ලාබෙට විකිණෙන මෝඩයන්ගේ දිනය

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ලාබෙට විකිණෙන මෝඩයන්ගේ දිනය

    398410_389851657699090_274859899198267_1825330_1727317480_n.jpg

    වැලන්ටයින් සල්පිලේ ලාබෙට විකිණෙන මෝඩයන්ගේ දිනය, කීවට තරහ වෙන්න එපා මල්ලිලා නංගිලා. ප්‍රමාද වෙලා හරි මොනව උනත් අපිට යතාර්ථය කතා කරන්න වෙනවා.

    මුදල හා වෙළෙන්දා එක කුස උපන් නිවුන් සහෝදරයන් වැනිය. වෙළෙන්දා විකිණිය හැකි සෑම දෙයකටම මුදලින් වටිනාකම් දීමට මැළි නොවන අතර ඇතැම් විට මිනිසාට ද මිලක් නියම කිරීමට තරම් හේ සැහැසි වේ. විකිණිය හැකිනම් බලුකුණටද විටිනාකමක් දී ඇති වාණිජකරණය වූ වත්මන් සමාජයේ බොහෝ විට සිදුවන්නේ සියල්ල වෙළෙන්ඳාට තීරණය කරන්නට ඉඩ දී බලා සිටීම පමණි. ජීවත්වීමට මුදල් අවශ්‍ය බව සැබෑය. එහෙත් මුදල් සඳහා ජීවත් වීම පිළිගත නොහැකි දෙයකි. සෑම සමාජ ස්ථාවරයකම කොටස් වෙළෙන්දාගේ ඉලක්ක වී ඇත.

    ඒ අතර තරුණ තරුණියන්ව ලෙහෙසියෙන්ම බිලිගත හැකි කොටස බවද හේ තීරණය කර අවසන් ය. ඒ අනුව ජීවිතය ගැන හරි හැටි බරක් පතලක් නැති තරුණ ජීවිත සමග වෙළෙන්දා සිය මුදල් සෙවීම අරඹා ඇත. තරුණ හිත සංවේදී වන හැම තැනකම වෙළෙඳ පොලක් නිර්මාණය වේ. මේ අතර “ආදරය”ට ද වෙළෙඳ පොලක් තැනී ඇත. එහි උච්චතම අවස්ථාව ලෙස පෙබරවාරි 14 දිනට යෙදෙන "ආදරවන්තයන් ගේ දිනය" හෙවත් "වැලන්ටයින් දිනය" ලෙස වෙළදපොල විසින්ම නිර්මාණය කරන ලද ව්‍යාජය මුල් කොට ගෙන දැනටමත් හා එදිනටත් පොකට් ගැසීමට සැලසුම් සකස් කර අවසානය.

    කවුද මේ වැලන්ටයින්? - රෝමයේ ජීවත්වූ වැලන්ටයින් පූජක තුමා කතෝලික සභාව තුළ පහල වූ මානව හිතවාදි ගුණාංගයන් ගෙන් යුතු පූජකතුමෙකි. රෝමය පාලනය කරනු ලැබූ ක්ලොඩියස් නම් කෲර පාලකයාගේ දැඩි පාලනය යටතේ රෝම යුධ භටයන්ට විවාහය සදහා තහංචි පනවා තිබූ යුගයකි. ඒ යුද්ධය නිසාවෙන් වන අතර වැලන්ටයින් පූජකතුමා මැදිහත්ව ඔවුන්ව විවාහ කර දෙන ලදි.මේ නිසාම පූජකතුමා රාජ උදහසට ලක්ව ජීවිතයෙන්ද සමුගන්නට සිදුවිය. ඔහුගේ දේහය මිහිදන් කර ඇත්තේ පෙබරවාරි 14 දිනකය. 1969 වසරේදී ඔහු සාන්තුවරයකු ලෙස නම් කර ඇති නිසා මෙම දිනය ආගමික ස්වරූපයක් ගනී.

    මෙය සාමාන්‍ය සිදුවීමකි . මෙය සැමරීමට තරම් දෙයක් ඇත්ද? .එම සාන්තුවරයා උදව් කළේ රෝමන් භටයන්ය. එම සිද්ධිය විශේෂ වන්නේ එවකට ජිවත් වූ රෝමන් භටයන්ට පමණි . මෙය විශ්වයේ දිනයක් හෝ අනිවාර්යෙන්ම සැමරිය යුතු දෙයක් නොවන බව සාමන්‍ය මිනිසෙකුට පවා අවබෝධ කරගත හැක . විශාල සමාජ පෙරළියක් ඇති කළ , නවීන සොය ගැනීම් සිදුකළ මිනිසුන් අතරින් මෙම වැලන්ටයින් නමැති සාන්තුවරයාව සමීප කිරිමට පවා නොහැක . අනිත් අතින් පෝයකටවත් පන්සලට නොයන වත්මන් පරපුරේ අක්මුල් සිදගත් සම+හරක්තරුණ තරුණියන් මේ අන්‍යාගමික දිනය මහත් හරසරින් සමරන්නට යෙදීමත් බරපතල ආගමික සෝදාපාලුවක ලක්ෂණ මැනවින් විදහාපානවා නොවේද?

    එහෙනම් අප යම් දෙයක් සිතා බැලිය යුතුයි. ආගමික දිනයක් හෝ නිදහස් දිනයක් නම් එහි සුවිශේෂ වූ සැමරීමට යම් මුලීක හේතුවක් තිබේ . එනම් වැලන්ටයින් දිනය මෙතරම් සුවිශේෂ දිනයක් ලෙස ලොව හඳුන්වන්නේ ඇයි ? මෙම දිනයේ දුරාචාරය ,අශෝභන ,අවිනීත ,සල්ලාලකම පතුරුවන්නේ ඇයි? තරුණ තරුණියනි සිතා බලන්න . මෙහි කුමක් හෝ වෙනත් පටු අරමුණක් ක්‍රියාත්මක වන බව අපට පෙනී යයි. යෞවන අවදිය පවිත්‍ර, මිල කළ නොහැකි අවධියකි . නමුත් මෙම දිනයේ යෞවන යෞවනියන් පවිත්‍රකමේ බාධක බිඳ දමා තම තමන්ගේ කාමුක හැඟීම් උච්ච ස්ථානට ගෙන තරු පහේ හෝටල්වල , රිත්‍රී සමාජ ශාලවල නටති . තිරිසනුන් ලෙස හැසිරෙති .මෙම ක්‍රමය අතීතයේ නොතිබුණත් අද බටහිර ලෝකය මෙය සාධාරණීයකරණය කර ඇත. කිසිම අර්ථයක් නොමැති මෙම දිනයට සුවිශේෂ වූ ස්ථානයක් බටහිර ලෝකයත් එහිම ඒජන්තයන් වන"ශ්‍රී ලාංකීය අභිමානය, විදහාපාන "ජනතාවගේ නාලිකාවන්" ප්‍රමුඛ විද්‍යුත් හා මුද්‍රිත් මාධ්‍යයන් විසින් ලබා දී තිබීම විහිළුසහගත නොවන්නේ කුමන ආකාරයේ ජාතිමාමක බයිලාවන් ගැසුවත් රටත් සංස්කෘතියත් උකසට තබමින් ලාභ ඉපයීම ඔවුන්ගේ එකම අභිප්‍රාය වන නිසාය .

    බටහිරින් එන ඕනෑම කුණු ගොඩක් ආදරයෙන් වැළදගන්නා අපේ වත්මන් පරපුර අද මේ වෙළද මාෆියාවට යට වී හමාරය. සුද්දන්ගෙන් අපි පරිපාලනමය නිදහස ලබා ගත්තද තවමත් ඔවුන්ගේ සංස්කෘතික වහලුන් බව බව ඔප්පු කිරීමට මීටත් වඩා කදිම සාධක අවශ්‍ය නොවේ. අපේ සමාජය මත බලෙන් පටවන ලද මේ සංකර වානිජ සංස්කෘතියේ ජීවමාන සංඛේත අද මුදල් ඉදිරියේ ආගම ධර්මය පමණක් නොව මවු පියන්ද විකුණන්නට පසුබට නොවන බව පසුගිය දිනවල බුදු ගුණ රැප් කරමින් ඩ්‍රම්ස් තාලයට නටා ගීත ගැයූ උදවිය මනාව සමාජයට පෙන්වා දෙන ලදි.

    ඉතින් මේ දවසට ‍අහිංසක ගෑනු ලමයි කීයක් නම් තමන්ගේ චරිතෙ විනාශ කර ගන්නවාද? අයි අපි ‍අපේ ඇග උඩ බලෙන් පටවපු දෙයක් වෙනුවෙන් මේ හැටි නහින්නේ. මුස්ලිම් ජාතිකයන් මේ වගේ විකාර වැඩ වලට අවු වෙන්නේ නැහැ. සිංහල අපි ඇයි මේ අහක යන කුණු‍ ගොඩවල් වලට රැවටෙන්නේ. කෙල්ලනේ කොල්ලනේ සිතා බලපල්ලා මනසින්. හිතවත් මිතුර, අඹු සැමි ප්‍රේමයට අපි කිසිදා විරුද්ධ නැත. ගිහියන්ට විවාහ වී අවශ්‍ය තරම් ආදරය කිරීමට කිසිදු බාධාවක් මේ සිංහල දේශය තුල කිසිදා තිබුනේ හෝ තිබෙන්නේ නැත. නමුත් වැලන්ටයින් හරහා අපගේ ජාතියේ කොඳු නාරටියට පහර වදිනවානම් වැලන්ටයින් රකුසාගෙන් නව යෞවනය මුදවා ගැනීම අප සැමගේම වගකීමක් වනු ඇත.

    ආදරයට එක දවසක් ඕන නැහැ. ආදරය කරන අයට හැම දවසක්ම විශේෂයි. සුද්දා අපට පුරුදු කරපු දුරාචාර තමයි මත්පැන්, දුම්වැටි, සූදුව. අනික මේ වැලන්ටයින්, මේක අපේ දෙයක් නෙවෙයි. නංගියේ මල්ලියේ මේ වගේ විනාශකාරී දේවල්වලට අහු වෙලා ජීවිතේ විනාශ කර ගන්න එපා. ආදරය කරපල්ලා, තමන්ගේ ආත්ම ගෞරවය රැක ගනිමින් ආදරය කරපල්ලා. අම්මට, තාත්තට, සහෝදර සහෝදරියන්ට, ආදරය කරපල්ලා, මිතුරු මිතුරියන්ට මුලු ලෝකයටම අවංකව ආදරය කරපල්ලා...