Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ලේ දන් දීමේ අනුසස්...❣️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේ දන් දීමේ අනුසස්...

“සෝ සාගරේ ජලධිකං රුධිරං අදාසි

භූමිං පරාජීය සමං ස මදාසි දානං

මේරුප්ප මාන මදිකං ච සමෝලි සීසං

කේතාරකා දික තරං නයනං අදාසි “

මහා සාගරයේ ජලය පරදවා ලේ දන් දීම, මහ පොළොවේ පස් පරදවා මස් දන් දීම, මහා මේරුව පරදවා හිස දන්දීම , අහසෙ තරු පරදවා ඇස් දන්දීම යන අසීමිත දීම ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ඉපදුන නොයෙක් ආත්ම භාව වල සිදු කළ උතුම් ක්රියාවලියකි.

මේ අප මහා බෝසතාණන් වහන්සේ බුදු බව පිණිස යන ගමනේ දී ප්රමාණ කළ නො හැකි තරම් ඇස් ඉස් මස් ලේ ආදිය දන් දුන්නා. ඒ බෝසත් සිරිත සිහියට නඟා ගනිමින් ගෞතම බුදු සමිඳුන් ගේ ශ්රාවක දරුවන් වන අප ඇඟේ දුවන ලේ බිඳක් පහන් සිිතින් යුතු ව ජීවිතයක් ජීවත් කරවීම පිණිස දන් දෙන්නට කිසි සේත් ම පැකිළිය යුතු නැහැ. ඒ තුළින් රැස් කර ගත හැකි පින අප්රමාණ යි.

මිනිස් ජිවිතයක් බේරා ගැනීම සඳහා ශරීරයේ කොටසක් දන් දිය හැකිනම් එය අභය දානයකි, ජීවිත දානයකි.

මිනිස් සිරුරේ දත්, අත්, පා වැනි කොටස් අද කෘතිමව නිෂ්පාදනය කෙරේ.

විද්යාව කොතරම් දියුණු වුවත් රුධිරය කෘතිමව නිෂ්පාදනය කල නොහැකිය.

අන්ය සතුන්ගේ රුධිරය මිනිසාට දිය හැක්කේ ද නොවේ.

එය තවත් මනුෂ්යයෙකුගෙන්ම ලබාගත යුතුය.

වර්තමානයේ අපට අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට, ලේ දන් දීමේ හැකියාව පවතී.

රුධිරය අපගේ ශරීරයේ වැදගත් කොටසකි.

එවැනි දෙයකට අපගේ දැඩි මමත්වයක් පවතී.

ඒවා දන්දීමට අපහසුය.

තමන්ට කිසිම ප්රයෝජනයක් නැති නොදන්නා මනුෂ්යයෙකුට රුධිරය දන් දීම ඊටත් වඩා අපහසුය.

මේ නිසා රුධිරය දන්දීම, දාන උපපාරමිතා ගණයට එන උදාර කුසලයකි.

මෙවැනි කුසල් ගැන අපට මහත්වූ ගෞරවයක්, ඕනෑකමක්, ශ්රද්ධාවක් ඇතිවෙන්නේ, විශේෂයෙන්ම බුදු හිමියන් දානයේ ආනිසංස මනාව දේශනා කොට, සිවුවනක් පිරිස පරිත්යාගයට, දිරි ගන්වා, බල ගන්වා, තෙද ගන්වා තිබෙන නිසාය.

ඇත්තට ම ජීවිතයක් බේරා ගන්නට නම් ඔබ වෛද්යවරයෙකු විය යුතු ම නැහැ. සැදැහැවත් ශ්රාවක දරුවෙකු ලෙස සිතේ කරුණාව උපද්දවාගන්න පුළුවන් නම්, ඔබටත් මේ ලෝකයේ ජීවිතය අයදින රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන්.

බුදුරදුන් වෙනුවෙන් උන්වහන්සේ ජීවමානව නොසිටියත් මෙතරම් ආහාර පාන බුද්ධ පූජාවන් ලෙස පූජා කරන්නේ ඇයි එයට හේතුව කුමක්ද? එයට හේතුව උන්වහන්සේ සංසාරයේ පිරිසුදු චේතනාවෙන් දන්දීම නොවේ ද? අද උන් වහන්සේගේ ශ්රී නාමයට ලැබෙන පූජාවන් දෙස බැලීමේ දී උන්වහන්සේ සසර මොන තරම් නම් දන් දෙන්නට ඇද්ද කියා ඕනෑම කෙනෙකුට සිතෙනවාට කිසිදු සැකයක් නැත.

“දානං තානං මනුස්සානං

දානං දුග්ගති නිවාරණං

දානං සග්ගස්ස සෝපානං

දානං සන්තිකරං පරං.”

දානය මනුෂ්යයින්ට ආරක්ෂාවකි.

දානය දුගතිය වළකන්නකි.

දානය දෙව්ලොවට හිණිමඟකි.

දානය පරම ශාන්තිය ලබා දෙන්නකි.

දීමේ ප්රථිඵලයක් වශයෙන් උපදින උපදින ආත්මයක් පාසා සා පිපාසාදි දුකකට හෝ නරක, තිරිසන්, පේත, අසුර යන සතර අපායකට හෝ නෑ බෑ කියන වචන අසන්නට හෝ නොලැබෙනු ඇත.

එළෙසම මනුෂ්ය සැප සම්පත් සේම සදිව්ය ශ්රී සැප සම්පත් ලැබීමටත් ඒ සියලු ලෞකික සැප සම්පත් විඳි අවසානයේදී ලෝකෝත්තර සැපත වූ නිර්වාණ ශාන්තිය පිණිස ද හේතුවන්නේද දානය නොහොත් දීමයි.

දානය තුළ ඇති අනුසස් වශයෙන් මනුස්ස ජීවිතයේ අඩුපාඩු සම්පූර්ණ වී සැප සම්පත් ලැබෙනු ඇත. විශේෂයෙන් ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්රඥාව කියන උතුම් පංච විධ සම්පත්තිය දානයෙන් ලැබෙන ප්රථිඵලයි.

සමහර ජීවිත වල අඩුපාඩු හා දුගී දුප්පත්කම් නැති බැරිකම ඇති වී තිබෙන්නේ සසර දන් නොදීමේ අඩුපාඩුවයි.

