ලැට් මී සී ද චැක් - Lat mee see da chack

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    ලැට් මී සී ද චැක් - Lat mee see da chack

    කතන්දර ජෝඩුව බැඳපු අළුත හොයලා, හොයලා, අන්තිමේ දී හම්බවෙලා, කාලයක් පදිංචි වෙලා හිටිය ඇනෙක්ස් එකේ ආන්ටි තමයි අපිට මේ කතන්දරේ කිව්වෙ.

    ඔන්න, මේ පලාතෙ ඉඳල තියෙනව අම්බ හොරෙක්. හොරෙක් කිව්වට ඉතිං ගමේ ගොඩේ කෙහෙල් කැන් කපන එකෙක්වත්, කුඩු ගන්න සල්ලි හොයන්න ටවුන් එකේ ගෙවල්වලින් බඩු හොරකං කරන එකෙක් වත් නෙමේ.

    මේකා හොඳ ඉස්තරම් වර්ගයේ වයිට් කොලර් කෘක් කෙනෙක්.

    ඒ කියන්නේ පොර කරලා තියෙන්නේ ම ඉහල පෙලේ හොරකම්. විශේෂයෙන් ම හොර චෙක් ලියන එක වගේ ඒවා.

    ඔන්න දවසක් පොර ලියල මාරු කර ගත්තු හොර චෙක් එකක වැඩේ මාට්ටු වුණා. පාඩු වෙච්ච ඈයෝ, බැංකුවෙන් රිජෙක්ට් වුණු හොර චෙක් එකත් අරං ගිහිං පොලීසියේ ඇන්ට්‍රියක් දැම්මා.

    ගමේ කෙහෙල් කැණක් කපපු, අරක්කු බෝතලයක් හොර පොලක විකුණපු එකෙක් අහුවුනොත් ඉතිං පොලීසිය සාමාන්‍යයෙන් කරන්නේ කුදලාගෙන පොලීසියට ගිහින් කූඩුවට දාලා, නෙලලා, නෙලලා, පස්සේ නඩු දාන එකනේ.

    වයිට් කොලර්ස් හොර අංකල් ලා ට සැලකිල්ල වෙනස්.

    ඔන්න පණිවිඩයක් යැවුවා, අර හොරා මහත්තයට පොඩ්ඩක් පොලීසියට ඇවිල්ල යන්න එන්න කියල.

    මිස්ට හොරා ආව කිසි බයක් සැකක් නැතුව.

    "මිස්ට ට විරුද්දව පැමිණිල්ලක් තියෙනව හොර චෙක් එකක් ලිව්වය කියල. ඒක ගැන ස්ටේට්මන්ට් එකක් ගන්නයි එන්න කිවුවෙ". පෙටි ක්‍රයිම් බ්‍රාන්ච් එකේ සාජන් මහත්තය කිව්ව.

    "හොඳයි. දැට්ස් ඕ.කේ. සාජන්ට්!" මිස්ට හොරා බය නැතුව වාඩි වුණා.

    "බට් ලැට් මී සී දිස් චැක් ෆර්ස්ට්".

    කඩ්ඩෙන්නෙ මේ කියන්නෙත්. හොරා වුනත් මහත්තයෙක් නේ. සාජන් රාලහාමි දුන්න මිස්ට හොරා ට චෙක් එක අතටම.

    අපේ හොර දෙටු අණ්ඩපාල පොර මොකක්ද දන්නවද කලේ?

    ගත්තු ගමන් අර චෙක් එක උණ්ඩි කරල, කටේ දාල හපාගෙන හපාගෙන ගිහින් ගිල්ලා.

    කේස් ක්ලෝස්ඩ්!

    -කතන්දරකාරයා


    From...http://kathandara.blogspot.com/2011/01/lat-mee-see-da-chack.html


    I need some REP+++:lol::lol: