ලාල්කාන්තගේ ගමට අධිකරණ බලය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ලාල්කාන්තගේ ගමට අධිකරණ බලය කියන යෝජනාව ගැන මොකද හිතෙන්නේ. ලෝයර්ස්ලාට සල්ලි පූජා කරන්නේ නැතුව අඩු මුදලකට සාධාරණයක් කරගන්න පුලුවන් සමථ මණ්ඩලයට වඩා යම් අධිකරණ බලයක් සහිත ආයතනයක් තිබ්බොත් හොඳ නැද්ද. මොකද සමහර වංචා වගේ දේවල් වලට උසාවි යන්නේ නැති මිනිස්සු ඉන්නවා. මොකද ඒ වංචාකරපු මුදලට වඩා ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා උසාවි යන්න ගියොත්. අනික උසාවි වල නඩු ගොඩ ගැහිලා. ඒ රස්තියාදුව නිසා සිද්ධ වෙන කාලය නාස්තිය
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ow godak hoda deyak. gamata adikarana balaya witharak newei hamdua police balathala ehemath denna ona (y)
    පොලිසියකින් වෙන්න ඕනේ දේ කරගන්න ඕනේ ගමක පොලීසියක් තියෙනවා වියදමක් නැතුව කරගන්න පුලුවන්. ඒත් නඩු කියන්නේ ඇත්තටම ලෝක ලෙඩක් වෙලානේ තියෙන්නේ
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හමුදා පොලිස් බලතල කොහොමත් ගමට තියෙනවානේ. පොලිසියකින් වෙන්න ඕනේ දේ කරගන්න ඕනේ ගමක පොලීසියක් තියෙනවා වියදමක් නැතුව කරගන්න පුලුවන්. ඒත් නඩු කියන්නේ ඇත්තටම ලෝක ලෙඩක් වෙලානේ තියෙන්නේ
    mona game minissunta hamuda police balathala thiyenne ?
    hamuda policy walata wiyadam karana minissunge badu mudal ithuru karanna ona
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    හරියට ඉන්දියාවේ ගම් වල පන්චායත් එක වගේද?
    ඒක ගැනනම් මන් එච්චර දන්නේ නෑ. හැබයි නිකන් ගමේ ඉන්න මිනිස්සු දාල කරන එකක් නෙමේ. නියාමනයක් ඇතුව කරන වැඩක්. විශ්‍රාමික නඩුකාරයෝ වගේ අය ආණ්ඩුවෙන් පඩියක් ලැබෙන ලෝයර්ස්ලා වගේ අය ඉන්න එකක්. මැතිවරණ කොට්ඨාශයකට එකක් වගේ එන්න
     
    • Love
    Reactions: Heshan Daminda

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කලු හම ජාන තියෙන රටවල් එක තැන පල් වෙනවා, වෙනස් කරන්න පුලුවන් කමක් නැ,
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    mona game minissunta hamuda police balathala thiyenne ?
    hamuda policy walata wiyadam karana minissunge badu mudal ithuru karanna ona
    na man hamuda police bala thala kiwwe oya adahas karana eka neme. namuth hamudawakin policiyakin vena vade gana kisima kenekta prashnayak nane. one kenekta wiyadamak nathuwa policiyakin vena vAde karaganna puluwanne . habai godak case policiyen ehata yanne na. sadaranaya ituvena eka ethanin ehata venne na adikaranaye prashna nisa. policiyata yanawa vage minissuta lesiyen yanna puluwan adikarana balayak thiyena ayathanayak one kiyala man kiyanne
     
    • Like
    Reactions: Mr Bones

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    අපෝ එපා.කුහකයො ඉරිසියාකාරයො ටිකක් අපේ ගමේ ජෙප්පො කියන්නෙ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අපෝ එපා.කුහකයො ඉරිසියාකාරයො ටිකක් අපේ ගමේ ජෙප්පො කියන්නෙ.
    ගමට අධිකරණ බලය කියන එකෙන් කියන්නේ ජෙප්පොන්ව නඩුකාරයෝ කරනවා කියන එක නෙමේ. විශ්‍රාමික නඩුකාරයෝන්ට පුළුවන්නේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ලාල්කාන්තගේ ගමට අධිකරණ බලය කියන යෝජනාව ගැන මොකද හිතෙන්නේ. ලෝයර්ස්ලාට සල්ලි පූජා කරන්නේ නැතුව අඩු මුදලකට සාධාරණයක් කරගන්න පුලුවන් සමථ මණ්ඩලයට වඩා යම් අධිකරණ බලයක් සහිත ආයතනයක් තිබ්බොත් හොඳ නැද්ද. මොකද සමහර වංචා වගේ දේවල් වලට උසාවි යන්නේ නැති මිනිස්සු ඉන්නවා. මොකද ඒ වංචාකරපු මුදලට වඩා ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා උසාවි යන්න ගියොත්. අනික උසාවි වල නඩු ගොඩ ගැහිලා. ඒ රස්තියාදුව නිසා සිද්ධ වෙන කාලය නාස්තිය
    නෑ

    අධිකරණ බලය කියන එක එහෙම කොල්ලට බල්ලට දෙන්න අවශ්‍ය නෑ. නඩු ගැන ඔච්චර වේදනයි නම් තියන උසාවි වලට පහසුකම් වැඩි කරන්න පුළුවන්.
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ලාල්කාන්තගේ ගමට අධිකරණ බලය කියන යෝජනාව ගැන මොකද හිතෙන්නේ. ලෝයර්ස්ලාට සල්ලි පූජා කරන්නේ නැතුව අඩු මුදලකට සාධාරණයක් කරගන්න පුලුවන් සමථ මණ්ඩලයට වඩා යම් අධිකරණ බලයක් සහිත ආයතනයක් තිබ්බොත් හොඳ නැද්ද. මොකද සමහර වංචා වගේ දේවල් වලට උසාවි යන්නේ නැති මිනිස්සු ඉන්නවා. මොකද ඒ වංචාකරපු මුදලට වඩා ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා උසාවි යන්න ගියොත්. අනික උසාවි වල නඩු ගොඩ ගැහිලා. ඒ රස්තියාදුව නිසා සිද්ධ වෙන කාලය නාස්තිය
    Concept එක නම් ලස්සනයි, ප්‍රායෝගිකයි ඒත් ක්‍රියාත්මක කරද්දි මොන ප්‍රශ්න එයිද දන්නෙ නැ

    හරිනි අමරසූරිය දෙරණ 360 දි කිව්ව ඕක ගැන ...

    බලමු බලමු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    ලාල්කාන්තගේ ගමට අධිකරණ බලය කියන යෝජනාව ගැන මොකද හිතෙන්නේ. ලෝයර්ස්ලාට සල්ලි පූජා කරන්නේ නැතුව අඩු මුදලකට සාධාරණයක් කරගන්න පුලුවන් සමථ මණ්ඩලයට වඩා යම් අධිකරණ බලයක් සහිත ආයතනයක් තිබ්බොත් හොඳ නැද්ද. මොකද සමහර වංචා වගේ දේවල් වලට උසාවි යන්නේ නැති මිනිස්සු ඉන්නවා. මොකද ඒ වංචාකරපු මුදලට වඩා ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා උසාවි යන්න ගියොත්. අනික උසාවි වල නඩු ගොඩ ගැහිලා. ඒ රස්තියාදුව නිසා සිද්ධ වෙන කාලය නාස්තිය
    Lawyers lata margin ekak denna ona per client maximum mechcharai kiyala
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ගමේ අධිකරණය කියල අලුත් porn set එකක් බලාගන්න පුළුවන් 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    තවත් දූෂිත ක්‍රමයක් ගමේ නඩුකාරයාන් ගේ දන්න අදුනන එවුන් ලේසියෙන් නඩු දිනයි🤣
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕක හොද දෙයක්. ලංකාවේ මිනිස්සු ඕක අල්ලා ගත්තේ වැරදි තැනින්. නැත්තං දේශපාලන වාසි ගන්න මිනිස්සු බය කරා.

    ලාල් කාන්ත කියන්නේ සෑහෙන දැක්මක් තියෙන මනුස්සයෙක්. මිනිහගේ නියම ලිපියක් තිබ්බා මගේ ලග. පොර කියන්නේ මොකක්ද කියලා තේරෙයි. මේක කියෙව්වම. මේක ටිකක් පරණ එකක්.

    හිටපු ගමන් ෆෝන් එකෙන් එන්ටර් ද ඩ්‍රැගන් බලනවා කේ.ඩී. ලාල්කාන්ත​


    November 25, 2018

    ජනතා විමුක්ති පෙරමුණට මිනිස්සුන්ගේ සංස්කෘතික ජීවිතය ගැන නිල මතයක් තියෙනවාද?

