ලිංගිකතාවය 18+

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
අද සමාජයේ බොහෝ දෙනෙක් ලිංගිකත්වය ගැන කථා කරන්න පටන් අරන්.. අපි පාසල් යන කාලේ සෞඛ්‍ය පාඩමට ප්‍රජනන පද්ධතිය කියලා දුන්නා මතකයි. ලිංගිකත්වය හා ලිංගික අවයව කියන කොටස ගුරුවරු උඩින් පල්ලෙන් කියවං ගිය හැටි තාමත් මතකයි. ඒ වගේම අද වන විට මේ ලිංගිකතාව Sexuality කියන එක ගැන විශාල සංස්කෘතික මත ගැටුමක් ඇතිවෙලා තියෙනවා කියලා දකින්නත් පුළුවන්..

ලිංගිකතාවය

ලිංගිකතාවය කියන්නේ පුද්ගලයෙකු විසින් උපතින් උරුම කරගන්නා වු ස්ත්‍රී පුරුෂ භාවය යි. නමුත් ලිංගිකතාවය හා ලිංගික නැඹුරුව අතර වෙනස්කම් කිහිපයක් තිබෙනවා.ලිංගික නැඹුරුවයි කියන්නේ ඒ පුද්ගලයා ලිංගික ක්‍රියාවන් වෙනුවෙන් ඇතිවන ආකර්ශණයයි. අපි එකිනෙකා ජානමය වශයෙන් ගෙන ආ ලිංගික නැඹූරුතාවයක් තියෙනවා. ඉන් පුද්ගල පෞරුශත්වය ගොඩනැගිලා තියෙනවා. සාමාජයක සිටින පුද්ගලයින් ගත්තාම ඒ පුද්ගලයින්ගේ ලිංගිකතාව අනුව කොටස් 3කට වෙන් කරන්න පුළුවන්


1. සමලිංගිකතාව - Homosexuality
2. උභය ලිංගිකතාව - Bisexuality
3. විරුද්ධලිංගිකතාව - Heterosexuality

මේ තුන අපි දන්නවාගේ ඉතින් දැන් අපි මේක විග්‍රහා කරගමු. අපි විරුද්ධලිංගිකතාවය කියන කොටසින් ආරම්භ කරෝතින් අපි දන්නවා බොහෝමයක් දෙනා සිය විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ලිංගික නැඹූරුවක් දක්වනවා. ලිංගික එක්වීමටකට ලිංගික සතුටකට ඔවුන් කැමැත්ත දක්වන්නේ සිය විරුද්ධ ලිංගක අයෙකුටයි. ස්ත්‍රියක් නම් පුරුෂයෙකුටත් පුරුෂයෙක් නම් ස්ත්‍රියකටත් ලෙස දැක්විය හැකිය. එය ලෝක ස්වභාවයයි. ලෝකයේ පැවැත්මය ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ එක්වීම අත්‍යාවශ්‍යයි. ජීවයේ පැවැත්ම එයයි.

උභය ලිංගිකතාවය - Bisexuality

උභය ලිංගිකතාවය ලෙස දැක්විය හැක්කෙ විරුද්ධ ලිංගිකයන්ට මෙන්ම සමාන ලිංගිකයන්ට ද ලිංගික ආකර්ශනයක් ඇති බවයි. මොවුන්ට පාර්ශව දෙකම කෙරෙහිම ලිංගික හැඟීම් ඇතිවේ. ඕනෑම සමාජයක ද්විලිංගික පුද්ගලයින් බහුල බවයි සමාජ සංවිධාන පවසන්නේ.

සමලිංගිකතාවය - Homosexuality

බොහෝම පරිස්සමට කථා කලයුතු තැනක්. සමලිංගිකතාවය යනු සිය ලිංගික නැඹුරුතාවය සමාන ලිංගිකයන් කෙරෙහි ඇති බවයි. සමලිංගික පිරිමින් (Gay) ලෙසත් ගැණුන් (Lesbian) ලෙසත් සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා වෙනවා.

ඒ ඒ ලිංගකත්වයන් අනුව ආකර්ශණයන් බිහිවන මූලාශ්‍රයන්


ස්ත්‍රී ගති

  • වැඩුන පියයුරු
  • දිගු කොණ්ඩය
  • ලාලිත්‍ය
  • පිරුණු අඟ පසඟ
  • සුමුදු සම
  • සිහින් කටහඬ
  • සංවේදී බව (වැඩිවශයෙන්)
  • බොරුවට හැඬීම
  • පිරිමින් ආකර්ශණය උන්නදු වීම
  • Dramatic
  • රැකවරණය පැතීම




පිරිමි ගති

  • වැඩුනු බාහු
  • ශක්තිමත් බව
  • රැවුල
  • හැඩි දැඩි බව
  • රළු බව
  • ගොරෝසු කටහඬ
  • රැකවරණය ලබා දීම
  • කාන්තා ආකර්ශණයට උනන්දු වීම
  • ශරීරයේ රෝම (පපුව/බාහු/කකුල්)

දැන් ලිංගිකත්වය හා ලිංගිකතාවය ගැන අප විමසා බැලුවොත් ලිංගිකත්වය ගැන මුලික හැඳින්වීමක් කරන්නම්.. ස්ත්‍රී පුරුෂභාවයට අප ලිංගිකත්වය ලෙස සාමාන්‍යයෙන් අප දැක්වුවත් මීට අමතරව ස්ත්‍රී පුරුෂ භාවයේ අතරමැදි අවස්ථාවක් දැකිය හැකියි. Transgender ලෙස එක දක්වන්න පුළුවන්. ඔවුන් තමන් උපතින් ගෙන ආ ලිංගිකත්වයෙන් බැහැර වෙමින් වෙනත් ලිංගිකත්වයකින් පෙනී සිටිනවා. (මම වැරදි නම් නිවැරදි කරන්න) මොවුන් තුල ස්ත්‍රී හා පුරුෂ ගති ලක්ෂණ වල සම්මිශ්‍රණයක් දැකීමට හැකියි.

එසේම සෑම සමලිංගිකයෙකු තුලම ස්ත්‍රී පුරුෂ ගති ලක්ෂණ මිශ්‍රව අඩුවැඩි වශයෙන් දැකීමට නොමැත. ඔවුන් ද සාමාන්‍ය ඔබ අප වගේ ජීවත් වේ. එහෙත් තවත් සමහර සමලිංගිකයන් තුළ ස්ත්‍රී පුරුෂ ලක්ෂණ මිශ්‍රණයේ බහුලත්වයක් දැකිය හැකිය. සැම පුද්ගලයෙකු තුළම මෙම ගැහැණු හා පිරිමි ලක්ෂණ ඇතුලත් අතර ඒවා ජානමය හේතුන් මත අඩු වැඩි වී ඔවුන්ගේ ලිංගිකත්වය බිහි වේ. පුරුෂ හෝමෝන වැඩි වීම හා ස්ත්‍රී හෝමෝන වැඩි වීම මත ලිංගිකතාවය තීරණය වේ. ඔබ ජෛව විද්‍යා පාඩමේ උගත් පරිදි X හා Y ගේ එකතුව අනුව පුද්ගලයෙකුගේ ලිංගිකත්වය තීරණය වේ. ඒ අයුරින්ම හෝමෝනයන් ලිංගිකතාව තිරණය වීමට යම් බලපෑමක් කරයි.



සමලිංගිකත්වය කෙරෙහි ඇති ප්‍රධාන විරෝධී මත කිහිපයක් සඳහන් කරන්නම්
1. ඔවුන් ලිංගික රෝග පතුරවයි
2. කුඩා දරුවන්ගෙන් ලිංගික සතුට ලබයි
3. විකෘති ලිංගික ආශාවන්

අද ශ්‍රී ලංකාවේ ද සමලිංගිකයන් ප්‍රසිද්ධීයේ ගැවසෙනු දැකීමට හැකියි. නමුත් ඒඩ්ස් වැනි ලිංගික රෝග සමාජයේ ව්‍යාප්ත වුයේ ඔවුන් නිසාම යැයි ඔබ සිතනවා නම් ඔබ වැරදිය. ගණිකා මධ්‍යස්ථාන සම්බාහන මධ්‍යස්ථාන ලිංගික ව්‍යාපාර මෙන්ම අනියම් සම්බන්ධතා තුලින් මේ රෝග ව්‍යාප්ත වීමට සමලිංගියකන්ට වඩා වැඩි බලපෑමක් දක්වා තිබෙනවා.

දෙවන කරුණ දිහා බැලුවොත් ඔබත් මාත් දන්නවා පහුගිය දිනක අවුරුදු 5ක බිලිඳිය දුෂණය කර මරා දැමීමේ සිද්ධිය. ඔහු සමලිංගිකයෙක් ද? සහෝදරයා සිය නැඟණිය ලිංගික අපයෝජනය කරනවා ඔහුත් සමලිංගිකයෙක් ද? වසර කිහිපයකට පෙර ගෘහසේවිකාවක් විසින් ඇගේ භාරයේ තිබු දරුවාගේ ලිංගේඳ්‍රය සපා තුවාල කරනවා.. ඇය සමලිංගක ද? සමලිංගිකයින් 100%ක් ම නොවුනත් බහුල වශයෙන් ලමා අපචාර සඳහා සම්බන්ධ වන්නේ ද්විලිංගික හෝ විරුද්ධ ලිංගිකයින්ය.

තුන් වන කරුණ ඕනෑම ලිංගිකතාවයක් ඇති අයට පැවතිය හැකිය. ඒ ගැන එබැවින් කථා කිරීම අනවශ්‍යයි. මෙය බහුල වශයෙන් ස්ත්‍රී දුෂණයන් සම්බන්ධ සිදුවීම් නිරීක්ෂණයෙන් පැහැදිලි කරගත හැකිය.
 

wasantha2014

Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    ඔය පොදු සම්මතය,නමුත් මගේ ගුරුතුමා විශිෂ්ට විදියට ලිංග බේදය වර්ග කරනවා.ඔහු ගේ ඉගැන්වීමේ ආකාරයට
    පොදු මිනිසා - පුරුෂ ,පුරුෂ නපුන්සක, ස්ත්‍රී, ස්ත්‍රී නපුන්සක හා නපුන්සක ලෙස කොටස් පහකට බෙදනව.විවාහයේ දී ලිංගික හැකියාව පමණක් ප්‍රමාණවත් නැති බවත් දාතු ශක්තියත් වෙනත් කරුනුත් මේ ක්‍රමයට අනුව ඔහු සසඳල කර්මය වෙනස් කරන්න මිනිස්සුන්ට උදවු කරනවා.....