ලාංකිකයන් පිරිසක් ව්‍යාජ මුදල් ආයෝජන ක්‍රමයකට අසුවෙලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ස්පෝර්ට්ස් චේන් නැමැති ව්‍යාජ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ක්‍රමයකට ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් හසු වී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

    ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන මෘදුකාංගයේ ආයෝජනය කල ආයෝජකයින්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වී ඇතැයි අල් ජසිරා පුවත් සේවය පෙන්වා දුන්නේය.


    ඉංග්‍රීසි ව්‍යාකරණ දෝෂ රාශියක් ඇති මෙම වෙබ් අඩවිය පිරමීඩ ක්‍රමයක් බව අල් ජසීරා පුවත් සේවය පැවසුවේය.

    මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් අලුත් ආයෝජකයින්ගෙන් මුදල් ලබා ගනිමින් පැරණි ආයෝජකයන්ට මුදල් ගෙවන බව අල් ජසීරා පුවත් සේවය පෙන්වා දුන්නේය.

    මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවිය ක්‍රිප්ටෝ ආයෝජන ක්‍රමයක් ලෙස හැඳින්වූවත් ස්පෝර්ට්ස් චේන් නමින් ලියාපදිංචි ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් හෝ වත්කමක් නොමැති බව අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.මේ පිළිබඳ අල් ජසීරා පුවත්පතට තොරතුරු ලබා දුන් පුද්ගලයන් දෙදෙනාට රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් අහිමි වී තිබෙන බවත් ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවියේ ආයෝජනය කිරීම පිළිබඳ ඔවුන් කණගාටු වන බවත් අල් ජසීරා පුවත් සේවය පැවසුවේය.

    වයස අවුරුදු 30-40 අතර මධ්‍යම පන්තියේ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් මෙම වංචාවට හසු වී තිබෙන බව අල් ජසීරා පුවත් සේවය පෙන්වා දුන්නේය.

    ඇතැම් පුද්ගලයන් තම පවුලේ සාමාජිකයන්ට නොදන්වා තම දේපළ විකුණා එම මුදල් මෙහි ආයෝජනය කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය පෙන්වා දුන්නේය.

    එක් පුද්ගලයෙකු තම දේපළ විකුණා රුපියල් ලක්ෂ 22 ක මුදලක් ස්පෝර්ට්ස් චේන් හි ආයෝජනය කර ඇති බවත් ඔහුට ආපසු ලැබී ඇත්තේ ලක්ෂ දෙකක මුදලක් බවත් අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.රට රැකියා වල නිරත වන ශ්‍රී ලාංකිකයන්ද ස්පෝර්ට්ස් චේන් හි ආයෝජනය කර තිබෙන බව එම පුවත් සේවය පෙන්වා දුන්නේය.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ක්‍රිප්ටො ,ස්ටොක් මාර්කට් ස්කැම් වැහි වැහැලා.
    මිනිස්සුන්ගෙ නොදැන්හ්වත් කම ,ඉක්මන් කෝටිපතියො වීමෙ ආසාව නිසා කෙලව ගන්නව.
    ගොඩක් උන් කරන්නෙ ශැඩෝ මාකට් එකක් හදල බොරු ලාබ පෙන්වල ටික කාලෙකට පස්සෙ පාඩු පෙන්වනව.
    නීතියෙන් මුකුත් කරන්නත් බැහැ .මොකද සේරම නීත්‍යානුකූලව වෙන්නෙ.

    ඩුබායි වලින් ඔපරෙට් වෙනවා පට්ට ස්කැම් තොගයක් .
     

    Similar threads