ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වසර තුන

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,289
    1
    35,613
    113
    තාම ලන්කාවේ
    ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වසර තුන

    යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ඡුායාරූපයක් සමග ප‍්‍රකාශයක් 2019 ඔක්තෝබර් මස 13 දා පුවත්පත්වල පළ කිරීම මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් කැබිනට් නොවන අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කළේය.

    එජාප මන්තී‍්‍ර, පෙරේරා නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස වෙනුවෙන් කළ පැමිණිල්ල මැතිවරණ කොමිසම ඔක්තෝබර් 14 දා භාර ගත්තේය. කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය වහාම කි‍්‍රයාත්මක විය. මහින්ද දේශපි‍්‍රය, ජනාධිපති නීතිඥ අනිල් අබේසේකර සහ මහාචාර්ය රත්නජීවන් හූල් ගෙන් සමන්විත මැතිවරණ කොමිසම මුහුණ දෙන පළමුවැනි ජාතික මැතිවරණය නොවැම්බර් 16,2019 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙවැනි ආකාරයේ චෝදනාවක්, සේවය කරනු ලබන හමුදාපතිවරයකුට එල්ල වූ ප‍්‍රථම අවස්ථාවයි.

    කොටි ත‍්‍රස්තවාදීන්ගේ පරාජය ඉවසීමට නොහැකි නොයෙකුත් පාර්ශ්ව නොයෙකුත් ආකාරයේ චෝදනා නඟති. ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල වී ඇත. හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට වාසිදායක ප‍්‍රකාශයක් ශවේන්ද්‍ර සිල්වා කළේ කවදාද?

    ශවේන්ද්‍ර සිල්වා ආන්දෝලනයට ලක්වූ ප‍්‍රකාශය කර ඇත්තේ 2009 දෙසැම්බර් 28 සිවිල් පුද්ගලයන් සහභාගි වූ වැඩමුළුවකදීය. මැතිවරණ කොමිසම යුද හමුදාපතිවරයාගෙන් නිදහසට කරුණු විමසීමට පෙර එජාපය කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමසීමක් සිදුකළා නම් කිසිදු ප‍්‍රශ්නයක් ඇතිවන්නේ නැත.

    සොල්දාදුවා තෙමෙනවා, සොල්දාදුවා කි‍්‍රයාන්විතය කරගෙන යනවා... ඉදිරියට යනකොට වැස්ස පෑව්වොත් අපේ ඇෙඟ් තියන රස්නෙට ඒ ඇඳුම් වේළෙනවා... ඕක මං කිව්වාම ආරක්ෂක ලේකම්තුමාට, එතුමා ලොකු හුස්මක් හෙළලා කිව්වා මං මොනවා හරි කරන්නම් කියලා... පැය 48 ක් ඇතුළත මට එව්වා කන්ටේනර්... ඒවට හීටර් හයිකරලා... අපේ ඇඳුම් වේළගන්න... මේ රටේ ආරක්‍ෂක ලේකම් අපේ සොල්දාදුවා වෙනුවෙන් සබබදඩ්එසදබ කරලා තියෙනවා

    ‘හීටර්’ සවිකළ කන්ටේනර් එවකට බි‍්‍රගේඩියර්වරයකු වූ ශවේන්ද්‍ර සිල්වා නායකත්වය දුන් 58 සේනාංකයට පමණක් ලබාදුන් විශේෂිත වූ පහසුකමක් නොවේ. ශවේන්ද්‍ර සිල්වා එම ප‍්‍රකාශය කර ඇත්තේ ශී‍්‍ර ලංකා රක්‍ෂණ සමාගම ‘ටාජ් එක්සෝටිකා’ හෝටලයේ 2009 දෙසැම්බර් 28 සංවිධානය කළ වැඩසටහනකදී ආරාධිත කථිකයකු ලෙසිනි. ශවේන්ද්‍ර සිල්වා හෝ වෙනත් සේවයේ යෙදී සිටින හෝ විශ‍්‍රාමික සිවිල් හෝ හමුදා නිලධාරීන්ගේ ප‍්‍රසිද්ධ

    රැුස්වීමක කළ ප‍්‍රකාශයක් යොදා ගැනීම බරපතළ මැතිවරණ නීති උල්ලංඝනයක්ද? මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුව ඇත්තේ පුවත්පත්වල පළ කළ යුද හමුදාපතිවරයාගේ ප‍්‍රකාශයට ඉහළින් ‘‘2009 දෙසැම්බර් 28 Life Congress 2009 (youtube) උපුටා ගන්නා ලදී.’’ ලෙස සඳහන් විය. 2009 දෙසැම්බර් 28 දින කළ ප‍්‍රකාශයක් 2019 ඔක්තෝබර් 13 පුවත්පත්වල දැන්වීමක් ලෙස පළ කිරීම මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස අර්ථකථනය කර ඇත. එම ප‍්‍රකාශය 2019 නොවැම්බර් 16 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ බවට උපකල්පනය කර ඇත. ශවේන්ද්‍ර සිල්වා එම ප‍්‍රකාශය කරන අවස්ථාවේ (2009 දී* ගෝඨාභය රාජපක්‍ෂට කි‍්‍රයාකාරී දේශපාලනයට ඒමට කිසිදු අදහසක් තිබෙන්නට නැත.

    හමුදාපතිවරයා 2019 ඔක්තෝබර් 15 ආරක්‍ෂක අමාත්‍යාංශයට කළ කරුණු දැක්වීම සමග ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මැතිවරණ කොමිසමට 2019 ඔක්තෝබර් 17 යැවූ ලිපිය සමාජ ජාල මාධ්‍යයට මුදාහැරියේ කවුද?

    ශවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රකාශය ඇතුළත් වූ දැන්වීම තුළ ඇඞ්මිරල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොර්ස් රොෂාන් ගුණතිලක සහ ජෙනරාල් දයා රත්නායක පළ කළ අදහස් ද තිබිණි.

    ‘‘ඔහු ආරක්‍ෂක ලේකම්වරයා විදිහට හමුදාවට විතරක් නොවේ, ගුවන්, නාවික සහ පොලිසියට ද සෑම විටම ශක්තියක් සැපයීමට ඍජුවම මැදිහත් වුණා. විශේෂයෙන් මේ රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඔහු විශාල කාර්යභාරයක් කර තිබෙනවා. හමුදා පුහුණුව, සන්නද්ධ කාර්යය, ධාරිතා වර්ධනය වගේම හමුදාවේ වෘත්තීයභාවය ඉහළ නැංවීම ඔහුගේ අධීක්‍ෂණයෙන් සිදු වුණා.’’ ජෙනරාල් දයා රත්නායක මෙලෙස පැවසුවේ 2015 මාර්තු දීය.

    රොෂාන් ගුණතිලක පහත සඳහන් අදහස පළ කළේ 2009 මාර්තු Business Today සඟරාව සමගය:

    ‘‘ඔහු මානුෂික මෙහෙයුමේ සැබෑ අගය වටහා ගනිමින් අපට සම්පූර්ණ සහයෝගය දුන්නේ ත‍්‍රස්තවාදය මුලින් උපුටා දමන්නටයි... අතිගරු ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්වරයා පවතින තත්ත්වය හඳුනාගැනීම හා එතුමන්ලාගේ දැඩි උෙiා්ගය දැන් පවතින සාර්ථකත්වයට විශාල හේතුවක් වුණා. මෙම පරිසරය අපට LTTE ත‍්‍රස්තවාදය මැඬපැවැත්වීමට රුකුලක් වුණා.’’

    ‘‘අතිගරු ජනාධිපතිතුමාගේ හා ආරක්‍ෂක ලේකම්තුමාගේ නායකත්වය නිසා අවසානය තෙක් සටන් කිරීමේ අරමුණ, අවශ්‍ය කරන යුද උපකරණ ලබාදීම, අපගේ යුද ජයග‍්‍රහණයට හේතුවක් වුණා. එතුමන්ලා දෙදෙනා සෑම විටම අප දිරිමත් කළා.’’

    (වසන්ත කරන්නාගොඩ* මෙලෙස පැවසුවේ 2009 පෙබරවාරි Business Today සඟරාව සමග කළ සාකච්ඡුාවකදීය.

    ශවේන්ද්‍ර සිල්වා, වසන්ත කරන්නාගොඩ සහ රොෂාන් ගුණතිලක 2009 වසරේ කළ ප‍්‍රකාශවල විශේෂත්වයක් ඇත. කරන්නාගොඩ සහ ගුණතිලක එම ප‍්‍රකාශ යුද්ධය ජයග‍්‍රාහී ලෙස අවසන් අදියරට පැමිණීමෙන් තිබෙන අවස්ථාවේ කර ඇත. කරන්නාගොඩගේ සම්මුඛ සාකච්ඡුාව පළවන්නේ 2009 පෙබරවාරි මාසයේදීය. ගුණතිලකගේ සම්මුඛ සාකච්ඡුාව පළවන්නේ 2009 මාර්තු මාසයේදීය. ශවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රකාශය සලකා බැලිය යුත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි තනතුරින් 2009 නොවැම්බර් ඉල්ලා අස්වී පස්වැනි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමද සැලකිල්ලට

    ගැනීමෙනි.

