ලුමිනස් පිරමිඩයට හසුවූවන් කුපිතවේ… ජාවාර
ලුමිනස් පිරමිඩයට හසුවූවන් කුපිතවේ… ජාවාරම්කරු වෙඩි තබයි
තිස්සමහාරාම පල්ලියවත්ත ප්‍රදේශයේපවත්වාගෙන යනු ලබන ලුමිනස් ඇඩ්වර්ටයිසින් නැමති මහා පරිමාන පිරමීඩ වන්චාවට හසුවී මුදල් අහිමිකරගත් ප්‍රදේශයේ ජනතාව කුපිතවී තමන්ගෙන් ලබාගත් මුදල් නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් එම ජාවාරමේ මහ මොළකරුවෙකු වන තිස්සමහාරාම, සාලියපුර නුවන් ගේ නිවස වටලා ඇත.
ඉන් පසු දෙපිරස අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර එක්වරම නිවසතුලට දිවගිය නුවන් බෝර12 ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් පිරිසට වෙඩිතබා ඇත. පසුව තිස්සමහාරාම පොලිසිය සිදුකල පරීක්ෂන වලදී ඊට යොදාගත් පතරොම් 02ක් නුවන්ගේ නිවසේ තිබී සොයාගෙනඇත.
අන්තර්ජාලයේ ඇති වෙළද දැන්වීම් නැරඹීමෙන් ලක්ෂගනනින් මුදල් ඉපයිය හැකිබව පවසමින් ජනතාව මුලාකොට තැන්පතු ලබාගනිමින් මෙමෙ මහා පරිමාන පිරමීඩ ජාවාරම සිදුකර ඇත. මෙවැනි ඛේදජනක සිදුවීම් රාශියක් තව ඉදිරියට තිස්සමහාරාමයෙන් දැකගැනීමට හැකිවනු ඇත.
මේ වනවිට සාලියපුර නුවන් තිස්සමහාරාම අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත් බන්ධනාගාර ගතකොට ඇත.
නැවත නැවතත් ජනතාවට මතක් කරනුයේ කිසිසේත්ම මෙම ආයතනයේ මුදල් ආයෝජනයකොට අමාරුවේ නොවැටෙනා ලෙසයි.
සමන් කුමර – තිස්සමහාරාමය

Last edited: