ලිංගික අධ්‍යාපනය_(+18)_-_Sex_Life

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ලිංගික අධ්‍යාපනය_(+18)_-_Sex_Life

    ලිංගික අධ්‍යාපනය_(+18)

    9k=
    images



    කාන්තාවන් කැමැති ආදරයටයි. පිරිමින් කැමති ලිංගිකත්වයටයි ලිංගික අධ්‍යාපන ලිපිපෙළ පළවීමත් සමඟ අප වෙත ලැබෙන ගැටලු දෙස බැලීමේදී පසක් වන කරුණක් වන්නේ හෙට දිනයේදී යුගදිවියට යන බොහෝ යෞවන යෞවනියන් ලිංගික අධ්‍යාපනය සඳහා විවිධ අසභ්‍ය වෙබ් අඩවි පසුපස ගොස් අතරමංව ඇති බවයි. ශ්‍රී ලංකාව අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමේ පළමු ස්ථානය ලබාගෙන ඇත්තේද ලිංගික අධ්‍යාපනය නිසිලෙස නොලැබීම නිසා විය හැකිය.


    images


    මාතර අසන්නෙකුගේ ගැටලුවට පිළිතුරු සපයන්නේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතායි. ගැටලුව මාතර තරුණයෙක් වෛද්‍යතුමනි, මම අවුරුදු 28 තරුණයෙක්මි. ලිංගික අධ්‍යාපනය පිළිබඳ මගේ දැනුම ඉතා අල්පය. මා ළඟදීම විවාහ වීමට බලාපොරොත්තු වන නිසා ලිංගිකත්තවය පිළිබඳ දැන ගැනීමට ඇති ගැටලු බොහෝය. ලිංගික සම්බන්ධතාවයකදී කාන්තාවන් තෘප්තිමත් කිරීම පහසු නොවන බවත්, එසේ වූවහොත් විවාහ සංස්ථාව බිඳ වැටීමට පවා ඉඩ ඇති බවත් මා අසා ඇත. පිරිමියෙක් ලිංගිකව සම්බන්ධයේදී ශ්‍රක්‍රානු මෝචනය වීමත් සමඟ තෘප්තිමත් වන අතර කාන්තාවන් ලිංගිකව තෘප්තිමත් වීමේදී ජීව විද්‍යාත්මකව සිදුවන්නේ කුමක්ද? ධාතු පිටවීමක් අභ්‍යන්තරව සිදු වෙනවාද? නැද්ද? සහකාරිය තෘප්තිමත් වූ බව දැන ගන්නේ කෙසේද? මේවා පැහැදිලි කර දෙන්නේ නම් මැනවි.
    පිළිතුර එක් එක්කෙනාගේ ලිංගික තෘප්තිය ලබා ගන්නා ක්‍රමයන් වෙනස්. තම තමන්ටම ආවේනික වූ ක්‍රමයන් තිබෙනවා. බොහෝ වේලාවට විවාහ වූ පසු සහකාරිය හා සහකරුවා තමාගේ ලිංගික තෘප්තිය ගැන පමණක් සිතනවා. සහකරුවා සහකාරියගේත් සහකාරිය සහකරුවාගේ තෘප්තිය ගැන සිතිය යුතුයි. මේ සඳහා දෙදෙනා අතර කථා බහ වැදගත් වෙනවා. ලිංගික හැසිරීමේදී ඇතිවන කායික වෙනස්කම් පිරිමියාට සහ ගැහැණියට යන දෙදෙනාටම පොදුයි. එක හා සමානයි. ලිංගිකත්වය කියන්නේ මානසික සිතුවිලි සමුදායක්, ලිංගික තෘප්තියක් ලබනවා කියන්නේ මනස තෘප්තිමත් කිරීමයි. මේ සඳහා ලිංගේන්ද්‍රියන් තිබෙන බව ඇත්ත වුවත් අප ශරීරයේ නියම ලිංගික ඉන්ද්‍රිය වන්නේ පෙකණියෙන් පහළ තිබෙන ඉන්ද්‍රියන් නොවෙයි. මෙහිදී ප්‍රධාන වශයෙන් තෘප්තිමත් වන මොළය නියම ලිංගේන්ද්‍රිය වෙනවා. මේ මනස තෘප්තිමත් කිරීමට නම් දෙදෙනා අතර ලිංගික ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් විය යුතුම වෙනවා.


    images


    කාන්තාවන්ගෙන් 40% කට සුරතාන්තයන් වන්නේ නැහැ. මේ අයට තෘප්තිමත් වීම සඳහා සිප වැළඳ ගැනීම පමණක්ම ප්‍රමාණවත් වෙනවා. නමුත් පිරිමියෙකුට සුරතාන්තයට පත්වීම අනිවාර්ය සාධකයන් වෙනවා. කාන්තාවන් කැමති ආදරයටයි. පිරිමින් කැමති ලිංගිකත්වයටයි. මේ කාරණය දෙදෙනාම තේරුම් ගත යුතුයි. කාන්තාවක් කථා කිරීම, සිප වැළඳ ගැනීම, අනාගත සැලසුම් ගැන සාකච්ඡා කිරීම, ස්පර්ශය, තම ආදරවන්තයාගෙන් බලාපොරොත්තු වෙනවා. ලිංගික කාර්යයේදී වඩාත් වැදගත් වන්නේ පළමුව කාන්තාව තෘප්තිමත් වීමයි. ඉන් පසුවයි පිරිමියා සුරතාන්තයට පත්විය යුතු වන්නේ. මෙයට හේතුව ලෙස දැක්විය හැක්කේ පිරිමියෙකු සුරතාන්තයට පත් වූ පසු නැවත පෙර තත්ත්වයට පත්වීමට පිරිමියාට පැය කීපයක් ගතවන නිසා වීමයි. එහෙත් කාන්තාවකට සුරතාන්තයට පැමිණ විනාඩි කිහිපයකට පසු නැවත තවත් ලිංගික එක්වීමක් සඳහා හැකියාව තිබෙනවා. කාන්තාවක් ලිංගික කාර්යයේදී කීප වාරයක් ලිංගිකව සුරතාන්තයට පත් වෙනවා. නමුත් මේ තත්ත්වය හැම කාන්තාවකටම පොදු වන්නේ නැහැ. කාන්තාවන් සුරතාන්තයට පැමිණියත් නැතත් ලිංගිකව තෘප්තිමත් බව ඇතිකර ගන්නවා. මෙහිදී සමහර කාන්තාවන් සංසර්ගයේදී සුරතාන්තයට පැමිණි බව පවසා පුරුෂයා සුරතාන්තයට පත් කිරීම කරනවා.


     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    images


    පිරිමින්ට අවසාන තෘප්තිය ලැබීම සඳහා අනිවාර්යෙන්ම සුරතාන්තයට පත්විය යුතු වුවද කාන්තාවන්ට එසේ වන්නේ නැහැ. නමුත් 80% ක් පමණ කාන්තාවන් සුරතාන්තයට පැමිණෙනවා. කාන්තාව ලිංගිකව තෘප්තිමත් වූ බව දැනගත හැකි වන්නේ ඇය සමඟ කථා බස් කිරීමෙනුයි. මේ නිසා පිරිමියා කාන්තාව සමඟ ලිංගිකත්වය පිළිබඳව විවෘතව සාකච්ඡා කළ යුතු වෙනවා. ස්වාමියා සහ භාර්යාව අතර ලිංගිකත්වය පිළිබඳව විවෘතව කථා නොකරන්නේ නම් එවැනි පවුල්වල සාර්ථක බව හා සමඟිය පිළිබඳ ගැටලු ඇති වෙනවා. දෙදෙනාම තමන් සුරතාන්තයට පත්වන බව දේහමය සහ වාචික සංනිවේදන මඟින් පැවසීම ඉතාම වැදගත් වෙනවා. සහකාරියට ධාතු පිටවීමක් කෙසේවත් සිදුවන්නේ නැහැ. නමුත් ලිංගික ක්‍රියාවලිය පහසුවීම සඳහා සුරතාන්තයට පත්වීමට පෙර සිටම යෝනි ප්‍රදේශය තෙත්ව පවතිනවා. මෙම ප්‍රදේශය තෙත්ව නොමැති නම් ලිංගික එක්වීමකට සුදුසු වන්නේ නැහැ. එය ඔබේ සහකාරියට වේදනාකාරී අත්දැකීමක් වේවි. ඉන් පසු ඇය ලිංගික එක් වීමට අකමැති බව පෙන්වනවා. එය ඔබේ සහකාරියට මානසිකව බලපෑම් ඇති කරන්නක්ද වේවි. කාන්තාවක් සුරතාන්තයට පත්වීමේදී ජීව විද්‍යාත්මකව සිදුවන කාරණය වන්නේ යෝනි ප්‍රදේශයේ ඇති කමාකුන්චන සංකෝචනය සහ ප්‍රසාරණය වීමයි.
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    images


    මේ සමඟ කාන්තාවනට මානසික තෘප්තිය ඇති වෙනවා.මෙය කාන්තාවක් උපරිම තෘප්තියට පැමිණීමේ (සුරතාන්තය) අවස්ථාව ලෙස සැලකෙනවා. මේ බව කාන්තාව පිරිමියාට දේහමය සහ වාචිකව දන්වා සිටිනවා. ජීවිතයේ සුන්දර බව මෙන්ම අමිහිරි බවද රඳා පවතින්නේ තම තමන් ලබන මානසික තෘප්තිමත් බව මතයි. විවාහයෙන් පසු සහකාරිය සහ සහකරුවාගේ මූලික බලාපොරොත්තුවක් වන්නේ ලිංගික එක්වීමයි. එය මානසික සතුටටත් පවුලේ සමගියටත් බෙහෙවින් ඉවහල් වන්නක් වෙනවා. ඊට හේතුව ඔබ ශරීරයේ ඇති ප්‍රධානම තෘප්තිමත් විය යුතු ලිංගික ඉන්ද්‍රිය වන්නේ මොළය වීමයි. මේ ඉන්ද්‍රිය තෘප්තිමත් නොවන විට මානසික වියවුල් පවුල තුළ ඇතිවීම ස්වාභාවිකව හට ගන්නක් වෙනවා. මේ නිසා විවාහයට පෙර ලිංගික දැනුම සාමාන්‍ය මට්ටමක පවත්වා ගැනීමෙන් මේ ගැටලුවෙන් ඔබට මිදිය හැකි වෙනවා. මේ සඳහා ආරෝග්‍යා පුවත්පතේ ඉදිරියට පලවීමට නියමිත ලිංගික අධ්‍යාපනික ලිපි පෙළ ඔබට මෙන්ම ඔබගේ සහකාරියටත් බෙහෙවින්ම උපකාරී වේවි. ඔබගේ යුගදිවිය සාර්ථක වේවා!


    ap0kAA6kMKUk0QfaYAWLWqlkSgKWghK5MQSWChsBAQA7



    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla


    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

    http://upullive.blogspot.com/2014/01/duruthu-poya-january-poya.html#.UtauUvspZyU



     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    ගොඩක් වැදගත් යාළුවා..:)

    ela ela +8

    Thanks of Lot

    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

    http://upullive.blogspot.com