ලොක්කන්ට නීතිය / සොක්කන්ට නීතිය

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    ලොක්කන්ට නීතිය / සොක්කන්ට නීතිය

    අඩියක් ගහන වෙලාවක මන් දන්න පොලිසියෙ වැඩ කරන හිතවත් අයියා කෙනෙක් කියපු කතාවක් එක්ක මේ දවස් වල වෙන දේවල් , කලින් උනු දේවල් හරි අපුරුවට ගැලපුනා. මේ කතාවත් දාන්නෙ බැනුම් අහන්න බලාගෙන. අපි දරන මත අනිත් මිනිස්සු එක්ක එකග නොවුනම එකග නොවෙන සමහරු බනිනවා. ඒකට ලෑස්තියෙන් මේක දාන්නෙ. නමුත් ඔනේම කෙනෙක්ට තේරෙන අමුම අමු ඇත්තක් මේක.

    මගෙ මිත්‍රයො , ලගම යාලුවො නෑදෑයො පොලිසියෙ හමුදාවෙ රාජකාරි කරනවා. මේ කතාව උබලට. මොකද අනිත් මිනිස්සුන්ට වඩා උබලව මට දැනෙන හින්දා

    හිටපු පොලිස්පති තුමාට එරෙහිව තිබ්බ නඩුවකට නීතිපතිවරයා පෙනී ඉන්නෙ නෑ කියල ලියුම ගෙනියල තිබ්බෙ අර මන් කියපු හිතවතා

    පොලිස්පතිවරයාට ඒ මොහොතෙ ඒ ලියුම දෙන ගමන්

    සර් වෙනුවෙන් නඩුවට නෑ කියල කිව්වම පොලිස්පතිතුමා කිව්වලු

    "පුතා අද මන් වෙනුවෙන් කව්රුත් නෑ කියලා. මාත් ඔයාල වගෙම ආපු කෙනෙක් ( SI) පරිස්සමින් වැඩ කරන්න ඔයාලත්"

    ඒ කියන මොහොතෙත් ඒ මනුස්සයගෙ මුනෙ තිබ්බ දුක කලකිරිම විස්තර කරද්දි මට ඇතිවුනෙ එකම හැගීම! ඔය වගේම් කී දෙනෙක් ඉන්නවද අද වෙනකොට ඇතුලෙ?

    පොලිසියෙ හමුදාවේ ! ඒ අය ඇතුලෙ ඉන්නෙ ඒ මිනිස්සු කරපු වැරදි වලටද? නෑ බන් ඉහලින් ආපු නියෝග. සමහර විට කිසිම නියොගයක් නෑ. නිත්‍යානුකූල තීරනයක් ඒත් පවතින දේශපාලනයට විරුද්ධ නිසා

    ආසන්නම උදහරණය ශානි අබේසේකර.
    ඉතින් මිත්‍ර්වරුනි මට කියන්න තියෙන්නෙ උබල කොයි විදියට රාජකාරි කරත් මේ රටේ දේශපාලුවො හිරේට යන්නෙ නෑ. ඒ වෙනුවට උන්ගෙ වැරදි පිටින් උබලායි යන්නෙ. ඒ නිසා පරිස්සමින්. මරපු තුවක්කුවට නීතිය වැඩ කරාට දීපු ඔර්ඩර් එකට නීතිය නෑ බන්.
    මේ දෙපැත්තම එහෙමයි. හැමොම උන් පරිස්සම් වෙලා වැඩකරපු නිලදාරින්ව බිල්ලට
    තියනවා.

    එහෙම තියල උබලට කියනවා කුමන්ත්‍රණ කලා කියලා. නීති විරොදී විදියට වැඩ කරා කියල. ඒවට එහෙයි කියන සෙට් එක කියන්වා ඔය කලින් ආන්ඩුවෙ හෙන්චයියො කියල. අනිත් පැත්ත උනාමත් එච්චරයි.

    හැබැයි එකක් රට කරවන උන් ඇතුලට යන්නෙ නෑ. බලපන්කො ඇතුලට යනවද කියල. නෑ බන් නෑ. උන්ට එකක් අපිට උබලට එකක්.

    ඉතින් මිත්‍ර්වරුනි පරිස්සමින් , උබට කරදරයක් උනාම උබේ අම්මා තාත්තා පවුල, යාලු මිත්‍රයො දුක් වෙයි එතනින් එහාට වෙන කවුරුත් නෑ. කව්රුත් නෑ මිත්‍රයා ඒ නිසා පරිස්සමින් 🙏
     
    • Like
    Reactions: SadSandun

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88/89 nam e karapu kisi hamudawe army eke kenekwa hiredamme na rata wenuwen e minissu wada karala .eda rata berala dunna:D:D:yes::yes:;);):D:D 2009 di oka wenas una LTTE international una ekai awulak giye:D:D:yes::yes:;);):D:D 88/89 hamudawe police ayaeruwa wagema me parath berai. rata wenuwen karapu wada:D:D:yes::yes:;);):D:D
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ශානි නිසාද උබේ ඇහ ඇරුනේ? හමුදාවල කොල්ලො, බුද්ධි අංශෙ උන් නිකරුනේ හිරේ දාද්දි, දඩුවම් දෙද්දී, වන්දි ගෙවද්දී කොහෙද හිටියේ?.............
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ශානි නිසාද උබේ ඇහ ඇරුනේ? හමුදාවල කොල්ලො, බුද්ධි අංශෙ උන් නිකරුනේ හිරේ දාද්දි, දඩුවම් දෙද්දී, වන්දි ගෙවද්දී කොහෙද හිටියේ?.............

    ethakota anura hitiyae araliyagaha mandire:yes::yes:;);):yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    ශානි නිසාද උබේ ඇහ ඇරුනේ? හමුදාවල කොල්ලො, බුද්ධි අංශෙ උන් නිකරුනේ හිරේ දාද්දි, දඩුවම් දෙද්දී, වන්දි ගෙවද්දී කොහෙද හිටියේ?.............

    good point