ලියන්න වෙන්නේ අවසන් ලිපියද..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලියන්න වෙන්නේ අවසන් ලිපියද..

    ලියන්න වෙන්නේ අවසන් ලිපියද..
    හිතාගන්න බෑ මට තවමත්...
    වෙන්වන්නට දහසකුත් කාරණා...
    තිබුනත් නෑ එක්වන පැතුමක්....

    හිතන්න වෙන්නේ මගෙ නොලැබීමද..
    කියා දෙන්න සිහිනෙන් ඇවිදින්....
    ගතින් වෙන්වුනත් සිතින් ලඟයි මා...
    ඈත්ව යන්නේ නෑ ඔබගෙන්...


    සසර පුරා ඉන්නට පැතු පැතුමන්...
    විසුණු වෙලා ඇත පිණි බිඳු මෙන්....
    මනස පුරා දිවයන පෙර සැමරුම්..
    කෙලෙසින් අමතක කරමිද මං....

    පොත පත දැනුමෙන් එසවුනු සිතකින්...
    උසස් ලෙසින් මා දෙස නොබලන්...
    දෙගුරුන්ගේ දොස් අසලා නොසැලෙන්...
    සක්විති වෙමි මතු දවසක මං.....
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සරලයි. ලස්සනයි. උගත්කම උඩගුකමට පෙ‍රලෙනව කියන්නෙ ඒ උගත්කමින් වැඩක් නෑ කියන එක.

    අවුලකට තියෙන්නෙ සක්විති කියන වචනෙ වර්ථමාන සමාජ කතිකාවත තමයි :lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තිබුනත් නෑ එක්වන පැතුමක්....
    ඈත්ව යන්නේ නෑ ඔබගෙන්...
    කෙලෙසින් අමතක කරමිද මං....
    සක්විති වෙමි මතු දවසක මං.....


    :D:D:D
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Xපොත පත x ( shilpa) xදැනුමෙන්x එසවුනු සිතකින්...
    උසස් ලෙසින් මා දෙස නොබලන්...
    දෙගුරුන්ගේ දොස් අසලා නොසැලෙන්...
    සක්විති වෙමි මතු දවසක මං.....