ලාංකීය_වහාබි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වහාබි අන්තවාදයට ගොදුරු වූ ශ්‍රී ලාංකීය මුස්ලිම් සමාජය


    25511876_6080000638122_3635790700550815744_n.png


    ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට හතකට ආසන්න වන මුස්ලිම් ජනතාවගේ අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නය 19 වන සියවසයේ අග භාගයේ සිට මතු වූයේය. මුස්ලිම් ජනතාව අති බහුතරය දෙමළ භාෂාව භාවිතා කරන බැවින් මුස්ලිම් ජනතාව දෙමළ අනන්‍යතාවයේ කොටසක් වශයෙන් හැඳින්වීමට දෙමළ නායකයෝ උත්සාහ කළහ. එහි ප්‍රමුඛත්වය ගත්තේ පොන්නම්බලම් රාමනාදන් ය. වසර 1885 දී ඔහු කියා සිටියේ මුස්ලිම් ජනතාව දෙමළ ජාතිකත්වයට අයත් වන අතර ආගම ‘මොහොමඩන්ස්‘ ආගම (Mohammedans) හෙවත් අද අප හඳුනාගන්නා ඉස්ලාම් බවයි. දෙමළ ජනතාව වෙනුවෙන් එවකට පැවති මන්ත්‍රන සභාව 1879 සිට 1891 දක්වා නියෝජනය කළ රාමනාදන් මුස්ලිම් ජනතාව ද දෙමළ භාෂාව කථා කරන ජන කොටසක් වශයෙන් අර්ථ දක්වමින් ඔවුන් වෙනුවෙන් ද අදහස් දැක්වීය. පූර්ව නිදහස් යුගයේ දී මෙරට මුස්ලිම් ජනතාව සිංහල, දෙමළ ජනතාව මෙන් දේශපාලනයට සක්‍රීය නොවූ බැවින් පොන්නම්බලම් රාමනාදන්ට ඒ සඳහා පැහැදිලි අවකාශයක් විය. (ජාතික සංගමය ගොඩනැගීමේදී පවා මෙරට මුස්ලිම් ජාතික නායකයෝ ඒ වෙත ආකර්ෂණය නොවූහ.)

    එහෙත් එවකට සිටි කැපී පෙනෙන මුස්ලිම් නායකයා වූ එම්. සී. සිද්දලෙබ්බේ රාමනාදන්ගේ අර්ථ දැක්වීම එක හෙළා ප්‍රතික්ෂේප කළේය. ඔහු කියා සිටියේ මෙරට මුස්ලිම් ජනතාවගේ අන්‍යතාවය ආගම මත මුල් කර ගත්තක් මිස, දෙමළ භාෂාව මත පදනම් වූවක් නොවන බවයි. තම අන්‍යතාවය පිළිබඳ මුස්ලිම් ජනතාව අතරද විවිධ මත එවකට පැවතියේය. තමන්ව මුවර් (Moors) වශයෙන් හඳුනාගන්නවාද, මුස්ලිම් වශයෙන් හඳුනාගන්නවාද යන්න පිළිබඳව මතභේදයක් පැවතිණි. මුස්ලිම් වශයෙන් හැඳින්වීමෙන් විවිධ මුස්ලිම් කණ්ඩායම් එක්කළ හැකිබව එක් පාර්ශවයක මතය විය. 20 වන සියවසේ මුල් වකවානුවේ ‘සමස්ථ ලංකා මුවර් සංවිධානය“ සහ “සමස්ථ ලංකා මුස්ලිම් ලීගය“ යනුවෙන් සංවිධාන දෙකක් බිහිවන්නේ එබැවිනි.

    මුස්ලිම් ජනතාව යනු රට පුරා විසිරී ජීවත් වූ ජන කොටසකි. දෙමළ ජනතාව උතුරු පළාතේ බහුතරය වන අතර නැගෙනහිර මඩකළපුව දිස්ත්‍රික්කයේ ද බහුතර ජන වර්ගයයි. මඩකළපුව දිස්ත්‍රික්කයේ කොටසක් වෙන් කර 1960 දී අම්පාර දිස්ත්‍රික්කය ඇති කරන තුරු මුස්ලිම් ජනතාව බහුතරයක් වූ දිස්ත්‍රික්කයක් නොවීය. මුස්ලිම් ජනතාව වෙළඳ ප්‍රජාවක් වශයෙන් ප්‍රකට වුවද එදා බහුතරය නැගෙනහිර පළාතේ ගොවියෝ වූහ. වෙළඳාමේ නිරත වූ කණ්ඩායමක් සිටි අතර ඔවුහු සිය ප්‍රජාව අතරේ විශාල බලපෑමක් කළහ. මුස්ලිම් ජනතාව සිංහල හා දෙමළ යන භාෂා දෙකම එකසේ භාවිතා කළහ. රාමනාදන් යෝජනා කළ දෙමළ භාෂා අනන්‍යතාවය පිළිගැනීම මුස්ලිම් ජනතාව ප්‍රතික්ෂේප කිරීමේ පසුබිම අවබෝධ කරගත හැකිය.

    ජේ.ආර්.ජයවර්ධන 1944 මැයි මාසයේ දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතු බවට යෝජනාවක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙමළ නියෝජිතයන් එයට දැඩි විරෝධයක් දැක්වූ අතර දෙමළ ජාතික වී. නල්ලයියා දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාව විය යුතු බවට ජේ.ආර් ජයවර්ධනගේ යෝජනාවට සංශෝධනයක් ඉදිරිපත් කළේය. අදාළ සංශෝධනය 1944 මැයි 25 වන දා විවාදයට ගත් අතර සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් සිංහල නියෝජිතයන් 4 දෙනා අතරට මුස්ලිම් ජනතා නියෝජිතයා වූ ඒ. ආර්. ඒ. රාසික් එක්වීම විශේෂයකි. විවාදයේ අදහස් දැක්වූ ඔහු සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතු බවත් එය වසරකින් දෙකකින් හෝ වසර දහයකින් කළ හැකි නොවන බවත් පෙන්වා දුන්නේය. විවිධ ජනවර්ග වලට විවිධ භාෂා පැවතියත් අප සැම දෙනා එක භාෂාවකට ගොනු වුවහොත් සිංහල, දෙමළ, මුවර්, මැලේ, බර්ගර් ආදී ජනවර්ග වශයෙන් සිතීම නැවතෙනු ඇතැයිද රාසික් පෙන්වා දුන්නේය.

    සැහැල්ලු යුගය
    ---------------

    1915 සිංහල මුස්ලිම් ගැටුම් ඇති වුවද නිදහස ලැබීමට ආසන්න කාලය වන විට මුස්ලිම් ජන නායකයෝ දෙමළ නියෝජිතයන්ට වඩා සිංහල නියෝජිතයන්ට මතවාදීව සමීප වූහ. බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීගෙන් නිදහස ලබා ගැනීමෙන් පසු රාජ්‍ය බලය ස්ථාපිත කළ යුතු ආකාරය පිළිබඳව දෙමළ සහ සිංහල ජන නායකයන් අතර එකඟතාවයක් නොවීය. ඒ වන විට මුස්ලිම් ජන නායකයන් වශයෙන් මතුවී සිටි ඒ. ආර්. ඒ. රාසීක්, ටී.බී. ජයා (මැලේ ජාතික) හා දොස්තර එම්.සී.එම්.කලීල් සිංහල දේශපාලන නායකත්වයට සහයෝගය දැක්වූහ.

