ලාංකිකයින් 153 දෙනා යවන්නේ නෑ

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලාංකිකයින් 153 දෙනා යවන්නේ නෑ

ලාංකිකයින් 153 දෙනා යවන්නේ නෑ

ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ බාරයට ගත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 153 දෙනා නැවත පිටත් කර යැවීමට අපේක්ෂා නොකරන බව ඔස්ට්‍රේලියාව පවසයි.

ඔස්ට්‍රේලියානු රජය වෙනුවෙන් එරට මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ස්ටීවන් ඩොනාග් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

ස්ටීවන් ඩොනාග් ඔස්ට්‍රේලියානු මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අදාළ යාත්‍රාවේ ගමන් කළ පිරිසගෙන් කිසිදු පුද්ගලයෙකු දින 03 ක ලිඛිත දැනුම්දීමකින් තොරව වෙනත් රටකට පිටත් කර හැරිය නොහැකි බවයි.

පසුගිය 07 වනදා ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාව බලා ගමන් කරමින් තිබු ලාංකික සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවක් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ බාරයට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි
.

අද‍දෙරන