ලිංගිකත්වය ආශ්රිත ගැටළු

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ලිංගිකත්වය ආශ්රිත ගැටළු

    සංසර්ගය වේදනාකාරී වීම (Pain During Intercourse)
    හැඳින්වීම හා හේතු (Introduction & Causes)

    මෙය බහුලව දැකිය හැක්කේ කාන්තාවන් අතරය. එකිනෙකට වෙනස් හේතු ගණනාවක් නිසා මෙය ඇතිවිය හැක.
    1. ප්‍රමාණවත් ලිංගික උත්තේජනයක් නොමැති වීමලිංගික උත්තේජනයේදී යෝනි මාර්ගය ස්‍රාවයන්ගෙන් තෙත් වන අතර එය පුරුෂ ලිං‍ෙග්න්ද්‍රි‍ය ඇතුළු කිරීමේදී ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරයි. එබැවින් කාන්තාව ප්‍රමාණවත් තරම් ලිංගිකව උත්තේජනය නොවූ අවස්ථාවක, එනම් කාන්තාවගේ අකමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියාවකදී හෝ පූර්ව ලිංගික ක්‍රියාකාරකම් (එනම් සිපගැනීම, ස්පර්ශය ආදිය) ප්‍රමාණවත් නොවූ විට පුරුෂ ලිං‍ෙග්න්ද්‍රි‍ය යෝනි මාර්ගයට ඇතුළු කිරීම වේදනාකාරී විය හැක.නමුත් ආර්තවභාවය මෙන්ම දියවැඩියාව ආදී ඇතැම් රෝගී තත්වයන්ද යෝනි මාර්ගයේ ස්‍රාවයන් අඩු වීමට හේතු වේ.
    2. යෝනි මාර්ගයේ මාංශපේෂි සංකෝචනය (Vaginismus)සංසර්ගයේ යෙදීමට තැත් කරන විට යෝනි මාර්ගයේ පහළ කොටස් මාංශපේෂි වේදනාකාරී ලෙස සංකෝචනය වීම නිසා පුරුෂ ලිං‍ෙග්න්ද්‍රි‍ය ඇතුළු කිරීම අපහසු විය හැක.බොහෝවිට මෙයට හේතුව සංසර්ගයේ යෙදීමට ඇති අස්ථාන බියයි. ඊට අමතරව දරුප්‍රසූතියේදී විටපයේ ඇතිවන තුවාල හෝ ශල්‍යකර්ම නිසා ඇති වූ තුවාල නිසා ද මෙය ඇති විය හැක. සහකරුගේ අවබෝධය හෝ සැලකිලිමත් බව අඩු වූ විට මෙම තත්වය තවත් දරුණු විය හැක.
    3. පීඩාකාරී සංසර්ගය (Dyspareunia)සංසර්ගයේ යෙදීමේදී වේදනාවක් ඇතිවීම මේ නම් වේ. පුරුෂ ලිං‍ෙග්න්ද්‍රි‍ය අර්ධ වශයෙන් ඇතුළු කල විට පවා වේදනාවක් ඇතිවේ නම් එය ලිංගික උත්තේජනය මඳ වීම නිසා හෝ විටපයේ තුවාල කැලැල් නිසා විය හැක.පුරුෂ ලිං‍ෙග්න්ද්‍රි‍ය සම්පූර්ණයෙන් ඇතුළු කල විට වේදනාව ඇති වේ නම් එය බොහෝ විට අභ්‍යන්තර රෝගී තත්වයක් නිසා විය හැක.


