙලෙස වැඩෙන දරුවකුගේ පෝෂණ අවශ්‍යතා බොහෝ විට ගැහැණු පිරිමි හෝ සමාජ තත්ත්වය මත හෝ වෙනස්‌ වන්නේ නැත. එබැවින් වැඩෙන දරුවෙකුගේ පෝෂණය කිසිවිටක සීමා කළ යුතු නැත.
    නමුත් වැඩිහිටියන් වන විට තත්ත්වය වෙනස්‌ය. ඒ ඔවුන්ගේ දින චර්යාවේ කෙරෙන ක්‍රියාවලීන් මත පෝෂණ අවශ්‍යතා වෙනස්‌ වන බැවිනි. එනම් ක්‍රියාකාරිත්වය අඩු වැඩිහිටියකු අවශ්‍යය ප්‍රමාණයට වඩා ආහාර ගැනීමෙන් ඒවා මේදය ලෙස ශරීරයේ ගබඩා වීමට ඉඩ ඇති බැවිනි. එසේ සිදුවන විට මේදය ශරීර අභ්‍යන්තරයේද ගබඩා වේ. ස්‌ථුලභාවය ඇති වන්නේ මෙසේය. බඩ නෙරා පැමිණීමෙන් ශරීරයේ හැඩය අවලක්‌ෂණ වේ. මේදය බඩෙහි හම යට ස්‌ථරයේ පමණක්‌ නොව අභ්‍යන්තරයේ ද තැන්පත් වේ. මෙයින් බඩ නෙරා ඒම සිදු වේ.
    මුහුණේ මේදය තැන්පත් වීමෙන් මුහුණ මහත් වී නිකටවල් දෙකක්‌ මෙන් දැකිය හැකි තත්ත්වයක්‌ ඇති වේ. මීට අමතරව මෙම තත්ත්වය ශරීර සෞඛ්‍යයට අහිතකර වේ. එනම් වැඩිහිටියන්ගේ පවතින අසනීප වන අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැඩි වීමෙන් ඇති වන හෘද රෝග යනාදියට මෙම තත්ත්වය කෙලින්ම බලපායි. එබැවින් වැඩිහිටියකු තමාගේ පෝෂණය ගැන මනා අවබෝධයක්‌ ලබාගත යුතුය. එනම් ආහාර වල පෝෂණ ගුණය ආහාර ගත යුතු වේලාව ඉතා වැදගත් කරුණුය.
    මීට අමතරව තමා අනුභව කරන ආහාර වල කැලරි ප්‍රමාණයට සමාන ප්‍රමාණයක්‌ කය වෙහෙස වීමෙන් පිට වන්නේ නැතිනම් එම ප්‍රමාණය ශරීරය තුළ ගබඩා වේ. එබැවින් දවසකට පිට කළ යුතු කැලරි ප්‍රමාණයක්‌ ඇත. ඒ සඳහා කළයුතු ව්‍යායාම ප්‍රමාණයක්‌ ඇත. ඉහත සියල්ල ගැන අවබෝධයක්‌ ඇතිව තමාගේ දින චර්යාව සකසා ගත් විට මනා සෞඛ්‍යයකින් සිටීම අපහසු දෙයක්‌ නොවේ.
    තවද ශරීරයට අවශ්‍ය විටමින සහ ලවණ වර්ග අනුභවයට ගත යුතුයි. මෙහිදි වැදගත් වන්නේ පළතුරු හා පළා වර්ගය. දිගු වේලාවක්‌ පිසීමෙන් සමහර විටමින් වර්ග විනාශ වේ. පළා වර්ග හා එළවළු කැපීමට පෙර සේදීම කළ යුතුය. එයින් ඒවායේ පෝෂණ ගුණය නාස්‌ති වී යාම අඩුකරගත හැක.