    2010 ජනවාරි පැවති ජනාධිපතිවරණයේදී ෆොන්සේකා ඡුන්ද මිලියන 1.8 කින් පරාජය විය. ඊළාම් සටනේදී ජෙනරාල් ෆොන්සේකා අසම සම නායකත්වයක් දුන්නේය. ෆොන්සේකාගේ නායකත්වය නොවන්නට ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ශක්තියක් අදටත් අප රටට නැත. 2005 දෙසැම්බර් මාසයේ විශ‍්‍රාම යෑමට සිටි ෆොන්සේකා හමුදාපති ධුරයට පත් කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ මැදිහත් විය. 2005 නොවැම්බර් 17 ජනාධිපතිවරණය මහින්ද රාජපක්‍ෂ ජයග‍්‍රහණය කිරීමත් සමගම ෆොන්සේකා හමුදාපති තනතුරට පත්විය. 2005 ජනපතිවරණයේ ජයග‍්‍රහණය එජාපයට හිමි වූවානම් ෆොන්සේකා විශ‍්‍රාම යන්නේ යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා ලෙසය.

    ශවේන්ද්‍ර සිල්වා 2009 දෙසැම්බර් මාසයේ කළ ප‍්‍රකාශය දඩමීමා කරගෙන එජාපය ප‍්‍රමුඛ කණ්ඩායම මහා ඝෝෂාවක් කළේය. හමුදාපතිවරයා දශකයකට පෙර කළ ප‍්‍රකාශයකට අවි අමෝරාගත් කණ්ඩායම් වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්‍ෂ, මන්තී‍්‍රවරුන් ශී‍්‍ර ලංකාවේ ඒකීයභාවය වහාම අහෝසි කළ යුතු බවට කළ යෝජනා හමුවේ හැසිරුණු ආකාරය විමසා බැලිය යුතුය. යුද්ධය ජයග‍්‍රහණය කිරීමට ප‍්‍රබල දායකත්වයක් ලබාදුන් ගෝඨාභය රාජපක්‍ෂ කළ කාර්යය සඳහන් කිරීම යම් පාර්ශ්වයන්ට මහත් ප‍්‍රශ්නයක් විය. මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කළ බවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණම දෝෂාරෝපණයට ලක්විය.

    මෙවැනි තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ හතරක් ඇතුළු පක්‍ෂ පහක් පසුගිය සතියේ ඉදිරිපත් කළ රට බෙදන යෝජනාවලිය ඉතාම ගැඹුරින් විමසා බැලිය යුතුය. එම යෝජනාවලියට පාර්ලිමේන්තුවේ ප‍්‍රතිචාරය කුමක්ද? පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන එජාපය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජවිපෙ, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ ඊළාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය එම යෝජනාවලියට වහාම ප‍්‍රතිචාර දැක්වීමෙන් වැළකිණි. දේශපාලන පක්‍ෂවල හැසිරීම පිළිබඳව ජනතාව අවදියෙන් සිටිය යුතුය. නමුත් ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දශකයකට පෙර කළ සත්‍ය ප‍්‍රකාශයක් ජනාධිපතිවරණ මැතිවරණ ප‍්‍රචාරණ දැන්වීමකට ඇතුළත් කිරීම බරපතළ නීති උල්ලංඝනය කිරීමක් ලෙස එජාපය කළ පැමිණිල්ල භාරගත් මැතිවරණ කොමිසම රට බෙදන යෝජනාවලිය සම්බන්ධයෙන් කි‍්‍රයාකරන්නේ කෙසේද?