    දේශපාලනය ඉලක්ක කරගත් ඍජු මාතෘකා තමයි බොහෝ වෙලාවට සාකච්ඡා වෙන්නේ. ආදරය, විවාහය, ලිංගිකත්වය වගේ සංස්කෘතික මාතෘකා විෂයන් විදියට සාකච්ඡා වෙන ප්‍රමාණය අඩුයි. ඒත් අපි 1994 දක්වා තිබුණු සැඟවුණු දේශපාලනයෙන් එළියට එද්දී පාක්ෂිකයන්ට සමාජය එක්ක ජීවත්වීම සඳහා දැනුම අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් අධ්‍යාපන කවයක් පටන්ගත්තා ‘සංස්කෘතිය හා සමාජවාදය’ කියලා. එහිදී සාකච්ඡා වුණ දේවල් මට මතකයි. පක්ෂයට සංස්කෘතික ජීවිතය ගැන නිශ්චිත ප්‍රතිපත්තියක් නැහැ. ඒත් ඒ මාතෘකා ගැන අර වගේ කවයන්හිදී සාකච්ඡා කරලා තියෙනවා. සමහර අය ඒ වගේ දේවල් ග්‍රහණය කරගන්නේ නැහැ. ඒවා ගැන පක්ෂයේ විවිධ අය ඉදිරිපත් කරන මතවල පුංචි පුංචි වෙනස්කම් තියෙනවා.


    අධ්‍යාපන කවයෙන් පස්සේ සංස්කෘතික ජීවිතය ගැන හිතන්නේ මොකක්ද?

    ඕනෑම සත්වයෙක් ස්වාභාවිකව කරන දේවල් තියෙනවා. කන බොන එක, ලිංගික ක්‍රියාවලිය වගේ දේවල්. ඒත් මිනිස්සු ඒ හැම දෙයක්ම කරන්නේ අනෙක් සතුන්ට වඩා වෙනස් විදියට. මිනිස්සුන්ට ආහාර සංස්කෘතියක් තියෙන බව අවබෝධ කරගත්තාම හැන්දෙන් කන එක, අතින් කන එක සංස්කෘතියක් විදියට දකිනවා. ලිංගිකත්වය ළමයින් හදනවාට වඩා වින්දනයක් විදියට පාවිච්චි කරන බව අපි දැනගන්නවා. ඒක දැනගත්තාම ඔබ ලිංග ිකත්වය විඳින විදිය මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම කරන විදිය ඔබට අදාළ නැහැ. කරදරයක් නොවෙන තාක් කල් අදාළ නැහැ. අඳින පළඳින එකත් ඒ වාගේ. ඒක සංස්කෘතික වැඩක්. සීත පළාත්වල ලෝගු අඳිනවා. උෂ්ණ පළාත්වල විවෘතව අඳිනවා. ග්‍රීස්ම කාලේ තියෙන රටක උපරිම ග්‍රීස්මය එද්දී ඇඟේ ඇඳුම් කෑලි තියෙන්නේ චුට්ටයි. එහෙම නැතිව ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න ක්‍රමයක් නැහැ. මෙහෙට තමයි මැජික් එක.


    ඒත් ලංකාවේ සංස්කෘතිය කියලා කියන්නෙ වෙන දෙයක්. රංගන ශිල්පිනියක් චිත්‍රපටියක නිරුවත් දර්ශනයක් රඟපෑවත් සංස්කෘතිය විනාශ වෙනවා කියලයි කියන්නේ. ඒ කියන සංස්කෘතියයි, ජනතා විමුක්ති පෙරමුණ නිතර පාවිච්චි කරන දේශප්‍රේමයයි එක ළඟින් යනවා නේද?