    සංසර්ගය වේදනාකාරී වීම සඳහා කුමක් කල යුතුද? (Treatment for Pain During Intercourse)
    මෙහිදී වඩාත් වැදගත් වන්නේ සහකරු හා සහකාරිය අතර ඇති අන්‍යොන්‍ය අවබෝධය මෙන්ම ලිංගික කාර්යය පිළිබඳ දෙදෙනා තුළ ඇති අවබෝධයයි.ඒ සඳහා ‘යුගල ප්‍රතිකාර ක්‍රම’ (Couple Therapy) හා ‘ලිංගික උපදේශනය’ (Sexual Counseling) උපකාරී වේ.යෝනි මාර්ග සංසර්ගයේ යෙදීමට පෙර පූර්ව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම මඟින් ලිංගික සංසර්ගය සඳහා අවශ්‍ය කායික හා මානසික වාතාවරණය සකස් වේ. යෝනි මාර්ග ස්‍රාවයන්ගෙන් තෙත්වීම හා ඒ ආශ්‍රිත මස්පිඬු ඉහිල් වීම මඟින් සංසර්ගය වේදනාකාරී නොවන පහසු තත්වයට පත් වේ.ලිංගික ස්‍රාවයන් අඩුවීමට හේතුව වෙනත් කායික රෝගයක් නම් ඊට ප්‍රතිකාර ලබා ගත යුතුය. ඊට අමතරව, විශේෂයෙන් ආර්ථවභාවයට පත්වූ කාන්තාවන් සඳහා වෛද්‍ය උපදෙස් මත කෘත්‍රිම ලිහිසි ආලේපන භාවිතා කල හැක.සංසර්ගයට ඇති බිය නිසා ඇතිවන වේදනාකාරී මස්පිඬු හැකිලීම් සඳහා ‘අනුක්‍රමික චර්යා ප්‍රතිකාර විධි’ යොදා ගත හැක. ඊට අමතරව උපදේශනය මගින්ද ලිංගික ක්‍රියාවට ඇති බිය හා අකමැත්ත සම්බන්ධ ගැටළු වලට සහනයක් ලබා ගත හැක. එම ප්‍රතිකාර විධි වලින් සහනයක් නොලැබේ නම් වෙනත් රෝගී තත්වයක් ඇත්දැයි සොයා බැලීම සඳහා කාන්තා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වැදගත් වේ.


    ලිංගික අප්‍රාණිකත්වය (Erectile Dysfunction /Impotence)
    හැඳින්වීම (Introduction)
    ලිංගික අප්‍රාණිකත්වය යනු කුමක්ද?
    ලිංගික සංසර්ගයේ යෙදීම සඳහා පුරුෂ ලිං‍ෙග්න්ද්‍රිය (ශිෂ්නය) ප්‍රාණවත් නොවීම හෝ ලිංගික කාර්යය අවසන් වන තුරු ප්‍රාණවත් බව පවත්වාගත නොහැකි වීම ලිංගික අප්‍රාණිකත්වය නම් වේ.ලිංගික අප්‍රාණිකත්වය කෙතරම් බහුල රෝගී තත්වයක්ද යන්න හඳුනා ගැනීම අසීරුය. බොහෝ දෙනෙක් ලජ්ජාව ආදී හේතු නිසා ප්‍රතිකාර වලට යොමු වීමට මැලිකමක් දක්වන බැවිනි.කවරෙකුහට වුවත් යම් යම් අවස්ථාවල, විශේෂයෙන් අධික ලෙස මහන්සි වී ඇතිවිට, උග්‍ර මානසික ආතතියෙන් පෙලෙන විට හෝ අධික ලෙස මත්පැන් පානය කල විට, ශිෂ්නය ප්‍රාණවත් වීම සම්බන්ධ දුර්වලතා ඇතිවිය හැක. නමුත් ඒවා තාවකාලික වන අතර කෙටි කලකින් යථා තත්වයට පත් වේ.එසේ නොවුව හොත් ඒ සම්බන්ධ ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.ශිෂ්නය ප්‍රාණවත් වන්නේ කෙසේද? පුරුෂයෙක් ලිංගිකව උත්තේජනය වූ විට මොළයේ සිට ශිෂ්නය ප්‍රාණවත් වීම සඳහා වූ ස්නායු ආවේග ඒ කරා ගමන් කරයි. එමඟින් ශිෂ්නයට රුධිරය සපයන රුධිර නාල (ධමනි) විස්තාරණය වන අතර ඉන් ඉවතට රුධිරය ගෙන යන නාල (ශිරා) සංකෝචනය වේ.
    එලෙස ශිෂ්නයේ පටක තුළ පීඩනයක් යටතේ රුධිරය එක් රැස් වීමෙන් ශිෂ්නය ප්‍රාණවත් වීම සිදුවේ.



    ලිංගික අප්‍රාණිකත්වය (Erectile Dysfunction) - හේතු (Causes)
    ලිංගික අප්‍රාණිකත්වයට හේතු මොනවාද?
    කායික මෙන්ම මානසික හේතු ගණනාවක් නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ.
    කායික හේතු
    1. ශිෂ්නයට රුධිර සැපයුම අඩු වීම
    ü වයස් ගත වීම
    ü අධි රුධිර පීඩනය
    ü දියවැඩියාව - රුධිර සැපයුම අඩු වීමට අමතරව ස්නායු දුර්වල වීම නිසාද පාලනය නොකල දියවැඩියා රෝගීන් අතර ලිංගික අප්‍රාණිකත්වය බහුල වේ.
    ü දුම් පානය - අඩු වයසින් ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමට දුම් පානය ප්‍රධාන හේතුවකි. රුධිර නාල වල මේද තැන්පතු ඇතිවීම පමණක් නොව ශිරා කපාට ක්‍රියාකාරිත්වය දුර්වල වීමත් මොළයෙන් එන ස්නායු ආවේග වල වෙනස්කම් නිසාත් දුම් පානය කරන්නන් ලිංගික අප්‍රාණිකත්වයට පත් වේ.
    ü රුධිරයේ ලිපිඩ /කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම (Hyperlipidaemia/ Hypercholesterolaemia)
    ü රුධිර නාලවල මේද තැන්පත් වීමෙන් අවහිර වීම (Atherosclerosis) අධිරුධිර පීඩනය , දියවැඩියාව, දුම් පානය, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම
    ආදී හේතු ගණනාවක් රුධිර නාලවල මේද තැන්පත් ඇතිවීමට හේතු වේ. එමගින් ඕනෑම රුධිර නාලයක් අවහිර විය හැකි අතර රුධිර සැපයුම අවහිර වන ඉන්ද්‍රිය අනුව රෝග ගණනාවක් ඇති වේ.
    උදා:
    මොළයේ රුධිර වාහිනී අවහිර වීම - ආඝාතය /අංශභාගය
    හෘදයේ රුධිර වාහිනී අවහිර වීම - හෘදයාබාධ
    ශිෂ්නයේ රුධිර වාහිනී අවහිර වීම - ලිංගික අප්‍රාණිකත්වය
    2. මද්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය
    3. ඇතැම් ඖෂධරෝග වලට ප්‍රතිකාර වශයෙන් ගන්නා ඇතැම් ඖෂධ අතුරුආබාධයක් ලෙස ලිංගික අප්‍රාණිකත්වය ඇති කරයි.
    4. ස්නායු හා සුෂුම්නාවේ ආබාධහදිසි අනතුරක් මගින් හෝ මොළයේ , සුෂුම්නාවේ හෝ ස්නායුවල වෙනත් රෝගයක් නිසා හෝ ශල්‍යකර්ම /විකිරණ ප්‍රතිකාර (Radiotherapy) ආදිය මගින් හෝ පුරුෂ ලිංගයට සැපයෙන ස්නායු ආබාධ සහිත වීමෙන් ලිංගික අප්‍රාණිකත්වය ඇති විය හැක.
    5. පුරුෂ ලිංගික හෝමෝන අඩු වීමකලාතුරකින්, වෘෂණ මගින් පුරුෂ ලිංගික හෝමෝන (ටෙස්ටොස්ටෙරෝන්) නිපදවීම අඩු වීම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වේ.
    මානසික හේතු.
    1. ලිංගික කාර්යය නිසිලෙස කළ නොහැකිවේ යැයි ඇතිවන බිය හා කාංසාව (Anxiety)ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමට වඩාත් බහුල හේතුව මෙයයි. ඇතැම් විට එය තාවකාලික විය හැකි වුවත් ඇතැම් විට කලක් පැවතිය හැක.
    2. සහකාරිය සමග පවුල් සබඳතා දුර්වල වීමසහකාරිය සමග ගැටළු ඇතිවිට ලිංගික කාර්යයට ඇති හැකියාව දුර්වල විය හැක.
    3. විෂාදය ආදී මානසික රෝග
    ලිංගික අප්‍රාණිකත්වයට කුමක් කල යුතුද? (Treatment of Erectile Dysfunction)
    ලිංගික අප්‍රාණිකත්වය බොහෝ විට සුව කල හැකි රෝගී තත්වයකි. එබැවින් ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙලෙන කවරෙකු වුව වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගැනීම යෝග්‍ය වේ.අදාල හේතුව සොයා ගැනීම සඳහා, විශේෂයෙන් එය කායික හේතුවක් මත ඇතිවූවක්ද නැතහොත් මානසික හේතුවක් මත ඇතිවූවක්ද යන්න නිර්ණය කිරීම සඳහා වෛද්‍යවරයා ඔබෙන් විවිධ කරුණු ගණනාවක් පිළිබඳ විමසනු ඇත.
    එය එක් වරම ඇති වූයේ නම් (කොන්දේ හෝ සුෂුම්නාවේ හදිසි අනතුරක් සිදුවූ අවස්ථාවක් හැරුණු විට),
    ශිෂ්නය ප්‍රාණවත් නොවෙනුයේ සහකාරිය සමග එක්වීමේදී පමණක් නම් (එනම් රාත්‍රී නින්දෙන් අවදිවීමේදී හෝ ස්වයං වින්දනයේ යෙදීමේදී ශිෂ්නය හොඳින් ප්‍රාණවත් වේ නම්),
    එය මානසික හේතුමත ඇතිවූ එකක් වීමට ඇති ඉඩකඩ වැඩිය.
    ප්‍රතිකාර ක්‍රම
    · කායික හෝ මානසික රෝග‍යක් ඇත්නම් එයට නිසි ලෙස ප්‍රතිකාර ලබා ගත යුතුය.
    · ඔබ ගන්නා ඖෂධයක් ඊට හේතුව යයි හැ‍ඟේ නම් වෛද්‍යවරයා විසින් වෙනත් විකල්ප ඖෂධ ගැන සලකා බලනු ඇත.
    · මානසික හේතු (ලිංගික කාර්යයට ඇති කාංසාව) සඳහා සහකරු හා සහකාරිය යන දෙදෙනාම සම්බන්ධ කරගත් යුගල ප්‍රතිකාර ක්‍රම, ලිංගික උපදේශනය හා කාංසාව සඳහා ප්‍රතිකාර ලබා දීම උදව් වේ.
    · ඉහත ක්‍රම වලට අමතරව ඇතැම්විට ලිංගය ප්‍රාණවත් වීමට උදව් වන ඖෂධ වර්ගද (උදා:සිල්ඩෙනෆිල් - ව්‍යාඝ්‍රා®) වෛද්‍යවරයා විසින් නියම කරනු ඇත. ඒවා වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගත යුතුය.
    · ශල්‍යකර්ම මගින්ශිෂ්නය ප්‍රාණවත්ව පවතින පරිදි අර්ධ ඝන කූරක් වැනි වස්තුවක් ශල්‍යකර්මයක් මඟින් පුරුෂ ලිංගයට ඇතුළු කල හැක.