    රූපලාවණ්‍යයට බලපාන දෙවන කරුණ වන්නේ මානසික සතුටයි. සමාජයේ වැඩි පිරිසකට බැරිම දෙය නම් සතුටින් සිටීමය. නමුත් තවත් සමහරෙක්‌ කරදර රාශියකට යට වී තිබියදීත් සතුටින් සිටිනු දැකිය හැක. මෙය සිදු වී ඇත්තේ තමාගේ පෞරුෂත්වය හැඩ ගැසී ඇති ආකාරය අනුවය. ජීවිතයේ සියල්ල ඉතා බරපතල ලෙස සිතමින් සෑම දෙයක්‌ම ඉතා නිවැරුදිව සිදුවිය යුතුයෑයි බලාපොරොත්තු වන අය නිතරම කනස්‌සල්ලෙන් සිටීම සහ නිතර කුපිත වීම සාධාරණය. මෙවැන්නන්ගේ බාහිර පෙනුමින් මෙම අභ්‍යන්තර අසතුට පෙන්නුම් කෙරේ.
    නමුත් කිසි දෙයක්‌ ගැන වැඩිපුර නොසිතන කෙනෙකුට බලාපොරොත්තු කඩවීම සිදුවන
     
    Last edited:
    • Like
    Reactions: [email protected]

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සෞඛ්‍යය තමාගේ බාහිර පෙනුමට බලපාන ආකාර කීපයක්‌ ඇත. පළමුවෙන් ම නිවැරදි පෝෂණය නිසා නිවැරදි සෞඛ්‍යටත්, ශරීරයේ හැඩය සහ පැහැයත් මනාව සැකසේ දෙවනුව මානසික සෞඛ්‍යයට අනුව සිරුරේ පැහැය සහ මුහුණේ අලංකාරය වෙනස්‌ වේ. අනෙක්‌ වැදගත් දෙය වන්නේ ශරීරය තුළ පවතින පරිසරයයි. එනම් හෝමෝන මගින් පාලනය වන අභ්‍යන්තර පරිසරයයි.
    රූපලාවණ්‍යයට පෝෂණයේ බලපෑම සලකා බලන විට අනුභව කරන ආහාර වල අඩංගු ප්‍රධානම ද්‍රව්‍ය 03 ක්‌ ඇත. එනම් කාබෝහයිඩේ්‍රට්‌ හෙවත් පිෂ්ඨය, ප්‍රොටීන හා මේදයයි. මීට අමතරව විටමින් වර්ග, ලවන වර්ග ජලය සහ ආහාරයේ අඩංගු කෙදි සැලකිය හැක. මෙයින් කාබෝහයිඩේ්‍රට්‌ සහ මේදය ප්‍රධාන වශයෙන් එදිනෙදා කෙරෙන ක්‍රියාවලි සඳහා අවශ්‍ය ශක්‌තිය ලබා ගැනීමටත්, ප්‍රොටීනය වැඩීමටත් ප්‍රයෝජනවත් වේ.
    දරුවකුගේ පෝෂණය සලකා බැලූ විට මුල් වසර කීපය තුළ ඉතා වේගයෙන් වැඩෙන දරුවා නැවත වැඩිවිය පැමිණෙන වයසේදී වේගවත් වර්ධනයක්‌ පෙන්නුම් කරයි. මෙලෙස වැඩෙන දරුවකුගේ පෝෂණ අවශ්‍යතා බොහෝ විට ගැහැණු පිරිමි හෝ සමාජ තත්ත්වය මත හෝ වෙනස්‌ වන්නේ නැත. එබැවින් වැඩෙන දරුවෙකුගේ පෝෂණය කිසිවිටක සීමා කළ යුතු නැත.
    නමුත් වැඩිහිටියන් වන විට තත්ත්වය වෙනස්‌ය. ඒ ඔවුන්ගේ දින චර්යාවේ කෙරෙන ක්‍රියාවලීන් මත පෝෂණ අවශ්‍යතා වෙනස්‌ වන බැවිනි. එනම් ක්‍රියාකාරිත්වය අඩු වැඩිහිටියකු අවශ්‍යය ප්‍රමාණයට වඩා ආහාර ගැනීමෙන් ඒවා මේදය ලෙස ශරීරයේ ගබඩා වීමට ඉඩ ඇති බැවිනි. එසේ සිදුවන විට මේදය ශරීර අභ්‍යන්තරයේද ගබඩා වේ. ස්‌ථුලභාවය ඇති වන්නේ මෙසේය. බඩ නෙරා පැමිණීමෙන් ශරීරයේ හැඩය අවලක්‌ෂණ වේ. මේදය බඩෙහි හම යට ස්‌ථරයේ පමණක්‌ නොව අභ්‍යන්තරයේ ද තැන්පත් වේ. මෙයින් බඩ නෙරා ඒම සිදු වේ.