    පවතින ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට සියලූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු බැඳී සිටිති. එම වගකීම පැහැර හැරීමට හෝ නොසලකා කටයුතු කිරීමට කිසිදු මන්තී‍්‍රවරයකුට නොහැකිය. යම් පක්‍ෂ ප‍්‍රවර්ධන කි‍්‍රයාවලියක් හෝ ජන කොටසකට විශේෂිත යෝජනාවලියක් රටේ පවතින ව්‍යවස්ථාවට පටහැනි විය හැකිද? රටේ ඒකීයභාවය රැුකීමට පොරොන්දු වී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර ලබා ගන්නා පුද්ගලයන්ට රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් යෝජනා කළ හැකිද? එවැනි යෝජනාවලියකට එකඟ වීමට නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සජිත් පේ‍්‍රමදාසට හෝ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්‍ෂට හැකිද? එවැනි බෙදුම්වාදී යෝජනාවලියක් සම්බන්ධයෙන් සාකච්ඡුා කළ හැකිද? යුද්ධය ජයග‍්‍රහණය කළ ආරක්‍ෂක හමුදා පූර්ණ විදේශීය අධිකරණ කි‍්‍රයාවලියකට යටත් කිරීමට යෝජනා කරන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය ප‍්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන බලවේග තවදුරටත් රජය සමග සමීපව කටයුතු කරන බව පැහැදිලිය.

    රට බෙදීමට එකඟ නොවන්නේ නම් පක්‍ෂ පහේ ද්‍රවිඩ සංධානය ජනාධිපතිවරණයට තරග කරන ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාටම සහයෝගය නොදක්වන බව ප‍්‍රකාශ කර ඇති පසුබිමක එම ‘අන්තවාදී ලියවිල්ල’ වෙනුවෙන් පෙනීසිටින මන්තී‍්‍රවරුන් දෙපළක් රාජ්‍ය උත්සවයකට ආරාධනා ලැබීම අදහාගත නොහැක.

    යාපනය දිස්ති‍්‍රක්කයේ පලාලි ගුවන් හමුදා භූමි ප‍්‍රදේශයේ ස්ථාපිත කළ ‘යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ’ ඔක්තෝබර් 17, 2019 විවෘත කරන අවස්ථාවේ ජනාධිපති සේනාධිනායක ආරක්‍ෂක සහ නීතිය සහ සාමය ඇමැති මෛති‍්‍රපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග එම උත්සවයට ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා සහ එම්. ඒ. සුමන්තිරන් සහභාගි විය. හමුදා ප‍්‍රධානීහු ද එම උත්සවයට සහභාගි වී සිටියහ.

    අන්තවාදී ද්‍රවිඩ පාර්ලිමේන්තු නියෝජිතයන් සැනසීමට වෙර දරන රජය ඔක්තෝබර් 17 දින පැවැති උත්සවය ආරම්භයේදී ජාතික ගීය ගායනා කිරීමෙන් වැළකී සිටියේය.

    රට බෙදීමට බල කරන මන්තී‍්‍රවරු සමග රාජ්‍ය උත්සවයකට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහභාගි වීම අප රටේ සැබෑ තත්ත්වය පෙන්නුම් කරයි.

    ද්‍රවිඩ ජාතික සන්ධානය 2001 සිට පෙනීසිටියේ බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය වෙනුවෙන් බව පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්‍ෂ තම වාසිය උදෙසා අමතක කර ඇත. ශවේන්ද්‍ර සිල්වා 58 සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස කළ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයට බරපතළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස පැමිණිලි කළ එම පැමිණිල්ල භාරගත් පාර්ශ්ව ද්‍රවිඩ ජාතික සන්ධානයේ බෙදුම්වාදී කි‍්‍රයා පිළිවෙත කිසිදු දිනක අභියෝගයට ලක් කළේ නැත. මැතිවරණ දෙපාර්තමේන්තුව (මැතිවරණ කොමිසම, 2016 ස්ථාපිත කළේය* කිසිම අවස්ථාවක ද්‍රවිඩ ජාතික සන්ධානයේ කි‍්‍රයා පිළිවෙත පිළිබඳව කිසිදු ආකාරයක විමසීමක් හෝ අවවාද කිරීමක් කළේ නැත. එහෙව් රටක යුද හමුදාපතිවරයා මේජර් ජෙනරාල්වරයකු ලෙස පළ කළ අදහස් වෙනත් පාර්ශ්වයක් යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් නිදහසට කරුණු විමසීම අපරාධයකි.



     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,270
    113
    Malabe
    ගු ඇන් පී එකාලට කොහොමත් යුද්දෙ ඇලජික් ශ්‍රවේන්ද්‍ර සිල්වා වගේ යුධ වීරයො වැජබෙද්දි ගූ ඇන් පී උන් බලු වෙනව, බල්ලො ඉතින් බුරා පනිනව එකනෙ ස්වභාවය..