ලැසී,ලැසී,ලැසී.....

MAmm123

Member
Feb 1, 2012
178
17
0
Colombo
ලැසී,ලැසී,ලැසී.....

මචන් කෙල්ලෙක් නිසා අන්තෙටම වැටිල ඉන්නකොට එළකිරියෙ ඒ ගැන ලිව්වම මේකෙ ඉන්න සහෝදරයොන්ගෙන් හිත හදාගන්න ගොඩක් හයියක් ලැබුනා.ඉතින් මම හිතුව පරණ දේවල් ගැනම හිත හිත ඉන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කරන්න.මෙහෙම හරි ඉන්න වචනෙකින් හරි මට ශක්තියක් උන හැමෝටම පින්. :yes::yes::yes::yes:

කොල්ලනේ මෙහෙමයි දැන් සීන් එක.පහුගිය ටිකේම එළියට බහින්න බැරි වෙන්න වැස්ස,ඒත් දැන් ඒකටත් එක්ක පායනව( දැන් මං මේක කිව්ව ගමන් වහීද දන්නෑ බන් :baffled::baffled: ) ඉතින් මේ රස්නෙට උබල කැමති නැත්ද එළකිරි ඇවිත් ඉන්න ගමන් කූල් එකේ හොද පෝෂනීය පානයක් ගන්න.එහෙම එකක් කියල දෙන්නයි මගේ ට්‍රයි එක.

මම බන් සාමාන්‍යෙයන් කෑමට වඩා බීම ගන්න එකෙක්(රහමෙර නෙමෙයි ආහ්)ඉතින් මට හිතුන මම ආසම පානයක් ගැන උබලට කියල දෙන්න.ඒ තමයි ලැසී.උබල දන්නව ඇති බීලත් ඇති සමහරවිට හදලත් ඇති.නොදන්න කෙනෙක් ඉන්නවනම් නිකන් ඉන්න වෙලාවක හදල බලපන් :P:P

මේවා තමයි අපට ඕන කරන්නෙ, :nerd::nerd:
මුදවපු කිරි
වතුර
අයිස් කැට ටිකක්
සීනි
ලුණු
මින්චි කොළ
අඹ,කෙසෙල්,ගස්ලබු වගේ තමන් කැමති පළතුරක් තියෙනව නම් තව හොදයි.


මුලින්ම බන් මුදවපු කිරි මේස හැදි 5ක් විතර බ්ලෙන්ඩර් එකකට දාගන්න,ඊලගට වතුර ටිකක්(පීරිසි කෝප්පයක් විතර) අයිස් කැට දෙකතුනක් ඒකට දාගන්න,මේක වතුර වගේ බොන එකක් නෙමෙයි බන් ඒකයි වතුර අඩුවෙන් පාවිච්චි කරන්නෙ.උඹ පැණි රසට වැඩි කැමැත්තක් තියෙන එකෙක් නම් මේකට සීනි දාගන්න පුළුවන්,(මම නම් සීනි තේ හැදි2ක් දාගන්නව)එහෙම නැත්නම පැණිරසට අකමැති අයටරස අනුව ලුණු දාගන්නත් පුළුහන්.මේක තවත් රස,සුවද වෙනව මින්චි කොළ කීපයක් දැම්මම.දැන් මේ ටික ඔක්කොම තත්පර 30ක් විතර බ්ලෙන්ඩ් කරගනිනින්.ඊට පස්සෙ ග්ලාස් එකකට දාල තියෙනව නම් මින්චි කොළයකින් ගානිෂ් එකකුත් දාගනින්.මට මේක හදන්න විනාඩි 5යි යන්නෙ හරිම ලේසී.තවත් පෝෂණීය වගෙම රසවත් වෙන්න අර මං උඩින් කිව්ව පලතුරුත් දාල බ්ලෙන්ඩ් කරපන්.නිතරම කිරි පැණි/සීනි කන එකේ ගෙදරට කිරි ගෙනාව වෙලාවක මේක හදල බීල බලපන්.ගෙදරට කවුරු හරි ආවම උනත් ලේසියෙන් ඉක්මනටම හදල දෙන්න පුළුවනි.:yes::yes:

හැදුවම මේ වගේ එයි බන්,මේක නම් නෙට් එකෙන් ගත්ත එකක්.මම හදන ඒව ග්ලාස් එකට යන පමාව විතරයි :P:P:P:P:P:P

http://www.google.lk/imgres?q=lassi...&tbnw=179&ndsp=30&ved=1t:429,r:20,s:109,i:151

බලන්න ආපු හැමෝටම ස්තූතිය් :D:D:D:D