[QUOTE="asliyanage, post: 29215196, member: 8764"] ලේ දන් දීමේ අනුසස්...❣️ “සෝ සාගරේ ජලධිකං රුධිරං අදාසි භූමිං පරාජීය සමං ස මදාසි දානං මේරුප්ප මාන මදිකං ච සමෝලි සීසං කේතාරකා දික තරං නයනං අදාසි “ මහා සාගරයේ ජලය පරදවා ලේ දන් දීම, මහ පොළොවේ පස් පරදවා මස් දන් දීම, මහා මේරුව පරදවා හිස දන්දීම , අහසෙ තරු පරදවා ඇස් දන්දීම යන අසීමිත දීම ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ඉපදුන නොයෙක් ආත්ම භාව වල සිදු කළ උතුම් ක්රියාවලියකි. මේ අප මහා බෝසතාණන් වහන්සේ බුදු බව පිණිස යන ගමනේ දී ප්රමාණ කළ නො හැකි තරම් ඇස් ඉස් මස් ලේ ආදිය දන් දුන්නා. ඒ බෝසත් සිරිත සිහියට නඟා ගනිමින් ගෞතම බුදු සමිඳුන් ගේ ශ්රාවක දරුවන් වන අප ඇඟේ දුවන ලේ බිඳක් පහන් සිිතින් යුතු ව ජීවිතයක් ජීවත් කරවීම පිණිස දන් දෙන්නට කිසි සේත් ම පැකිළිය යුතු නැහැ. ඒ තුළින් රැස් කර ගත හැකි පින අප්රමාණ යි. මිනිස් ජිවිතයක් බේරා ගැනීම සඳහා ශරීරයේ කොටසක් දන් දිය හැකිනම් එය අභය දානයකි, ජීවිත දානයකි. මිනිස් සිරුරේ දත්, අත්, පා වැනි කොටස් අද කෘතිමව නිෂ්පාදනය කෙරේ. විද්යාව කොතරම් දියුණු වුවත් රුධිරය කෘතිමව නිෂ්පාදනය කල නොහැකිය. අන්ය සතුන්ගේ රුධිරය මිනිසාට දිය හැක්කේ ද නොවේ. එය තවත් මනුෂ්යයෙකුගෙන්ම ලබාගත යුතුය. වර්තමානයේ අපට අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට, ලේ දන් දීමේ හැකියාව පවතී. රුධිරය අපගේ ශරීරයේ වැදගත් කොටසකි. එවැනි දෙයකට අපගේ දැඩි මමත්වයක් පවතී. ඒවා දන්දීමට අපහසුය. තමන්ට කිසිම ප්රයෝජනයක් නැති නොදන්නා මනුෂ්යයෙකුට රුධිරය දන් දීම ඊටත් වඩා අපහසුය. මේ නිසා රුධිරය දන්දීම, දාන උපපාරමිතා ගණයට එන උදාර කුසලයකි. මෙවැනි කුසල් ගැන අපට මහත්වූ ගෞරවයක්, ඕනෑකමක්, ශ්රද්ධාවක් ඇතිවෙන්නේ, විශේෂයෙන්ම බුදු හිමියන් දානයේ ආනිසංස මනාව දේශනා කොට, සිවුවනක් පිරිස පරිත්යාගයට, දිරි ගන්වා, බල ගන්වා, තෙද ගන්වා තිබෙන නිසාය. ඇත්තට ම ජීවිතයක් බේරා ගන්නට නම් ඔබ වෛද්යවරයෙකු විය යුතු ම නැහැ. සැදැහැවත් ශ්රාවක දරුවෙකු ලෙස සිතේ කරුණාව උපද්දවාගන්න පුළුවන් නම්, ඔබටත් මේ ලෝකයේ ජීවිතය අයදින රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන්. බුදුරදුන් වෙනුවෙන් උන්වහන්සේ ජීවමානව නොසිටියත් මෙතරම් ආහාර පාන බුද්ධ පූජාවන් ලෙස පූජා කරන්නේ ඇයි එයට හේතුව කුමක්ද? එයට හේතුව උන්වහන්සේ සංසාරයේ පිරිසුදු චේතනාවෙන් දන්දීම නොවේ ද? අද උන් වහන්සේගේ ශ්රී නාමයට ලැබෙන පූජාවන් දෙස බැලීමේ දී උන්වහන්සේ සසර මොන තරම් නම් දන් දෙන්නට ඇද්ද කියා ඕනෑම කෙනෙකුට සිතෙනවාට කිසිදු සැකයක් නැත. “දානං තානං මනුස්සානං දානං දුග්ගති නිවාරණං දානං සග්ගස්ස සෝපානං දානං සන්තිකරං පරං.” ◾දානය මනුෂ්යයින්ට ආරක්ෂාවකි. ◾දානය දුගතිය වළකන්නකි. ◾දානය දෙව්ලොවට හිණිමඟකි. ◾දානය පරම ශාන්තිය ලබා දෙන්නකි. ◾දීමේ ප්රථිඵලයක් වශයෙන් උපදින උපදින ආත්මයක් පාසා සා පිපාසාදි දුකකට හෝ නරක, තිරිසන්, පේත, අසුර යන සතර අපායකට හෝ නෑ බෑ කියන වචන අසන්නට හෝ නොලැබෙනු ඇත. ◾එළෙසම මනුෂ්ය සැප සම්පත් සේම සදිව්ය ශ්රී සැප සම්පත් ලැබීමටත් ඒ සියලු ලෞකික සැප සම්පත් විඳි අවසානයේදී ලෝකෝත්තර සැපත වූ නිර්වාණ ශාන්තිය පිණිස ද හේතුවන්නේද දානය නොහොත් දීමයි. දානය තුළ ඇති අනුසස් වශයෙන් මනුස්ස ජීවිතයේ අඩුපාඩු සම්පූර්ණ වී සැප සම්පත් ලැබෙනු ඇත. විශේෂයෙන් ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්රඥාව කියන උතුම් පංච විධ සම්පත්තිය දානයෙන් ලැබෙන ප්රථිඵලයි. සමහර ජීවිත වල අඩුපාඩු හා දුගී දුප්පත්කම් නැති බැරිකම ඇති වී තිබෙන්නේ සසර දන් නොදීමේ අඩුපාඩුවයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom