ලොකුම පොලිය දෙන බන්කුව දන්නවද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    images

    ඉඳා වාඩි වෙයන්. 🤷🏻‍♂️
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    😂😂😂😂අපි රැවටෙන්නෙ නෑ බ්න් ඔවා කිව්වට , නියම බුදු දහම බේරගන්න වෙලා තීන්නෙ ලන්කාවෙ ඉන්න මෝඩ හාමුදුරුවෝන්ගෙන් ම තමයි ,නැතුව වෙන උන්ගෙන් නෙවෙයි.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    ඒ මොකක්ද? 🙃
    නියම බුදුදහම නන් හාමුදුරුවෝ දේශනා කරන්නෙ උන් අඩු ගානෙ රහත් හරි සොවාන් හරි වෙලා තීන්න එපයි බන් , ගිහියො හොදයි දැන් ඉන්න හාමුදුරුවෝ න්ට වඩා, හාමුදුරුවෝ ගොඩක් දුරයි නියම බුදුදහමට වඩා , බලපන් කොයිතරන් කාලකන්නි විදියටද ජීවත් වෙන්නෙ කියල දැන් කාලෙ ඉන්න හාමුදුරුවෝ , බුදුදහමට තීන බක්තිය නිසයි මිනිස්සු හාමුදුරුවෝන්ට විරුද්ධව ක්‍රියාමාර්ග යක් නොගන්නෙ, ඒත් දැන් ඒකට කාලය ඇවිල්ල .
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නියම බුදුදහම නන් හාමුදුරුවෝ දේශනා කරන්නෙ උන් අඩු ගානෙ රහත් හරි සොවාන් හරි වෙලා තීන්න එපයි බන් , ගිහියො හොදයි දැන් ඉන්න හාමුදුරුවෝ න්ට වඩා, හාමුදුරුවෝ ගොඩක් දුරයි නියම බුදුදහමට වඩා , බලපන් කොයිතරන් කාලකන්නි විදියටද ජීවත් වෙන්නෙ කියල දැන් කාලෙ ඉන්න හාමුදුරුවෝ , බුදුදහමට තීන බක්තිය නිසයි මිනිස්සු හාමුදුරුවෝන්ට විරුද්ධව ක්‍රියාමාර්ග යක් නොගන්නෙ, ඒත් දැන් ඒකට කාලය ඇවිල්ල .

    ඒක ඇත්ත. පොඩි කාලේ කන්න බොන්න නැතුව ඉන්න පොඩි උන් අල්ලලා මහන කරහම, ඒකෙන් බිහි වෙන බහුතර ප්‍රතිඵලය ඉතින් අවුල් තමයි. ඔය සෞස්කෘතිකමය වශයෙන් ගෙනාපු පිලිවෙත් පරිහානියට යන එක නවත්වන්න බැහැ. කරන්න තියෙන බුද්ධ ශාසනය පවතින කාලේ ධර්මය අවබෝධ කර ගන්න එක.
     
    • Like
    Reactions: bladeable

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    මේ තට්ටයා නිකන් අපි රජ ඉබ්බෝ එකේ මෝනිස් වගේ නේද ? :unsure:
    1751770292687.jpeg
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඈස් ලියනගේ මෙව්වගේ එව්ව කිරියෙ දාල දර්ම දානයෙන්ම දිවිය ලෝකෙ ගිහිම් කම් සැප විඳින්න වගෙ බලාපොරොත්තුව :P
     
    • Like
    Reactions: bladeable

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඈස් ලියනගේ මෙව්වගේ එව්ව කිරියෙ දාල දර්ම දානයෙන්ම දිවිය ලෝකෙ ගිහිම් කම් සැප විඳින්න වගෙ බලාපොරොත්තුව :P

    ධර්ම දානය කරන්න ධර්මාවබෝධය ඕනේ (මාර්ගඵල)
    ධර්ම දානයට උදව් වෙන්න පුලුවන් පෘථක්ජන කෙනෙක්ට, ඒත් තව කෙනෙක්ව ධර්මාවබෝධයට පත් කරන්න බැහැ.

    දෙන්න පුලුවන් උතුම්ම, මහත්ඵලම දානය තමයි ධර්ම දානය.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ධර්ම දානය කරන්න ධර්මාවබෝධය ඕනේ (මාර්ගඵල)
    ධර්ම දානයට උදව් වෙන්න පුලුවන් පෘථක්ජන කෙනෙක්ට, ඒත් තව කෙනෙක්ව ධර්මාවබෝධයට පත් කරන්න බැහැ.

    දෙන්න පුලුවන් උතුම්ම, මහත්ඵලම දානය තමයි ධර්ම දානය.

    අනේ මන්දල්ලෑ ඈස් ලියනගේනම් අමුතුම ලයින් එකක් අල්ලන්නෙ. හරියට අපිට බන කියල පොර පින් කලෙක්ට් කරල දිවිය ලෝකෙට මයිග්‍රේට් වෙන්න වගේ ලයින් එකක්.
     
    • Like
    Reactions: bladeable

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ධර්ම දානය කරන්න ධර්මාවබෝධය ඕනේ (මාර්ගඵල)
    ධර්ම දානයට උදව් වෙන්න පුලුවන් පෘථක්ජන කෙනෙක්ට, ඒත් තව කෙනෙක්ව ධර්මාවබෝධයට පත් කරන්න බැහැ.

    දෙන්න පුලුවන් උතුම්ම, මහත්ඵලම දානය තමයි ධර්ම දානය.
    කොසොල් රජ්ජුරුවන්‍ට හි‍ටපු සංතිස්ස ඇමතිවරයා රහත් වෙන්න කලින් දවසෙ බීල හි‍ටියෙ හොඳටම. රජ්ජුරුවො ඔහුට සතියක‍ට රජකම දීල ඔහු අන්තඃපුරයේ බිස‍වුන් එක්ක හොඳට සතු‍ටු වෙවී හිටියෙ.ඒ බීල ඉන්න වෙලාවක ඔහු බුදු රජාණන් වහන‍්සේ ලඟින් ඇතා පිටේ යනවා. බුදු රජාණන් වහන‍්සේ දැක්කාම ඇතා පි‍ටින්වත් බැස්සෙ නැහැ.එතකොට‍ බුදු රජාණන් වහන‍්සේ සංඝයාට කියනවා “මහණෙනි,ඔය ඇතා පිටින් යන ඇමතියා හෙට උදේ වෙද්දි රහත් වෙනවා ” කියලා. දැන් එතකොට සංඝයා‍ට මේක ප්‍රශ්නයක් වුණා.මේ බීල යන කෙනෙක් කොහොමද හෙට උදේ වෙද්දි රහත‍් වෙන්නෙ කියලා.ඔවුන් සිතුවා අවුරුදු ගණනක් බණ භාවනා කරලත් අප‍ට සෝවාන් වෙන්නවත් බැරි වුණා.එහෙම වෙද්දි ‍මේ බීපු කෙනෙක් කොහොමද හෙට උදේ වෙද්දි රහත් ‍වෙන්නෙ කියලා.

    ඉතින් අර ඇමතියා අන්තඃපුරේ ඉන්න තමන් කැමතිම බිසව එක්ක සතු‍ටු වෙවී ඉද්දි ඇය එක පාර‍ටම මැරෙනවා පපුවෙ අමාරුවක් හැදිලා.මොහු‍ට ඒ ගැන ශෝකය ඇති වෙලා බුදු රජාණන් වහන්සේ ලගට ගියාම,බුදු ර‍ජාණන් වහන්සේ බණක් කියද්දි ඔහු එතනදිම රහත් වෙනවා. එතනදිම රහත් වෙලා ඔහු පිරිනිවන් පානවා අකුසල් විපාක දීලා.ඔහු ගිහියෙක් හැ‍ටිය‍ටමයි රහත්වෙන්නෙ.රජ ඇඳුම ඇඳගෙන ඉද්දි.නමුත් රහතන් වහන්සේ කෙනෙක්. කවුරුත් දන් නැහැ ඔහු රහත් වුණා කියලා.බුදු රජාණන් වහන්සේ විතරයි දන්නෙ.බුදු රජාණන් වහන්සේ කියනවා මේ දේහය පුච්චලා ඉතිරි වෙන ධාතුන්වලින් සෑයක් හදන්න කියලා.ඉතින් සෑයක් හදන‍්නෙ සාමාන්‍යයෙන් රහතන් වහන‍්සේලාටනෙ.ඉතින් ස්වාමින් වහන්සේලා අහනවා ඇයි‍ මේ සෑයක් හදන්නෙ ගිහියෙක්නෙ මැරුණෙ කියලා.එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා ‍”ඔව් ඔහු ගිහියෙක් තමයි ඒත් ඔහු අරිහත්භාවය‍‍‍ට පත් වෙලයි පිරිනිවන් පෑවෙ”කියලා. දැන් එතකොට හාමුදුරුව‍න‍්‍ට මේක ප්‍රශ්නයක්, කොහොමද මේ බීල හිට‍පු කෙනෙක් අරිහත්භාවය‍‍‍ට පත් වුණේ කියලා.ඊයෙ හොඳ‍ටම බීල වෙරිමතින්නෙ හි‍ටියෙ.

    එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා මොහු කාශ්‍යප බුදු රජාණන් වහන්සේගෙ කාලයේ මනුස්සයෙක් වෙලා ඉපදුනා.(කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු විසි දහසක් ජීවත්වුණ බුදු කෙනෙක්. ඒ කාලෙ මිනිස්සු අවුරුදු විසි දහසක් විතර ජීවත් වෙනවා.) ඔහු ජීවත් වුණේ පාරක හංදියක වගේ තැනක බුලත් විට කඩයක් වගේ ‍කඩයක් දාගෙන. කාශ‍‍්‍යප බුදු රජාණන් වහන්සේ වැඩ සිටින්නෙ ඒ පැත්තෙම ත‍පෝවනයේ. ඉතින් ඔහු එහෙ‍ට ගිහිල්ලා කාශ‍‍්‍යප බුදු රජාණන් වහන්සේගෙන් බණ අහල පැහැදෙනවා. නමුත් සෝවාන් වෙන්නෙ නැහැ. පැහැදෙනවා .ආ‍යෙමත් බණ අහන්නවත් ‍සිල් ගන්නවත් මොකක‍ටවත් යන්නෙ නැහැ.ඔහු මොකද කරන්නෙ අර හංදියෙ ඉඳන් එතන‍ට එනහැම කෙනෙකු‍ටම කියනවා “අන්න බුදු රජාණන් වහන්සෙ ඉන්නවා තපෝවනේ. ගිහිල්ල බණ අහන්න”කියලා. ඔහු අවුරුදු අවුරුදු විසි දහසම ඒක තමයි කරන්නෙ.ඔහු සිල් ගන්නවත් දන් දෙන්නවත් ගියේ නැහැ. අර දේ තමයි කළේ.ආපු මිනිස්සු දහස් ගණන් බණ අහල රහත් වුණා. සමහරු‍ සෝවාන් වුණා. සමහරු‍ අනාගාමී වුණා. දස දහස් ගණනක් මිනිස්සු නිවන් දැක්කා. නමුත් අර මනුස්සය‍ට මුකුත් වු‍ණේ නැහැ.

    බුදුර‍ජාණන් වහන්සේ කියනවා අන්න ඒ කුසලය තමයි මොහු‍ට විපාක දුන්නෙ කියලා.ඔහු ශීලයක් නොරැක්කා‍ට අර දස දහස් ලක්ෂ ගණනක‍ට ශීලය රකින්න කළ උපකාරය ඔහු‍ට කුසල් විපාකයක් වුණා කියල බුදු රජාණන් වහන‍්සේ දේශනා කරනවා.

    සංසාරයේදි අන්න ඒ විදියේ දේ නොකළ අය‍ට කොච්චර ධර්මය කිව්වත් ඔවුන‍්ට ඒවා වටින්නෙ නැහැ. ඒනිසා ලෝකයේ ‍‍ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානය බව තෙරුම් ගන්න. ඒකෙන්මයි අප‍ට මාර්ගය පාදල දෙන්නෙ. කොතන ගියත් ක්ෂණිකව ඒ මාර්ගය පාදල දෙනවා සංසාරයේදි. දැන් ඔබ කියනවනෙ මේ අහන බණ ගිහිල්ල බිරිඳට කියනවා කියලා. නමුත් සමහරු බිරිඳට තියා කාටවත්ම කියන්නෙ නැහැ,කැමති නැහැ කියන්න. ඉතින් ඒ නිසා තමන් අහන ධර්මය අනික් අය‍ටත් කියන්න. මොකද ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානය. ගිලන්පස ආහාර දාන වගේ නෙවේ. ප්‍රඥාව වැඩෙන්නේ ධර්ම දානයෙන්මයි. ඒ නිසා තමන් අහන ධර්මය තව කෙනෙකු‍ට කියන්න. තව කෙනෙකු‍ට බණ අහන්න සලස්වන්න.ඒක ගොඩක් උපකාරි වෙනවා ප්‍රඥාව වැඩෙන්න. අනෙක් දාන දුන්න කියල හුඟක්ම වැ‍ඩෙන්නෙ ආ‍යුෂ වර්ණ සැප බල විතරයි .ප්‍රඥාවක් වැඩෙන්නෙ නැහැ.

    ධර්ම මාර්ගයේ යන්නනම් ප්‍රඥාවයි වැඩෙන්න ඕන. ප්‍රඥාව තමයි අප‍ට මේ මාර්ගය පෙන්වන්නෙ.සමහරු හොඳ ව‍ටිනා බණ අහල යනවා. නමුත් අනෙක් අය‍ට ඒ ගැන කියන්නෙ නැහැ. අඩුම ගණනෙ තව කෙනෙක් තමන්ව හාමුදුරුවො ලඟට එක්කන් යන්න කිව්වත් එක්කන් යන්නෙ නැහැ. එයා කැමති නැහැ අනිත් කෙනා බණ අහනව‍ට. ඒ නිසා කවදාකවත් එයා‍ට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන‍්නෙ නැහැ. ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන‍්නෙ අනුන්‍ට ධර්මය දෙන තරම‍ට.
    අතහැරීමක් එතනදි වෙන්නෙ. ඒනිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නෙ ලෝකයේ දානයන් අතරින් ‍ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. මේවා බොහොම සැඟවිලා තියෙන කරුණු. මේ කාරණා මිනිස්සු කියන්නෙ නැහැ. කියන්න දන්නෙ නැහැ. සමහරුන්‍ට බණ ඇහුව‍‍ට දැනෙන්නෙ නැහැ. තේ‍‍රෙන්නෙ නැහැ.. එතනින් ඉවරයි. අමතක වෙනවා. සමහර වි‍ට බණ අහද්දිත් වෙන දෙයක් ගැන හිතනවා. එහෙම වෙන්නෙ පෙර ජීවිතවලදි ධර්ම දාන දීල නැති නිසා.”
     
    • Like
    Reactions: Fiona Dabare