ලාල් කාන්ත ඇප ලැබිමෙන් පසු කියු දේ

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලාල් කාන්ත ඇප ලැබිමෙන් පසු කියු දේ

    ශ්‍රී ලංකාවේ පොලීසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොඳින් දන්නවා. පොලීසිය කියන සියලු දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතැයි, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවැසීය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිට මෝසමක් මගින් ඇප ලැබීමෙන් අනතුරුව අද (7දා) අනුරාධපුර උසාවිය අසලදී ය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා.

    "පසුගිය පළමු වැනිදා මා පැදවූ කැබ් රථය, යතුරුපැදියක ගැටී අනතුරක් සිදු වුණා. මම කනගාටු වෙනවා එම රිය අනතුර, වලක්වා ගන්න බැරි උන එක ගැන. එක පැත්තකින් මා සතුටු වනවා මීට වඩා බරපතළ හානියක් නොවී එතුමියගේ ජීවිතේ මට බේරා ගන්න ලැබීම පිළිබඳව. එම මොහොතේ පාලනයෙන් තොරව පැමිණි යතුරුපැදිය තමයි මගේ වාහනයේ ගැටුණේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. පොලිසියේ විමර්ශන කටයුතු වල සිටියා, අපි ඒ විමර්ශන කටයුතු කර ගෙන යන්න ඉඩ හැරියා. පස්සෙ රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කළා, එතැනින් පසුව දින දාහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කරා, ඊට පසුව මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලැබුණා..

    මුලින්ම රෝගියා සම්බන්ධයෙන් අපි මොකක්ද කරන්න පුළුවන් කියලා බලලා, ඒ සම්බන්ධයෙන් උපරිම කටයුතු කරනවා. නීතිඥයන් බොහෝ දෙනෙක් මේ කටයුත්තට මා වෙනුවෙන් පෙනී සිටියා. ඒ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා.

    නීතියට අනුව මේ දේවල් සිද්ධ වුණා. අපිත් එක්ක එක එක ඇරියස් තියෙන අය ඉන්නවා. දේශපාලන ඇරියස් තියෙන අය ඉන්නවා, එක එක න්‍යාය පත්‍ර වල වැඩ කරන අයත් ඉන්නවා. පොලීසියේ ඇතැම් වාර්තා පිළිබඳව අපට ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා. ඒවා අපි නීතියෙන් අධිකරණයට ඒවා ඉදිරිපත් කරලා අධිකරණයෙන් විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා යැයි” ඔහු පැවසිය.

    අනුරාධපුර - පි.බි.චතුරංග

    image_07250d1194.jpg
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    මු ගැන පට්ට පැහැදීමක් ආවා මේ ආර්ටිකල් එක කියෙව්වම.

    හිටපු ගමන් ෆෝන් එකෙන් එන්ටර් ද ඩ්‍රැගන් බලනවා කේ.ඩී. ලාල්කාන්ත

    new-web-72.jpg

    මත්පැන් බීමට සීමා වැටෙන්නේත් ඔය සංස්කෘතික, සදාච ාරවාදී චින්තනය නිසා නේද?

    තව කෙනෙක්ව පීඩාවට පත්වෙන්නේ නැත්නම් ඕනෑ දෙයක් අවුලක් නැහැ. කාල්මාක්ස් කියලා තියෙනවා මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා. අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද? අපි දෙන්නා බොන ගමන් පරණ කතා මතක් කරනවා කියලා හිතමු. කාටවත් මොකක්ද තියෙන ප්‍රශ්නය. හැබැයි මට පොඩි සීමාවක් තියෙනවා. මොකද දැන් කෝල් එකක් එන්න පුළුවන් හදිසි තත්ත්වයක් තියෙනවා, එන්න කියලා. අපට සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ටිකක් නොබී ඉන්නවා නම් මම නොබී ඉන්නේ. ඒ කාලේ ඉඳන් ආර්ථික අමාරුකම් එක්ක පක්ෂයේ හැදුණ මත්පැන් නොබොන සංස්කෘතියක් තියෙනවා. තව කෙනෙක් අහන්න පුළු‍වන් නොකා නොබී ජීවත්වෙලා ඇති වැඬේ මොකක්ද කියලා. අපේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා, ඉස්කෝලේ 83 කණ්ඩායම වාර්ෂිකව සාදයක් එහෙම දානවා. එතකොට මම යනවා. උංගෙන් ඉතින් බේරෙන්න බෑ බීපං කියලා. ඉතින් චුට්ටක් බොනවා. ඒක මට බොන්න තියෙන වුවමනාවක් නෙවෙයි. ඒත් ඒක තමයි එතැන මම පවත්වන මානුෂීය සම්බන්ධයේ ස්වරූපය.

    මෑත කාලයේ ලංකාවේ ඉන්න ලොකුම සංස්කෘතික පොලි ස්කාරයා සමකාමී ප්‍රජාවට දැවැන්ත අපහාසයක් කරන්න උත්සාහ කළා. ඔබ විශ්වාස කරන සංස්කෘතික නිදහස සමකාමීන්ට ලැබිය යුතුද?

    කලින් කී මාක්ස්ගේ කියමන මෙතැනට අදාළ වෙනවා. යම් කිසි දෙදෙනෙක් හෝ කිහිපදෙනෙක් කැමැත්තෙන් ලිංගික ජීවිතය භූක්ති විඳිනකොට කාටවත් මොකද. කාලයක් වෛද්‍ය විද්‍යාවේ කතාකළානේ සමලිංග ිකත්වය ලෙඩක්ද කියලා, අද ලෝකය පිළිගන්නවා ඒක ලෙඩක් නෙවෙයි කියලා. සංක්‍රාන්ති ලිංගි කත්වයත් ඒ වගේ. මම ඉපදෙන කොට පිරිමි සිරුරක් ලැබෙනවා. ඒත් මම කැමති කාන්තාවක් වගේ ඉන්න කියලා හිතමු. පිරිමියෙක් වගේ ඉපදිලා පිරිමියෙක් වගේ අඳින කෙනෙක්ට, ගැහැනියක් වගේ අඳින්න කියලා බලකරනවා වගේම තමයි සංක්‍රාන්ති ලිංගික කාන්තාවකට පිරිමියෙක් වගේ ඉඳපන් කියලා බල කරන එක. ලෝකයේ සංස්කෘතින් ගැන අඩු දැනුම නිසා මේ අනන්‍යතාවන් තව කෙනෙකුට පහරදීමේ අවි විදියට පාවිච්චි වෙනවා. ඒත් ඒවා ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නැහැ. මම නම් ඔය හැම ලිංග ික කටයුත්තක්ම කරලා තියෙනවා. විවෘතව කියන්නම්. පොඩි කාලේ මම ස්වයං-ලිංගික කටයුතු කරලා තියෙනවා. තරුණ වයසට එද්දී පිරිමි යාළුවොත් එක්ක ලිංගික කටයුතු කරලා තියෙනවා. ඒ වයසේදීම ගෑනු ළමයි එක්කත් ලිංග ික කටයුතු කරලා තියෙනවා. මම දන්නවා වෙන අයත් ඒ හැමදේම කරලා තියෙනවා. මම කාටවත් බලහත්කාරකමක් කරලා නැහැ. ඒ ලිංගිකත්වය මම අනිවාර්යයෙන් තියාගන්න ඕනෑ කියලා පවත්වාගෙන යන්නේත් නැහැ. ලිංගික ප්‍රජාවක් පදනම් කරගෙන මාතෘකාවක් ගොඩනඟන එකම පසුගාමීයි කියලා මම හිතනවා. ඒක ඒ ඒ අයගේ පෞද්ගලිකත්වය.

    විවාහය, ලිංගිකත්වය වගේම ප්‍රේමය ගැනත් සංස්කෘතික සීමා තියෙනවා. ‘අනියම් ප්‍රේමය’ කියන එක අද මාධ්‍ය පවා බොහෝවිට පාවිච්චි කරන වචනයක්.

    චිත්‍රාල් සෝමපාල සහ උමාරියා ගයන සිංදුවක පදයක් තියෙනවා, ‘පෙම රසයි රසයි රහසින් හන්දා’ කියලා. මිනිසා බිහිවුණ දා පටන් මිනිස් සමාජයේ සම්පූර්ණ ඉතිහාසයෙන් ගත්තොත් ඉතාම පුංචි කාලයක් විතරක් පාවිච්චි කළ අදහසක් තියෙනවා. ජීවිත කාලයේම එකම පිරිමියෙක් සහ එකම ගැහැනියක් අතර තියෙන සම්බන්ධය තමයි හොඳම සම්බන්ධය කියන අදහස. මිනිස් ඉතිහාසය එක්ක ගත්තාම ඒ කාලය කතාකරන්නවත් තරම් නැති පුංචි කාල සීමාවක්. එකම කෙනෙක්ට සීමාවෙන බව කියනවා නම්, ඊට වඩා හොඳයිනේ තනියම කරගන්න එක. ඒක ඊටත් වඩා පිවිතුරුයිනේ. එංගල්ස් කියනවා එහෙම ගත්තොත් ලෝකයේ ඉන්න පවිත්‍රම සතා පටිපණුවාලු‍. මොකද උගේ හැම පුරුකක් ගානෙම ලිංගික අවයව දෙකම තියෙනවා. ඌ තනියම ප්‍රජනනය කරගන්නවා. කාටවත් කරදරයක් නැහැ.

    බොහෝ පවුල් එකට පවතින්නේ බලහත්කාරයෙන්. භෞතික බලහත්කාරයම නෙවෙයි. ආකල්පමය බලහත්කාරය, ආර්ථිකය විසින් ඇතිකළ බලහත්කාරය, නීති පද්ධතියෙන් හැදූ බලහත්කාරය, සමාජීය බලහත්කාරය වගේ විශාල බලහත්කාරයක්. සංකීර්ණ බලහත්කාර යාන්ත්‍රණයක් විසින් තමයි පවුලක දෙන්නෙකු එකටම තබන්නේ. එකිනෙකා කෙරෙහි තියෙන ආදරය සහ රුචිකත්වය මතම නෙවෙයි එකට ඉන්නේ. පවුල කියන්නේ සිරගතවීමක්. ඉස්සර කතාවක් තියෙනවානේ ආර්ථිකය ගැන. ඉස්සරහ දොරින් දුප්පත්කම එද්දී ආදරය පස්සා දොරින් පලායනවා කියලා. ලංකාවෙ බහුතරයකට පවුල් ජීවිතය විඳින්නත් බැහැ. එකට චිත්‍රපටියක්, නාට්‍යයක් බලන්න වෙලාවක් නැහැ. ඒක ඇතුළේ ආදරය පලායනවා. ආර්ථික ප්‍රශ්නවලට මුහුණදෙන්න හැකියාව තියෙන අය ආදරය පලායද්දී දික්කසාද වෙනවා. පීඩිතයන්ට ඒක කරන්න බැහැ. මං හිතන්නේ සීයක් විවාහ වෙද්දී විසිපහක් විතර දික්කසාද වෙනවා. මම කියන්නේ අපි විවාහය පිළිබඳව එකතුවෙන තැනදී දික්කසාද වීම ගැනත් එකඟ විය යුතුයි. හැබැයි, නිදහස ගැන කතාකළා වගේ නෙවෙයි. ප්‍රායෝගිකව පෙන්වන්න ඕනෑ. මගේ බිරිඳට වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් මට පුළුවන් වෙන්න ඕනෑ ඒක පිළිගන්න. ඒක එයාගේ කැමැත්ත නම් මම මොකටද ඒකට ඇඟිලි ගහන්නේ. සමහර ලිබරල්යැයි කියාගන්නා අයත් තමන්ගේ බිරිඳ හෝ සැමියාට ප්‍රශ්නය ආවාම කලින් කී කතා ඉවරයි.

    පරණ දේ විනාශ නොවී අලු‍ත් දෙයක් නිර්මාණය වෙන්නේ නැති බව කියනවා. මේ පවුල් ක්‍රමය නරකයි කියලා හිතන්න බැහැ. මේක තමයි දැන් තියෙන ක්‍රමය. මේක විනාශ වෙද්දී තවත් හොඳ පවුල් ක්‍රමයක් නිර්මාණය වේවි. ඉතිහාසයේදී තිබුණු එක ගෙයි කෑම, විස්තෘත පවුල වගේ ක්‍රම දැන් නැතිවෙලා. මේ ක්‍රමය ඇවිත්. ඉදිරියේදී තව හොඳ ක්‍රම ඇතිවේවි. එංගල්ස්ගේ ‘පවුල, පෞද්ගලික දේපළ හා රජය’ ඇතිවූ හැටි කියන පොත කියෙව්වොත් ඔළු ගොඩාක් සුද්ධවෙයි.

    අනිද්දා පුවත්පතේ පලවූ සම්පුර්ණ සාකච්චාව මෙතනින් බලන්න.
     
    Last edited:

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ

    සිරා