ලෙඩක් නොදාගෙන පවුලෙ අයත් එක්ක ෆිල්ම් බලන&#3530

randikaprabha

Junior member
  • Dec 8, 2013
    90
    27
    18
    Ambalangoda
    ලෙඩක් නොදාගෙන පවුලෙ අයත් එක්ක ෆිල්ම් බලන&#3530

    අපි ඉතින් මොකක් හරි ෆිල්ම් එකක් ගත්තොත් පවුලෙ ඉන්න අම්මලා, තාත්තලා, අක්කලා, අයියලා, අත්තලා, මුත්තලා ඔක්කොම වටවෙනවනෙ ඕක බලන්න. ඉතින් වෙන්න පුළුවන් සවුත්තුම වැඩේ තමයි ඔහොම බලන අතරතුරේ මොකක් හරි කුණුහරුප සීන් එකක් හෙවත් වැඩිහිටියන්ට පමණක් සීමා වූ සීන් එකක් යන එක. ඔන්න ඔය ලෙඩේ දාගන්නෙ නැතුව බේරෙන්නෙ කොහොමද කියලයි අද කතාකරන්නෙ..

    අපි ඉතින් ෆිල්ම් එකේ තියෙන්නෙ මොනවද කියලා දන්නෙ නෑනෙ. මේකට හොඳම විසඳුම චිත්‍රපට නිශ්පාදකයන්ම දීලා තියෙනවා. එයාල ෆිල්ම් එක නිකුත් කරනකොට ඒක සුදුසු මොනවගේ අයටද කියලා සංඛේතයකින් දක්වලා එවනවා. මේ සංඛේතය අනුව අපිට පුළුවන් මොනවගේ දේවල් මේ චිත්‍රපටියෙ ඇතුළත්ද කියලා දැනගන්න.

    අපි ඉතින් ගොඩාක් දුරට ෆිල්ම් බලන්නෙ එක්කො DVD/Blu-ray ඩිස්ක්වලින් හරි ඉන්ටනෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා හරිනෙ. DVD/Blu-Ray ගේනවා නම් ගොඩාක් දුරට ඒකෙ කවරෙ මේ සළකුණු ගහලා තියෙනවා. (ඉදිරියෙදී මේවා ගැන කතාකරනවා). ඒකෙ නැත්නම් හරි ඩවුන්ලෝඩ් කරපු එකක් හරි නම් http://www.Imdb.com එකට ගිහින් ෆිල්ම් එකේ නම ගහන්න. ඒකෙ Rating එක පෙන්නාවි.

    දැන් බලමු මේ සංඛේත/Ratings මොනවද කියලා. මේවා තියෙන්නෙ පින්තූර විදිහට..

    1. G – General Auiences
    මේකෙන් කියවෙන්නෙ මේ ෆිල්ම් එක ඕනෑම කෙනෙක්ට බලන්න පුළුවන් කියන එක.
    general-audiences.gif


    2. PG – Parental Guidance Suggested
    මේකෙන් කියවෙන්නෙ බලනකොට දෙමාපිය අනුදැනුම තියෙනවා නම් හොඳයි කියන එක. සටන් දර්ශන, පොඩි පොඩි කිස් කරන සීන් ඇතුළත් වෙනවා.
    76px-RATED_PG.svg.png


    3. PG-13 – Parents Strongly Cautioned
    මේකෙන් කියන්නෙ දෙමාපිය අනුදැනුම තිබිය යුතුම බව. තරමක් ලේ වැගිරෙන දර්ශන, ලිංගිකාත්මක නොවන නිරුවත් දර්ශන, නරක වචන භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළත් වෙනවා.
    142px-RATED_PG-13.svg.png


    4. R – Restricted
    මෙහිදී ෆිල්ම්හෝල් එකක නම් දෙමාපියන්ගෙන් අයෙක් හෝ වැඩිහිටි රැකවලෙක් නැතුව 17න් පහළ අය ඇතුළත් කරගන්නෙ නෑ. PG-13 ට වඩා ප්‍රබල ලෙස ඒ දර්ශන තිබිය හැකියි.
    Rated_r.gif


    5. NC-17
    මෙය නම් වැඩිහිටියන්ට පමණයි
    3534682.gif


    ඔන්න ඉතින් අදින් පස්සෙවත් චාටර් නොවී ෆිල්ම් බලාවි කියලා හිතනවා..

    උපුටාගත්තෙ මෙහෙන්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපි නම් ඉතින් 9 . 10 වසරවල් වල ඉඳලම NC 17 එකටත් වඩා දරුණු ඒවා නේ බලන්නේ :P