    20 වන සියවසයේ ආරම්භයේ සිට නිදහස ලබන තෙක් දේශපාලන බලය සඳහා වැඩි උනන්දුවක් නොවූ මුස්ලිම් ජාතිකයන් නිදහස ලැබීමෙන් පසුව පවා දෙමළ ජනතාව මෙන් ජන වර්ගය මුල්කරගත් දේශපාලනයක නිරත නොවීය. රටේ සමස්ථ මුස්ලිම් ජනගහනයෙන් සියයට තිහක් පමණ කේන්ද්‍ර වී සිටින නැගෙනහිර පළාතේ පවා මුස්ලිම් නායකයන් දේශපාලනයට ප්‍රවිශ්ඨ වූයේ එක්සත් ජාතික පක්ෂය හරහාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමත් සමඟ එ.ජා.ප. සමඟ සිටි මුස්ලිම් ප්‍රජාවෙන් කොටසක් ශ්‍රී.ල.නි.ප. ට එක් විය. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව සහ දෙමළ ජනතාව දෙමළ භාෂාව යන පොදු සාධකය මත එක් වී දේශපාලනයක නිරත වීමට පනහ දශකයේ දී උත්සාහ කළේය. නැගෙනහිර මුස්ලිම් අපේක්ෂකයෝ පෙඩරල් පක්ෂයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට පවා තේරී පත් වූහ. එහෙත් ඒ දීගය පැවතියේ ඉතා සුළු කාලයකි. පෙඩරල් පක්ෂය දෙමළ භාෂාව මත පදනම්ව දේශපාලනය කිරීම එම දීගය බිඳ වැටීමට සෘජුව බලපෑවේය.

    දෙමළ සහ මුස්ලිම් ජනවර්ග දෙක දෙමළ භාෂාව පොදුවේ භාවිතා කළද භාෂාව මඟින් තම ආගමික අන්‍යතාවය සැඟවීම පිළිබඳ මුස්ලිම් ජාතිකයෝ කිසි විටක එකඟ නොවූහ. දුර අතීතයේ සිට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයෝ අති බහුතරය ඉස්ලාම් ආගමේ “සුන්නි“ සම්ප්‍රදායේ සූෆී (Sufi) විශ්වාසය මත පදනම් වූවෝ වෙති. මෙම ආගමික මාර්ගය ඉස්ලාම් ආගමේ වඩා මධ්‍යස්ථ සම්ප්‍රදාය නියෝජනය කරන්නකි. ආගමික සහජීවනයේ වැදගත් කම අවධාරනය කරන සම්ප්‍රදායකි. වර්තමානයෙන් දශක හතරක් පහක් අතීතයට ගියහොත් එහි කැපී පෙනෙන වෙනස අවබෝධ කරගත හැකිය. සිංහල හා දෙමළ භාෂාව එක ලෙස කථා කරන බොහෝ විට ලිවීමටත් හැකියාවක් ඇති මුස්ලිම් ජාතිකයෝ සිංහල සහ දෙමළ ජනවර්ග දෙක සමගම මුසු වූහ. ඔවුහු සිංහල සහ දෙමළ කලා මාධ්‍යයන් රස වින්දන, සමාජ ක්‍රියාකාරකම්, සාම්ප්‍රදායික ජාතික ආගමික උත්සව ආදී සියළු අංගයන්හි දැක්වූ දායකත්වය දැකිය හැකි විය. උතුරු නැගෙනහිර පළාත් වලින් පරිබාහිරව ජීවත් වූ මුස්ලිම් ජාතිකයෝ සිංහල ජනතාව සමඟ බොහෝ සෙයින් මුසු වූ අතර උතුරු නැගෙනහිර දී දෙමළ ජනතාව සමඟ සමීප සමාජ සම්බන්ධතා ඇති කර ගත්හ. විශේෂයෙන් නැගෙනහිර පළාතේ දී දෙමළ ජනතාවගේ හින්දු වේල් උත්සව සැනකෙළි වලට මෙන්ම කතෝලික පල්ලියේ මංගල්‍යන්ට මුස්ලිම් ජාතිකයෝ එක් වූහ. ආගමික අර්ථයෙන් නොවූව ද එහි සැනකෙළි සිරිය වින්දහ. මෙම සම්බන්ධය කොතරම් වර්ධනය වූවේද යත් මුස්ලිම් ජනයාටද ප්‍රීති විය හැකි සැනකෙළි අංගයන් පල්ලි වල පවත්වන ලෙසට නිර්දේශ කිරීමට මුස්ලිම් පල්ලි භාරව සිටින කලමනාකරණ මණ්ඩල වලට සිදු විය. සාමාන්‍ය ඇඳුමෙහි පැළඳුමෙහි වෙනසක් නොවීය. මුස්ලිම් කාන්තාවෝ සාරි, ගවුම් මෙන් ම සල්වාර් ඇඳීමට ප්‍රිය කළහ. සැහැල්ලූ හිස් ආවරණ පැළඳූහ. පුරුෂ පක්ෂය කලිසම්, සරම් ඇන්දහ. පාසල් අධ්‍යාපනයේදී මුස්ලිම් දරුවෝ දෙමළ හෝ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූහ. අරාබි භාෂාවෙන් ඉගෙන ගැනීමේ අවස්ථාව ද ඔවුනට තිබිණ. පාසැල් නිළ ඇඳුමෙහි විශාල වෙනසක් නොවූ අතර මුස්ලිම් දැරියන්ට අවශ්‍ය නම් සිය සංස්කෘතියට අනුකූල ඇඳුමක් ඇඳීමට අවසර තිබිණ. සිය සංස්කෘතික, ආගමික අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් රටේ සෙසු ප්‍රජාව සමඟ මුසු වූහ. ඇතැම් විට දේශපාලන, ආර්ථීක සහ වෙළඳපොළ තරඟය හේතුවෙන් ඇතැම් ගැටුම්, උණුසුම් අවස්ථා ඇති වුවද ඒවා ඉතා කෙටි කාලීන වූ අතර දෙපාර්ශවයම දින කිහිපයකින් ඒ සියල්ල අමතක කර දැමූහ.

    සැහැල්ලු යුගයට කණ කොකා හැඬීම
    ---------------

    මෙම සහජීවනයට කණකොකා හැඬුවේ 1977 පසුවය. එ.ජා.ප. රජය යටතේ ඇතිවූ විවෘත ආර්ථීක ප්‍රතිපත්ති හේතුවෙන් මැදපෙරදිග රැකියා අවස්ථා මෙරට ජනතාවට විවෘත විය. ආරම්භයේදීම එම අවස්ථාවන් ප්‍රයෝජනයට ගත්තේ තරුණ තරුණියන් ය. විශේෂයෙන් මැදපෙරදිග මුස්ලිම් රටවල භාවිතා කරන අරාබි භාෂාවේ නිපුනත්වය තිබූ මෙරට මුස්ලිම් ජාතිකයෝ එම අවස්ථාව ග්‍රහණය කර ගත්හ. එයට අමතරව මැදපෙරදිග ආගමික, සංස්කෘතික පසුබිමද ඔවුනට හිතකර විය. ඒ වකවානුවේ වැඩි පිරිසක් මැදපෙරදිග සේවයට තෝරා ගත්තේ සෞදි අරාබියයි. එයට මූලික හේතුව වූයේ වැඩි රැකියා අවස්ථා සහ වැඩි වැටුප්ය. 1973 දී ඇති වූ ලෝක ඛනිජ තෙල් අර්බුදය හේතුවෙන් වැඩිම වාසිය හිමිවූ සෞදි අරාබිය එවක සිට විශාල ධන සම්භාරයක් ඒකරාශී කරගෙන තිබිණ. ඛනිජ තෙල් අර්බුදයට පෙර සෞදි අරාබියේ මාසික ඛනිජ තෙල් අපනයන ආදායම තෙල් අර්බුදයෙන් පසුව දින තුනකදී පියවා ගත හැකි වාතාවරණයක් “ඔපෙක්“ සංවිධානයේ පිහිටෙන් නිර්මාණය විය. ශ්‍රමිකයන් වශයෙන් සෞදි අරාබියට ගිය ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ට නැවුම් අත්දැකීමකට මුහුණ දීමට සිදු විය. එනම් සිකුරාදා යාඥාවේදී දුටු වෙනසයි. සෞදි අරාබිය සුන්නි මුස්ලිම් රටක් වුවද ඔවුන් ශ්‍රී ලාංකීය මුස්ලිම් ජාතිකයන් මෙන් ‘සූෆී‘ (Sufi) සම්ප්‍රදාය අනුගමනය නොකළේය. ඔවුහු “වහාබ්“ (Whabi) නම් සම්ප්‍රදාය අනුගමනය කළේය. එය සුෆී සම්ප්‍රදායෙන් කැපී පෙනෙන ලෙස වෙනස් වූයේ එහි අන්තවාදී, රැඩිකල් දැක්ම හේතුවෙනි.