    මුහුණේ මේදය තැන්පත් වීමෙන් මුහුණ මහත් වී නිකටවල් දෙකක්‌ මෙන් දැකිය හැකි තත්ත්වයක්‌ ඇති වේ. මීට අමතරව මෙම තත්ත්වය ශරීර සෞඛ්‍යයට අහිතකර වේ. එනම් වැඩිහිටියන්ගේ පවතින අසනීප වන අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැඩි වීමෙන් ඇති වන හෘද රෝග යනාදියට මෙම තත්ත්වය කෙලින්ම බලපායි. එබැවින් වැඩිහිටියකු තමාගේ පෝෂණය ගැන මනා අවබෝධයක්‌ ලබාගත යුතුය. එනම් ආහාර වල පෝෂණ ගුණය ආහාර ගත යුතු වේලාව ඉතා වැදගත් කරුණුය.
    මීට අමතරව තමා අනුභව කරන ආහාර වල කැලරි ප්‍රමාණයට සමාන ප්‍රමාණයක්‌ කය වෙහෙස වීමෙන් පිට වන්නේ නැතිනම් එම ප්‍රමාණය ශරීරය තුළ ගබඩා වේ. එබැවින් දවසකට පිට කළ යුතු කැලරි ප්‍රමාණයක්‌ ඇත. ඒ සඳහා කළයුතු ව්‍යායාම ප්‍රමාණයක්‌ ඇත. ඉහත සියල්ල ගැන අවබෝධයක්‌ ඇතිව තමාගේ දින චර්යාව සකසා ගත් විට මනා සෞඛ්‍යයකින් සිටීම අපහසු දෙයක්‌ නොවේ.
    තවද ශරීරයට අවශ්‍ය විටමින සහ ලවණ වර්ග අනුභවයට ගත යුතුයි. මෙහිදි වැදගත් වන්නේ පළතුරු හා පළා වර්ගය. දිගු වේලාවක්‌ පිසීමෙන් සමහර විටමින් වර්ග විනාශ වේ. පළා වර්ග හා එළවළු කැපීමට පෙර සේදීම කළ යුතුය. එයින් ඒවායේ පෝෂණ ගුණය නාස්‌ති වී යාම අඩුකරගත හැක.
    රූපලාවණ්‍යයට බලපාන දෙවන කරුණ වන්නේ මානසික සතුටයි. සමාජයේ වැඩි පිරිසකට බැරිම දෙය නම් සතුටින් සිටීමය. නමුත් තවත් සමහරෙක්‌ කරදර රාශියකට යට වී තිබියදීත් සතුටින් සිටිනු දැකිය හැක. මෙය සිදු වී ඇත්තේ තමාගේ පෞරුෂත්වය හැඩ ගැසී ඇති ආකාරය අනුවය. ජීවිතයේ සියල්ල ඉතා බරපතල ලෙස සිතමින් සෑම දෙයක්‌ම ඉතා නිවැරුදිව සිදුවිය යුතුයෑයි බලාපොරොත්තු වන අය නිතරම කනස්‌සල්ලෙන් සිටීම සහ නිතර කුපිත වීම සාධාරණය. මෙවැන්නන්ගේ බාහිර පෙනුමින් මෙම අභ්‍යන්තර අසතුට පෙන්නුම් කෙරේ.
    නමුත් කිසි දෙයක්‌ ගැන වැඩිපුර නොසිතන කෙනෙකුට බලාපොරොත්තු කඩවීම සිදුවන්නේ අඩුවෙන්ය. මෙවැන්නන් කලකිරීමට අසහනයට පත් වීම අඩුය. මෙම ගතිගුණ පුද්ගලයෙකුගේ පෞරුෂත්වයේ කොටස්‌ය. ඒවා සමහර අයට ඉබේම පිහිටන නමුත් අවශ්‍යතාවය ඇත්නම් මෙම ගතිගුණ වර්ධනය කරගත හැක. එලෙස ජීවිතය දෙස ධනාත්මකව සහ සැහැල්ලූවෙන් බැලීමට පුරුදු වීමෙන් මානසික සෞඛ්‍ය ළගා කරගත හැක.
    වෛද්‍ය චම්පා නෙල්සන්

    ලොකු අකුරු දාන්න