ලිංගික අතවර - වීඩියෝ සාක්ෂි මගින් මෙහෙයවූ &#35

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
ලිංගික අතවර - වීඩියෝ සාක්ෂි මගින් මෙහෙයවූ &#35

වීඩියෝ සාක්ෂි මගින් මෙහෙයවූ ලංකාවේ පලවෙනි නඩුවේ තීන්දුව මෙන්න

බාලවයස්කාර දැරියක් මව්පිය භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ඇයට ලිංගික අතවර කිරීම යන චෝදනාවලට වරදකරු වූ උතුරු කළුතර පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරල්ඩ් රෙක්ස් ජෑන්ස් යන අයට බරපතළ වැඩ සහිත වසර 19 ක සිරදඬුවමක් ඊයේ (27) කළුතර මහාධිකරණයේදී නියම කළ මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ගෙවන ලෙස ද නියම කළේය.

2008 වසරේ ජූනි මස 23 හෝ ඊට ආසන්න දිනයකදී කළුතර දී වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර දැරියක් මාපිය භාරකාරත්වයෙන් අපහරණය කරන ලදැයි ද, ඇයට ලිංගික අතවර කරන ලදැයි ද කියමින් නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව නඩු පවරා තිබුණි.

පළමුවැනි චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 12 ක සිරදඬුවමක් ද වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ද ගෙවන ලෙස නියම කළ විනිසුරුවරයා එම වන්දි මුදල නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත තවත් වසර 02 ක සිරදඬුවමක් නියම කරන බව ද ප්‍රකාශ කළේය.

දෙවන චෝදනාවට වසර 07 ක බර වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් විසිදාහක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල නොගෙවන්නේ නම් වසරක සැහැල්ලු වැඩ සහිත සිරදඬුවමක් නියම කරන බව ප්‍රකාශ කළේය.

බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 357 වන වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදක් බවත්, බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනය ලබාගැනීම සඳහා උපයෝගී කොට ගැනීම 1998 අංක 22 දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනතේ සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ (2) (ආ) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදක් බවත් මෙහිදී ප්‍රකාශ කෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන් 2008 ජූලි මස 25 වන දින වින්දිත දැරිය ළමාරක්ෂක අධිකාරියේ කාන්තා පොලිස් කොස්තාපල් (4449) ජානකී සහ උප පොලිස් පරීක්ෂිකා මාලනී යන මහත්මීන් අතර මෙම අපරාධයට අදාළව ජාතික ළමාරක්ෂක අධිකාරියේ ශ්‍රවණාගාරයේදී 1995 අංක 14 දරන සාක්ෂි විශේෂ විධිවිධාන පනතේ 163 ඒ වගන්තිය යටතේ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ සාක්ෂිය සහ එහි මුද්‍රිත පිටපත ඉදිරිපත් කර ඇති බවත්, සම්පූර්ණ නඩුවම එම වීඩියෝගත සාක්ෂිය මත රඳාපවතින බවත්, තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කරන ලදී.

පසුව දැරිය විත්තිකරු තමාට ලිංගික ක්‍රියාවක් කළ බව ප්‍රතික්ෂේප කරමින් ලබා දී ඇති සාක්ෂිය විත්තිකරුගේ දරුවන් හා විත්තිකරු කෙරෙහි අනුකම්පාවෙන් සිදුකළ එකක් බවද විනිසුරුවරයා මෙහිදී කීය.

වීඩියෝගත මූලික සම්මුඛ සාකච්ඡාවක වීඩියෝ පටිගත කිරීම සාක්ෂි වශයෙන් ශ්‍රී ලංකා අධිකරණය ඉදිරියේ ආවේශ්‍ය කර ගත හැකි බවට වන නව නීති තත්ත්වය ශ්‍රී ලංකා නීති පද්ධතියට හඳුන්වා දී තිබීම ළමා සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සම්බන්ධයෙන් සාධාරණය ඉටුවන අවස්ථාවක් බව ද විනිසුරුවරයා කීය.

ළමා සාක්ෂිකරුවෙකුගේ වීඩියෝගත සාක්ෂි පදනම් කරගෙන නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කළේ මෙරට පළමුවරට බව ද පැවසේ.



උපුටා ගැනීම - දිනමිණ පුවත්පත
 

Machan Max

Member
Jun 14, 2012
25
4
0
කෝ බන් සාක්කි අපිටත් බලාගන්න තීන්දුව හරිද කියල

pedo-alert-pedo-alert.png
 

Just45N

Member
Aug 17, 2017
57
6
0
28
මචන් බර වැඩ සහිත කියන්නේ මොකක්ද?

ගල් කපන වගේ වැඩ. නෑ, නෑ, තේරෙන්නම කියනවා නම් කලු ගල් කැඩිම වගේ ඒවා වෙන්න ඇති.
 
  • Like
Reactions: BIG-BOSS

Similar threads