ලේ වඩන ආහාර වර්ග මොනවාද? | what are the foods that increase blood hemoglobin level?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,342
    8,711
    113
    අනතුරකට පත් වෙලා ඉන්න වයසක කෙනෙක්ට ලේ වල හීමොග්ලොබින් අඩුයි(හොඳට කාල බීල හිටිය කෙනෙක් නෙමෙයි ). සීනි පොඩ්ඩක් වැඩී. වෙන නම් ලෙඩ නෑ.

    එහෙම කෙනෙක්ට දෙන්න හොඳ ලේ වඩවන ආහාර මොනවාද? ( ලෙඩාට දියර විතරයි දෙන්න පුලුවන්, වයස නිසා ආහාර දිරවීමත් ටිකක් අඩුයි. දිරවන්න පහසු ආහාර නම් ගොඩක් හොඳයි ).
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කුකුල් පීකුදු blender කරලා
    ඇපල් ජූස්
    කෙසෙල් මුව
    නිවිති
    පොලොස්
    කොස් ඇට

    * ඔක්කොම blender කරලා දෙන්න වෙන්නෙ. Syringe එකකින් වගේ පොවන්න පුලුවන්.
    Syringe එක හිර වෙනවා නම් ඒකෙ තියෙන කලු පාට රබර් කෑල්ල ගලවපුවාම නම් පොඩ්ඩක් ඒක එහා මෙහා කරන්න ලේසි වෙනවා.

    අර ගස්ලබු ගහේ දල්ල (උඩ ඉඳන් 3වෙනි දල්ල වගේ මතක) කොටලා, යුෂය අරගෙන යෝගට් එක්ක දුන්නාම ප්ලේට්ලට් වැඩි වෙනවාලු නේද. [යෝගට් එක්ක දෙන්නෙ උගුර තුවාල වෙන්න පුලුවන් හින්දාලු]
    දන්න කෙ⁣නෙක් confirm කරන්න.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,854
    18,712
    113
    එලු මස් සුප් හොදයි..

    තව එකෙක් කියල තිබ්බ වගේම් මොනරකුඩුම්බිය කැද මරු. මට ඩෙංගු හැදුන වෙලේ බිව්ව.. මාර ගති ඇගට..

    අනික අනෝද ඩ්‍රින්ක් එක
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොණරකුඩුම්බිය කැඳ
    මේක හරියටම හරි, හීනැටි හාලෙන් උයල කෑලි නොහිටින්න පොඩි කරල පෙරල රස්නෙන්ම බොන්න දෙන්න.

    හිමොග්ලොබින් අඩු හිංදා හීතලට මොකුත්ම දෙන්න එපා. වතුර වුණත් මද රස්නෙන් දෙන්න.

    ලේ වඩන බේත් නම් ඕන තරම් තියෙනවා කඩෙන් අරන් දෙන්න පුළුවන් , ඒකට දේශීය වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න.

    සීනි වැඩි වෙලා හිංදා කෑමෙන් විතරක් ලේ වඩවන එක සාර්ථක නොවෙන්න පුළුවන්
     

    HmNRazor

    Well-known member
  • පොලොස්
    පොලොස්
    පොලොස්
    පොලොස්
    කොස් ඇට

    පොලොස් කියන්නෙ Carbohydrate නේ? කොහොමද carb source එකක් කෑවාම Blood Count එක වැඩිවෙලා hemoglobin level increase වෙලා හැදෙන්නෙ? (පැහැදිලි කරල දෙන්න.)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,084
    198,570
    113
    Colombo, Sri Lanka
    පොලොස් කියන්නෙ Carbohydrate නේ? කොහොමද carb source එකක් කෑවාම Blood Count එක වැඩිවෙලා hemoglobin level increase වෙලා හැදෙන්නෙ? (පැහැදිලි කරල දෙන්න.)
    https://wellnessexpert.lk/article/960/පොලොස්-ගුණ

    http://www.wedivistara.com/sinhala/2165/නිරෝගීමත්-දිවියකට-ඖෂධීය-ආහාරයකි-පොලොස්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පොලොස් කියන්නෙ Carbohydrate නේ? කොහොමද carb source එකක් කෑවාම Blood Count එක වැඩිවෙලා hemoglobin level increase වෙලා හැදෙන්නෙ? (පැහැදිලි කරල දෙන්න.)
    ඒක ඔය ගොබ්බ ගොන් සැයෙන්ස් වලින් තාම හොයාගෙන නෑ.

    මොකද ඔය ගොබ්බ ගොන් සැයෙන්ටිෆික් සැයෙන්ටිස්ට් බේසිකයෝ පොළොස් කන්නෙ නෑනේ.

    පොළොස් කියන්නෙ carbohydrate කියල උඹත් අමු ගොබ්බ ගොන් සැයෙන්ටිෆික් ගවයෙක් තමයි. 😆
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    සියලුම කොළ වර්ග (නිවිති මිත්‍යාව පස්සේ යන්න එපා, කන දෙයක් දීපන් ), හරක් පීකුදු, නැතිනම් කුකුල් පීකුදු (liver), වෛද්‍යය උපදෙස් මත multi vitamins. යකඩ විතරක් තියන සිරප් දීලා හරියන්නේ නෑ multi vitamins එකක් අවශ්‍යයි !

    get-well soon !