    වහාබ් සම්ප්‍රදාය තුළ ආගමික සහජීවනයක් නැත. තම සම්ප්‍රදාය අනුගමනය නොකරන සුන්නි මුස්ලිම් භක්තිකයන් පවා සලකන්නේ විනාශ කළ යුතු සතුරන් ලෙසය. අන්‍ය ආගමිකයන්ගේ ඉරණම ගැන කථා අනවශ්‍යය. ලොව පුරා ‘ශරියා‘ නීතිය ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කරන ඔවුහු කාන්තාවන්ට දැඩි සීමා දමා තිබූ අතර ජනතාවට විනෝද විය හැකි සංගීතය, චිත්‍රපට ඇතුළු බොහෝ කලා මාධ්‍යන්ට තහනම් පැනවූහ. මෙම අන්තවාදී දේශනා හි ඇමරිකන් විරෝධී ඊශ්‍රායල් විරෝධී දේශපාලනය ද අන්තර්ගතව තිබිණ. ශ්‍රී ලංකාවේ සිට සෞදි අරාබියට ගොස් සිටි ඇතැම් මුස්ලිම් තරුණයන් මෙම දේශනාවන්ට ආකර්ෂණය වන්නට විය. ඔවුහු නිවාඩුවකට හෝ සේවය නිම වී ලංකාවට පැමිණෙන විට මෙම ‘වහාබ් අසිරිය‘ ගැන පවුලේ සාමාජිකයන් හිතමිතුරන් දැනුවත් කළහ.

    සෞදිය වහාබිවාදය පැතිරවීම
    ---------------

    1973 ඛනිජ තෙල් අර්බුදයෙන් දැවැන්ත ආර්ථීක වාසියක් ලැබූ සෞදි අරාබිය එම අතිරේක මූල්‍ය සංචිත සිය වහාබ් දර්ශනය ලොව පුරා ව්‍යාප්ත කිරීමට යෙදවීය. සෞදි අරාබියේ වහාබ් ආගමික දර්ශනය හැදෑරීම සඳහා විශ්ව විද්‍යාල රාශියක් ස්ථාපිත කළේය. එයට අමතරව ආගමික ප්‍රචාරය සඳහා විශාල මුදලක් ආයෝජනය කළේය. ශ්‍රී ලංකාවේ වහාබ් ආගමික දර්ශනය සේන්දු වූයේ මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත් වන නැගෙනහිර පළාතේ කාතන්කුඩි නගරයට ය. මුලින්ම සෞදි අරාබියේ විවිධ සංවිධාන හරහා ප්‍රජා ව්‍යාපෘතීන් සඳහා මුදල් ලබා ගනිමින් නැගෙනහිර පළාතේ ‘වහාබ්‘, ‘තව්හීද්‘ සඳහා පදනම ලබා ගත්තේය. ‘වහාබ්‘ ආගමික අන්තවාදයට කැමැත්තක් දැක්වූ නැගෙනහිර මුස්ලිම් තරුණයන්ට අරාබි ආගමික විශ්ව විද්‍යාලයන්හි ශිෂ්‍යත්ව ලබා දීම හරහා ද ‘වහාබ්‘ ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. මෙම විශ්ව විද්‍යාලයන්හි අධ්‍යනය කළ තරුණයෝ ලංකාවට පැමිණ වහාබ් අන්තවාදය දේශනා කිරීමටත් ‘මදරාස‘ හෙවත් නව ආගමික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත් ප්‍රමුඛත්වය ගත්හ. එහි ආරම්භක ස්ථානය වූයේ නැගෙනහිර කාතන්කුඩි නගරය යි. ඒ සඳහා විශාල වශයෙන් සෞදි අරාබියේ මූල්‍ය ආධාර ගලා අවේය.

    මුස්ලිම් කොන්ග්‍රසය කළ එළි බැසීම
    ---------------

    80 දශකයේ මැදභාගය වන විට නැගෙනහිර පළාතේ යම් සැලකිය යුතු බලපෑමක් කිරීමට හැකි වාතාවරණයක් නිර්මාණය කර ගැනීමට මෙම වහාබ් කණ්ඩායම් වලට හැකිවී තිබිණ. 1987 ඉන්දු ලංකා ගිවිසුම හරහා නිර්මාණය වූ පළාත් සභා මැතිවරණ වෙනුවෙන් ‘ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය‘ කළ එළි බසිනුයේ මෙම පසුබිම යටතේය. ඒ වන තෙක් කිසිදු විටක ජනවාර්ගික පදනම මත දේශපාලනයේ නොයෙදුන මුස්ලිම් ජනතාව ප්‍රධාන පක්ෂ දෙක වන එ.ජා.ප ය හා ශ්‍රී.ල.නි.ප සමඟ එක්ව සිටියහ. ඒ.එච්.එම් අෂ්රොෆ් නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි නගරය කේන්ද්‍රව මුස්ලිම් කොන්ග්‍රසය ආරම්භ කරනුයේ වහාබ් ව්‍යාප්ත වීමේ දේශපාලන නාඩිය ද අල්ලා ගනිමිනි. ඔහුගේ දේශපාලන දර්ශනය එතෙක් ප්‍රධාන දේශපාලන පක්ෂයන්හි සිටි මුස්ලිම් නායකයන්ට වඩා රැඩිකල් සහ අන්තවාදී වූ බැවින් වහාබ් පදනම පහසුවෙන් දිනා ගැනීමට හැකි විය. පළමු පළාත් සභා මැතිවරණයේ දී නැගෙනහිර පළාතෙන් ලැබුණු ප්‍රතිචාරය අෂ්රොෆ් පවා පුදුමයට පත් කිරීමට සමත් විය.

    1988 දී එම පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ උතුරු සහ නැගෙනහිර වශයෙන් ඒකාබද්ධ කරමිනි. උතුරු පළාත සඳහා මුස්ලිම් කොන්ග්‍රසය තරඟ වැදුනේ නැත. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් කොන්ග්‍රසයට සියයට 63 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවන විට දෙවන තැනට පැමිණි ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයට හිමි වූයේ සියයට 32 කි . එ.ජා.ප. ය ලබා ගත්තේ සියයට 5 කි. මඩකළපුව දිස්ත්‍රික්කයෙන් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය සියයට 74 ක් ලබා ගත් අතර මුස්ලිම් කොන්ග්‍රසය සියයට 24ක් ලබා ගත්තේය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය සියයට 54.5 ක් ද මුස්ලිම් කොන්ග්‍රසය සියයට 45. 5 ක් ද වශයෙන් ඡන්ද ප්‍රමාණය බෙදී ගියේය. සමස්ථයක් වශයෙන් නැගෙනහිර පළාත සලකන විට ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයට සියයට 55ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවන විට මුස්ලිම් කොන්ග්‍රසයට සියයට 42.9 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය. එ.ජා.ප. යට හිමිවූයේ සියයට 2 ක ඡන්ද ප්‍රතිශතයකි. නැගෙනහිර පළාතේ ආසන බෙදී යාම සලකන විට ප්‍රධාන තරඟකරුවන් දෙදෙනාට ආසන 17 බැගින් හිමිවිය. එ.ජා.ප. යට හිමි වූයේ එක් මන්ත්‍රීධූරයක් පමණි. කාත්තන්කුඩි නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර නැගෙනහිර පළාත පුරා ව්‍යාප්ත වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ජාතික දේශපාලන බලවේගයක් වශයෙන් කරළියට ආවේ ඉන්පසුවය. කාත්තන්කුඩියේ වහාබ් අන්තවාදය මෙන්ම අෂ්රොෆ්ගේ දේශපාලන අන්තවාදය හොඳින් මිශ්‍ර වන විට එතෙක් නැගෙනහිර මුස්ලිම් දේශපාලනයේ විශාලතම නියෝජනය හිමි වූ එ.ජා.ප. පදනම බලා සිටියදී දිය වී ගියේ ය.

    වහාබ් - තවුහිද් - ජිහාඩ් පැතිරීම; මධ්‍යස්ථ මුස්ලිම් ජනයා භීතියට
    ---------------

    නැගෙනහිර පළාතේ වහාබ් දර්ශනය ව්‍යාප්ත වීම දකුණට එකවර දැනුනේ නැත. එතෙක් නැගෙනහිර පළාතෙන් පරිබාහිරව ජීවත් වූ මුස්ලිම් ජනතාවට මෙම වෙනස සංනිවේදනය වූයේ ය. මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව මෙම නව ප්‍රවනතාවයෙන් භීතියට පත් වූයේ වහාබ් දර්ශනය නැගෙනහිරට සීමා නොවන බව දන්නා බැවිනි. උතුරු නැගෙනහිර සිවිල් යුද්ධ පැවති වකවානුවේ නැගෙනහිර පළාත තුල කිසිවෙකුගේ වැඩි අවධානයකින් තොරව ව්‍යාප්ත වීමට මෙම කණ්ඩායම් වලට හැකි විය. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් එල්ල වන ප්‍රහාරයන්ට මුහුණ දීමට යැයි පවසමින් මුස්ලිම් කණ්ඩායම් ආයුධ සන්නද්ධ වීමට ද පටන් ගත්තේ ය. ඒ සඳහා අවශ්‍ය පදනම සැකසුවේ ඒ.එච්.එම් අෂ්රොෆ් බව කියැවේ. මෙම ‘ජිහාඩ්‘ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ බව රහසක් නොවෙයි. (වසර 2002 උඩුතලවින්න ගැටුමට මෙම කණ්ඩායම් වල සාමාජිකයෝ සම්බන්ධ වූහ. මුස්ලිම් කොන්ග්‍රසය ඒ සිද්ධිය ඉදිරියට ගෙන නොගියේ එබැවිනි.)

    දකුණේ මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව බලාපොරොත්තු වූ ආකාරයටම 90 දශකයේ මැදභාගය වන විට කාත්තන්කුඩි ‘වහාබ්‐තව්හීද්‘ වාදය ක්‍රමක්‍රමයෙන් දකුණට ගලා එන්නට විය. සෞදි අරාබියෙන් ලැබෙන මූල්‍ය ආධාර හරහා වහාබ් හැදෑරීමේ ආගමික මධ්‍යස්ථාන (මදරාස) සහ කුඩා පල්ලි එක දෙක නැගෙනහිරට පරිබාහිරව මතුවන්නට විය. එහෙත් ඒ පිළිබඳව දකුණේ සමාජ කථීකාවට ලක් වන්නේ පසු ගිය දශකයක පමණ කාලයක සිටය. වහාබ් දර්ශනය ලොව පුරා ව්‍යාප්ත කිරීම සඳහා සෞදි අරාබිය සිය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙයි. සෞදි රජය සහ රජ පවුලට අයත් සාමාජිකයෝ පෞද්ගලිකව මූල්‍ය ආධාර ලබා දෙති. ඔවුන් මූලික වී නිර්මාණය කර තිබෙන රාජ්‍ය නොවන සංවිධාන හරහා ද මෙම මූල්‍ය ආධාර ගලාගෙන එයි. ඔවුනට අමතරව කටාර් රාජ්‍යය ද වහාබ් ව්‍යාප්ත කිරීමට මූල්‍ය ආධාර ලබා දෙයි.

    භීතිය උච්ඡ වීම
    ---------------

    මෑත ඉතිහාසයේ දශක තුන හතරක සිට සල්වාර්, සාරි, ගවුම් අඳිමින් හිස් පළඳනා පැලඳූ අනෙකුත් ජාතීන් වල කාන්තාවන් මෙන් රූපලාවන්‍යය , විලාසිතා අනුගමනය කල මුස්ලිම් කාන්තාවන් අතරින් ඇතැමෙක් මුහුණේ සිට සම්පූර්ණයෙන්ම ශරීර ආවරණ කළු ලෝගු අඳින අයුරු දකුනේ ජනතාවට දැකිය හැකි විය. අරාබියේ දැකිය හැකි මෙම ඇඳුම් ඇඳි මුස්ලිම් කාන්තාවන් මුලදී දැකිය හැකි වූයේ කිහිප දෙනෙකු වුවද ක්‍රමක්‍රමයෙන් මෙම සංඛ්‍යාව ඉහළ යන බව නිරීක්ෂණය කිරීමට හැකි විය. පුරුෂ පාර්ශවයේ ද මෙම වෙනස දැකිය හැකි විය. දශක තුන හතරකට පෙර සිංහල, දෙමළ සමාජය සමඟ මුසු වීමට ක්‍රියා කල මුස්ලිම් ප්‍රජාවෙන් කොටසක් ආගමික අන්‍යතාවය මුල් කර ගනිමින් වෙන් වීමට උත්සාහ ගන්නා බවත් නිරීක්ෂණය කළ හැකි විය. වහාබ් ව්‍යාපෘතියන් සමඟ මුස්ලිම් සමාජයේ ඇති වූ වෙනස සිංහල සහ දෙමළ සමාජ තුළ මුලදී කුතුහලයක් මෙන්ම විචිකිච්ඡාවක් ඇති කිරීමට සමත් විය. මෙම කුතුහලය මෙන්ම විචිකිච්ඡාව භීතියක් බවට පත් කිරීමට අන්තවාදීන්ට හැකි විය. මෙය අවසානයේ මුස්ලිම් සමාජ ආර්ථීක ආක්‍රමණයක් වශයෙන් ඔවුහු අර්ථ දක්වමින් දකුණ භීතියට පත් කළහ. එම භීතිය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ අතර අද වන විට එය උච්ච ස්ථානයකට පත්ව ඇත.

    ගැටුම් ඇති වීම
    ---------------

    ශ්‍රී ලංකාවේ වහාබ්‐තව්හිද් ව්‍යාප්ත වීම කේන්ද්‍ර වූ කාත්තන්කුඩි නගරය ආශ්‍රිතව අන්තවාදී ගැටුම් ඇතිවීමද 90 දශකයේ අගභාගයේ දී දක්නට හැකි විය. වහාබ් වාදයට විරුද්ධ මතයක් දැරූ මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයකට සහ පල්ලියකට බෝම්බ ගසා ගිනි තබා විනාශ කළ අතර එම පල්ලියේ අනුගාමිකයන්ගේ ගෙවල් දොරවල් සහ ව්‍යාපාර ආයතන ද ගිනිතබා විනාශ කිරීමට තරම් ශක්තියක් කාත්තන්කුඩියේ වහාබ් කණ්ඩායම් වලට 1996 මැයි මාසය වන විට තිබිණ. වසර 2006 දෙසැම්බර් මාසයේ දී මෙවැනි ගැටුමක් නැවත මතුවූ අතර එම ගැටුම මැඩ පැවැත්වීමට පැමිණි පොලීසිය ප්‍රචණ්ඩකාරීන්ට වෙඩි තැබූ අතර ප්‍රචණ්ඩකාරීන් පොලීසියට පහර දී පොලිස් මුරපොලක් සහ පොලිස් වාහන වලට හානි කළේය. එයට අමතරව වහාබ් වාදයට එකඟ නොවූ මුස්ලිම් ජාතිකයන් 117 දෙනෙකුගේ නිවාස ගිනි තබන ලදී. මෙම ආගමික ගැටුම් නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයට සීමා නොවූ අතර වසර 2009 පෙබරවාරියේ දී උකුවෙල ප්‍රදේශයේ දී එම වසරේ ජූලි මාසයේ දී කළුතර බේරුවල දී දක්නට හැකි විය. කළුතර ගැටුමින් දෙදෙනෙකු මිය ගිය අතර 40 දෙනෙකු තුවාල ලැබූ අතර පොලීසිය විසින් 132 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබීය.

    පොල් රුප්පා වල අවි පුහුණුව
    ---------------

    මෙම ගැටුම් පිළිබඳව ඇඟිල්ල දිගු වූයේ ශ්‍රී ලංකාව පුරා පැතිරී යන වහාබ් අන්තවාදයට මූලිකත්වය ලබා දුන් කණ්ඩායමට ය. සෞදි අරාබියට ද විවෘත චෝදනා එල්ල විය. සෞදි අරාබියෙන් මෙන්ම දකුණු ඉන්දියාවෙන් වහාබ් ආගමික නායකයෝ සංචාරක වීසා ලබා ගෙන ලංකාවට පැමිණ රට පුරා මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් දේශන පැවැත්වූ හ. වසර 2009 අගෝස්තු 16 වනදා ‘Unholy tension in lankan’s Muslim East' යනුවෙන් ‘සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත මෙම මුස්ලිම් ආගමික ගැටුම් පිළිබඳ විශේෂාංගයක් පල කළ අතර එහි හෙළි කර තිබූ විශේෂ කරුණක් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව සටන් කිරීමට නැගෙනහිරින් බඳවා ගත් මුස්ලිම් ග්‍රාමාරක්ෂ භටයන් පිරිසක් ඔවුන්ගේ ආයුධ සමඟ පැන ගොස් වහාබ්‐තව්හීද් ( Thawheed) කණ්ඩායම් වලට එක්වී ඇති බවයි. සාම්ප්‍රදායික මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සටන් කිරීම ඔවුනගේ අරමුණ බව එම පුවත් පත් වාර්තාවේ සඳහන් වෙයි. කාත්තන්කුඩියේ වහාබ් තව්හීද් වලට විරුද්ධව කටයුතු කරන ‘මවුලවී මොහොමඩ් රාවුෆ් ‘ එම පුවත් පතට ප්‍රකාශ කරන්නේ වසර 2006 නොවැම්බර් මස 7 වන දා ජිහාඩ් තුවක්කුකරුවන් තමන්ව ඝාතනය කිරීමට වෙඩි උණ්ඩ 35 ක වෙඩි වරුසාවක් මුදාහැරි බවත් තමන් එම ඝාතන ප්‍රයත්නයෙන් කෙසේ හෝ පණ බේරා ගත් බවයි. වහාබ් තව්හීද්, ජිහාඩ් සටන් කරුවන් වෙනුවෙන් තරුණයන් බඳවා ගැනීමේ කටයුතු වලට සම්බන්ධ වී පසුව එයින් ඉවත් වූ 28 හැවරිදි තරුණයෙකු තමන් වහාබ් තව්හීද් මතවාදය අනුගමනය කරන තරුණයන්ට ආයුධ පුහුණුව ලබා දුන් බව සන්ඩේ ටයිම්ස් වාර්තාකරුවන්ට හෙළි කළේය. රාත්‍රියේදී මුහුදු වෙරළේ සහ ඒ අසල පොල් රුප්පා වල මෙම වෙඩි තැබීම් පුහුණු වීම් පැවැත්වූ බවත් ඇතැම් පොල් ගස්වල වෙඩි උණ්ඩ වැදුනු තැන් පැහැදිළිව දැකිය හැකි බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි. කාත්තන්කුඩි බාර සහකාර පොලිස් අධිකාරී අයි.ජී.ඩබ්.ආර්. කන්දේවත්ත පුවත් පතට ප්‍රකාශ කරන්නේ මුස්ලිම් සටන් කාමීන් සිටින බව තමන් දන්නා බවත් ඔවුන්ට විදේශ රට වලින් විශාල මූල්‍ය ආධාර ලැඛෙන බවයි. එයට අමතරව එම රට වලදී ආගම හැදෑරීමේ ශිෂ්‍යත්ව ලබා දෙන බවයි.

    සෞදි අරාබි රජයට එල්ල වන චෝදනා පිළිබඳව එහි තානාපති කාර්යාලයේ කවුන්සිලර් රියාඩ්. එස්.එල්.කිනීන් පිළිතුරු දෙමින් කියා තිබුනේ සිය රටේ ධනවත් පුද්ගලයන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලි ආරම්භ කිරීමට උදව් කරන නමුත් එයට සෞදි රජය සම්බන්ධ නොමැති බවයි.

    සෞදි අරාබිය ත්‍රස්තවාදයට උදව් කිරීම
    ---------------

    එහෙත් සත්‍ය එය නොවන බව සමස්ථ ලෝකයටම රහසක් නොවෙයි. වහාබ් දර්ශනය ලොව පුරා පැතිරවීමට සෞදි අරාබිය මෙන්ම කටාර් රාජ්‍ය එක සේ මූලික වී ඇත. ඔවුහු ලොව පුරා සුන්නි ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම් වලට මුදල් පොම්ප කරති. ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් 19 දෙනාගෙන් 15 දෙනෙකු සෞදි අරාබි ජාතිකයන් ය. එම ප්‍රහාර පිළිබඳව සොයා බැලීමට පත්කල ඇමරිකානු කොන්ග්‍රස් කොමිසම මෙම ත්‍රස්ත ප්‍රහාරය සහ සෞදි අරාබි රජය අතර තිබෙන සම්බන්ධතා පිළිබඳ කරුණු ගොනු කර තිබේ. එහෙත් එම වාර්තාවේ සෞදි අරාබි රජයට සම්බන්ධ පිටු 28 ක් ‘ජාතික ආරක්ෂාව‘ යන ලේබලය යටතේ ජනතාවට මුදා නොහැරීමට ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයා තීරණය කළේය. එහෙත් වසර 13 කට පසුව වසර 2016 ජනාධිපති ඔබාමා එම පිටු 28 ජනතාවගේ දැනගැනීමට මුදා හැරියේ ය.

    මෑතක දී ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය ඇමරිකානුවන් 3000 වෙනුවෙන් ඔවුන්ගේ පවුල් 1400 එක් වී සෞදි අරාබි රජයට එරෙහිව නිව්යෝක් අධිකරණයේ නඩු පැවරීය. පසුගිය සැප්තැම්බර් 10 වනදා බ්‍රිතාන්‍යයේ 'Independent' පුවත්පත 'Saudi Arabia government funded dry run for 9/11' යනුවෙන් වාර්තා කළ අන්දමට එම නඩු වාර්තාවන්ට අනුව වොෂින්ටන් හි සෞදි අරාබි තානාපති කාර්යාලයේ ඇතැම් නිළධාරීන් වසර 2001 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට මූල්‍ය ඇතුළු අනෙකුත් ආධාර සපයා තිබෙයි.

    ‘එෆ්.බී.අයි‘ වාර්තාවන්ට අනුව සෞදි අරාබි රාජ්‍ය රහස් ඔත්තු සේවයට පුද්ගලයන් දෙදෙනෙකු වසර 1999 නොවැම්බර් මාසයේ දී ඇමරිකානු ගුවන් යානාවක් පැහැරගෙන ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව පෙර සූදානමක් ඇමරිකාවේදී සිදුකර තිබේ. ඔවුන් දෙදෙනා වොෂින්ටන් නුවරින් ‘American west' ගුවන් යානයකට ගොඩ වී ඇති අතර යානය ගුවන් ගත වීමෙන් පසුව මෙම සෞදි අරාබි ජාතිකයන් දෙදෙනා ගුවන් නියමු කුටියට යාමට උත්සාහ කර තිබේ. මෙම සිද්ධියෙන් පසුව ගුවන් යානය හදිසියේ ඔහායෝ ගුවන් තොටුපලට ගොඩ බා තිබේ. මෙම සෞදි ජාතිකයන් දෙදෙනාගේ ගුවන් ටිකට් පත් දෙකට මුදල් ගෙවා ඇත්තේ වොෂින්ටනයේ සෞදි අරාබි තානාපති කාර්යාලයයි.

