ලිරික්ස් කොහෙන් එනවද මචං සිංහල ගළපනවා නියමෙට

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka



    එලියට එලියට මම දැක්කා හීන
    ගොඩක් ඇත්ත වුනා එක පේලියට
    අත්දැකීමෙන් දිසාපාමොක් හරිම හරි කියන
    එකෙන් පටන් අරන් සමත් වුනා හැම ශ්‍රේණියම
    උඩින් පල්ලෙන් ගහලා දැම්මේ නෑ මං ලේසියට
    හබල් ගෑවා අතින් දාඩිය කඳුලු ලේ විලක
    ඒ උනත් හීනෙන් වත් නෑ හති වැටුනේ හිතට
    ඒකයි පේලි පිටින් එන්නේ ගන්නම් ලියන දේ මිලට
    අවුල වෙනුවෙනුයි කරන්නේ මම මේ සෙල්ලම
    මං නැතත් නම තියෙයි අමතක නොවෙන්නම
    ලේබල් වැදුන කොල්ලන්ට කටහඬ පෙන්නන් මා
    ඒ වෙනුවෙන් මැරෙන්න වුනොත්
    පන වුනත් දෙන්නම් මා

    සමහර අත්දැකීම් දැනුනා රිදෙන්නම
    තැලුනා පොඩි උනා හිත මිදෙන්නම
    වැරදුනොත් තමයි පාඩම් දුන්නේ පොත් පිරෙන්නම
    ආදරෙන් මතක් කරන්න ඕන හැම කෙල්ලම
    හැමදේම පටලගත්තු කාලේකුත් තිබ්බා
    නින්දා අපහාස නම් අපමණ වින්දා
    දැන් අපි අමාරුවෙන් ඔලුව උස්සන් ඉන්න හින්දා
    එදා බැන්න උන්ම අද පතුලේ ඉඳන් ඉම්බා
    දුන්නා සමාව තාම මතකයි සතාව
    ස්මෝකා තාම එහෙමයි වෙනස් කලේ නෑ රටාව
    හැමෝටම දාන්න බෑ වදන් මම දාන
    හැමෝටම නෑ මේ වගේ චරිතාපදාන
    මේ අධි මාත්‍රාවක් මගේ හරි ප්‍රාර්ථනාවන්
    තව ගොඩක් දුර අරන් යාවී අනිවාර්යයෙන් මාව
    කන්ද මුදුනටම නගින්නයි ආසාව
    බලාපොරොත්තුවක් නෑ බහින්න ආය කවදාවත්
    හොයනවා මම තාමත් මගේ හරි ධාරිතාව
    උපතින්මයි ආවේ පද බඳිනා විද්‍යාව
    දන්නවා මම පෙන්නන පාර හරි මාලිමාව
    අල්ලන්නයි ආසාව තනි අතින් ආසියාව
    ඒ උනත් එකක් නෙමේ මං රකින් නෑ සීමාව
    මං පිස්සුවාක් වෙන මන්දාකිනියකින් ආව
    මං නිරුවත් කලා වදන් ලියනා ක්‍රීඩාව
    මං ආව දා කාගෙත් පුරසාරම් විනි මා

    ස්මොකා වදන් මෙලෙසින් ගතියකින්
    නොහොබිනා බිඳි
    නැති ආත්ම විස්වාසයකින් හා
    ගුණාංග වලින් යුතු මා ඉන් විඳිනා
    උපමා කල හැකි සුනාමියකින් පවා
    මිනිසුන් කුනාටුවක් සුන් කරන සතුරාව
    කල විලසින් ලාංකීය හමුදාව
    ඒ ලංකාභිමානය ලේවල දුවන කාවවත්ම
    හොයාගන්න බැරි නම් ඇවිත් අඳුනගනින් මාව
    මං තෝරගත් එකෙක් කෝටි ගානක් අතරින්
    සැප වින්ද තරමට big උනා කරුමත්
    නින්දක වෙනසක් නෑ මාලිගාවෙත් මඩුවෙත්
    මේ මුව හට නෑ කටාන කඩුවෙන්


    සුපුරුදු හින්දයි ඇස් වහන් යන්නේ අතුරෙත්
    ඉව නිසයි වලේ නොවැටෙන්නේ ඝන අඳුරෙත්
    හිතන්නවත් එපා කරගන්න හතුරෙක්
    මට හිතුනොතින් ඇවිදිනවා මං වතුරෙත්
    විශේෂයෙන්ම ආව ලමයි අලුතෙන්
    පොත ගැන සරලව හිතාගන්න පටුනෙන්
    එක වගේ දහස් ගානක් විසිවෙද්දි පඳුරෙන්
    මං වගේ එකයි දෙන්නයි ඉන්නේ හිරු සඳුමෙන්
    මස් කන්න ආසයි රස දන්න නිසා කටුවෙත්
    තිරිසන් ගති නැතුව අම්මා නොවෙයි පපුවේ
    උඩට ආවේ ඉපදිලා මම පතුලේ
    හොඳ විදියටයි මට පල දෙන්නේ කරුමේ
    ඇති වීමයි නැතිවීමයි දැක්කා අපි තරුවෙන්
    හැසිරෙන්න එපා අපේ ඉස්සරහා නම් තරුමෙන්
    කලාව නම් වූවා සේ ගොඩක් දෙනෙක් තරුවෙන්
    මං මැරුණු දවසට නිල් අහසත් කලුවේ
    තක්සේරු කිරීම සුදුසු නෑ අඩුවෙන්
    ඒකයි මට මාව විස්වාස මරු මෙන්
    නා ලෝකේ තරම දැක්කේ මම අඳුරෙන්
    එනිසායි පිට පනින්නේ නැත්තේ මම තනුවෙන්
    පන තියන අරුමේ වදන් මරන්නේ අමුවෙන්ම

    ලියවෙන්නේ දේවල් ඉඩ දෙන්නෑ ලකුනු අඩුවෙන්න
    මේකෙන් පස්සේ පුලුවන් ගැටලුකාරි තත්ව මතුවෙන්න
    ඒකයි මටත් ඕන මූනක් දෙකක් රතු වෙන්න
    ආදරෙයි වදන් සෙල්ලමට හද පතුලෙන්ම
    පතුල් දෙක ගෙවිලා පහු කරලා කඳු එහෙම
    සෙල්ලම මගේ මං ආස නෑ මේක බදු දෙන්න
    පවරන්නම් දිනක මවන් වදන් මරුවෙක්ට
    විශ්වීය දරුවෙක්ට නියම සටන් කරුවෙක්ට
    මිසක් මේ උරුම නෑ පෘතක්ජන පනුවෙක්ට
    ඇත් පැටව් හිටියත් දැන් ගල ඇවිත් අලුතෙන්ම
    සද්ධන්තයි ස්මෝකා කකුලෙන් නෙවෙයි අරුතෙන්ම
    පිරමීඩේ මුදුනට එන ගමන් ඉන්නේ මඟ
    දැන් ළඟ පිටාර ගලනවා වගේ නයිල් ගඟ
    පෘථිවියට දිස් වුනත් හඳ
    බිම ඉඳන් ප්‍රමානේ මනින්න පුලුවන්ද
    එනිසා සිහියෙන් පිරික්සා බලන්න
    අගුලු නෑ දොරවල් නෑ දේවල් නෑ වහන්න
    දේවල් නෑ හන්ගන්න බැරිනම් පිලිගන්න
    ඇත්ත නැත්ත මාව දන්න කෙනෙක්ගෙන් අහන්න
    ඕනේ නෑ මගේ නමින් තවත් නඩු අංක

    පරණ කතාවලින් ඒකයි හිතුනේ සමුගන්න
    කෙල්ලෝ මත්ද්‍රව්‍ය ,
    බෑ ඔහොම නම් සල්ලි වපුරන්න
    සෙල්ලමෙන් මයි සපුරන්නේ හැම අඩුවක්ම
    ඉපද සබඳතාවන් කරවන්නේ අතුරුදන්
    යතාර්තය තේරුම් අරන් ඉන්නේ තටු හකුලුවන්
    කැමති නෑ උදම් අනන්න මං ගැනම මං
    ඒත් මං කලු සුදු පාටයි යන්නේ බැටලුවන්
    පිලිතුරුයි ඕන එපා වෙන ගැටලු නම්
    නොගැලපෙන උන් නෑ
    ගනන් ගන්නේ පැටලුනත්
    පොඩි පොඩි සත්තු මොනතරම් දැඟලුවත්
    මකුලු දැලකින් උන්ට වෙයිද ගැලවුමක්
    දෙවුරම් මත මැවෙන මනෝ බව දුක්වය
    සොයයි එක එකා ඒ තුලින් ප්‍රතිබිම්බයක්
    ක්ෂේත්‍ර වර්ණාලෝක පිරි නිම්නයක්
    කෙලවර ඇත්තේ අන්ධකාර ගින්නයක්

    නැටුමන් පැනවුන් නිතින්ට පමනයි විස්වය විසින්
    ඒ නිසා හැසිරෙන්නේ පවත්වාගනිමින් රිද්මය
    ඇතුලාන්තේ දකිමි යොදාගෙන ප්‍රිස්මය
    ඉතින් විස්මයක්ද වැඩිවීම දිස්නයක්
    අඳුරුයි අතීතය ඔව් නමුත් මම එහි
    වහලෙක් නොවී වර්න
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හරි හමන් සිංහලෙන් රැප් කරන එකම එක්කෙනයි ලංකාවටම ඉන්නෙ. චතුරංග නන්දසේන
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    Mewa ahenakota boku kauthu kadagena yanne .


    They'll never take me alive, I'm gettin' high with my four-five
    Cocked on these suckas, time to die
    Even as a youngster causin' ruckus on the back of the bus
    I was a fool all through high school, kickin' up dust
    But now I'm labeled as a troublemaker, who can you blame?
    Smokin' weed helped me take away the pain
    So I'm hopeless, rollin' down the freeway swervin', don't worry.....
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මොන ජරාවක් 💩

    ඇතුලාන්තේ දකිමි යොදාගෙන ප්‍රිස්මය

    ප්‍රිස්මය කියල තියෙන්නෙ වැරදිලා අර තුන්හුලස කියන එකටඩ🥴 කෙල්ලගෙ
    ------ Post added on Feb 22, 2022 at 9:36 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    හරි හමන් සිංහලෙන් රැප් කරන එකම එක්කෙනයි ලංකාවටම ඉන්නෙ. චතුරංග නන්දසේන

    නන්දසේනයට චතුරංග කෑල්ලකුත් තියෙනවාද?
     
    • Haha
    Reactions: hasithayad

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mewa ahenakota boku kauthu kadagena yanne .


    They'll never take me alive, I'm gettin' high with my four-five
    Cocked on these suckas, time to die
    Even as a youngster causin' ruckus on the back of the bus
    I was a fool all through high school, kickin' up dust
    But now I'm labeled as a troublemaker, who can you blame?
    Smokin' weed helped me take away the pain
    So I'm hopeless, rollin' down the freeway swervin', don't worry.....


    happata
    17 yrs old ape ekek ahanawa patta patta kiyala