ලාංකිකයා_කෝටි_43 ක් අරන් පනී

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ලාංකිකයා_කෝටි_43 ක් අරන් පනී

    ලාංකිකයා කෝටි 43 ක් අරන් පනී
    ඉතාලි ව්‍යාපාරය බංකොලොත්


    sniffer-dog-money-_1127520c.jpg



    ඉතාලියේ බ්‍රේසියා නුවර ගණකාධිකාරීවරයකු ළඟ සේවය කළ ශ්‍රී ලාංකිකයකු යුරෝ ලක්‍ෂ දෙක හමාරක් හෙවත් රුපියල් කෝටි 43 ක් සොරාගෙන ශ්‍රී ලංකාවට පැන ඇතැයි ඉතාලි පොලිසියට පැමිණිලි කැර ඇත.

    ඉතාලිය පුරා කාර්යාල දහයක් පවත්වාගෙන යන මේ ධනවත් ගණකාධිවරයා වන අන්තෝනියෝ රෝඩි එසැණට පැවැසුවේ මේ සොරකම නිසා තම ව්‍යාපාර කඩාවැටෙනු ඇති බවයි.

    හතර දෙනකු සමග එක්වී ඇරඹූ ව්‍යාපාරයට මේ සොරකමත් සමග ලොකු අභියෝගයක් එල්ල වී ඇතැයි ඔහු පවසයි. මේ සිද්ධියත් සමග ඔහු ගේ කාර්යාලවල සේවය කළ ශ්‍රී ලාංකිකයෝ දස දෙනෙක් ද සේවයෙන් ඉවත් කරනු ලැබූහ. ගෙදර පිරිසුදු කිරීමට ආ මේ ශ්‍රී ලාංකිකයා ජයලත් ගෝඨාභය වික‍්‍රමසිංහ යන බොරු නමකින් පෙනී සිටි බවද ගණකාධිකාරී පොලිසියේ කියයි.

    හරින්ද්‍ර බන්දුල ලොකුගේ යනුවෙන් ඔහුට තවත් නමක් ඇතැයි ඉතාලි පොලිසිය පවසයි. වසරකට පෙර මාරාවිලින් ඔහු ඉතාලියට ගොස් ඇත්තේ වෙන කෙනකුගේ නමින් බවත් වසරක් පමණ එහි අනවසරයෙන් රැඳී සිටි බවත් ඉතාලි ආරංචි සඳහන් කරයි.





    Code:
     lankadeepa






    මේ කළගුණයක් නැති පාහරයෝ හින්දා අහිංසක මිනිහෙක්ටවත් ජොබ් එක කරගෙන ඉන්න නැහැ.:angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මේ සිද්ධියත් සමග ඔහු ගේ කාර්යාලවල සේවය කළ ශ්‍රී ලාංකිකයෝ දස දෙනෙක් ද සේවයෙන් ඉවත් කරනු ලැබූහ. me kohewath idan apu kalakanni paharayek nisa me minissuntai wandi gewanna wela tiyenne....... lankawe minissu 10 denek...... e ayage pawul 10k....... e pawul wala ki denek den asarana wela athida eka paharayek nisa.......
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේ සිද්දිය විතරක් නෙමේ,ලංකාවේ මිනිස්සු දේශපාලකයෝ ලංකාවේදී උනත් කරන තිරිසන් වැඩ හොදටම දැනෙන්නේ,ඒවාට වන්දි ගෙවන්න වෙන්නේ පිට රටවල් වල ඉන්න ශ්‍රීලන්කිකයෝන්ට.
    ලංකාවේ එවුන් කරන දේවල් වලට පිටරට ඉන්න මිනිහෙක් බැන්නහම, අපේ රටේ ගොන් හැත්ත මුලින්ම කියන එකක් තම උබල සුද්දට පු දෙන එවුන් කියල
    පිට රට වල ඉදන් විදේශ විනිමය ලංකාවට එව්වේ නැත්නම් ලංකාවේ එවුන් තාම අදින්නේ කොළ අතු,ගිනි පොලියට ආණ්ඩුව ගන්න ණය ගෙවන්න බැහැ ලංකාවේ එවුන්ගේ බොකු බඩවැල් නිකුනලත් බැහැ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මේවා මෙහෙම තමා බං. අපේ උන් ගිය තැන ගූ කරලා එන්නේ ආයේ තව කාටවත් යන්න බැරි වෙන්න :angry:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මේ කළගුණයක් නැති පාහරයෝ හින්දා අහිංසක මිනිහෙක්ටවත් ජොබ් එක කරගෙන ඉන්න නැහැ.:angry:
    ඇයි බන් මුන් මෙච්චර ආත්මාර්ථකාමී .........ඇයි මුන් ශ්‍රී ලංකාව කියන නම් කැත කරන්නේ ....පාහරයෝ :(
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන්ලා ඔය සීන් එකෙන් අනිත් උන්ට යන කල???????
    දුකයි එහෙත් ඇත්ත... මෙන්න මේ වාගේ උන් නිසා තමයි අපේ ලංකාට ගොඩ එන්න බැරි
     
    Last edited: