ලිබියාවේ_මානව_හිමිකම්_ගැන__බටහිර_මාධ්‍ය_ම&#354

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ලිබියාවේ_මානව_හිමිකම්_ගැන__බටහිර_මාධ්‍ය_ම&#354

    * ලිබියාවේ විශාලතම තෙල් සම්පතට බහුජාතික සමාගම් පොරකනවා
    - රුසියානු මාධ්‍ය

    * ප්‍රංශ ධජය ලිබියාවේ බෙන්ගායි නගරයේ ළෙලදෙන බව ප්‍රංශ අගමැති යුත්කොයිස්‌ පිලිසන් පවසයි.

    * සියයට 53 ක බ්‍රිතාන්‍ය ජනතාව ලිබියානු ආක්‍රමණයට විරුද්ධයි.
    - අයි. ටී. වී. බ්‍රිතාන්‍ය රූපවාහිනිය

    * ලිබියානු මානව හිමිකම් වාර්තාව වසන් කරයි.

    * ගඩාෆිට එරෙහි හමුදා මෙහෙයුමට බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 557 ක්‌ පක්‍ෂයි. 13 ක්‌ විරුද්ධයි.

    * ලිබියාවට බෝම්බ දැමීම ගැන ඇමරිකානු ආරක්‍ෂක ලේකම් රොබට්‌ ගේට්‌ස්‌ සහ රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙදයේදේව් අතර ගැටුමක්‌




    "ගඩාෆි රජය දේශපාලන හිමිකම් - ආර්ථික අධ්‍යාපනික සමාජ හා සංස්‌කෘතික හිමිකම් ද රකිනවා. එසේම විවිධ ආගමික පාර්ශ්වයන්ට සලකන අයුරුත්

    - ආරක්‍ෂක හමුදාවට මානව හිමිකම් පිළිබඳ පුහුණුවක්‌ දීමට ක්‍රියා කිරීමත් අගය කළ යුතුය.

    -එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව - 2011


    Code:
    Gadhafi Govt - Protected not only political rights butAlso economic - educational - social and cluture rights and nations treatment of religious minorities and the human rights training received by security forces.


    12-1.jpg


    ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මේ වාර්තාව මේ මස අගදී සම්මත වීමට නියමිතව තිබුණි. එහෙත් එක්‌ රැයකින් මෙකී වාර්තාවට ඡන්ද විමසීම කල් තැබුණි.

    පැය 24 ට පසු ඡන්ද විමසීම කල් තැබුවේ බලයේ සිටින පිරිස නිසා යෑයි රුසියානු පුව්ඩා පුවත්පතේ මාධ්‍යවේදිනී ලිසා කාරපෝවා චෝදනා කළාය.

    ඇගේ මේ චෝදනාව මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලෙයි වෙත එල්ල වන අවස්‌ථාවේ රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙදවේදේව් ද ඇමරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදාවට චෝදනා කරමින් ලිබියාවට ඉවක්‌ බවක්‌ නැතිව ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි පැවසීය. මෙම පසුබිම මැද රුසියානු ආරක්‍ෂක ඇමැති ඇනටොලි සර්ද් යුකෝව් පැවසුවේ වහාම සටන් විරාමයක්‌ ක්‍රියාත්මක කළ යුතු බවයි.

    ඇමරිකානු ආරක්‍ෂක ලේකම් රොබට්‌ ගේට්‌ස්‌ රුසියාවේ නිල සංචාරයක නිරත වී රුසියානු ජනාධිපති සමඟ පැවැති සාකච්ඡාවේදී ද ලිබියානු සිවිල් වැසියන් මියයැම ගැන වාදයක්‌ ඇති විය.

    සන්ධාන ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියගිය බව කියන පුවත ගඩාපි විසින් පැතිර වූ බොරුවක්‌ යෑයි ගේට්‌ස්‌ මෙහිදී පවසා ඇත.මෙයට ප්‍රතිචාර දැක්‌වූ රුසියානු ආරක්‍ෂක ඇමැති ඇනටොලි එය සත්‍යයක්‌ අප සතුව සාධක තිබෙනවා යෑයි පැවසීමෙන් ඇමරිකානු ආරක්‍ෂක ලේකම්වරයා නිහඬ වී තිබේ.


    12-2.jpg




    මේ අතර ලිබියානු නායකයා එරට ජාතික රූපවාහිනිය ඔස්‌සේ ජනතාව අමතමින් බෝම්බ ප්‍රහාරවලින් තමාව මර්දනය කළ නොහැකි බවත් පැසිස්‌ට්‌වාදීන් පිරිසක්‌ තමාට එරෙහිව යුද වදින අතර ඔවුන්ව පරාජය කරන බව කියා සිටියේය.

    මෙම ලිබියානු ආක්‍රමණය සම්බන්ධයෙන් අරාබි සංගමයේ ප්‍රධානි අමර් මූසා රටවල් 24 ක හදිසි සාකච්ඡාවක්‌ කැඳවා ඇත.

    ළමුන් හා කාන්තාවන් 64 ක්‌ මිය යැම ගැන මට වාර්තාවක්‌ අවශ්‍ය යෑයි ඔහු එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙතින් ඉල්ලා තිබේ.

    මෙලෙස සිවිල් වැසියන් මිය යැමේ සිද්ධීන් ඇමරිකානු සී.එන්. එන්. ඒ. බී. සී. හා බී. බී. සී. සේවාවන් විසින් වසන් කර ඇත. එහෙත් ලිබියාවේ සිටින රුසියානු ජාතිකයන් ඊට අදාළ තොරතුරු රුසියානු බලධාරීන් වෙත සපයා ඇතැයි හෙළි විය. මේ අතර රුසියානු මාධ්‍ය පවසන්නේ අප්‍රිකාවේ විශාලතම තෙල් සම්පතට බහු ජාතික සමාගම් දැනටමත් පොරකන බවයි. කැල්ටෙක්‌ස්‌ ජයෝ ෂෙල් සහ බී. වී. ඇතුළු යෝධ තෙල් සමාගම ඒ අතර වේ.

    මේ වාතාවරණය මැද ලිබියාවට එල්ල වූ ප්‍රහාරය නිසා ගඩාපි පළා යනු ඇතැයි බටහිර රටවල් තැබූ බලාපොරොත්තුව සුන් වී ඇත.

    බ්‍රිතාන්‍ය ආරක්‍ෂක ඇමැති නින්ගාවි පෙරේදා එරට පාර්ලිමේන්තුව අමතමින් ගඩාපිගේ හැකියාවන් ගැන බ්‍රිතාන්‍යය දන්නේ නැති බවත්, ලිබියානු යුද්ධය වසර තිහත් තිස්‌සේ දිග්ගැස්‌සීමට ඉඩ ඇතැයි පවසා තිබේ.

    ලිබියාවට එරෙහිව ගෙන යන යුද්ධයේ බර දැරීමට සිදුවී ඇත්තේ බ්‍රිතාන්‍යය ජනතාවටය. මේ වනවිට ස්‌ටර්ලින් පවුම් මිලියන 17.3 ක්‌ වැය වී ඇත.

    බ්‍රිතාන්‍යය රජය ලිබියාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම ගැන බරපතල අනතුරු ඇඟවීමක්‌ කර ඇත්තේ බහුජාතික බී. පී තෙල් සමාගමේ හිටපු ප්‍රධානි බ්‍රවුන්ය. මම ගඩාපි ගැන දන්නවා. ඔහු අවසානය දක්‌වාම සටන් කරන්නෙක්‌ යෑයි ඔහු පවසයි.

    බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයකු වූ ජෝන් බැරක්‌ පැවසුවේ ක්‍රමවේදයකින් තොරව දියත් කළ ලිබියානු මෙහෙයුම නිසා සිවිල් වැසියන් විපතට වැටී ඇති බවත්ය.

    ලිබියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා එක්‌ව සිටි කටාර් රාජ්‍යයට අයත් ප්‍රහාරක යානා හතරක්‌ ඉන්ධන නොමැතිවීම නිසා සයිප්‍රසය වෙත ගොඩබැස්‌සවීමට කළ ඉල්ලීම සයිප්‍රස්‌ රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

    මෙයට සමගාමීව ලිබියාවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව ඇමරිකානු එෆ් - 15 ප්‍රහාරක යානාවක්‌ බෙන්ගායි ප්‍රදේශයේ කඩා වැටී විනාශ වී තිබේ. මේ ප්‍රහාරක යානාවේ නියමුවන් පැරෂුට්‌ මගින් ගොඩබිමට පැමිණි අතර ඔවුන් වෙත ගිය ගම්වාසීන් පිරිසකට ඇමරිකානු ප්‍රහාරක හෙලිකොප්ටරයක්‌ විසින් වෙඩි තබා ඇත. මේ අතර ජර්මනිය, තුර්කිය අරාබි සංගමය යන අප්‍රිකානු සංගමය ද ලිබියානු ප්‍රහාරයට එරෙහි වී තිබේ. ලිබියාවේ සමීපතම රාජ්‍යය වූ ඇල්ජීරියාව ද ඊයේ ප්‍රකාශයක්‌ කරමින් වහාම බටහිර ආක්‍රමණය නතර කරන්නැයි ඉල්ලා ඇත.

