ලීසිං 90% ක් දක්වා යළි ඉහළ යයි

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලීසිං 90% ක් දක්වා යළි ඉහළ යයි

    මෝටර් රථ ලිසිං පහසුකම් සඳහා මුල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය අනුව ලීසිං පහසුකම් ලබාදිය හැක්කේ වාහනයේ වෙළදපොළ වටිනාකමින් සියයට 70 ක් දක්වා පමණක් බවට පැවති විධිවිධානය සියයට 90 දක්වා වැඩිකර ති‍බේ.


    මුල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් අනුව ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා
    ලීසිං පහසුකම් ලබාදිය හැක්කේ වාහනයේ වෙළදපොළ වටිනාකමින් සියයට 70 ක් දක්වා පමණක් බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.


    ඒ අනුව මෝටර් රථයක් මිලදී ගන්නා පාරිභෝගිකයකුට එහි වටිනාකමින් සියයට 30 ක් අනිවාර්යෙන් ගෙවීමට සිදුවීම පිළිබඳ විවිධ කතා බස් ඇතිවුණු අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම තීරණයත් සමඟ ඉදිරියේදී මෙරට වාහන අලෙවියේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කියැවිණි.

    කෙසේවෙතත් අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ මෙම විධිවිධානය වෙනස් කොට මෝටර් රථයේ වටිනාකමින් සියයට 90 දක්වා ලීසිං පහසුකම්බ ලබාදීම සඳහා විධිවිධාන සලසන බවයි.



    link