රී ලංකා ටෙලිකොම් ආයතනයේ යකඩ වංචාවක් සම්බන්ධයෙන් අධිකරණය විසින් වරෙන්තු කොට සිටින ස්වාධින රුපවාහිනියේ (අයි.ටී.එන් ) නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ මහතා , ලිංගික අල්ලස් මත තරුණියන්ට ප්‍රවෘත්ති නිවේදක තනතුරු ලබාදෙන්නෙකු බව ‘ නෙත් FM ‘ගුවන් විදුලියේ ‘බැලුම්ගල’ වැඩසටහනින් පෙරේදා (05) අනාවරණය විය.
අයි.ටී.එන් ආයතනයේම වැඩ කළ එක් මාධ්‍යවේදියෙක් එහිදී පැවසුවේ, ඔහුගේ නැගනිය අයි.ටී.එන් ආයතනයට සම්බන්ධවී වී සිටියදී, සුදර්මන් සමඟ රැයක් ගතකිරීමට කැමති නම් අයි.ටී.එන් ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමට අවස්ථාවක් දෙන බව සුදර්මන් පවසා ඇති බවයි.
මිනිසුන් රට යවන බව පවසමින් ඔහු, ලක්ෂ ගනනින් මුදල් ලබාගෙන මිනිසුන් මුලා කර ඇති බව ද සාක්ෂි සහිතව හෙලිවූයේ එම බැලුම්ගල වැඩසටහන මඟිනි. එසේ මුදල් වංචා කර ඇති ගණන 38 දෙනෙකි. ඇතැම් පුද්ගලයන්ගෙන් ලක්ෂ 7කට අධික මුදලක් සුදර්මන් ලබාගන තිබෙන අතර ඔවුන් එම මුදල් ආපසු ඉල්ලූ පසු ඔවුන් රස්තියාදු කළ බව වංචාවට හසුවූවන් පවසයි.
ඔහු විසින් තම බලය පාවිච්චි කරමින් මෙසේ බොහෝ වාර ගණනක් මුදල් වංචා කර තිබේ.
කුරුණෑගල පඬුවස්නුවර රදලියගොඩ ප්‍රදේශයේ සුප්‍රකට අර්ථ ශාස්ත්‍රඥයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඒ. එම්. එස්. රදලියගොඩ මහතාගේ පුත්‍රයෙක් වූ සුදර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනියට එක්වූයේ 1999 ජනවාරියේය.
පසුව එහි ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධුරයට පත්වූ ඔහු 2003 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ 'තුලාව' දේශපාලන සංවාදය මෙහෙයවීය.
2009 නොවැම්බර් මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායක ධුරය පිරිනමනු ලැබීය.
ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ වංචාකාරයෙක් ලෙස ප්‍රසිද්ධ වූයේ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන ව්‍යාජ බලපත්‍රයක් සාදා පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් වංචා කිරීම නිසාය.
ඔහුව අත් අඩංගූවට ගෙන අධිකරණයට ඉදීරිපත් කරන්නැයි දෙවරකදීම අධිකරනය පොලීසියට නියෝග කළද තවමත් පොලීසිය ඒ මග හරිමින් සිටී. නමුත් ඉහළ පෙළේ පොලිස් නිළධාරීන් සමඟ ඔහු කිසිඳු අපහසුවකින් තොරව ගනු දෙනු කළ ආකාරය අවස්ථා ගනනාවකදී මාධ්‍ය මගින් හෙළිදරව් කෙරිණි.
එහෙත් මෙතෙක් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූයේත්, නොවන්නේත් රාජපක්ෂ වරුන්ගේ බලය හා උවමනාව මත බව පැහැදිලි කරුනකි. රැකියාව උසස් කර දෙන්න තමන් හා නිදි වැදිය යුතු බව තම ආයතනයේම සේවිකාවකට යෝජනා කරන්න තරම් සුදර්මන් නරුමයකු වූයේ ජාතකයේ වැරැද්ද නිසා නොව තම ස්වාමිවරුන්ගේ ගති පැවතුම් නිසාය.
විධායකයට බල නොපෑවද රටේ ජනතාව හමුවේ පිළිගත් නීතියක් බලපවත්වන්නේ එය රෙජීමයේ රෙදි අපුල්ලන්නන්ට බලනොපාන පරිදි නොවේ. නමුත් සුදර්මන් ලා කටයුතු කරන්නේ තමුන්ද විධායකයේ පතුරු කැබලි ලෙස හිතාගෙනය. පොලීසියද කටයුතු කරන්නේත් විධායකය ආරක්ෂා කරන්නේ මේ පතුරු කැබලි ලෙස හිතාගෙනය. එමෙන්ම විධායකය හිතාගෙන සිටින්නේත් මුන් නැත්නම් මං ඉවරයි යනුවෙනි. පතුරු කෑලි ආරක්ෂ කරන්නේ එබැවිනි. මර්වින් සිවලා, ජොන්ස්ටන්ලා නිදොස් කොට නිදහස් වෙන්නේ එබැවිනි දුමින්ද සිල්වලා මහ දවාලේ මිනී මරලත් කිසි කරදරයක් දුකක් නැතිව සිටින්නේ විධායකයේ ආරක්ෂාවට ඔවුන් අවශ්‍ය යැයි විධායකය කල්පනාකරන නිසාවෙනි.
සුදර්මන් ගේ සුන්දර සිනහව යටින් තිබෙන තක්කඩිකම දැන් හෙළිදරව් වී අවසානය. හෙට දවසේදී ඔහුව අත් අඩංගුවට පත්කොට මං නීතිය ක්‍රියාත්මක කළා යනුවෙන් නටන රිළා නැටුමක් බලන්නට හැකියාවක්ද මෙරට පුර වැසියන්ට අවස්ථාවද ලැබෙණු ඇත. එහෙත්, සුදර්මන් යනු රෙජීමය ආරක්ෂාකරන එක තක්කඩියෙකු පමණය. ඔහුව මුලුමනින්ම විනාශ කර දැමුවත් රෙජීමයේ තක්කඩිකම් අවසන් වැතැයි කල්පනාකිරීම බරපතල වරදකි. විය යුතුව තිබෙන්නේ තක්කඩිකම් වලට පවතින්නට පොෂණය වන්නට ඇති ඉඩකඩ අවුරාලීමය. නැතිනම් වෙන්නේ අද සුදර්මන් ඉවත් වන විට එතනට තව එකෙකු කඩා පාත් වීමය. ඒකා පටන් ගන්නේ හිටපු එකා නවත්තපු තැනින්ය. රටේ විධායකය සම්බන්ධයෙනුත් ඒ එසේමය. වෙනස් කළ යුතුව තිබෙන්නේ මේ නරුම ක්‍රම වේදයය.