    සයිප්‍රස්‌ ජනාධිපති ඩිමෙටි්‍රස්‌ ක්‍රිස්‌ටෝපියන් පැවසුවේ තම රටේ ඇති බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු දෙකක්‌ බ්‍රිතාන්‍ය යානා ප්‍රහාරවලට යොදා ගැනීම ගැන විරුද්ධ බවයි.

    මේ වනවිට හෙළි වී ඇති අන්දමට ටොම්හොර්ක්‌ මිසයිල 119 ක්‌ ලිබියාවට එරෙහිව එල්ල වී ඇත. එහෙත් මැදපෙරදිග මුස්‌ලිම් ලෝකය නිහඬය.

    ඇමරිකානු බලධාරීහු සවුදි අරාබියාවේ සහය පතා ඇතත් සවුදි රජු මෙතෙක්‌ ඊට එකඟ වී නැතැයි වාර්තාවේ. මේ තත්ත්වය මැද එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් කුමක්‌ කරන්නේද යන්න බරපතල ප්‍රශ්නයකි. එසේම #10;්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් අනිකුත් අප්‍රිකානු රටවලට ද තර්ජනයක්‌ කරමින් ලිබියාවට එල්ල වූ ප්‍රහාරය ඔවුන්ට ද පාඩමක්‌ යෑයි පවසා ඇත.

    මේ නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර තර්ජනයට ඉඩ දිය යුතු ද යන්න නොබැඳි රටවල් හමුවේ ඇති අභියෝගයයි.

    හිටපු ඇමරිකානු ජනාධිපති බුෂ් ඉරාකයට ප්‍රහාර එල්ල කළේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ අවසරයක්‌ නැතිවය. බ්‍රිතාන්‍යය දැන් ගඩාපිව මරන්න හදන්නේත් එවන් අවසරයක්‌ නොගෙනය.

    මේ තත්ත්වය මැද බටහිර මාධ්‍ය ලිබියානු ආක්‍රමණය සාධාරණීකරණය කර ඇත. රුසියාව විසින් ලිබියානු කාන්තාවන්, ළමුන් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය හෙළි කරන තුරු බටහිර මාධ්‍ය ඒ ගැන කිසිදු සඳහනක්‌ කර නැත.

    කොටින්ට එරෙහි යුද්ධය වැරැදි යෑයි පැවසූ බටහිර මාධ්‍ය ලිබියානු ආක්‍රමණ්‍ය නිවැරැදි යෑයි සඳහන් කරන්නේ මන්ද යෑයි තේරුම් ගැනීම අපහසු නොවේ.

    එම මාධ්‍ය නඟන්නේ කැමරන් - ඔබාමා යන සාර්කෝසිගේ හඬයි.


    කීර්ති වර්ණකුලසූරිය


    divaina.com 2011/03/24
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Oya War eka Aurudu 10k wath yavi. americawa kawada hari nathi wela yanawa owa hinda.
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home

    Thanks

    :angry::angry::angry::angry::angry:
    ඇමරිකාවට හෙනම ගහපියව්....

    hena gahala madi machan oka Nuke karanna oni...:growl::growl::growl::growl::growl:

    Oya War eka Aurudu 10k wath yavi. americawa kawada hari nathi wela yanawa owa hinda.

    war eka iwara unath oya rate ganna deyak nati wenawa....:nerd: onna okai machan wenne...

    ඇමරිකාවට හෙනම ගහපියව්....

    :yes::yes::yes::yes: :growl::growl::growl::growl:
     

    @ns

    Member
    Sep 24, 2010
    78
    1
    0
    me welawata manawa himikamuth ne. aparate yudde thiyena kale kochchara manawa himikam sanwidhana thibunada? den ewa koheda danneth ne.