    ඇමරිකානු කොන්ග්‍රස් “පිටු 28“ වාර්තාවේ සඳහන් වන තවත් වැදගත් කරුණක් වන්නේ සෞදි රජය, ඔවුන් ධනවත් පුරවැසියන් සහ ඔවුන්ගේ සංවිධාන ඇමරිකාව ඇතුළු ලොව පුරා අන්තවාදී වහාබ් සුන්නි ඉස්ලාම් පැතිරවීමට මුදල් පොම්ප කරන බවයි. එම වාර්තාවේ සඳහන් එක් උදාහරණයක් වන්නේ සෞදි රජ පවුලට අයත් ‘බන්ඩාර් බිල් සුල්තාන් කුමාරයා‘ ය. ඔහු වහාබ් අන්තවාද ව්‍යාප්ත කිරීමට මුදල් පොම්ප කරන අතර එවකට සෞදි වොෂින්ටන් තානාපතිවරයාට ඒ සඳහා සෘජුවම මුදල් ලබා දුන් පුද්ගලයෙකි.


    (උපුටාගැනීම - ලංකා ඊ නිව්ස් - 2018.ජන.08, පෙ.ව‍‍‍‍‍‍‍‍.10.45)
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    ඇමරිකානු මිතුරාට කෙළිය සෞදියට ලංකාව කජ්ජක්ද?
    ---------------

    දකුණු ආසියාවේ රටවල් අතරින් වහාබ් අන්තවාදයේ බලපෑමට ලක්වූ එකම රට ශ්‍රී ලංකාව නොවෙයි. ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශ පසුගිය දශක තුනක පමණ කාලයක සිට මෙම බලපෑමට ලක්ව තිබේ. මියන්මාරයටද මෙහි සෙවනැලි වැටී තිබේ. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් බහුතරයක් ජීවත් වන ‘රකායන්‘ ප්‍රදේශය මූලිකව ගොඩ නැගී ඇති බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම වන ‘ආකන් රොහින්ජා හමුදාව‘ මෙහෙය වන ‘අතාවුල්ලා අබු අමාර් ජුනයි‘ නැමැත්තා සෞදි අරාබි ජාතිකයෙකි. මෙම සෑම රටකම දැකිය හැකි ප්‍රධාන ලක්ෂණය වන්නේ ආගමික සහජීවනය වෙනුවෙන් පෙනී සිටින මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව වහාබ් අන්තවාදීන් එල්ල කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ සමාජයේ අනෙකුත් ආගමික මත ප්‍රචණ්ඩත්වයෙන් මැඩ පැවැත්වීමයි.

    පසුගිය වසර කිහිපය තුළදී පකිස්ථානයේ සහ බංගලාදේශයේ කලාකරුවන්, නිදහස් මතධාරීන්, ජනමාධ්‍යවේදීන්, බ්ලොග් රචකයන්, විශාල පිරිසක් මෙම අන්තවාදීහු අමු අමුවේ ඝාතනය කළහ. මෙම අනතුර තවදුරටත් සැඟවුන තර්ජනයක් නොවෙයි. සෞදි අරාබියේ හොඳම බටහිර දේශපාලන ආර්ථීක සගයා ඇමරිකා එක්සත් ජනපදයයි. භූ දේශපාලන අවශ්‍යතා මෙන්ම ආර්ථීක සහයෝගිතාවය අතින් සෞදි අරාබියට ඇමරිකාව අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් වහාබ් දර්ශනය වෙනුවෙන් ඇමරිකාවට ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තවාදීන්ට සහයෝගය ලබා දීමට සෞදි අරාබි බලධාරීහු පසුබට නොවූහ. එබැවින් ශ්‍රී ලංකාව හෝ දකුණු ආසියානු රටවල් පිළිබඳ කතා අනවශ්‍යය.

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකයන්ගේ නිහඬතාවය
    ---------------

    අප පෙර පෙන්වා දුන් අන්දමට 80 දශකය ආරම්භයේ නැගෙනහිර කාත්තන්කුඩි නගරයේ ස්ථාපිත වූ වහාබ් අන්තවාදය නැගෙනහිර පළාතටත් ඉන්පසුව ක්‍රමක්‍රමයෙන් දකුණටත් ව්‍යාප්ත විය. එතෙක් වහාබ් අන්තවාදය ප්‍රතික්ෂේප කල මෙරට සාමකාමී මුස්ලිම් ජනතාවගෙන් බහුතරය අවාසනාවකට මෙන් මෙම ආක්‍රමණය හමුවේ නිහඬව සිටියහ. තම නගරයේ, ගමේ වහාබ් අධ්‍යයන මධ්‍යස්ථාන (මදරාස) හෝ කුඩා පල්ලි අටවන විට ඔවුහු නිහඬව එය අනුමත කළහ. මෙම ආගමික ත්‍රස්තවාදී ආක්‍රමණය සංස්කෘතික ආක්‍රමණයක් වශයෙන් සිංහල දෙමළ ප්‍රජාවන් චකිතයට පත් වන විට ඔවුහු නිහඬව සිටියහ. සාමකාමී මුස්ලිම් ජනතාව මෙම වහාබ් ව්‍යාප්තවාදයට සම්බන්ධ නොමැති බව හෝ තමන් මෙම ආගමික දර්ශනයට සම්බන්ධ නොමැති බව පැවසීමට ඔවුහු ඉදිරිපත් නොවූහ. අවසානයේ ඔවුනගේ දෑස් විවෘත වූයේ තම මුහුණ ඉදිරිපිට වහාබ් අන්තවාදී අභියෝග මතු වූ අවස්ථාව හෙවත් වසර 2009 ජූලි මාසයේ බේරුවල නගරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉදිරියේය.

    බේරුවල යනු මුස්ලිම් ජනතාව දශක ගණනාවක් පුරා ජීවත් වූ නගරයකි. වහාබ් අන්තවාදී ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස බේරුවල නගරයේත් වහාබ් පල්ලියක් විවෘත විය. ක්‍රමක්‍රමයෙන් මෙම පල්ලිය මූලික කර ගනිමින් වහාබ් අන්තවාදය බේරුවල ව්‍යාප්ත වන්නට විය. වසර කිහිපයකට පසුව ඔවුන් සංඛ්‍යාත්මක අතින් ශක්තිමත් තැනකට පැමිණියේ ය. ඉන්පසුව අනෙකුත් මුස්ලිම් ජනතාව ‘ද්‍රෝහීන්‘ වශයෙන් නම් කරමින් ඔවුනට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට පටන් ගත්තේ ය. ජීවිත දෙකක් බිලි ගනිමින් සිය ගණනකට තුවාල සිදු කරමින් ඇතිවූ ආගමික ගැටුමේ පසුබිම මෙයයි. මෙම ගැටුමෙන් පසුව වහාබ් වාදය ශ්‍රී ලංකාවේ තහනම් කළ යුතු බවත් සෞදි අරාබියෙන්, දකුණු ඉන්දියාවෙන්, පකිස්ථානයෙන් පැමිණ සිටින වහාබ් දේශකයන් රටින් පිටුවහල් කල යුතු බවටත් මෙරට මුස්ලිම් නායකයෝ කිහිප දෙනෙක් ප්‍රසිද්ධියේ පැවසූහ.

    රජය මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සංචාරක වීසා බලපත්‍ර ලබා ගෙන රටට ඇතුළු වී සිටි වහාබ් ආගමික දේශකයන් කිහිප දෙනෙක් රටින් පිටුවහල් කළේය. එහෙත් අවාසනාවකට මෙම ඉල්ලීම මතුවන විට පෙරහැර ගොස් අවසානය. 80 දශකය ආරම්භයේ අතින් කඩා දැමීමට තිබූ පැලය මේ වන විට මහා වෘක්ෂයක් වී අවසානය. දැන් එය පවතින්නේ පොළවෙන් හෝ කපා දැමිය හැකි මට්ටමක නොවෙයි. වහාබ් අන්තවාදය ශ්‍රී ලංකාව තුළ තහනම් කළ යුතු බවට හෝ විදේශික දේශකයන් රටින් පිටුවහල් කල යුතු බවට මතු වූ ඉල්ලීමට මුස්ලිම් දේශපාලන නායකයන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. ඔවුහු ඒ වන විට වහාබ් වාදය සමඟ ගණුදෙනු කරමින් සිටියහ. සෞදි අරාබියෙන් සහ කටාර් රාජ්‍යයෙන් ලබා ගන්නා මූල්‍ය ආධාර මත පදනම් වන “ප්‍රජා“ ව්‍යාපෘති දියත් කරමින් සිටියහ. අවසානයේ වහාබ් අන්තවාදයට එරෙහිව හඬ නැඟූ කිහිප දෙනාටම සිදුවූයේ ජීවිතාරක්ෂාව සඳහා නිහඬ වීමය. සංචාරක වීසා ලබා ගෙන පැමිණෙන වහාබ් දේශකයන් කිහිප දෙනෙකු ඒ අවස්ථාවේ පිටුවහල් කලද එය සාර්ථක ක්‍රියා මාර්ගයක් නොවීය. ස්වල්ප කලකින්ම ඒ පිරිස වෙනුවට වෙනත් කණ්ඩායම් රටට ඇතුළු විය. සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යයෙන් වාර්ශිකව වහාබ් අන්තවාදී ව්‍යාපෘතිය සඳහා ගලා එවන මුදල් ගංගාව නැවැත්වීමටද හැකිවී නැත.

    දැන් පල්ලි සියයට 90 ක්ම යැපෙන්නේ සෞදියෙන් වපුරන්නේ වහාබ් වාදය
    ---------------

    ‘අබ්දුල් සමාඩ්‘ නැමති ප්‍රකට මුස්ලිම් ලේඛකයා මේ වසරේ ජූනි මස 22 වන දා 'Ceylon Today' පුවත් පතට සැපයූ 'Wahabism; The curse of Islam and Sri Lankan Muslims' නැමති ලිපියෙන් හෙළි කර තිබූ ඉතා වැදගත් කරුණක් වන්නේ මෙරට මුස්ලිම් පල්ලි වලින් සියයට 90 ක් පමණ දැන් සෞදි අරාබියෙන් ලැබෙන මූල්‍ය ආධාර මත යැපෙන බවයි. සෞදි අරාබියේ මුදල් මත යැපෙන මෙම පල්ලි මඟින් අද ප්‍රසිද්ධියේ දේශනා කරන්නේ ‘වහාබ් දර්ශනය‘ බවත් ඔහු පෙන්වා දෙයි.

    අන්තවාදය සහ ගැටෝ අනතුර
    ---------------

    වහාබ් අන්තවාදයේ ව්‍යාපෘතිය ඉදිරියේ මෙරට සාමකාමී මුස්ලිම් සමාජය දැක්වූ නිහඬතාවය හේතුවෙන් ඔවුනට සිදුවූ හානියට අමතරව සමස්ථ රට හමුවේ වැරදි සංස්කෘතික චිත්‍රයක් නිර්මාණය විය. වහාබ් ආක්‍රමණය හමුවේ වික්ෂිප්තභාවයට පත්ව සිටි සිංහල, දෙමළ සමාජයට එරෙහි අන්තවාදී කොටස් විශාල බිල්ලෙක් නිර්මාණය කළේය. රට පුරා මතු වූ මුස්ලිම් විරෝධය හේතුවෙන් සිදුවූයේ සාමකාමී මුස්ලිම් ප්‍රජාව තවදුරටත් වහාබ් අන්තවාදයට තල්ලූ කිරීම පමණි. මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයට මුහුණ දිය හැක්කේ වහාබ් රැඩිකල් වාදයෙන් බව ඒත්තු ගැන්වීමය. මෙම සමාජ, දේශපාලන ආර්ථීක වාතාවරණය යටතේ මුස්ලිම් ජනතාව සෙසු ජන වර්ග සමඟ මුසු වී කටයුතු කරනවාට වඩා වෙනම ප්‍රජා ඒකක වශයෙන් කටයුතු කිරීමේ ප්‍රවණතාවය ඉහල යමින් පවතී. මෙය ඉතා බරපතල තත්ත්වයකි. මෙම ප්‍රවනතාවය මඟින් බිහිකර ඇත්තේ මුස්ලිම් ‘ගැටෝ‘ (Gatto) සංකල්පයකි. මුස්ලිම් ජනතාව විශාල වශයෙන් ජීවත් වන ප්‍රදේශ ඔවුන්ගේම නීති රීති, අන්‍යතාවයන් අනුව කටයුතු කිරීමකි. රටේ සාමාන්‍ය නීතිය මෙම ‘ගැටෝ‘ වලට අදාළ නැත. නැගෙනහිර මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත් වන ප්‍රදේශ වල රථ වාහන මාර්ග නීති ප්‍රසිද්ධියේ උල්ලංඝනය කිරීම සමාන්‍යකරණය වීම මෙහි එක් උදාහරණයකි. රටේ සාමාන්‍ය මාර්ග හා රථ වාහන නීතිය එම ප්‍රදේශ වල ක්‍රියාත්මක කිරීමට පොලීසිය උනන්දුවක් නොදක්වයි. ඒ සඳහා පොලීසියට ශක්තියක් ද නැත. මෙම ‘මුදා නොගත් ප්‍රදේශ‘ රටේ සමස්ථ මුස්ලිම් විරෝධයත් සමග ශක්තිමත් වීම නොවැළැක්විය හැකිය. යුරෝපයේ මෙම මුස්ලිම් ‘ගැටෝ‘ හෙවත් ‘මුදා නොගත් ප්‍රදේශ‘ එම රට වල ආරක්ෂාවට අද විශාල තර්ජනයක් වී තිබේ. යුරෝපා රට වලට සංක්‍රමණය වූ මුස්ලිම් ජනතාවෙන් සැලකිය යුතු බහුතරයක් පොදු සමාජය සමග මුසු නොවී ප්‍රාදේශීය ඒකක වලට සීමා වී තමන්ගේම ආගමික, සාමාජීය නීති එම ප්‍රදේශ වල ක්‍රියාත්මක කරමින් සිටි අතර මුස්ලිම් අන්තවාදය ඒ සඳහා පදනම සැපයීය. එහි අන්තවාදී ප්‍රචණ්ඩත්වය කොතරම් දරුණුව පැවතීද යත් පොලිස් නිළධාරියෙකු පවා තනිව එම ප්‍රදේශ වල රාජකාරියට නොයයි. අද යුරෝපයේ එල්ල වන ත්‍රස්තවාදී ප්‍රහාර බහුතරයකට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන් සිය මෙහෙයුම් දියත් කලේ මෙම ‘මුදා නොගත් ප්‍රදේශ‘ වල සිටය. මෙම අනතුර අප හඳුනාගත යුතුව ඇත.

    බලාපොරොත්තුවක සේයාවක්
    ---------------

    ශ්‍රී ලංකාවේ පැවති සාමකාමී මුස්ලිම් සමාජය මේ වන විට බොහෝ සෙයින්ම වහාබ් අන්තවාදය විසින් ගිලගෙන හමාරය. එහෙත් තවමත් ආගමික සහජීවනය අගයන මුස්ලිම් ප්‍රජාවක් අප අතර සිටීම අනාගත බලාපොරොත්තුවක යම් සේයාවක් මතු කර තිබේ. වහාබ් අන්තවාදයට එරෙහිව මතවාදීව සටන් කරමින් සිටින මෙම කණ්ඩායම් ශක්තිමත් කිරීම ආගමික සහ ජනවාර්ගික සහජීවනය අගයන ප්‍රජතන්ත්‍රවාදයට ලැදි සැමගේ මේ මොහොතේ අත්හැරිය නොහැකි වගකීමයි. සෘජු දේශපාලන පරමාර්ථ සඳහා ඇති කරන මුස්ලිම් විරෝධයක් මඟින් සේවය කරනුයේ වහාබ් අන්තවාදය ශක්තිමත් කිරීමට මිස එය දුර්වල කිරීමට නොවන බව සාමකාමී ලැදි ශ්‍රී ලාංකිකයන් සියළු දෙනා අද දවසේ තේරුම් ගතයුතු යථාර්ථය යි.


