ලෙඩ ගොඩකට මුල වූ ලිප්ස්ටික්

SiteGround

Banned
  • Jul 30, 2018
    259
    63
    28
    ලෙඩ ගොඩකට මුල වූ ලිප්ස්ටික්

    Lipstic.jpg
    ලෙඩ ගොඩකට මුල වූ ලිප්ස්ටික්



    කාන්තාවගේ රූපලාවන්‍ය කට්ටලයෙහි ඇති වැදගත්ම අංගය ඇතැම්විට ලිප්ස්ටික් වේ. තවත්විදිහකට කියනවානම් තොල් ආලේපනය. කාන්තාවන් අලංකාරය සඳහා මෝස්තර අනුව විවිධ වර්ණ සහිත ලිප්ස්ටික් එකතු කර ගත්තද බොහෝවිට ගැලපෙන වර්ණ හා වෙළඳ නාම සැලකිල්ලට නොගනී.
    බොහෝ වේලාවට කාන්තාව ගෙදරින් පිටතට යන විට තොල් ආලේපන ආලේප කරයි. එය මුළු දවස පුරාම දෙතොල් තුළ තිබේ. ඇතැම්විට කිහිප වරක් ආලේපන කරයි.
    මේ ආකාරයට කාන්තාවන් භාවිතා කරන තොල් ආලේපන තුළින් වන ශාරීරික අක්‍රමිකතා පිළිබඳ විමසා බලමු.
    තොල් ආලේපන තුළ ලෝහමය ද්‍රව්‍ය අඩංගු වේ. ·

    • ඊයම්·
    • කැඩ්මියම්·
    • ක්රෝමියම්·
    • මර්කරි·
    • ෆොමැල්ඩිහයිඩ්
    බොහෝ ආලේපන තුළ ඊයම් අඩංගු වන අතර එය අතිශය හානිකර වෙයි. එමෙන්ම තොල් සහ අවට සමේ ආසාත්මිකතාවයක් ඇති කරයි. එමෙන්ම එවැනි රසායනික ද්‍රව්‍ය හා බැර ලෝහ පිළිකාවට හේතු විය හැක.
    මැග්නීසියම් සහ ක්‍රෝමියම් වැනි බැර ලෝහ බොහෝ තොල් ආලේපන තුළ අඩංගු වන අතර තොල් ආලේපන තුළින් අධික ලෙස කැඩ්මියම් ප්‍රමාණයක් ශරීරයට තුළට ඇතුල්වීමෙන් වකුගඩු රෝගයේ අවදානම වැඩි විය හැකිය.
    විශේෂයෙන්ම ආලේපනවල නිතර නිතර භාවිතා කිරීමෙන් දරුණු උදර පිළිකාවන් ඇති විය හැකි බව වෛද්‍ය මතයයි.
    එමෙන්ම ඇතැම්විට ලිප්ස්ටික් වර්ග භාවිතයේදී හෝර්මෝන අසමතුලිතතාවය පවා ඇතිවිය හැකි විවිධ පර්යේෂණ මගින් තහවුරු කොගෙන ඇත.
    මෙවැනි රසායනික ශරීරගත වීමෙන් වර්ධනය, ප්‍රජනනය හා මතකය සඳහා වුවද විවිධ මට්ටම් වලින් බාධක ඇතිවිය හැකිය.
    ලිප්ස්ටික් තුළ ඇති කල් තබා ගන්නා රසායනික ද්‍රව්‍ය නිසා පෙරකී ලෙසම පිළිකා ඇති විය හැකි අතර තොල් ආලේන ශරීර ගතවීම ඔබගේ හදවතට බලපාන අතර අධි රුධිර පීඩනය, කිරීටක හෘද රෝග හා හෘද ආබාධ පවා ඇති කරන බව වෛද්‍යවරු පෙන්වා දී ඇත.
    එමෙන්ම ඊයම් මොළයේ ක්‍රියාකාරිත්වය අඩු කර ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි. එමනිසා, මතකය ගැටළු ඇති විය හැකිය. ඇත්ත වශයෙන් ම, ඊයම් විෂ වීම, අපස්මාරය මෙන්ම, මරණය පවා ඇතිවීමට ඉඩ ඇත. කැලිෆෝනියා විශ්ව විද්‍යාලය විසින් මෑත අධ්‍යයනයකින් කාන්තා හිස් කබල් 8 ක් පරීක්ෂා කර බැලූ අතර ඒවායින් 75% ක් ඊයම් අඩංගු විය. ඊට අදාලව විවිධ තොල් ආලේපන අතුරින් තෝරා ගත් සන්නාම වලින් 61% කම ඊයම් කැඩ්මියම් සහ ක්රෝමියම් අඩංගු විය. ඉතින් මේ ආකාරයට ආබාධ ඇති කරන හානිකර රසායනික ද්‍රව්‍යය තොල් ආලේපන තුළ අඩංගු වේ. තොල් ආලේපන ශරීරයට කොතරම් අහිතකර යැයි කීවද ඉන් මිදීමට කාන්තාවන් අකමැතිය. කළ හැක්කේ භාවිතය අවම කිරීමය.