ලොකු අතු / ලොකු කුකුලොන්ට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලොකු අතු / ලොකු කුකුලොන්ට



    බලන්න නයනී ... කවුද මේ නිපුනී ?

    ජනපති පුත් දහම් සිරිසේන ලබන මැයි මස 9 වන දින විවාහ දිවියට පිවිසීමට යන බව ඊයේ ආරංචි විය. එම පුවත සත්‍යයක් බව මේ වනවිට තහවුරුවී තිබේ. දහම් විවාහ වන්නේ කලෙක සිට ඔහුගේ පෙම්වතිය වූ නිපුණි වීරරත්න සමගිනි. නිපුණි යනු ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ දියණියකි.
    අතුල රොහාන් වීරරත්න නමැති නිපුණිගේ පියා එල්කාඩෝ සමූහ ව්‍යාපාරයේ
    හිමිකරුය. එල්කාඩෝ යනු ලංකාවේ ප්‍රකට වානේ ආශ්‍රිත නිෂ්පාදන ආයතනයකි. වැඩි වශයෙන් ප්‍රකටව ඇත්තේ රෝලර් ඩොර් නිෂ්පාදන සඳහාය. රත්මලානේ කර්මාන්ත පුරයේ එල්කාඩෝ කම්හල පිහිටි අතර ප්‍රධාන කාර්යාලය ඇත්තේ නාවල නාරාහේන්පිට පාරේය. නිපුණි වාසය කරන්නේ නුගේගොඩ රේල්වේ ඇවනියුහි පිහිටි නිවසේය.

    මෛත්‍රිපාල සිරිසේන ජනපති ධූරයට පත්වන්නට සූදානම් වන කාලයේ සිටම වීරරත්න පවුල සමග සිරිසේන පවුල අතර සබඳතා තිබී ඇත. උසස් අධ්‍යාපනය හදාරණ අතරද දහම් හා නිපුණි සමීපව සම්බන්ධව ඇත.

    පසුගිය කාලයේ දහම් සිරිසේන සහභාගීවූ පවුලේ විදෙස් ගමන්වලටද නිපුණි එක්ව සිටි බව වාර්තා විය.
    ලබන මැයි 9 වන දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පවත්වන්නට කටයුතු යොදා ඇති ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ පවුලේ එකම පුතු වන දහම්ගේ මංගල උත්සවයට ලංකාවේ සියලුම ප්‍රබල දේශපාලනඥයින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    දැනටමත් ඒ සඳහා ඇතැමුන්ට ඇරයුම් පත් යොමු කර තිබෙන අතර ඊයේ සමාජ මාධ්‍ය වෙත එම ඇරයුමේ පිටපතක්ද එක්විය. ඒ සමගම නිපුනි කවුදැයි බොහෝ අය සොයා බලා තිබුණ අතර ඇගේ ෆේස් බුක් ගිණුමද ඊයේ සන්ධ්‍යා කාලයේ සිට තාවකාලිකව අක්‍රීය කරන්නට කටයුතු කර තිබෙන බව හඳුනාගන්නට ලැබේ.

    මමත් දාල තියෙන්නේ එල්කාඩෝ ගේට්ටු අපි වගේ එකෙක්ට දු දුන්නම නරකද පොන්නයෝ ?
     
    Last edited: