ලිට්‍රෝ ගෑස් සමාගමට ද කෙළවා රටේ ගෑස් හිඟයක් ඇති කර ගෑස් පෝලිම් වල මිනිසුන් මැරී වැටෙන තැනට ඇද දමා ඇත්තේ අනෙක් සියල්ල සේම ගෝටාණ්ඩුවේ අසමත් කළමණාකාරිත්වය බව ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එම සමාගමේ වැඩසටහන් සහ ප්‍රචාරක කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ ඊයේ(12) පැවැත්වූ මාධ්‍ය හමුවකදී හෙළි විය. මේ වසරේ ඉකුත් මාස 6 තුල පමණක් සභාපතිවරුන් තිදෙනෙකු පත් කර ඇත. මෙම වසර තුළ ඉවත්ගිය අනිල් කොස්වත්ත, තෙෂාර ජයසිංහ සහ විජිත හේරත් යන සභාපති තුන් කට්ටුවේ අදූරදර්ශී පාලනය වර්තමාන කඩාවැටීමට හේතු වූ බව පියල් කොළඹහෙට්ටිගේ පැවසීය.
අර්බුදයට හේතුව ඩොලර් හිඟය පමණක් නොවන බවත් මේ කලාපයේ විශාලතම ගෑස් සැපයුම් කරුවා තරහා කර ගත්තේ සභාපතිවරුන්ගේ තිබූ උද්ධච්ඡකම නිසා බවත් ඔහු හෙළි කෙළේ ය.
ලිට්‍රෝ සමාගම 2019 වසරේ මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 14ක් ලාභංශ ලෙසත් රුපියල් මිලියන 37ක් බදු ලෙසත් ගෙවා තිබූ රුපියල් බිලියන 20ක ඉතුරුම් පැවැති ආයතනයක් බවත් අද වන විට රුපියල් බිලියන 10 ක් ණය බරින් මිරිකුණු ආයතනයක් බවට පත්කර ඇති බව ද ඔහු හෙළිකෙළේ ය. 2019 වන විට ආයතනය ලාභ ලබන සාර්ථක ආයතනයන් ලෙස පවත්වාගෙන ගිය හිටපු සභාපති මුදිත පීරිස් යළි පත් කරන ලෙසද හේ ඉල්ලා සිටියේ ය.
පියල් කොළඹ හෙට්ටිගේ ගේ කරුණු ඇතුලත් වීඩියෝව පහතින්

හෙළිදරව්වෙන් පසු මඩ කැම්පේන් එකක්..
පියල් ඉහත කී හෙළිදරව්වෙන් පසුව ලිට්‍රෝ සමාගම සුරැකීමේ සංවිධානයේ පුද්ගලයන්ට මඩ ගසන කැම්පේන් එකක් අදූරදර්ශී පාලනය ගැන නම සඳහන් වූ එක් සභාපතිවරයෙකුගේ මෙහෙයැවීමෙන් මඩ වෙබ් අඩවි කිහිපයක් ද එකතු කරගෙන සවස් වන විට දියත් කර තිබිණ.පියල් කොළඹ හෙට්ටිගේ ගේ කරුණු ඇතුලත් වීඩියෝව පහතින්