    අපි ඒවා තේරුම් ගන්න ඕනෑ ඒ ඒ සන්දර්භය ඇතුළේ. චිත්‍රපටියකට කතාවක් තියෙනවා. චරිතයක් උපරිම නිරුවත් වෙනවා ඇති. ඒ දර්ශනය චිත්‍රපටියෙන් වෙන්කරලා තිබුණොත් තමයි ඒක කුණුහරුපයක් වෙන්න. ඒත් ඒක චිත්‍රපටිය ඇතුළේ තියලා බලද්දී කුණුහරුපයක් නෙවෙයි. යමක් බලන්න ඕනෑ ඒ සන්දර්භය ඇතුළේ. අපි හිතමු රූ රැජිණ තරගයක් ගැන. ඒකෙදී ඇඟේ සුළු කොටසක් හැර සියල්ල පෙන්වන්න වෙනවා. ඒක ඒ සන්දර්භය ඇතුළේ බලනවා මිසක් ගෙදර ගිහින් බලන්න ඕනෑ නැහැ. ලංකාවේ එක කාලයක තනපට අඳින්න බැහැනේ. ඒක ප්‍රභූන් සාමාන්‍ය මිනිස්සුන්ව පීඩාවට පත් කරන්න දාපු නීතියක්. ප්‍රභූවරුන්ගේ කාන්තාවන්ට විතරයි අඳින්න පුළුවන්. දැන් අපි ඒක කළොත් හිතන්නේ මොකක්ද. අදත් උඩුකය නිරුවත් පින්තූරයක් කලාගාරයක තියෙන්න පුළු‍වන්. ඒවා රසවිඳින්න මනස හදාගත්තාම ප්‍රශ්නයක් නැහැ. සංස්කෘතිය එක තැන පල්වෙන්නේ නැහැ. නව ලෝකයට, නව දැනුමට නොගැළපෙන දේවල් තියෙනවා නම් වෙනස් කරගන්න ඕනෑ.


    මත්පැන් බීමට සීමා වැටෙන්නේත් ඔය සංස්කෘතික, සදාච ාරවාදී චින්තනය නිසා නේද?

    තව කෙනෙක්ව පීඩාවට පත්වෙන්නේ නැත්නම් ඕනෑ දෙයක් අවුලක් නැහැ. කාල්මාක්ස් කියලා තියෙනවා මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා. අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද? අපි දෙන්නා බොන ගමන් පරණ කතා මතක් කරනවා කියලා හිතමු. කාටවත් මොකක්ද තියෙන ප්‍රශ්නය. හැබැයි මට පොඩි සීමාවක් තියෙනවා. මොකද දැන් කෝල් එකක් එන්න පුළුවන් හදිසි තත්ත්වයක් තියෙනවා, එන්න කියලා. අපට සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ටිකක් නොබී ඉන්නවා නම් මම නොබී ඉන්නේ. ඒ කාලේ ඉඳන් ආර්ථික අමාරුකම් එක්ක පක්ෂයේ හැදුණ මත්පැන් නොබොන සංස්කෘතියක් තියෙනවා. තව කෙනෙක් අහන්න පුළු‍වන් නොකා නොබී ජීවත්වෙලා ඇති වැඬේ මොකක්ද කියලා. අපේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා, ඉස්කෝලේ 83 කණ්ඩායම වාර්ෂිකව සාදයක් එහෙම දානවා. එතකොට මම යනවා. උංගෙන් ඉතින් බේරෙන්න බෑ බීපං කියලා. ඉතින් චුට්ටක් බොනවා. ඒක මට බොන්න තියෙන වුවමනාවක් නෙවෙයි. ඒත් ඒක තමයි එතැන මම පවත්වන මානුෂීය සම්බන්ධයේ ස්වරූපය.


    මෑත කාලයේ ලංකාවේ ඉන්න ලොකුම සංස්කෘතික පොලි ස්කාරයා සමකාමී ප්‍රජාවට දැවැන්ත අපහාසයක් කරන්න උත්සාහ කළා. ඔබ විශ්වාස කරන සංස්කෘතික නිදහස සමකාමීන්ට ලැබිය යුතුද?

    කලින් කී මාක්ස්ගේ කියමන මෙතැනට අදාළ වෙනවා. යම් කිසි දෙදෙනෙක් හෝ කිහිපදෙනෙක් කැමැත්තෙන් ලිංගික ජීවිතය භූක්ති විඳිනකොට කාටවත් මොකද. කාලයක් වෛද්‍ය විද්‍යාවේ කතාකළානේ සමලිංග ිකත්වය ලෙඩක්ද කියලා, අද ලෝකය පිළිගන්නවා ඒක ලෙඩක් නෙවෙයි කියලා. සංක්‍රාන්ති ලිංගි කත්වයත් ඒ වගේ. මම ඉපදෙන කොට පිරිමි සිරුරක් ලැබෙනවා. ඒත් මම කැමති කාන්තාවක් වගේ ඉන්න කියලා හිතමු. පිරිමියෙක් වගේ ඉපදිලා පිරිමියෙක් වගේ අඳින කෙනෙක්ට, ගැහැනියක් වගේ අඳින්න කියලා බලකරනවා වගේම තමයි සංක්‍රාන්ති ලිංගික කාන්තාවකට පිරිමියෙක් වගේ ඉඳපන් කියලා බල කරන එක. ලෝකයේ සංස්කෘතින් ගැන අඩු දැනුම නිසා මේ අනන්‍යතාවන් තව කෙනෙකුට පහරදීමේ අවි විදියට පාවිච්චි වෙනවා. ඒත් ඒවා ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නැහැ. මම නම් ඔය හැම ලිංග ික කටයුත්තක්ම කරලා තියෙනවා. විවෘතව කියන්නම්. පොඩි කාලේ මම ස්වයං-ලිංගික කටයුතු කරලා තියෙනවා. තරුණ වයසට එද්දී පිරිමි යාළුවොත් එක්ක ලිංගික කටයුතු කරලා තියෙනවා. ඒ වයසේදීම ගෑනු ළමයි එක්කත් ලිංග ික කටයුතු කරලා තියෙනවා. මම දන්නවා වෙන අයත් ඒ හැමදේම කරලා තියෙනවා. මම කාටවත් බලහත්කාරකමක් කරලා නැහැ. ඒ ලිංගිකත්වය මම අනිවාර්යයෙන් තියාගන්න ඕනෑ කියලා පවත්වාගෙන යන්නේත් නැහැ. ලිංගික ප්‍රජාවක් පදනම් කරගෙන මාතෘකාවක් ගොඩනඟන එකම පසුගාමීයි කියලා මම හිතනවා. ඒක ඒ ඒ අයගේ පෞද්ගලිකත්වය.


    විවාහය, ලිංගිකත්වය වගේම ප්‍රේමය ගැනත් සංස්කෘතික සීමා තියෙනවා. ‘අනියම් ප්‍රේමය’ කියන එක අද මාධ්‍ය පවා බොහෝවිට පාවිච්චි කරන වචනයක්.

    චිත්‍රාල් සෝමපාල සහ උමාරියා ගයන සිංදුවක පදයක් තියෙනවා, ‘පෙම රසයි රසයි රහසින් හන්දා’ කියලා. මිනිසා බිහිවුණ දා පටන් මිනිස් සමාජයේ සම්පූර්ණ ඉතිහාසයෙන් ගත්තොත් ඉතාම පුංචි කාලයක් විතරක් පාවිච්චි කළ අදහසක් තියෙනවා. ජීවිත කාලයේම එකම පිරිමියෙක් සහ එකම ගැහැනියක් අතර තියෙන සම්බන්ධය තමයි හොඳම සම්බන්ධය කියන අදහස. මිනිස් ඉතිහාසය එක්ක ගත්තාම ඒ කාලය කතාකරන්නවත් තරම් නැති පුංචි කාල සීමාවක්. එකම කෙනෙක්ට සීමාවෙන බව කියනවා නම්, ඊට වඩා හොඳයිනේ තනියම කරගන්න එක. ඒක ඊටත් වඩා පිවිතුරුයිනේ. එංගල්ස් කියනවා එහෙම ගත්තොත් ලෝකයේ ඉන්න පවිත්‍රම සතා පටිපණුවාලු‍. මොකද උගේ හැම පුරුකක් ගානෙම ලිංගික අවයව දෙකම තියෙනවා. ඌ තනියම ප්‍රජනනය කරගන්නවා. කාටවත් කරදරයක් නැහැ.