    (උපුටාගැනීම - ලංකා ඊ නිව්ස් - 2018.ජන.08, පෙ.ව‍‍‍‍‍‍‍‍.10.45)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රට පුරා මතු වූ මුස්ලිම් විරෝධය හේතුවෙන් සිදුවූයේ සාමකාමී මුස්ලිම් ප්‍රජාව තවදුරටත් වහාබ් අන්තවාදයට තල්ලූ කිරීම පමණි. මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයට මුහුණ දිය හැක්කේ වහාබ් රැඩිකල් වාදයෙන් බව ඒත්තු ගැන්වීමය.L:(
     
    • Like
    Reactions: Oli_Vili

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බේරුවල යනු මුස්ලිම් ජනතාව දශක ගණනාවක් පුරා ජීවත් වූ නගරයකි. වහාබ් අන්තවාදී ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස බේරුවල නගරයේත් වහාබ් පල්ලියක් විවෘත විය. ක්‍රමක්‍රමයෙන් මෙම පල්ලිය මූලික කර ගනිමින් වහාබ් අන්තවාදය බේරුවල ව්‍යාප්ත වන්නට විය. වසර කිහිපයකට පසුව ඔවුන් සංඛ්‍යාත්මක අතින් ශක්තිමත් තැනකට පැමිණියේ ය. ඉන්පසුව අනෙකුත් මුස්ලිම් ජනතාව ‘ද්‍රෝහීන්‘ වශයෙන් නම් කරමින් ඔවුනට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට පටන් ගත්තේ ය. ජීවිත දෙකක් බිලි ගනිමින් සිය ගණනකට තුවාල සිදු කරමින් ඇතිවූ ආගමික ගැටුමේ පසුබිම මෙයයි. මෙම ගැටුමෙන් පසුව වහාබ් වාදය ශ්‍රී ලංකාවේ තහනම් කළ යුතු බවත් සෞදි අරාබියෙන්, දකුණු ඉන්දියාවෙන්, පකිස්ථානයෙන් පැමිණ සිටින වහාබ් දේශකයන් රටින් පිටුවහල් කල යුතු බවටත් මෙරට මුස්ලිම් නායකයෝ කිහිප දෙනෙක් ප්‍රසිද්ධියේ පැවසූහ.

    රජය මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සංචාරක වීසා බලපත්‍ර ලබා ගෙන රටට ඇතුළු වී සිටි වහාබ් ආගමික දේශකයන් කිහිප දෙනෙක් රටින් පිටුවහල් කළේය. එහෙත් අවාසනාවකට මෙම ඉල්ලීම මතුවන විට පෙරහැර ගොස් අවසානය. 80 දශකය ආරම්භයේ අතින් කඩා දැමීමට තිබූ පැලය මේ වන විට මහා වෘක්ෂයක් වී අවසානය. දැන් එය පවතින්නේ පොළවෙන් හෝ කපා දැමිය හැකි මට්ටමක නොවෙයි. වහාබ් අන්තවාදය ශ්‍රී ලංකාව තුළ තහනම් කළ යුතු බවට හෝ විදේශික දේශකයන් රටින් පිටුවහල් කල යුතු බවට මතු වූ ඉල්ලීමට මුස්ලිම් දේශපාලන නායකයන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. ඔවුහු ඒ වන විට වහාබ් වාදය සමඟ ගණුදෙනු කරමින් සිටියහ. සෞදි අරාබියෙන් සහ කටාර් රාජ්‍යයෙන් ලබා ගන්නා මූල්‍ය ආධාර මත පදනම් වන “ප්‍රජා“ ව්‍යාපෘති දියත් කරමින් සිටියහ. අවසානයේ වහාබ් අන්තවාදයට එරෙහිව හඬ නැඟූ කිහිප දෙනාටම සිදුවූයේ ජීවිතාරක්ෂාව සඳහා නිහඬ වීමය. සංචාරක වීසා ලබා ගෙන පැමිණෙන වහාබ් දේශකයන් කිහිප දෙනෙකු ඒ අවස්ථාවේ පිටුවහල් කලද එය සාර්ථක ක්‍රියා මාර්ගයක් නොවීය. ස්වල්ප කලකින්ම ඒ පිරිස වෙනුවට වෙනත් කණ්ඩායම් රටට ඇතුළු විය. සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යයෙන් වාර්ශිකව වහාබ් අන්තවාදී ව්‍යාපෘතිය සඳහා ගලා එවන මුදල් ගංගාව නැවැත්වීමටද හැකිවී නැත.
     
    • Like
    Reactions: Oli_Vili

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දකුණේ මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව බලාපොරොත්තු වූ ආකාරයටම 90 දශකයේ මැදභාගය වන විට කාත්තන්කුඩි ‘වහාබ්‐තව්හීද්‘ වාදය ක්‍රමක්‍රමයෙන් දකුණට ගලා එන්නට විය. සෞදි අරාබියෙන් ලැබෙන මූල්‍ය ආධාර හරහා වහාබ් හැදෑරීමේ ආගමික මධ්‍යස්ථාන (මදරාස) සහ කුඩා පල්ලි එක දෙක නැගෙනහිරට පරිබාහිරව මතුවන්නට විය. එහෙත් ඒ පිළිබඳව දකුණේ සමාජ කථීකාවට ලක් වන්නේ පසු ගිය දශකයක පමණ කාලයක සිටය. වහාබ් දර්ශනය ලොව පුරා ව්‍යාප්ත කිරීම සඳහා සෞදි අරාබිය සිය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙයි. සෞදි රජය සහ රජ පවුලට අයත් සාමාජිකයෝ පෞද්ගලිකව මූල්‍ය ආධාර ලබා දෙති. ඔවුන් මූලික වී නිර්මාණය කර තිබෙන රාජ්‍ය නොවන සංවිධාන හරහා ද මෙම මූල්‍ය ආධාර ගලාගෙන එයි. ඔවුනට අමතරව කටාර් රාජ්‍යය ද වහාබ් ව්‍යාප්ත කිරීමට මූල්‍ය ආධාර ලබා දෙයි.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Out of topic, but best way to attack islam is through atheism. If muslims start to think critically, that will be the end of islam.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ශ්‍රී ලංකාවේ වහාබ්‐තව්හිද් ව්‍යාප්ත වීම කේන්ද්‍ර වූ කාත්තන්කුඩි නගරය ආශ්‍රිතව අන්තවාදී ගැටුම් ඇතිවීමද 90 දශකයේ අගභාගයේ දී දක්නට හැකි විය. වහාබ් වාදයට විරුද්ධ මතයක් දැරූ මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයකට සහ පල්ලියකට බෝම්බ ගසා ගිනි තබා විනාශ කළ අතර එම පල්ලියේ අනුගාමිකයන්ගේ ගෙවල් දොරවල් සහ ව්‍යාපාර ආයතන ද ගිනිතබා විනාශ කිරීමට තරම් ශක්තියක් කාත්තන්කුඩියේ වහාබ් කණ්ඩායම් වලට 1996 මැයි මාසය වන විට තිබිණ. වසර 2006 දෙසැම්බර් මාසයේ දී මෙවැනි ගැටුමක් නැවත මතුවූ අතර එම ගැටුම මැඩ පැවැත්වීමට පැමිණි පොලීසිය ප්‍රචණ්ඩකාරීන්ට වෙඩි තැබූ අතර ප්‍රචණ්ඩකාරීන් පොලීසියට පහර දී පොලිස් මුරපොලක් සහ පොලිස් වාහන වලට හානි කළේය. එයට අමතරව වහාබ් වාදයට එකඟ නොවූ මුස්ලිම් ජාතිකයන් 117 දෙනෙකුගේ නිවාස ගිනි තබන ලදී. මෙම ආගමික ගැටුම් නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයට සීමා නොවූ අතර වසර 2009 පෙබරවාරියේ දී උකුවෙල ප්‍රදේශයේ දී එම වසරේ ජූලි මාසයේ දී කළුතර බේරුවල දී දක්නට හැකි විය. කළුතර ගැටුමින් දෙදෙනෙකු මිය ගිය අතර 40 දෙනෙකු තුවාල ලැබූ අතර පොලීසිය විසින් 132 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබීය.