ලෙඩ සුව කරන සංගීත චිකිත්සාව
වෛද්‍ය සමිත සිරිතුංග ප්‍රජා වෛද්‍ය විශේෂඥ
කායික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික සමතුලිතතාව පවත්වාගෙන යහපත් සෞඛ්‍යයක් හිමිකර ගන්න පාලනයකින් යුතු සංගීතය භාවිත කළ හැකි සාර්ථකම ප්‍රතිකර්මයකි.
සංගීත චිකිත්සාව
සංගීතය රෝග පාලනයට පමණක් නොව රෝග සුව කිරීමටත් යොදා ගනියි. කායිකව පෙනෙන රෝග තත්ත්වවලට වඩා මානසික වේදනාවට සංගීත චිකිත්සාවකි.
ප්‍රතිකාර කළ හැකි අවස්ථා
යම් රෝගි තත්ත්වයකින් දීර්ඝකාලීනව පීඩා විඳින විට එම රෝගියාගේ මානසිකත්වය පහළ වැටෙයි. පිළිකා වැනි රෝග තත්ත්ව මෙයට කදිම උදාහරණයකි. එවැනි අවස්ථාවකදී එම රෝගියාට සාර්ථකව මුහුණදීමට හැකි වන ආකාරයේ ශක්තිමත් මනසක් නිර්මාණය කිරීමටද සංගීතය මනා ඔසුවකි.
http://www.mawbima.lk/81-83428-news-detail.html
චර්යාවන්වල වෙනසට
තමා ගැනම මෙනෙහි කරමින් තම චර්යාවන් පිළිබඳ සිතා බලා ඒවා නිසි ලෙස පවත්වා ගැනීමටත් සංගීතය යොදා ගනියි. දුම්පානය වැනි වැරැදි චර්යාවන්ගෙන් අෑත්වීමටත් මෙය යොදා ගත හැකියි.
රෝග පාලනයට
අධික රුධිර පීඩනය හා හෘද ස්පන්දන වේගය අඩු හෝ වැඩි නොවන ලෙස ප්රශස්ත මට්ටමක පවත්වා ගැනීමට සංගීතය උපයෝගි කර ගන්න පුළුවන්.
මානසික ආතතියට
මොන යම් හෝ හේතුවක් නිසා මානසිකව පීඩාවට පත්වූ අය අවසානයේ මානසික ආතතියෙන් පෙළෙයි. එවිට ඇතැම් අය වැඩියෙන් ආහාර ගැනීමට හෝ නිරාහාරව සිටීමටත්, දුම්පානයට හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමටත් හැකියාව ඇත. මෙලෙස මානසික ආතතියෙන් පීඩා විඳින අයට සංගීතයෙන්ද සුවයක් ලැබිය හැකිය.
සංගීත ආකාර
ප්‍රතිකාරවලට භාවිත කරන පාලනයක් සහිත සංගීතය අඥතචයඪදඨ ර්භඵඪජ, ර්භඵඪජ ඊඩඥපචනඩර ලෙසත් හඳුන්වා දෙයි. රෝගවලට සංගීතයෙන් සුවයක් ලබාදිය හැකි බව පර්යේෂණ මගින්ද තහවුරු වන දෙයකි. වෙනත් ඔෟෂධ ප්‍රතිකාර මෙන් නොව සංගීත චිකිත්සාව කළ පසු කිසිදු අතුරු ආබාධයක් සිදු නොවීමත් මෙම චිකිත්සා ක්රමයේ ඇති විශේෂ ලක්ෂණයයි. බටහිර රටවල මෙය ප්‍රචලිත ක්‍රමයක් වුවත් අප රටවල මෙය එතරම් බහුල නොවන චිකිත්සාවකි.
සංගීතයේ බලපෑම
රෝගීන්ට හෝ රෝගීන් නොවන අයටත් සංගීතය චිකිත්සාව ලෙස භාවිත කළ හැකි වන්නේ පාලනයකින් යුතුවය. රොක් හා පොප් සංගීත වැනි රිද්මය වැඩි සංගීත කණ්ඩවලට සවන්දීම රෝගියකුගේ මරණයට පවා හේතුවිය හැකිය. මෙනිසා මනසට දැනෙන සරල සංගීතය මේ සඳහා යොදා ගැනීම වැදගත්ය. සංගීතය පරිසරය හා සම්බන්ධ වන නිසා රෝගී මනසට එය කදිම ඔසුවක් වන බව නම් කිව යුතුයි.
ශාලිකා රංගනී සමරදිවාකර