ලේලි හා දෝණී

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ස්ත්‍රී ලිංග ඡේදනය

attachment.php

පසුගිය දා ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ලිංග ඡේදනයට විරුද්ධව කටයුතු කිරීම හෙළා දකිමින් පසුගිය දා ශ්‍රී ලංකා මුස්ලිම් අධ්‍යයන සම්බන්ධ මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ස්ත්‍රී ලිංග ඡේදනය යනු ශ්‍රී ලංකාවේ ජනවර්ග කිහිපයක් අතර පවතින හානිදායක සාම්ප්‍රදායික චාරිත්‍රයකි.

මෙහිදී කපා ඉවත් කරන්නේ භගමනියේ ඉතා සුළු කොටසක් බවත්, එයින් හානියක් නොමැති බවත් කියමින් මිථ්‍යා මත පැතිරවීමක් ලංකාව පුරා විවිධ මට්ටමින් සිදුවේ.

භගමනිය යනු ස්ත්‍රී ලිංගික පද්ධතියේ පවතින සංවේදීම අවයවය වන අතර, කාය විද්‍යාත්මකව එය පුරුෂ ලිංගයට සමානය. ලිංගික කාර්යයේ දී කාන්තාවට ලැබෙන සතුට සහ උත්තේජනය සම්බන්ධය ප්‍රධාන කාර්යය ඉටු කරන්නේ එයයි. එහි ස්නායු අග්‍ර 8000ක් පමණ අඩංගු වේ යැයි කියැවෙන අතර, සම්පූර්ණ පුරුෂ ලිංගයේම ඇති ස්නායු අග්‍ර සංඛ්‍යාවට සමාන ස්නායු අග්‍ර ප්‍රමාණයක් එහි තිබේ.

පුරුෂාධිපත්‍යයෙන් හිස උදුමවා ගත් සාම්ප්‍රදායික ආගමික නායකයන් මේ කිසිවක් ගැන නොසොයා නොබලා, අන්ධ භක්තියෙන් තීරණ ගැනීම ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ නිදහස අවම කරනවා මෙන්ම, පරිපූර්ණ ලිංගික ජීවිතයක් ගත කිරීමට ඔවුනට ජීව විද්‍යාත්මකව ලැබී ඇති අයිතිවාසිකම ප්‍රතික්ෂේප කරනු ලබයි. ලිංගික කාර්යයෙන් සතුටු වීමට ඔවුනටද අන් අයට මෙන්ම අයිතියක් තිබේ.

මෙවැනි කාරණා සම්බන්ධව ජාතිවාදය ඇවිස්සේ යැයි, යම් ජන ප්‍රජාවකගේ සංස්කෘතික කාරණයක් යැයි කට පියා ගෙන සිටිය යුතු නොවේ. ආගමික, සංස්කෘතික කාරණා වුව, අන්ධ ලෙසින් විශ්වාස නොකර අපි අපගේ බුද්ධියෙන් සසඳා බලමින් තීරණ ගත යුතුය.

‘ඛත්නා’ යන නමින් හඳුන්වන මේ සාම්ප්‍රදායික හානිකර ක්‍රියාව ශිෂ්ට සමාජයක් විසින් මුලිනුපුටා දැමිය යුතු අතර, මේ කාරණා සේම, මුස්ලිම් පවුල් නීතිය යටතේ සිදුවන අඩුවයස් විවාහ ද, ලංකාවේ පොදු නීතිය යටතේ ඇති වෛවාහික ස්ත්‍රී දූෂණය පිළි නොගැනීම ද ආදිය සැලකූ කල තවමත් අපි සිටින්නේ කාන්තා අයිතිවාසිකම් සම්බන්‍ධයෙන් ගව් ගණනක් දුරින් බව පෙනී යයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ස්ත්‍රී ලිංග ඡේදනය යන්නට ස්ත්‍රී ලිංගික අවයවයන්ට වෛද්‍යමය නොවන හේතුවක් නිසා හිතාමතා සිදු කරන ඕනෑම තුවාල කිරීමක්, වෙනස් කිරීමක් අඩංගු වේ. එසේම ලංකාවේ දී ද ස්ත්‍රී ලිංග ඡේදනය හරහා සිදු කරන්නේ භගමනියට සහ එයට සම්බන්ධ කොටස්වලට හානි කිරීමයි.

එසේම මෙම ලිංග ඡේදනය බොහෝ විට සිදු කරන්නේ කුඩා ළදරුවන්ට හෝ දරුවන්ට වෙන අතර, බරපතල ළමා අයිතිවාසිකම් කඩ කිරීමක් ද වන්නේය.

එනිසා ලංකාවේ සිදුවන ස්ත්‍රී ලිංග ඡේදනය අප්‍රිකාවේ සිදුවන දෙය නොවේ යැයි කියමින් මේ අමෝනඥ, අසාධාරණ ක්‍රියාව සාධාරණීකරණය කිරීමේ සියලු පියවර හෙළා දැකිය යුතු අතර, රජය විසින් මෙවැනි ක්‍රියාවලට නිසි නීති මාර්ගවලින් කටයුතු කිරීම සේම, ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු මුළු මහත් සමාජය මේ ගැන දැනුවත් කිරීම වැදගත් වේ.

 

Attachments

  • 37780518_275443293038264_1296894490610499584_n.jpg
    37780518_275443293038264_1296894490610499584_n.jpg
    38 KB · Views: 67