ලොක්කන්ට පගාදුන්නා -සල්ගාදු

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ලොක්කන්ට පගාදුන්නා -සල්ගාදු

    මහ බැංකු ලොක්කන්ට ඇලෝසියස් කෝටි ගණන් පගා දුන්නා..
    -නුවන් සල්ගාදු

    22384043_450567512011058_6838772777192006514_o.jpg

    -------------------------------------------------------------
    පර්පචුවල් ට්රෙෂරීස් සමාගමට බැඳුම්කර වෙන්දේසිවලදී රුපියල් කෝටි දහස් ගණන් ලාබ ලබාගන්නට මහ බැංකුව ඇතුළතින්ම ලබාදුන් රහස්ය තොරතුරු ඉවහල් වූ බවත් ඒ සඳහා උදවු කළ නිලධාරීන්ටද රුපියල් කෝටි ගණන් අල්ලස් ලබා දීමට වැඩ පිළිවෙළක් ඇලෝසියස් ක්රියාත්මක කළ බවත් ඊයේ ජනාධිපති කොමිසම හමුවේදී සාක්ෂි දුන් එම සමාගමේ ප්රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු
    කියා සිටියේය.

    එලෙස රහස්ය තොරතුරු ලබාදෙන කිහිපදෙනා හට සිදු කරනු අල්ලස් ගෙවීම් පිළිබඳව සටහන් තබනුයේ ඔවුන්ගේ නියම සැබෑ නම්වලින් නොවන බවද ඒ වෙනුවට "ලිට්ල් ජොනී", "චාර්ලී" "ඛාන්" "ටැන්ගෝ" යනාදී වශයෙන් සුවිශේෂී රහස් පද ඒ සඳහා භාවිත කරන ලද බවද සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.

    කොතරම් වූ විශාල "අල්ලස්" ප්රමාණ ඔවුන්ට ගෙවනු ලැබුවා දැයි නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ 2015 වසරේදී පමණක් "චාලී" නමින් හැඳින්වූ අර්ථසාධක අරමුදලේ (ETF) භාණ්ඩාගාර අංශයේ ප්රධානියාට පමණක් රුපියල් කෝටි 10කට ආසන්න (මිලියන 97ක්) මුදලක් අල්ලස් වශයෙන් ගෙවන ලද බවද ඔහු හෙළි කළේය.

    2015 මාර්තු මස 02 වැනි දින පමණක් ඔහුට රුපියල් ලක්ෂ 32ක (මිලියන 3.2ක) අල්ලස් මුදලක් ගෙවනු ලැබූ බවද ඔහු කියා සිටියේය.

    තවද එලෙස අල්ලස් ලැබූවන් අතර "ලිට්ල් ජොනී" යන නමින් හැඳින්වූයේ සේවක භාරකාර අරමුදලේ (EPF) කවීන් කරුණා මූර්ති නම් අයද සිටි බවත් ඔහු වැඩිදුරටත් හෙළි කළේය.
    උදයසීලන් හා සමන් කුමාර යන දෙදෙනාද ඒ අතර වූ බවද ඔහු තවදුරටත් හෙළි කළේය.



    2014 දීත් පර්පෙචුවල් තොරතුරු දුන් අයට මිලියන 94 ක් ගෙවලා

    2014 වසරේ ජුලි සිට දෙසැම්බර් කාලය තුළ පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමට අභ්යන්තර රහස් තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් මිලියන 94 ක් වැනි විශාල මුදල් ගෙවීමක් එම සමාගම විසින් ගෙවා ඇති බව පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු මහතා ඊයේ බැඳුම්කර ජනාධිපති කොමිසමේ දී හෙළි කළේය.

    වරින් වර අවස්ථා 18 කදී මේ ගෙවීම් සිදුකර ඇති බවද සල්ගාදු මහතා කීවේය.

    ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාමාජික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ප්රසන්න එස්. ජයවර්ධන මහතා අසන ලද ප්රශ්නවලට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා මේ බැව් කීවේය.

    මේ ගෙවීම් 2014 වර්ෂයේ සිදුවී ඇත්තේ නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිව සිටි කාලයේ දීයි. එම මුදල් ගෙවීම් ඒ ආකාරයටම 2015 වර්ෂයේදීද ඉදිරියට සිදුවූවා දැයි විනිසුරු ජයවර්ධන ඇසූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා කීවේ දිගටම එම ගෙවීම් සිදුවූ බවද චාලි නමින් හඳුන්වන තැනැත්තාට විශාල ගෙවීම් සිදුකර ඇති බවද සල්ගාදු මහතා කීවේය.

    source: http://divaina.com/daily/index.php/puwath-2/978-2017-10-12-12-39-86
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එහෙම කළා නං හිරේ යයි නේ නේ? ;)

    හිරේ යන්නේ නැත්තන් ඕක පබ්ලිෂ් කළා කියලා කිසි වැඩකුත් නෑ නේ? ;)

    "ලොරන්සෝ" ට කියක්වත් දීල නැද්ද? ටොමි ට? :lol:
     

    Similar threads