    බොහෝ පවුල් එකට පවතින්නේ බලහත්කාරයෙන්. භෞතික බලහත්කාරයම නෙවෙයි. ආකල්පමය බලහත්කාරය, ආර්ථිකය විසින් ඇතිකළ බලහත්කාරය, නීති පද්ධතියෙන් හැදූ බලහත්කාරය, සමාජීය බලහත්කාරය වගේ විශාල බලහත්කාරයක්. සංකීර්ණ බලහත්කාර යාන්ත්‍රණයක් විසින් තමයි පවුලක දෙන්නෙකු එකටම තබන්නේ. එකිනෙකා කෙරෙහි තියෙන ආදරය සහ රුචිකත්වය මතම නෙවෙයි එකට ඉන්නේ. පවුල කියන්නේ සිරගතවීමක්. ඉස්සර කතාවක් තියෙනවානේ ආර්ථිකය ගැන. ඉස්සරහ දොරින් දුප්පත්කම එද්දී ආදරය පස්සා දොරින් පලායනවා කියලා. ලංකාවෙ බහුතරයකට පවුල් ජීවිතය විඳින්නත් බැහැ. එකට චිත්‍රපටියක්, නාට්‍යයක් බලන්න වෙලාවක් නැහැ. ඒක ඇතුළේ ආදරය පලායනවා. ආර්ථික ප්‍රශ්නවලට මුහුණදෙන්න හැකියාව තියෙන අය ආදරය පලායද්දී දික්කසාද වෙනවා. පීඩිතයන්ට ඒක කරන්න බැහැ. මං හිතන්නේ සීයක් විවාහ වෙද්දී විසිපහක් විතර දික්කසාද වෙනවා. මම කියන්නේ අපි විවාහය පිළිබඳව එකතුවෙන තැනදී දික්කසාද වීම ගැනත් එකඟ විය යුතුයි. හැබැයි, නිදහස ගැන කතාකළා වගේ නෙවෙයි. ප්‍රායෝගිකව පෙන්වන්න ඕනෑ. මගේ බිරිඳට වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් මට පුළුවන් වෙන්න ඕනෑ ඒක පිළිගන්න. ඒක එයාගේ කැමැත්ත නම් මම මොකටද ඒකට ඇඟිලි ගහන්නේ. සමහර ලිබරල්යැයි කියාගන්නා අයත් තමන්ගේ බිරිඳ හෝ සැමියාට ප්‍රශ්නය ආවාම කලින් කී කතා ඉවරයි.


    පරණ දේ විනාශ නොවී අලු‍ත් දෙයක් නිර්මාණය වෙන්නේ නැති බව කියනවා. මේ පවුල් ක්‍රමය නරකයි කියලා හිතන්න බැහැ. මේක තමයි දැන් තියෙන ක්‍රමය. මේක විනාශ වෙද්දී තවත් හොඳ පවුල් ක්‍රමයක් නිර්මාණය වේවි. ඉතිහාසයේදී තිබුණු එක ගෙයි කෑම, විස්තෘත පවුල වගේ ක්‍රම දැන් නැතිවෙලා. මේ ක්‍රමය ඇවිත්. ඉදිරියේදී තව හොඳ ක්‍රම ඇතිවේවි. එංගල්ස්ගේ ‘පවුල, පෞද්ගලික දේපළ හා රජය’ ඇතිවූ හැටි කියන පොත කියෙව්වොත් ඔළු ගොඩාක් සුද්ධවෙයි.


    කොහොම වුණත් ප්‍රකට දේශපාලන නායකයෙක් විදියට ඔබ කියන මේ කාරණා ලොකු වාදවිවාදවලට ලක්වෙන්න ඉඩ තියෙනවා නේද?

    දැන් කලින් තිබුණු ආකල්ප පද්ධතිය බිඳවැටෙනවා. ඒ නිසා තමයි ලොකු පිපිරීමක් තියෙන්නේ. මම කියන්නේ ඒ පිපිරීම හොඳයි කියලා. ඒ පිපිරීම විසින් තමයි මීට වඩා මානුෂීය තැනකට සමාජය යන්නේ. ඉතිහාසයේ ඉඳන් මේ දක්වා සමාජයට ඉදිරියට ඇවිත් තියෙන්නේ එහෙම.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔබ වරක් කියා තිබුණා ගෙවල් ඇතුළේ ෆැක්ටරි ටික එළියට යන්න ඕනෑ කියලා. ඒ කතාව මොකක්ද?

    අපේ රටවල තිබුණු නිෂ්පාදන ක්‍රමයට ආසියාතික නිෂ්පාදන රටාව කියලයි කියන්නේ. නිෂ්පාදනය කියන එක පෞද්ගලිකව තිබුණේ. මෙහෙම හිතමු. ඉස්සර බත් පිඟානක් ගත්තොත් බත් පිඟාන පුරාම ඉන්නේ තාත්තා. දැන් බත් පිඟාන ගත්තොත් මුළු ලෝකයම ඉන්නවා. හාල් එක රටකින්. සෝස් තිබුණොත් ඒක තව රටකින්. ව්‍යංජනයක් තව රටකින්. පිඟාන තවත් රටකින්. සමාජය ඉස්සරහට එනකොට පෞද්ගලිකව නිෂ්පාදනය විදියට ගේ ඇතුළේ තිබුණු නිෂ්පාදන ගෙයින් එළියට යනවා. ඒක අපේ රටට තේරුම් කරන්න තියෙන හොඳම උදාහරණය තමයි මහන මැෂිම. පරම්පරාවකට කලින් හැම ගෙදරකම මහන මැෂිමක් තිබුණා. ගෑනු ළමයෙක්ට දෑවැද්දට මැෂිමක් ඕනෑමයි. දැන් මහන මැෂිමක් අරන් යන්න කිසිම ගෑනු ළමයෙක් කල්පනා කරන්නේ නැහැ. එදා මැහීමේ කර්මාන්තය තිබුණේ ගේ ඇතුළේ. අද ඒක ගෙයින් එළියට ගිහින්. ඒත් තව ෆැක්ටරි කිහිපයක්ම ගේ ඇතුළෙන් එළියට යා යුතුයි. දැන් ගොඩාක් අය ගෙදරට වොෂින් මැෂින් එකක් ගෙනෙන්න බලනවා. අපි කියන්නේ, වොෂින් මැෂින් ගෙනැල්ලා රෙදි සේදීම ගේ ඇතුළේම තියාගන්න එපා. ඒක රෙදි හෝදලා මැදලා දෙන තැනකට බාරදෙන්න.


    ඒ ටික එළියට ගිය පවුල් දැනටම ඉන්නවා. අපේ සමාජයේ පන්ති භේදයක් තියෙනවා. ඉහළ ආදායම් තියෙන අය එළියට දීලා. ගොඩක් අය මේවා ඇතුළේ තියාගෙන ඉන්නෙ බැරිකමට. ආර්ථික ප්‍රශ්නයක්. අපේ ගේ ඇතුළෙ තවත් ගොඩක් තියෙනවා. කෑම කැපීම, කෑම ඉවීම, වළං හේදීම වගේ. තව දේවල් තමයි ළමයින් බලා ගැනීම හා වැඩිහිටියන්ට සැලකීම. පවුලේ දෙන්නා රස්සාවට යන්නත් ඕනෑ. අන්තිමේදී දරුවන්ට, වැඩිහිටියන්ට සහ ජෝඩුවට යුක්තිය ඉටුවෙන්නේ නැහැ. ඒ වැඩ පවා එළියට යන්න වෙනවා. දරුවන් රැකබලා ගැනීමට හොඳ මධ්‍යස්ථාන අවශ්‍යයි. දරුවාව සතුටින් තියන, දරුවා ගැන දන්න අයව අවශ්‍යයි. දෙමාපියන්ට සියලු‍ පහසුකම් දුන්නත් කාමරයක් ඇතුළේ අම්මෙක් තාත්තෙක් ඉන්න එක ලොකු අපරාධයක්. එයාලාට පුළුවන් නම් තමන්ගේ වයසේ, තමන්ට ඇසුරු කරන්න පුළුවන් අය එක්ක විනෝදයෙන් ඉන්න. ඒක ලොකු දෙයක්. අපි හිතනවා අපේ සංස්කෘතිය අනුව ගේ ඇතුළේ මාපියන් රැකබලාගැනීම තමයි හොඳම දේ කියලා. ගෙවල් පන්සීයක් වෙන වෙනම උයනවාට වඩා හොඳ නැද්ද ගෙදරින් එළියේ, රසටම උයන තැනකින් කෑම කන එක. තනි තනි ගෙවල්වල නිෂ්පාදනය වෙන දේවල අතිරික්තය අපතේ යෑමත් නවතිනවා. ඉතින් ආර්ථිකයටත් යහපත්.


    අපේ අය නම් බටහිර රටවලට ගියත් වෙනස් වෙන්නේ නැහැ. මම ළඟදී ජිනීවාවල ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ගියා. අපි බොහෝවිට අපේ හිතමිත්‍රයන්ගේ තැන්වල ඉන්නේ. එයාලා ඒ රටවල පුංචි ලංකාවක් හදාගෙනයි ජීවත්වෙන්නේ. ගෙදර කන්න උයන්නේ පරිප්පුයි බතුයි. එකතුවෙලා පුංචි පන්සලක් එහෙම හදාගන්නවා. මේක නම් පසුගාමීත්වයක්. මම වතාවක් කටාර් ගියා. අපි යද්දී හොඳ පිළිගැනීමක් එක්ක කිරිබත් හදලා තිබුණා. මහන්සි වෙලා හදලා තිබුණේ. ඒත් මම හිත නොරිද්දාම කීවා මම මෙහෙන් යනකල් මට ලංකාවෙ කෑම නම් එපා කියලා. මම වෙන රටකට ගියොත් එහේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා ආවේ නැත්නම් වැඩක් නැහැ. එහේ ගිහිල්ලත් කිරිබතුයි ලු‍ණුමිරිසුයි කන්නෙ ඇයි? මේවා විකෘති.


    ඔබ රසවිඳින කලාකෘති මාක්ස්වාදී, ප්‍රගතිශීලී ඒවා විය යුතුද?

    මම ඕනෑ කලාකෘතියක් රසවිඳිනවා. අමරදේව මහත්තයාගේ සිංදුවක තියෙනවා, ‘බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා – සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා’ කියලා. මේකෙ තියෙන්නේ සෞන්දර්යයනේ. මේක විඳින්න පුළුවන්. කෙනෙක්ට අහන්න පුළුවන් ඔබ මාක්ස්වාදියෙක්නේ. ඔබට මේකෙ සෞන්දර්යයෙන් ඇති වැඬේ මොකක්ද කියලා. ඒකෙන් සමාජ ප්‍රගමනයට වෙන්නේ මොකක්ද කියලා. සමාජ ප්‍රගමනයට හේතුවෙන කලා නිර්මාණත් තියෙනවා. ඒක විතරක්ම තියෙන්න ඕනෑද කියන එකයි ප්‍රශ්නය. පණිවුඩයක් එක්ක සෞන්දර්යාත්මක දෙයක් කියන කලා නිර්මාණත් තියෙනවා. ඒත් හැම එකකින්ම පණිවුඩ ඕනෑ නැහැ. කොහොම වුණත් සමහර නිර්මාණවල අන්තර්ගතය ප්‍රතිගාමීයි. එහෙම නිර්මාණ ගැන විවේචනයක් තියෙනවා. කලාව වෙනුවෙන් මට ඕනෑ තරම් වෙලාව තියෙනවා. හැම වෙලාවෙම වාහනයෙන් යද්දී සිංදුවක් අහනවා. හිටපු ගමන් ෆෝන් එකෙන් ‘එන්ටර් ද ඩ්‍රැගන්’ බලනවා. මම බෲස්ලිගේ ෆිල්ම්වලට කැමතියි. කව්බෝයි ෆිල්ම්වලටත් කැමතියි. ජිම් කෙලීගේ ෆිල්ම් බලනවා. ‘ද ගුඞ් ද බෑඞ් ද අග්ලි’ වගේ පරණ ෆිල්ම් බලනවා. හිටපු ගමන් බන්දු ටෙනීගෙ ෆිල්ම් එකකුත් බලනවා. ගෙදර ඉද්දී ටී.වී. එකේ චැනල් මාරු කරගෙන යනවා. පොතක් බලාගන්න ඉඳගත්තොත් ඒකත් කරනවා. සුචරිත ගම්ලත් තමන්ගේ පොතක පෙරවදනේ කියලා තියෙනවා, ‘සාහිත්‍ය කලාවෙන් විහීන කෙනෙක්ට අඩු අංතට්ටුවකුත් වලිගයකුත් විතරයි’ කියලා. ‘එහෙම අය තණකොල බුදින්නේ නැති එක ගොනුන්ගේ වාසනාව’ කියලා.■

    ලින්ක්
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Sajith Sir awoth seyma Gam19263 tama පන්චායත් ekak devi. Ewa India ekka joint karanawa dhiyunu karanna
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලාල්කාන්තගේ ගමට අධිකරණ බලය කියන යෝජනාව ගැන මොකද හිතෙන්නේ. ලෝයර්ස්ලාට සල්ලි පූජා කරන්නේ නැතුව අඩු මුදලකට සාධාරණයක් කරගන්න පුලුවන් සමථ මණ්ඩලයට වඩා යම් අධිකරණ බලයක් සහිත ආයතනයක් තිබ්බොත් හොඳ නැද්ද. මොකද සමහර වංචා වගේ දේවල් වලට උසාවි යන්නේ නැති මිනිස්සු ඉන්නවා. මොකද ඒ වංචාකරපු මුදලට වඩා ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා උසාවි යන්න ගියොත්. අනික උසාවි වල නඩු ගොඩ ගැහිලා. ඒ රස්තියාදුව නිසා සිද්ධ වෙන කාලය නාස්තිය
    එහෙම උගත් මිනිස්සු එක්ක ආයතන විදියට යනවනම් කමක් නෑ. ගමේ එවුන් එක්ක කමිටු හදාගෙන නඩු අහන්න ගියොත් ලෝක විනාසයක් වෙන්නේ
     
    • Like
    Reactions: geeko