ලෙඩුන් වැඩිවෙන අතරේ ඇමරිකාව කොරෝනා සටන අත්හරියි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ඇමරිකාව කොරෝනා පළමු රැල්ලෙහි වේගය අවසන් වීමට පෙර විවෘත කිරීමට පටන්ගෙන තිබේ. ඇමරිකාවේ ප්‍රාන්තවලින් භාගයකම තවමත් නව ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ. මේ අනුව කොරෝනා වෛරසය කෙබඳුද යන්න පිළිබඳව දරුණුම සිතුවම ඉදිරිපත් කිරීමට ඇමරිකාව සූදානමින් සිටියි.
    ඇමරිකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තියේ වේගය දශමයකින්වත් පහත වැටී නොමැති පසුබිමක
    මේ සියල්ල වාර්තා වේ. මෙම ලිපියේ තිබෙන රූප සටහනෙහි දැක්වෙන පරිදි යුරෝපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දක්වන රේඛාව පැතලි හැඩයක් ගෙන තිබුණද ඇමරිකාවේ තත්ත්වය දරුණු අතට හැරීමට යන බව එහි පෙන්නුම්කර තිබේ.

    ප්‍රාන්ත නැවත විවෘත වන ආකාරය සැලකීමේදී පෙනෙන ආකාරයට ඇමරිකාව කොරෝනා සටන අත් හැර තිබේ. ඇමරිකාව තුළ කොරෝනා වෛසරය මගින් ඇති වන බලපෑම මෙලෙස විස්තර කළ හැකිය. පළමුවැන්න නම් ආසාදිතයන් ගණන වැඩි වීමය. එසේ සිදු වන ප්‍රාන්තවලට උදාහරණ ලෙස ඇරිසෝනා, ටෙක්සාස් සහ ෆ්ලෝරිඩා සැලකිය හැකිය. දෙවැන්න නම් ආසාදිතයන් සංඛ්‍යාව එන්න එන්නම වැඩි වීම තවත් කාලයක් පුරාවට පැවතීමය. වෙන කවර රටකටත් වඩා එසේ සිදු වීමේ අවදානම ඇමරිකාව සතුය. තුන්වැන්න නම්, කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දක්වන රේඛාව පැතලි ස්වභාවයක් ගැනීමට බොහෝ කාලයක් ගත විය හැකි වීමය.


    ලොව වෙන කිසිම ප්‍රදේශයකට වඩා වෙනස්ව ඇමරිකාව තුළ කොරෝනා වෛරසය විශාල කාලයක් පැවතීමට ඉ‍ඩ තිබෙන අතර වෙනත් ප්‍රදේශවලට වඩා දරුණු ලෙස ඇමරිකාවට බලපෑම් ඇති කරන මෙම වසංගය එහි විශාල විනාශයක් සිදු කරමින් පවතින බව Eudaimonia වෙබ් අඩවියේ සඳහන් වේ.

    දිගටම පවතින වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වන්නේ ශරීර සෞඛ්‍යයට පමණක් නොවේ. සමාජයීය, ආර්ථිකමය සහ දේශපාලනමය ගැටලුද උද්ගත වේ.
    ඇමරිකාව තුළ කොරෝනා වෛසරය මඟින් කොතරම් විශාල විනාශයක් සිදු කර තිබේද? එය කිසිවෙකු ඔබට නොපවසාවි. නමුත් ගණන් බැලුවහොත් ලැබෙන සංඛ්‍යාමය දත්ත කම්පනකරවනසුලුය, බියකරුය‍. මීට පෙර ඉහළම කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා වූයේ යුරෝපයෙන්ය. නමුත් කොරෝනා වෛසරය විසින් යුරෝපය ආක්‍රමණය කළේ ඒ විසින් ඇමරිකාව ආක්‍රමණය කිරීමට පෙරය. චීනය හැරුණු කොට කොරෝනා වෛරසය මඟින් මුල් දරුණු බලපෑම ඇති වූයේ යුරෝපයටය. නමුත් මේ වන විට බොහෝ යුරෝපියානු රටවල ආසාදිතයන්ගේ පහළ වැටීමක් දක්නට ලැබේ. නමුත් ඇමරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන රේඛාව ඉහළට ගමන් කරමින් පවතියි.

    ප්‍රංශය තුළ 14වෙනිදා වාර්තා වූයේ මරණ 28ක් පමණක් වන අතර ඉතාලියේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 78ක්ය. ඩෙන්මාර්කයේ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 40ක් පමණය. මෙම දත්ත අනුව යුරෝපීයට රටවල් තවම වෛරසය පරාජය කර නොමැති වුවද එම රටවල් සෙමින් වෛරසයෙන් ඉවත් වෙමින් පවතින බව පෙනේ.
    ඇතැම් රටවල කොරෝනා ආසාදිත සංඛ්‍යාව හෝ මරණ සංඛ්‍යාව විශාල වශයෙන් පහත ගොස් තිබේ.

    නවසීලන්තයේ නව කොරෝනා මරණ වාර්තා නොවූ අතර වියට්නාමයේ ජූනි 14දින වාර්තා වූයේ එක් ආසාදිතයෙකු පමණය. නමුත් ඇමරිකාවේ දැනට සිදු වී තිබෙනවාට වඩා විශාල විනාශයක් ඉදිරියේදී සිදු වීමට නියමිත බව සඳහන්ය.

    ඇතැම් රටවල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව පහළ යෑමට හේතුව ලෙස Eudaimonia සඳහන් කරන්නේ අගුළු දැමීමේදී මහජනයා ඊ‍ට දැක්වූ සහයෝගය, රජය මගින් විද්‍යාඥයන්ට ඇහුම්කන් දීම වැනි කරුණුය. නමුත් ඇමරිකාවේ වාර්තා වන අගයන් ඉහළ යෑමට මූලික හේතුව වන්නේ නිසි මඟ පෙන්වීමක් මහජනයාට ලබා නොදීම බව එම වෙබ් අඩවියේ සඳහන් විය. ප්‍රාන්ත යළි විවෘත වන අතර එහි විනාශකාරී ප්‍රතිඵලද දක්නට ලැබෙන බව සඳහන් වේ.

    කොරෝනා පොකුරු බිහි වන අතර වෛරසය ව්‍යාප්ත වේ. ඉන් පැහැදිලි වන්නේ ඉදිරියේදී එහි මරණ සංඛ්‍යාවද ඉහළ යන බවට සඳහන්ය. දැනටමත් ලොව ඉහළම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඇමරිකාවෙන්ය. වෛරසය හේතුවෙන් ඇමරිකාව තුළ මිය යනු ඇතැයි කලින් සඳහන් කළේ දෙලක්ෂයක්ය. නමුත් මේ වන විටත් එක්සත් ජනපදය තුළ මරණ 119,941ක් වාර්තා වන අතර ප්‍රාන්ත විවෘත කිරීමේදී වෛසරයේ ව්‍යාප්තිය තවත් වැඩි වනු ඇති බව සඳහන්ය. ඇමරිකාව තුළ මරණ කොපමණ ප්‍රමාණයක් ඉදිරියේදී සිදු වේවිදැයි කිසිවෙකු නොදනියි.
    නමුත් කොරෝනා හේතුවෙන් ඇමරිකාවේ සිදු වන මරණ සංඛ්‍යාව ලක්ෂ 5කට ආසන්න විය හැකි බව වෛද්‍යවරු ගණන් බලා ඇතැයි උමෙයා හැකේ විසින් පළ කළ මෙම ලිපියේ සඳහන් විය. එමෙන්ම වැඩිම මරණ සංඛ්‍යාව ඉදිරියටත් ඇමරිකාවෙන් වාර්තා විය හැකි බව සඳහන්ය. එය පසු කිරීමට ඉඩ තිබෙන රටවල් ලෙස ඉන්දියාව, පකිස්ථානය සහ රුසියාව අනුමාන කරන බව ඔහු පවසයි.

    (Eudaimonia ඇසුරිනි)
    එස්. දහනායක
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    ට්‍රම්ප් පොන්නයා ජන්දෙට ලෑස්ති වෙනවනේ..

     
    • Like
    Reactions: kinkon

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    un merenakam inne oya kalu evun , wena rata walin epu salli nathi un .. ekyi oya
    ethkota un thama best country wenne , eyi salli thiyena un withara ne inne anthimata :dull: :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,174
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    weapons-helicopters-usa-president-rambo-hd-wallpaper-preview.jpg
     
    • Like
    • Haha
    Reactions: Genuine and neyohk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    අනිත් රටවල් වලට කරපු විනාශ ය ආපහු කැරකිලා එනවා
    කරන කලට පව් මිහිරි ය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනී සේ
     

    Similar threads