    මානව ලිංගිකත්වය ආශ්‍රිත ගැටළු (Problems Regarding Gender & Sexuality)
    හැඳින්වීම (Introduction)
    ලිංගිකත්වය ආශ්‍රිත ගැටළු ප්‍රධාන වර්ග 4කට බෙදිය හැක.

    ලිංගික අකර්මන්‍යතාව (Sexual Dysfunction)
    ලිංගික සංසර්ගය ඇරඹීමට, එය සම්පූර්ණ කිරීමට හෝ ඉන් පරිපූර්ණ තෘප්තියකට පැමිණීමේ නොහැකියාව ලිංගික අකර්මන්‍යතාව නම් වේ.ලිංගික අකර්මන්‍යතාව එකිනෙකට වෙනස් ආකාර කිහිපයකින් ඇතිවිය හැක. ඒවායේ බහුලත්වයද ස්ත්‍රීන් හා පුරුෂයන් අතර වෙනස් වේ. බහුලව දැකිය හැකි ආකාර කිහිපයක් පහත දැක්වේ.
    ස්ත්‍රී
    ü ලිංගික ආශාව අඩු වීම (Low sexual desire)
    ü සුරතාන්තයට පත් නොවීම (Orgasmic dysfunction)
    ü සංසර්ගය වේදනාකාරී වීම (Pain during intercourse)
    පුරුෂ
    ü ලිංගික අප්‍රාණිකත්වය (Erectile dysfunction)
    ü ක්ෂණික මෝචනය (Premature ejaculation)
    ü ශුක්‍රමෝචනය පමා වීම (Delayed ejaculation)
    ü ලිංගික ආශාව අඩු වීම (Low sexual desire)


    ලිංගික අභිප්‍රේතය ආශ්‍රිත ගැටළු (Disorders of sexual preference)

    ලිංගිකත්වය ආශ්‍රිතව විවිධ පුද්ගලයන් කැමති දේ හා ලිංගික ක්‍රියාකාරකම් එක් එක් පුද්ගලයන්ට වෙනස් වේ. එබැවින් යම් කැමත්තක් හෝ ක්‍රියාවක් ‘අසාමාන්‍ය ලිංගික චර්යාවක්’ යැයි වර්ග කිරීමේදී කරුණු කිහිපයක් සැලකිල්ලට ගත යුතුය.
    I. සමාජයේ බහුතරයක් විසින් එය අසාමාන්‍ය ලෙස සැලකීම
    II. එම ලිංගික චර්යාව අනෙක් අයට හානිකර වීම
    III. අදාල පුද්ගලයාටත් එම චර්යාව නිසා අහිතකර ඵලවිපාක ලැබීම
    උදා:
    1. කැමති දෙය සම්බන්ධ අසාමාන්‍යතා
    o විරුද්ධ ලිංගිකයන් පාවිච්චි කළ ඇඳුම් ආදිය මගින් ලිංගික තෘප්තියක් ලබා ගැනීම (Fetishism)
    o කුඩා දරුවන් ලිංගික කාර්යයේ යොදා ගැනීම‍‍‍ (Paedophilia)
    2. අසාමාන්‍ය ලිංගික චර්යාවන්
    o ප්‍රදර්ශන කාමය (Exhibitionism)
    o පරපීඩා කාමුකත්වය (Sadism)
    o ස්වපීඩා කාමුකත්වය (Masochism)
    3. ලිංගික අනන්‍යතාව සම්බන්ධ ගැටළු
    මෙය කලාතුරකින් දක්නට ලැබෙන තත්වයකි. ඔවුහු තමා කායිකව අයත්වන ලිංගයට නොව විරුද්ධ ලිංගිකයෙකු වීමට කැමති වේ.
    (උදා: පුරුෂ ලිංගයට අයත් වූවන් ස්ත්‍රියක් වීමට කැමති වේ.)ඔවුන් විරුද්ධ ලිංගයට අයත් ඇඳුම් ඇඳ එලෙස පෙනී සිටීමට උත්සාහ කරන අතර ඇතැමුන් ඖෂධ ප්‍රතිකාර හා ශල්‍යකර්ම මගින් විරුද්ධ ලිංගිකයෙකු බවට පත්වීමට බලාපොරොත්තු වේ.




    ලිංගික ආශාව අඩු වීම (Low Sexual Desire )
    හැඳින්වීම හා හේතු (Introduction & Causes)
    තම සහකරු සමඟ ලිංගික සංසර්ගයේ යෙදීමට ඇති ආශාව අඩු වීම ලිංගික අකර්මන්‍යතාවයට ප්‍රධානම හේතුවක් වේ. මෙය කාන්තා පුරුෂ දෙපක්ෂයටම ඇතිවිය හැකි වුවත් කාන්තාවන් අතර බහුල වේ.
    ලිංගික ආශාව අඩු වීමට හේතු ප්‍රාථමික හේතු (Primary causes)
    සෑමවිටම ලිංගික ආශාව අඩුව පැවතීමට හේතු වන කරුණු ප්‍රාථමික හේතු නම්වේ.
    1. ස්වභාවයෙන්ම ලිංගික ආශාව අඩු වීමලිංගික ආශාව ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇතැමුන් ස්වභාවිකවම වැඩි ආශාවෙන් යුතු අතර ඇතැමුන් අඩු ලිංගික ආශාවක් ඇති අය වේ. මෙය රෝගී තත්වයක් නොවේ.
    2. කුඩාකාලයේ අයහපත් අත්දැකීම් නිසා ඇතිවන බියයමෙකු කුඩාකාලයේ ලිංගික අපහරණයට හෝ එවැනි අයහපත් අත්දැකීමකට මුහුණ දී ඇත්නම් වැඩිහිටියෙකු වූ විට එම බිය නිසා ලිංගික කාර්යයට ඇති ආශාව අඩු විය හැක.
    ද්විතීයක හේතු (Secondary causes)
    පෙර ලිංගික ආශාව සාමාන්‍ය පරිදි පැවතියද පසුව එය අඩු වීමට හේතු ගණනාවක් බලපෑ හැක.
    1. සහකරු/සහකාරිය සමඟ ඇති සම්බන්ධතාව අඩු වීමඕනෑම හේතුවක් මත තම සහකරු/සහකාරිය සමඟ ප්‍රශ්ණ ඇති වූ විට ලිංගික සංසර්ගයේ යෙදීමට ඇති ආශාව අඩු වේ.
    2. පාරිසරික සාධකලිංගික කාර්යයට සුදුසු පරිසරයක් නිවසේ නොමැති නම් (උදා: කුඩා දරුවන් සිටීම හෝ නිවසේ වෙනත් සාමාජිකයන් සිටීම) ඊට ඇති ආශාව අඩු විය හැක.
    3. කායික රෝගඇතැම් කායික රෝගී තත්වයන් නිසාද ලිංගික ආශාව අඩු විය හැක.
    උදා: මන්දතයිරොයිඩතාවය (Hypothyroidism)
    අපස්මාරය (Epilepsy)වකුගඩු අකර්මන්‍යතාවය (Renal Failure)
    පියයුරු ඉවත් කිරීම ආදී ඇතැම් ශල්‍යකර්ම (Mastectomy, etc..)
    4. ඖෂධ වර්ගරෝග වලට ප්‍රතිකාර ලෙස ලබා ගන්නා ඇතැම් ඖෂධ වලින්ද අතුරු ප්‍රතිඵලයක් ලෙස ලිංගික ආශාව අඩු විය හැක.
    උදා:නිදි පෙති කාංසාව /උන්මාදය ආදී රෝගී තත්වයන්ට භාවිතා කරන ඖෂධ
    5. මානසික රෝගවිෂාදය ආදී ඇතැම් මානසික රෝගී තත්වයන්ද ලිංගික ආශාව අඩු වීමට හේතු වේ.
    ලිංගික ආශාව අඩු වීම ආශ්‍රිත ගැටළු වලට කළ යුතු දේ ( Treatment of Low Sexual Desire )
    ලිංගික ආශාව අඩු වීම සම්බන්ධ ගැටළුවක් ඔබ හෝ සහකරු/සහකාරිය සම්බන්ධයෙන් ඇතිනම් ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීමෙන් සහනයක් ලබා ගත හැකිය.ප්‍රතිකාර ලබා දීමේ පළමු පියවර ගැටළුවට හේතුව හඳුනා ගැනීම බැවින් වෛද්‍යවරයා ඔබ සහ සහකරු/සහකාරියගෙන් කරුණු ගණනාවක් පිළිබඳ විමසනු ඇත.
    සහකරුවන් අතර සම්බන්ධතාවය අඩු වීම/පවුලේ ජීවිතයේ ගැටළු සඳහා ‘යුගල ප්‍රතිකාර ක්‍රම’(Couple therapy) යොදා ගත හැක.
    ලිංගික කාර්යය සම්බන්ධයෙන් දෙදෙනාගේම අවබෝධය දියුණු කර ගත යුතු අතර ඒ පිළිබඳව විවෘතව කථා කිරීම සම්බන්ධතාවය වැඩි කර ගැනීමට උපකාරී වේ. සහකරු/සහකාරිය ගේ ලිංගික ආශාව පිළිබඳව හා තෘප්තිමත්වන ආකාරය පිළිබඳව දැනුවත්වීම බොහෝ ගැටළු වලට විසඳුම වනු ඇත.
    කුඩා කාලයේ ඇති වූ අයහපත් අත්දැකීමක් මෙයට හේතු වී ඇත්නම් ‘මනෝ වෛද්‍ය උපදේශනය’ (Counseling) මඟින් සහනයක් ලබා ගැනීමට හැකිවනු ඇත.
    වෙනත් කායික /මානසික රෝගයක් ඇත්නම් එයට නිසි ප්‍රතිකාර ලබා ගත යුතුය.
    පාරිසරික සාධක නිසා ගැටළු ඇති වී ඇත්නම් ඒ පිළිබඳව ද ඔවුනොවුන් සාකච්ජා කිරීමෙන් පිළියම් සොයාගත හැකි වනු ඇත.
    ලිංගික හෝමෝන වර්ග අඩංගු පෙති , ආලේපන හෝ නික්ෂේපන වර්ග ලිංගික ආශාව වැඩි කිරීමට උදව් නොකරන බව සැලකිය යුතුය.


    උපුටා ගන්නා ලදී