ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ 'රූප &#3523

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ 'රූප &#3523

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක වන එවන්ජලීන් ෆ්රාන්සියා එල්ක්මනර්, බ්‍රිතාන්‍යයේ (Miss Elegance) හෙවත් 'රූප සුන්දරියක' ලෙසින් කිරුළු පළඳා සිටී.

පසුගියදා බර්මින්හැම් නුවර පැවැත්වුණු රූප රාජිනී තරගයකදී 'රූප සුන්දරිය' ලෙස තේරී පත්වූ ඇය, එහිදීම පැවැත්වුණු 'බ්‍රිතාන්‍යයේ යොවුන් කුමාරිය' (MissJunior Teen Great Britain 2015) තරඟයෙන් තුන් වැනි ස්ථානයට පත්වූවාය.



151103113042_evanjelin_francia_624x351_bbc_nocredit.jpg


පසුගිය අප්‍රේල් මාසයේ ලන්ඩන් නුවර ජනහඬ පදනම විසින් පවත්වන ලද අවුරුදු උත්සවයේදී සිංහල අවුරුදු කුමාරිය ලෙස කිරුළු පැළඳි එවන්ජලීන් උපත ලබා තිබෙන්නේ ප්‍රංශයේදීය.

"මම උපන්නේ ප්‍රංශයේ වුනත්, බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වුනත් මගේ හදවත තියෙන්නේ ලංකාවේ," බව තරගයෙන් ජය ගැනීමෙන් අනතුරුව ඇය කියා සිටියාය.


151103112213_evanjelin_francia_624x351_bbc_nocredit.jpg



එවන්ජලීන් ෆ්රාන්සියා එල්ක්මනර්, ගාල්ලේ සිට පැමිණ බ්‍රිතාන්‍යයේ පදිංචි වී සිටින ශාන්ති රාජකරුණා සහ මඩකලපුව වාසියකු වූ ගීවරාජු එරාජ්සිංහම් එල්ක්මනර් ගේ දියණියයි.

(බිබිසි සංදේශය)
 
  • Like
Reactions: paris